ක්‍රිකට් තරගයක වීරයා සම්මානය ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක්.එසේම තරගාවලියක අවසන් මහා තරගයක
තරගයේ වීරයා සම්මානය ඕනෑම ක්‍රීඩකයෙක් මහත් සේ අගය කරනවා. එම තරගය ලෝක කුසලාන අවසන්
තරගයක් වුනොත්?. සැබවින්ම එය විශාල වාසනාවක්. ඒ දුලභ වාසනාවට හිමිකම් කී විශිෂ්ටයන්
ගැන සංශිප්ත සටහනකි මේ .
1. ක්ලේව් ලොයිඩ් ( 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලිය )
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහය ක්‍රිකට් කිරුලේ පලමු හිමිකරුවා බවට පත්කරමින් වාසනාවන්තයන් අතුරින් පලමු ස්ථානය හිමිකරගැනීමේ ගෞරවය හිමිවුයේ ක්ලේව් ලොයිඩ් හටයි.ඩෙනිස් ලිලී,ජෙෆ් තොම්සන්,
ගැරී ගැලිමෝර්, මැක්ස් වෝකර් වැනි එකල සිටි වේගවත්ම හා බයානකම පන්දුයවන්නන් හමුවේ ලොයිඩ්ගේ
පිතිහරබය සැබවින්ම විශිෂ්ට තත්වයක් පැවතියා.ලකුනු 50කට කඩුලු 3ක් බිද වැටී අසීරු තත්වයක
පැවති බටහිර ඉන්දීය කොදෙව් පිලට ජීවයක් රැගෙන
ආවේ ලොයිඩ්ගේ පිතිහරබයයි. රොහාන් කන්හායි සමග එක්වූ ඔහු තම ජීවිතයේ හොදම එක්දින ඉනිමක්‍රීඩා කලේ පන්දු 85කදී ලකුනු 102ක් රැස් කරමින්.ඊට හතරේ පහර 12 ක් හා හයේ පහර 2ක්
ඇතුලත් වුනා.ඔහුගේ මෙම දස්කම නිසා ඕස්ට්‍රේලියානුවන් පරදා ලකුනු 14ක ජයක් සමග පලමු
ලෝක කුසලානයද බටහිර ඉන්දීය කොදෙව්වන්ට හිමිවුනා.
“මෙතෙක් මා දුටු පිතිකරුවෙකුගේ විශිටතම ඉනිම එයයි.විශිටතම එක්දින ඉනිමද එයයි “ එලෙසින් ලොයිඩ් වර්ණනා කලේ පෘඩෙන්ෂල් ලෝක කුසලාන
අවසන් මහා තරගයේ විනිසුරු වූ ඩිකී බර්ඩ් විසිනි.
2. විවියන් රිචර්ඩ්ස් ( 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලිය )
කැරබියන් දූපත් වාසිහු නැවතත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේය.එවර ඔවුන්ගේ ප්‍රතිවාදීන්
වූයේ සත්කාරක එංගලන්තයයි. බටහිර ඉන්දීය පලමු කඩුලු 4ක් ලකුනු 99ක් තුල දවාගෙන ලෝක කුසලානයට අතේ දුරින් සිටි එංගලන්තයට එවර ලෝක කුසලානය අහිමි කිරීමේ වගකීම භාරගනු ලැබුයේ විවියන් චාල්ස් රිචර්ඩ් විසිනි.කොලින් කින්ග් සමග එක්වූ ඔහු 5වන කඩුල්ලට ලකුනු 139ක සම්බන්ධතාවයක්
පැවැත්විය.ඉන් නොනැවතුනු ඔහු අවසන් පන්දුවාරය තෙක් කඩුල්ලෙ රැදී සිටිමින් ලකුනු 138ක් රැස් කලේය.ඊට හයේ පහර 3ක් හා හතරේ පහර
11ක් අන්තර්ගතවිය. ඔහුගේ මෙම දස්කම නිසා එංගලන්තය පරදා ලකුනු 14ක ජයක් සමග දෙවන ලෝක කුසලානයද බටහිර ඉන්දීය කොදෙව්වන්ටම හිමිවුනා
3. මොහන්දීර්
අමරනාත් ( 1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානය)
