ක්‍රිකට් විනිසුරුවරයෙක් තමන්ට ලබාදෙන තීරනය ක්‍රීඩකයෙක් වශයෙන් පිලිගතයුතු වුවත් විනිසුරුවරුන් ලබාදෙන සමහරක් තීරන පිලිගත නොහැකි මට්ටමක
පවතිනවා.සමහර අවස්ථාවලදී තරගයක තීරනය පවා
වැරදි විනිසුරු තීරනයක් මත වෙනස් වෙන්න පුලුවන්.විනිසුවරුන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුල පැවති නිශේධ බලය සම්බන්ධව විවේචන මතුවෙමින් පවතින අවස්තාවක එයට පිලිතුරක් විදියට තමයි Umpire Decision Review System එහෙම් නැත්නම් අපි හැමෝම දන්න UDRS ක්‍රිකට් ක්‍රීඩවට එකතු වෙන්නෙ.
විනිසුරුවරයෙක් ක්‍රීඩකයෙක් දැවීගිය හෝ නොදැවුනු
බවට දුන් මතබේදාත්මක තීරනයක් නැවත සලකාබැලීම ලෙස
UDRS අර්ථ දැක්විය
හැක.පලමුව ටෙස්ට් තරග සදහා අත්හදා බැලූ අතර නවසීලන්තය හා පාකිස්තානය අතර 2009 වසරේ නොවැම්බර් මස 24 දින ආරම්භ වුනු පළමු ටෙස්ට් තරගය ඒ සදහා තෝරා ගන්න ලදී.ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර 2011 වසරේ ජනවාරි
මස ආරම්භ වුනු එක්දින තරග මාලාවට UDRS යොදාගනිමින් එක්දින තරග සදහාද අත්හදා බලන ලදී.මෙහි සාර්තකත්වය වටහා ගත් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය UDRS ක්‍රිකට් තරග
සදහා අනිවාර්‍යයෙන් යොදා ගත යුතු බවට තීරනය කරන ලදී.නමුත් UDRS තරගකට භාවිතා කිරීම හෝ නොකිරීම,තරග වදින කන්ඩායම් සමග එකගතවකින් පසුව
සිදුකිරීමට යෝජනාවුවේය.කෙසේනමුත් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මගින් සංවිධානය කරන සියලුම තරගාවලි සදහා UDRS භාවිතය අනිවාර්‍ය විය
UDRS සදහා මූලිකව Hawk Eye,Hot Spot හා Snickometer තාක්ෂනයන් බාවිතාකරයි.කෙසේ නමුත් Snickometer බාවිතය අවම මට්ටමක පවතී.
·
Hawk Eye – පන්දුව ගමන් කරන මාර්ගය නිර්මානය කිරීමට මෙම තාක්ශනය යොදා
ගනී.එමගින් පන්දුව කඩුල්ලේ වදින්නේද නැද්ද යන්න නිගමනය කරයි.
· Hot Spot – අධෝරක්ත කිරන යොදා ගනිමින් පන්දුව ස්පර්ශ වුනු ස්තාන මත
දිලිසුමක් ඇති කරයි. මින් පන්දුව පිත්තේ හෝ පා ආවරනයෙහි ස්පර්ශ වුවේදැයි බැලීමට යොදාගනී.HotSpot හි නිවරද්‍යතාව 90-95% අගයක් ගන්නා බව සොයාගෙන ඇත.
