Blogger Widgets

Saturday, July 6, 2013

අළු බදුන කුසලානය



අලු බදුන කුසලානය තව නොබෝ දිනකින්ම එංගලන්තයේදී ඇරබෙන්නට නියමිතයි. ඒ කියන්නෙ ආයෙමත් එංගලන්තයට ක්‍රිකට වසන්තය උදාවෙනවා.ලෝක කුසලානයකටත් වඩා ප්‍රමුඛස්ථානයක් එංගලන්ත හා ඕස්ට්‍රෙලියනුවන් අළු බදුන කෙරෙහි දක්වනවා.ලොව පැරනිම ක්‍රිකට් කුසලානය වන අලු බදුනෙ ආරම්භය ක්‍රි.ව 1882 තරම් ඈතට දිවයනවා. දෙවසරකට වරක් ඕස්ට්‍රේලියාවේ දී හෝ එංගලන්තයේ දී මෙම තරගාවලිඅය පවත්වනවා.ක්‍රිකට් ග්‍රීස්ම සෘතුවේ කෙරෙන ක්‍රීඩාවක් බැවින් විරුද්ධ අර්ධ ගෝලයන්හි මාස 18 හෝ 30 කට සැරයක් පවත්වනවා. 

අළු බදුනට නම ලැබුනු ආකාරය අපූරුයි.1882 ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති ටෙස්ට් ක්‍රිකට තරගයේදී එංගලන්තයට උරුම උනේ අනපේක්ශිත පරාජයක්.පලමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියනු කන්ඩායම ලකුනු 63 සියල්ලන්ම දැවීයද්දී ඊට පිලිතුරු විදියට ඒ. එන්.  හර්බි මෙහෙයවපු එංගලන්ත කන්ඩායම ලකුනු 101 ක් ලබාගත්තා,ඕස්ට්‍රෙලියානු දෙවෙනි ඉනිම ලකුනු 122කට සීමා වුනේ එංගලන්තය ඉදිරියේ ලකුනු 85ක ජයග්‍රාහී ඉලක්කයක් තබමින්.ඒත් ඒ ලකුනු ගානට ලකුනු 2ක් මෙපිටින් තියෙද්දී එංගලන්ත කන්ඩායමේ අන්තිම පිතිකරුවාවුන ටෙඩ් පීට් දැවීයන්නෙ ඕස්ට්‍රේලියනුවන්ට නොසිතූ ජයක් අත්කර දෙමින්. ඒ පරාජය එංගලන්තේ පුවත්පත් වලට නම් දරාගන්න බැරිතරම් වුනා.තරගයට පහුවෙනිදා "ද ස්පෝර්ටින්ග් ටයිම්ස්"( The Sporting Times පුවත්පතේ අපූරු මරන දැන්වීමක් පලවුනා. 

The Sporting Times සගරාවේ පලවුන මරන දැන්වීම 


ඉංග්‍රීසි ක්‍රිකට කලුරිය කල ඇති බවත් ආදාහනයෙන් පසු එහි අළු ඕස්ට්‍රේලියාවට රැගෙන යන් බවත් එම දැන්වීමේ සටහන් වුනා.ඊලග ඕස්ට්‍රේලියානු සංචාරය සංවිදානය උනේ එම අලු බදුන නැවත තම රට ගෙන ඒමටයි.එම ඕස්ට්‍රේලියානු තරගවලිය එංගලන්තය ජයග්‍රහනය කර අතර,ඉන් ශෝකයට පත්වුන මෙල්බෝර්න් නුවර කන්තා කන්ඩායමක් අයිවෝ බ්ලයිග්ට මැටි මිශ්‍ර පිගන් ගඩොලින් සෑදූ බදුනක් පිරිනමන ලදී, තරගයට යොදා ගත් බේල්ස් පුච්චා ලබාගත් අලු එම බදුන තුල ඇතෙයි සැලකුනු අතර, එම බදුන සදහා දෙරට අතර ක්‍රිකට් ගැටුමක් ඉන් ඇරබුනි 