කොදෙව් ගලිවරයන් අබියස ඉන්දියානුපිල ලිලිපුට්ටන් මෙන් විය.කොදෙව්වන් තුන්වන වරටද ලෝක කුසලානය හිමිකර ගන්නේයැයි ක්‍රිකට් විචාරකයන් පවා පවසද්දී ඔවුනේ මතය පුස්සක් බවට පත් කරේ අමරනාත්ය.පිත්තෙන් ලකුනු
2626ක්ද පන්දුවෙන් ලකුනු 12කට කඩුලු 3ක්ද ලබාගත් ඔහු කොදෙව්වන්ගෙන් ලෝක කුසලානය තමන්ගේ ග්‍රහනයට ගත්තේය.ලිලී,තොම්සන්ගේ මෙන් බවුන්සර් පන්දුද ගානර් මාර්ෂල්ලාගේ මෙන් වේගය හා නිවැරදි එල්ලයද ඔහුගේ පන්දුවල නොවීය.ඔහුටම විශේශිත ආකාරයකින් පන්දු යැවූ ඔහු එකල බටහිර ඉන්දීයන් සතුවූ ප්‍රබලතම පිතිකරු වූ ජෙෆ්
ඩුජෝන් ඇතුලු පිතුකරුවන්ගේ නිහඩ මාරයා විය
4. ඩේවිඩ්
බූන් ( 1987 රිලයන්ස් ලෝක කුසලානය )
ක්‍රිකට් ක්‍රීඩවේ උරුමකරුවන් මෙන්ම ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය වෙනුවෙන් කල්කටා නුවර්දී තරග වැදුනි.1979 වසරේදී විවියන් රිචර්ඩ් අහිමි කර ලෝක කුසලානය මෙවරදී හෝ තමන්
සතු කර ගැනීමට මාන බැලූ එංගලන්තයට මෙවරද ඔහු වැනිම පිතිකරුවෙකු හරහට සිටියේය.ඔහු නමින්ඩේවිඩ් බූන් විය.ඔහු අපූවතම පිතිකරුවෙකු විය.තරගයක ශතකයක් රැස් කරද සිනහවක් නැගුනේ ඔහුගේ මුහුනට නොවේ.සාමාන්‍ය ගමනින් පිටියට පිවිස ඔහුගේ කාර්‍යය නිමකර සාමාන්‍ය ගමනින්ම නැවතත් ක්‍රීඩාගාරයට යෑම ඔහුගේ
සිරිත විය.
එංගලන්තයට එරෙහිව ඊඩන් ගාර්ඩන්ස් පිටියේදී ඔහුගේ පිත්තෙන් වාර්තා වුනු ලකුනු 75 ඕස්ට්‍රේලියානු ඉනිමේ කොදුනාරටිය විය.ඒ වෙනුවෙන් ඔහු පන්දු 125කට මුහුන දී තිබුනි.එංගලන්තය පරදා ඕස්ට්‍රේලියනුවන් ලෝක කුසලානය හිමිකරගනිද්දී තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට බූන්ට වඩා සුදුස්සෙකු එහි නොවීය
5.වසීම්
අක්‍රම් ( 1992 බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානය)
පිතිකරුවන් විසින් දෙවරක් අහිමි කර ලෝක කුසලානය මෙවර එංගලන්තයට අහිමි
කලේ පන්දුයවන්නෙකි. ලෝක කුසලාන තරගාවලියේ තෙක් පැවති තරග වලදී ඔහු පමනට වඩා වයිඩ් පන්දු හා නිපන්දු යවා තිබුනි.එම නිසා අවසන් මහ තරගයට ඔහුගේ සහභාගීත්වටද අවිනිශ්චිත තත්වයක පැවතුනි.නමුත් පකිස්තානු නායක ඉම්රාන් ඛාන් තම ගෝලයා කෙරෙහි විශ්සාසය තැබීය..ලොව දරුනුතම පිතිකරුවන් පවා වසීම් අභියස සලිත වන බව ඉම්රාන් විශ්වාස කලේය. ගෝලයාද එම විශ්වාසය අකුරම රකිමින් පිතිකරනයේදී ගිනිකෙලි සන්දර්ශනයක් පවත්වමින් ලකුනු 33ක් පන්දු 19ඇතුලත ලබාගත්තේය.ඉයන් බොතම් ,නීල් ෆෙයාර්බ්‍රදර්
හා ඇලන් ලම්බ් යන එංගලන්තයේ ප්‍රබලතම පිතිකරුවන් තෙදෙනාද දවාගත්තේ ඔවුන්ට ලකුනු 49ක්
පමනක් ලබාදෙමිනි .