·
Snickometer – මෙහිදී microphones
යොදා ගන්නා අතර පන්දුව
පිත්තේ හෝ පා ආවරනයන්හි ස්පර්ශ වුවේනම් කුඩා ශබ්දයක් ඇති කරයි
ටෙස්ට්
තරගයන්හීදී එක ඉනිමක් තුලදී එක කන්ඩායමකට අසාර්ථක UDRS ඉල්ලීම් දෙකකටද,එක්දින තරග
වලදී අසාර්ථක UDRS ඉල්ලීම් එකකටද අවස්තාව ලබාදී ඇත.පන්දු යවන කන්ඩායම පිතිකරුවෙකු නොදැවුනු බවට ලබාදුන් මතබේදාත්මක තීරනයකට එරෙහිවද,පිතිකරුවෙක් දැවියාමක් සම්බන්දව තමන්ට ලබා දුන් මතබේදාත්මක තීරනයකට
UDRS බාවිතා කරයි.පිතිකරුවා හෝ පන්දු රකින කන්ඩායමේ නායකයා විසින් විනිසුරු විසින්
තීරනය ලබදී තත්පර 15ක් ඇතුලත තමන්ගේ අත් මගින් ඉංග්‍රීසී හෝඩියේ T අකුරක හැඩයක්
නිරූපනය UDRSලබාගත යුතුය .ඉන්පසු විනිසුරු විසින් තමන් දුන් තීරනය නැවත සලකා බලනමෙන් තුන්වන විනිසුරුට දන්වයි.තුන්වනවිනිසුරු විසින් එම තීරනය නැවත සලකා බලා ප්‍රධාන විනිසුරුට ඔහුගේ තීරනය දැනුම් දෙන අතර ඉන් පසු ප්‍රදාන විනිසුරු විසින් නැවත එය විශ්ලේෂනය කර අවසන් තීරනය දැනුම් දෙනු ලබයි.සෑම කන්ඩායමකටම තමන් සතු UDRS ප්‍රමානය අවසන් වන තුරු ඉල්ලිම් සිදු කර හැකි අතර,සාර්ථක වුනු UDRS ඉල්ලිම් කන්ඩායමක් සතු UDRS ඉල්ලීම් සංඛ්‍යාවට බලපෑම්
නොකරයි.එසේම සියලුම UDRS ඉල්ලීමකදීම එම පන්දුව නිපන්දුවකද නැද්ද යන්න බැලිය යුතුය.එය
නිපන්දුවක් නොවේ නම් ඉන්පසු දැවීගිය හෝ දැවීනොගිය ඉල්ලීම පිලිබද සලකා බලයි.තුන්වන විනිසුරුට අනුව ප්‍රදාන විනිසුරුගේ තීරනය යම්තාක් දුරට හෝ නිවැරදි සීමාව තුල පවත නම් හෝ නැවත සලකා බැලීමේදී යම් අවිනිශ්චිත භාවයක් මතුවේනම් ඔහු පලමුව දුන් තීරනය වෙනස් නොවේ
කඩුල්ල මුවාකිරීම (LBW) සම්බන්ධව
UDRS භාවිතය තරමක් සංකීර්න වේ.එය ප්‍රධාන
පියවර 4කින් විස්තර කල හැක
· පළමු පියවර -තුන්වන විනිසුරු විසින් පන්දුයවන්නා
එවූ පන්දුව නිපන්දුවක්ද නැද්ද යන්න සලකා බලයි.නිපන්දුවක් නම් ඒ බව ප්‍රධාන විනිසුරුට දන්වයි
· දෙවන පියවර - Hot Spot හා Slow Motion Video යොදා
ගෙන පන්දුව පා අවරනවල වදින්නට පෙර පිත්තේ
වැඩුනේ දැයි නිරීක්ශනය කරයි.පා අවරන වල
පන්දුව වැදීමට පෙර පිත්තේ වැදුනේ යැයි වැඩි සම්බාවිතාවයකින් යුතුව පෙනේ නම්,ඒ බව
තුන්වන විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුට දැනුම් දෙන අතර පිතිකරු නොදැවුනු ක්‍රීඩකයෙක්
ලෙස නිගමනය කරයි
· තුන්වන පියවර - මෙහිදී තුන්වන විනිසුරු විසින් පන්දුව
පතිත වනුයේ පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි
රේඛාවට ඇතුලතින්ද නැද්ද යන්න සලකා බලයි.Howk Eye තාක්ශනය මේ සදහා යොදා ගනු ලබන අතර
පන්දුවෙන් 50% කට වඩා පා ඉන්න හරහා මනෝමය
ලෙසින් ඇදි රේඛාවට එපිටින් පතිත වේනම් LBW වීමකට පිතිකරු හසු නොවේ. පහත උදාහරනය
සලකන්න.මෙහි වම්පස ඇති ඉන්න පා ඉන්න ලෙස සලකා ඇත.කොල පැහැති රේඛාවෙන් පා ඉන්න හරහා
මනෝමය ලෙසින් ඇදි රේඛාව දක්වා ඇත.තැබිලි පැහැයෙන් වර්නවත් වී ඇති තීරුව පා ඉන්නෙන්
එපිට පෙන්නුම් කරයි.A B C හා D යන පන්දු
පතිතවුන ස්ථාන සලකමු
2. B – පන්දුවෙන් 50% කට වඩා සම්පූරනයෙන්ම පා ඉන්න හරහා මනෝමය
ලෙසින් ඇදි රේඛාවට ඇතුලතින් පතිත වී ඇත
3.
C- පන්දුවෙන්
50% කට වඩා සම්පූරනයෙන්මපා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට පිටතින් පතිත වී ඇත
4.
D – පන්දුව සම්පූරනයෙන්ම පා ඉන්න හරහා මනෝමය
ලෙසින් ඇදි රේඛාවට පිටතින් පතිත වී ඇත
සැ.යූ - C හා D
අවස්තාවන්දී පිතිකරු LBW වීමකට හසු නොවේ
හතර වන පියවර - මෙහිදී තුන්වන විනිසුරු විසින්
පන්දුව පා ආවරන වල වැදුනේ කඩුල්ල තුලදීද නැද්ද යන්න සලකා බලයි.කඩුල්ල තුලදීද නැද්ද යන වදනෙහි නිර්වචනය ප්‍රධාන විනිසුරුගේ තීරනය මත රදා පවතී.Howk Eye තාක්ශනයේ පවතින
යම් යම් අඩු පාඩු මෙසේ නිර්වචනය වෙනස් වීමට හේතූ වේ.එම නිසා ප්‍රදාන විනිසුරු ලබාදුන් තීරනය වෙනස් වීමට නම් එම තීරනය වැරදි බවට සැලකියයුතු ප්‍රමානයක සාක්ෂි තිබිය යුතුය..එය
මෙසේ පැහැදිල කල හැක.[ප්‍රදාන විනිසුගේ තීරනය Original Decision ලෙස හදුන්වයි ]
නොදැවීමක් ලෙස Original
Decision ලබාදී ඇත්නම්
නොදැවීමක් ලෙසින් ප්‍රදාන විනිසුරු තීරනය ලබාදී ඇත්නම් එම තීරනය වෙනස් වීමට පන්දුවෙන් 50% කට වැඩි ප්‍රමානයක්
කොල පැහැයෙන් දක්වා ඇති තීරයන් දෙක අතර පිහිටිය යුතුය.Aහා Bඋදාහරන සලකමු.මෙහි A,B යනු පන්දුව පා ආවරන තුල වදින විට පිහිටිය ස්තානයයි
1. A
– පන්දුවෙන් 50% කට වඩා කොල පැහැති තීරයෙන් එපිට පවතී.විනිසුරු තීරනය වෙනස් නොවේ.ඔහු නොදැවුනු ක්‍රීඩකයෙක් වීමට ඉඩ ඇත.
2.
B
- පන්දුවෙන් 50% කට වඩා කොල පැහැති තීරයෙන්
මෙපිට පවතී.විනිසුරු තීරනය වෙනස් වේ.ඔහු
දැවුනු ක්‍රීඩකයෙක් වීමට ඉඩ ඇත.
පි පිතිකරු දැවීගියාද නැද්ද යන්න මෙම අවස්තාවෙන් පමනක් තීරනය කල නොහැකි අතර පන්දුව පා අවරනවල ගැටෙන විට උසද සැලකිය යුතුය.එම
සාධක දෙකම සලකා අවසන් තීරනය දෙනු ලබයි
දැවීයාමක් ලෙස
Original Decision ලබාදී ඇත්නම්
දැවීයාමක් ලෙස තුන්වන විනිසුරු තීරනය ලබාදී ඇත්නම් එම තීරනය වෙනස් වීමට පන්දුව කඩුල්ලෙන් සම්පූර්නයෙන් එපිටින්
පිහිටිය යුතුය.පහත උදාහරනයට අනුව AB හා C අවස්තා සලකමු.