6. අරවින්ද
ද සිල්වා ( 1996 විල්ස් ලෝක කුසලානය )
විශිෂ්ටතමයන් අතරට ලාංකික දායකත්වය අරවින්ද ද සිල්වාය.
1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්රාහී බල කණුවක් වූයේ සිය විජයග්රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්රේලියාවට එරෙහිව හොඳම ක්රීඩකයා වීමෙනි.නොනිල ලෝක ශූරයන් තමන් යැයි සිතා සිටි ඕස්ටේලියානුවන්ට අරවින්ද හේතුවෙන් එකී කිරුල බිම තබන්නට සිදුවිනි.පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් ලකූනු 241 ක් රැස් කලේය. විදුලි ආලෝකය හමුවේ එය
සැබවින්ම අභියෝගයක් විය. එමෙන්ම ඒ වනතුරු දෙවෙනියට පන්දුවට පහර දුන් පිලක් ලෝක කුසලානය ජයග්‍රහනය කරද නොතිබුනි.එමෙන්ම සනත් ජයසූරිය හා කලුවිතාරන අඩු ලකුනු සංඛ්‍යාවක් තුල
දැවී ගිය අතර ලකුනු පුවරුව දැක්වූයේ ලකුනු 23කට කඩුලු 2ක් ලෙසය.අරවින්දට ගුරුසිංහ එක්වුනු අතර ඔවුන් ලකුනු 125කින් ඉනිම සවිමත්
කලේය.ලකුනු 65ක් ලැබූ ගුරුසිංහගේ පිත්ත පරයමින් පෝල් රයිෆල් එවූ පන්දුවක් කඩුල්ලෙ දැවටෙද්දී ලංකාවට ජයග්‍රහනයට අවශ්ෂවී තිබුනේ ලකුනු 100ටත් අඩු ලකුනු සංඛ්‍යාවකි.අරවින්දට නායක අර්ජුන එකවිය.මාධය පුම්බා තිබූ ශේන් වෝර්න්ට එලව එලවා පහර දුන් ඔවුන් ඔහුගේ පන්දුවාර 10ට ලකුනු 58ක් උදුරාගත්තේය.පන්දු 124ක් තුල හතරේ පහර 13කින් වර්නවත් වුනු අරවින්දගේ ශතකය ලබා නොබෝවේලාවකින්ම අර්ජුනගේ පිත්තෙන් ජය සටහන්වුයේ ලංකාවාසින්ගේ
නෙත් අග තුටු කදුලු නංවමිනි.
7. ශේන්
වෝර්න් ( 1999 ICC ක්‍රිකට් ලෝක කුසලානය )
විල්ස් ලෝක කුසලානයේදී අත්විදි අමිහිරි පරාජය ජයග්‍රහනයකට පරිවර්තනය කරගැනීමටමෙවර කැංගරුවන්ට අවස්තාව ලැබුනි.ලෝඩ්ස් පිටියේ පැවති අවසන් මහා තරගයේදී ඔවුන් මීට වසර20කට පෙර මෙම පිටියේදීම විවියන් රිචර්ඩ්ස් හමුවේ මෙන්ම වසර 3කට පෙර අරවින්ද හමුවේ සිදුකරවැර්දි සිදු නොකිරීමට වග බලාගත්හ.ඒ කිසිදු පාකිස්තානු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩකඩ නොතබමිනි. වෝර්න්ගේ විශිෂ්ට පන්දු යැවීම ඕවර 9කදී එක් නිලකුනු පන්දු ඕවරයක්ද යවා ලකුනු 33ක් පමනයි ලබාදීමක් ලෙස සටහන් වී තිබුනි.ලබා දුන් ලකුනු 33ට ඉජාස් අහමඩ් ,සහීඩ් අෆ්රිඩි,මොයින් ඛාන් හා නායක වසීම් අක්‍රම්ගේ කඩුලු පොලිය ලෙස අත්පත්කරගෙන තිබුනි.පකිස්තානු ඉනිම ලකුනු 132කට සීමාවුනු අතර එකී විනාශයේ නියමුවාවූ ශේන් වෝර්න් ලෝඩ්ස් පිටියේදී
තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය
8.රිකී
පොන්ටින් ( 2003 ICC ක්‍රිකට් ලෝක කුසලානය
)