දැවීයාමක් ලෙස
Original Decision ලබාදී ඇත්නම්
1 A
– පන්දුවෙන් සුලු ප්‍රමානයක් හෝ කඩුල්ල තුලට පැමින තිබේ.විනිසුරු තීරනය වෙනස් නොවේ
2 B
- පන්දුව සම්පූර්නයෙන් කඩුල්ල තුල පවතී.විනිසුරු
තීරනය වෙනස් නොවීමට බලපායි
3. C -
පන්දුව සම්පූර්නයෙන් කඩුල්ලෙන් එලියේ පවතී,,විනිසුරු
තීරනය වෙනස් වීමට එනම් පිතිකරු නොදැවුනු ක්‍රීඩකයෙකු වීමට ඉඩ ඇත.
නොදැවීමක් ලෙස Original
Decision ලබාදී ඇත්නම්
නොදැවීමක් ලෙස ප්‍රදාන විනිසුරු ලබාදී ඇති තීරනයක් වෙනස් වීමට නම් පන්දුවෙන් වැඩි ප්‍රමානයක් මෙහි පලමු රූපයේ දක්වා
ඇති කොල පාට තීරුවෙන් [ කොල පාට තීරුව යනු පා ඉන්නේ ( Leg Stump ) හා පිට ඉන්නෙ (
Off Stump ) මැද හරහා මනෝමය ලෙස ඇදි රේඛාවකි] හා කහ පාට රේබාවෙන් යටින් පන්දුවෙන් වැඩි
ප්‍රමානයක් පිහිටිය යුතුය[ කහ පාට රේඛාව යනු බේලෙයේ ( Lower Edge of the Bails ) යට
දාරය හරහා මනෝමය ලෙස ඇදි රේඛාවයි] .පහත A B C D හා E උදාහරන සලකමු
A පන්දුවෙන් 50% කට වඩා කොල පාට රේඛා වලින් ඇතුලින් පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් යට
පන්දුව සම්පූර්නයෙන් පිහිටයි.ඉහත සාධක දෙකම
තෘප්ත වේ.එම නිසා තීරනය වෙනස් වෙයි
.ඔහු දැවී යයි
2.
B
- පන්දුවෙන් 50% කට වඩා කොල පාට රේඛා වලින් පිටතින් පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් යට
පන්දුව සම්පූර්නයෙන් පිහිටයි.ඉහත සාධක දෙකෙන්
එකක් පමනක් තෘප්ත වේ.තීරනය වෙනස් වීමට
සාධක දෙකම තෘප්ත විය යුතුය.එකක් පමනක් තෘප්ත වීම් ප්‍රමානවත් නොවේ.එම නිසා තීරනය වෙනස් නොවෙයි ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකි
3. C
-පන්දුවෙන් 50% කට වඩා කොල පාට රේඛා වලින් පිටතින් පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් පන්දුව
50 50% කට වඩා පහලින් පිහිටයි. ඉහත සාධක දෙකෙන්
එකක් පමනක් තෘප්ත වේ.තීරනය වෙනස් වීමට
සාධක දෙකම තෘප්ත විය යුතුය. එකක් පමනක් තෘප්ත වීම් ප්‍රමානවත් නොවේ.එම නිසා තීරනය වෙනස් නොවෙයි ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකි
4.
D පන්දුව කොල පාට රේඛා දෙකෙන් ඇතුලත පිහිටියද කහ පාට රේඛාවෙන් 50% කට වඩා උඩින් පිහිටයි. ඉහත සාධක දෙකෙන් එකක් පමනක් තෘප්ත වේ.තීරනය වෙනස් වීමට සාධක දෙකම තෘප්ත විය
යුතුය. එකක් පමනක් තෘප්ත වීම් ප්‍රමානවත් නොවේ.එම නිසා තීරනය වෙනස් නොවෙයි ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකි
5.
E
– පන්දුව කොල පාට රේඛාවෙන් ඇතුලත 50% කට වඩා පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් 50% කට වඩා
යටින් පිහිටයි. ඉහත සාධක දෙකම තෘප්ත වේ.එම
නිසා තීරනය වෙනස් වෙයි .ඔහු දැවී යයි
දැවීයාමක් ලෙස Original
Decision ලබාදී ඇත්නම්
දැවීයාමක් ලෙස ප්‍රධාන විනිසුරු තීරනය ලබා දී ඇත්නම් එය වෙන වීමට ඉහත අයුරින් පන්දුව සම්පූරනයෙන්ම
කඩුල්ලෙන් පිටත මෙන්ම උස අනුවද එය සම්පූර්නයෙන්ම
බේල්සයෙන් උඩින් පිහිටිය යුතුය එවිට කහ
රේඛාව නොසලකන අතර පන්දුව වැඩි ප්‍රමානයක් නොව සම්පූර්නයෙන්ම බේල්සයෙන් උඩ පිහිටිය යුතුය
මීටර තුනේ නීතිය
[Three Metre Rule]
Hawk
Eye තාක්ශනයේ ඇති අඩු පාඩු හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් මීටර තුනේ
නීතිය හදුන්වාදෙනු ලැබුවේය.ඉහත පියවර අනුව
ලබාදී ඇති තීරානය මෙය මත වෙනස් විය හැක.