එය සැබවින්ම නායකත්වයේ ඉනිමක් විය.ඉන්දියානුවන්ට එවර ලෝක කුසලානය අහිමිකිරීමට බලපෑ ප්‍රධානතම හේතුව වූවේද පොන්ටින්ය.ලකුනු 140ක් වූ ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් හා හයේ පහර අටකින් වර්නවත් වී තිබුනි. ඊට වැයවී තිබුනේ පන්දු 121ක් පමනි . ඔහුගේ
ශතකය හේතුවෙන් ඕස්ට්‍රේලියව ඉන්දියාව
අභියස ලකුනු 360ක් තරම් වූ විශාල අභියෝගයක් තැබූ අතර , ඉන්දීයානු ඉනිම ලකුනු 234කට
සීමා වෙමින් පොන්ටින්ට ලෝක කුසලානය මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානයද හිමිකර දෙමින්
9. ඇඩම්
ගිල්ක්‍රිස්ට් ( 2007 ICC ක්‍රිකට් ලෝක කුසලානය )
මෙවර ප්‍රතිවාදීන් වූවේ ලංකාවයි.අවාසනාවට ගිල්ක්‍රිස්ට්ගේ ඉනිම දෙස අපිට බලා සිටින්න වූයේ ප්‍රතිවාදීන් ලෙසය.බාර්බඩෝස් හි කෙංසින්ග්ටන් ඕවල් පිටිය වර්නවත් කල ඔහු හයේ පහර 8ක් ඇතුලුව පන්දු 104ක් තුලදී ලකුනු 149ක් වාර්ථා කලේය .ලංකාව පරදා ලකුනු 53ක ජයක් ඕස්ට්‍රේලියානුවන් සතුවුවද එම තරගයේ තීරනය මෙන්ම ගිල්ක්‍රිට්ස්ගේ ඉනිම පිලිබදවද තවමත් මතබේද පවතී.ගිල්ක්‍රිස්ට් ස්කොෂ් පන්දුවක් අත් ආවරන් තුල රදවා පන්දුවට
පහර දුන් අතර එය එකල ආන්දෝලනයකටද තුඩුදුන්නේය. එමෙන්ම වැස්ස හා විනිසුරුවන්ගේ හා තරග තීරකගේ යම්
තීරන ලංකාවට අවාසිදායක විය
10. මහේන්ද්‍රසින්
දෝනි ( 2011 ICC ක්‍රිකට් ලෝක කුසලානය )
සුපුරුදු පරිදි මෙවරද ලන්කාව ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීය.
මෙවර ලංකාවේ ජය දෝනි විසින් උදුරාගන්නා ලදී.පලමුව පම්දුවට පහර දී ලකුනු 275ක් ලැබූ
ලංකාව ඉන්දියානුවන් හමුවේ ලකුනු 275ක් අභියෝගයක් තැබූ අතර ඉන්දීය පලමු කඩුලු කීපයද ඉක්මනින් බිදවැටුනි.නමුත් එවරද අවාසනාව ලංකාව සතුවිය.
නැවතත් තව වසර දෙකකින් ක්‍රිකට් ලොවට වසන්තය උදාවේ.ඒ 2015 ලෝක ක්‍රිකට් කුසලනය හේතුවෙනි.එකී තරගාවලියේදී දෙවරක් අපට අහිමිවුන ලෝක කුසලානය මෙන්ම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ වීරයා කිරුලද ලංකාවට හිමිවී ලාංකිකයෙකුගේ නම මෙම ලිපියට එක් කිරීමට ලැබේවා යන්න මාගේ මෙන්ම ඔබගේද පැතුමයි ..එය එසේම වේවා !!!!
බ්ලොග් අවකාශයට ක්‍රීඩා අඩුපාඩුවක් තිබුණා. දැන් ඒකත් හරි. මේකට ෆලෝවර් ගැජට් එක එල්ලන්න.
ReplyDeleteගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට. ෆලෝවර් ගැජට් එකත් ඉක්මනටම් එල්ලන්නම් :D
Deleteහොඳයි මේ විස්තරත් ලියල තියන එක.. ඔය මැච් ටිකෙන් 96 වර්ල්ඩ් කප් එක තමයි ආසාවෙන්ම බැලුවෙ. කවදාවත් මැච් ගැන උනන්දුවක් නොතිබුනු අයත් ඒ මැච් ටික බැලුවා.
ReplyDeleteඑදා අරවින්ද ගහපු ගැහිල්ල තමයි පට්ට.මාත් ක්‍රිකට් බලන්න ගත්තේ 1996 න් පස්සෙ.ගොඩක් ස්තූත්යි අදහස් දැක්වුවාට :D
Delete