· 1. පන්දුව
පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට මීටර 3කට වඩා වැඩි නම්
එසේම ප්‍රදාන විනිසුරුගේ තීරනය නොදැවීමක් නම් එය වෙනස් නොවේ.
· 2. පන්දුව
පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට 250 cm – 300 cm අතර අගයක් හා පන්දුව
පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට මීටර පන්දුව පතිත වූ ස්තානයේ [ පන්දුව Pitch වුන Point එක] සිට 40 cm වඩා අඩු නම් යන
අවස්තා දෙකම් තෘප්තවේ නම් එසේම ප්‍රදාන විනිසුරුගේ තීරනය නොදැවීමක් නම් එය වෙනස් නොවේ.
· 3. පන්දුව
පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට 250 cm – 300 cm අතර අගයක් හා පන්දුව
පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට මීටර පන්දුව පතිත වූ ස්තානයේ [ පන්දුව Pitch වුන Point එක] සිට 40 cm වඩා වැඩි නම් යන
අවස්තා දෙකම් තෘප්තව හා ඉහත හතර වන පියවරට අනුව පිතිකරු දැවී ගොස් නම් ප්‍රදාන විනිසුරුගේ
තීරනය වෙනස් වේ.ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකි
ඉහත 4පියවර අනුව ලබාදී ඇති තීරානය මෙය මත වෙනස්විය හැක.එනම් මෙම රෑපය සලකන්න.විනිසුරු විසින් නොදැවීමක් ලබාදී ඇත.පියවර හතර අනුව් එය දැවී යාමකි.එම පියවරට අනුව විනිසුරු තීරනය වෙනස් විය යුතු නමුත් මීටර 3නීතියට අනුව නොදැවීමකි.මීටර තුනේ නීතියට ප්‍රමුකතාව
ලබා දෙන නිසා විනිසුරු තීරනය වෙනස් නොවේ
බ්ලොගර් අවකාශයට එකතු උන වටිනා බ්ලොගයක්.මේකෙන් මම නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා
ReplyDeleteගොඩක් ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධව :D
DeletePattai machan.Keep It Up
ReplyDelete:D tnx මචන්
Deleteමල්ලි අර මීටර් තුනේ නීතිය එන්න කලින්ම යාර දෙකේ නීතියක් තිබුණා. ඒක විනිසුරුගේ පියවි ඇහෙන් මනින ප්‍රමාණය මත තීරණය කරන එකක්. යාර දෙකකට මෙපිටින් පතිත වන පන්දුවක් කඩුල්ලට උඩින් ගමන් කරනවා කියන පූර්ව නිගමනයේ ඉඳන් තමයි තීරනය ගන්නේ.
ReplyDeleteඔයාගේ ලිපිය හොඳයි.
ගොඩක් ස්තූතියි අයියෙ අදහස් දැක්වීම ගැන.ඒ වගේම මම දැනගෙන හිටියේ නෑ යාර දෙකේ නීතිය ගැන.මම දැනගෙන නොහිටි දෙයක් කියල දුන්නටත් ස්තූතියි. :D
Deleteඉගෙනගන්න කෙනෙකුට නියම උදව්වක්.අගෙයි.
ReplyDeleteස්තූතියි ස්තූතියි :D !!!!!!
Deleteඉතාමත් වටිනා තොරතුරු රැගත් අඩවියක් නේ මලයා.. නියමයි නියමයි දිගටම ලියමු.
ReplyDeleteස්තූතිට් අයියේ.ක්‍රිකට් වල නොදුටු පැත්ත ගැන දිගටම ලියනවා :D
Delete