මෙම බඳුනේ අනුරුව බඳුන් සංකේතයක් ලෙස ජයග්‍රාහී කණ්ඩායමට තිළිණ කළ ද සැබෑ බඳුන කිසිවිටකත් ප්‍රදර්ශනය කිරීමවත්,තිළිණ කිරීමවත් නොකෙරුනි.එම මුල් බඳුන ලෝඩ්ස්හි මෙල්බෝර්න් ක්‍රිකට් සමාජයේ කෞතුකාගාරයේ කෞතුක වස්තුවක් ලෙස තැම්පත් කර ඇත 

මෙවර 67වන අළු බදුන තරගාවලිය පැවැත්වීමට නියමිත අතර මීට පෙර පැවති තරගාවලික් අතුරින් ඕස්ට්‍රේලියාවට තරගාවලි 31කුත් එංගලන්තයට තරගාවලි 30කත් ජයග්‍රහන හිමිවී ඇත.2011 වසරේ පැවති අවසන් අළු බදුන් තරගාවලියෙන් ඕස්ට්‍රේලියානු කන්ඩායම ඔවුන්ගේම රටේදී 2-1 ක් ලෙස පරාජය කරමින් එංගලන්තය අළු බදුන හිමිකරගත්තේය.ඒ නිසා අළු බදුනේ වර්තමාන හිමිකාරිතවය එංගලන්තය සතුවේ. තරගාවලි 5ක් ජයපරාජයෙන් තොරව නිමාවුනා.  

අළු බදුන ජයග්‍රහනය කල කන්ඩායම 

තරග වශයෙන් ගත්විට ඕස්ට්‍රේලියානු කන්ඩායම තරග 123කුත්,එංගලන්තය තරග 100කුත් ජයගෙන තිබෙනවා.තරග 87ක් ජයග්‍රාහකයෙක් නැතුව් තමයි ඉවරවෙලා තියෙන්නෙ.තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලෙස පවත්වන අළු බදුන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පවත්වයිනම් ටෙස්ට් තරග 5 පිලිවලින් බ්‍රිස්බේන් ගැබා,ඇඩිලේඩ් ඕවල්,පර්ත් වකා,මෙල්බෝර්න් හා සිඩ්නි යන ක්‍රීඩාන්ගන වල පවත්වනවා. මෙල්බෝර්න් කිකට් තරගය සාම්ප්‍රධායිකව ආරම්බ වෙන්නෙ දෙසැම්බර් මාරෙ 26 වෙනිදා.එය බොක්සින් දින තරගය ලෙසද හදුන්වනවා.එංගලන්තයේ පවත්වයි නම් පිලිවලින් තරග 5 ඕවල්,ඕල්ඩ් ට්‍රෆෝර්ඩ්, ලෝඩ්ස්, ට්‍රෙන්ට් බ්‍රිර්ජ්, එඩ්බස්ටන් ක්‍රීඩානගනයේදී පවත්වනවා. නමුත් 2009 පැවති අළු බදුන් තරගාවලියේ ආරම්භක තරගය කාඩිල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවති අතර,ඊලග තරගාවලියේද සාම්ප්‍රධායෙන් පිට පනිමින් නොට්ටින්ග්හැම්,ලෝඩ්ස්,හෝව්, මැන්චෙස්ටඩ් හා චෙස්ටර්-ලී-ස්ට්‍රීට් යන ක්‍රීඩාංගන් වලදී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සාර්ඨ්හකම පිතිකරු වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්.ඔහු අළු බදුන තරගාවලි වලදී ලකුනු 5028ක් රැස්කර තිබෙන අතර, කඩුලු 195ක් ඩවා ගනිමින් ශේන් වෝන් තරගාවලියේ දක්ශම පන්දු යවන්නා බවට පත්වී තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරග ආධිපත්‍යය එංගලන්තයට නතුවී තිබෙන මොහොතක එංගලන්තයේදී ආරම්භ වෙන 67වන අළු බදුන තරගාවලිය ආරම්භයේ පටන්ම එංගලන්තය දෙසට වාසි සහගත ලෙස පෙනුනත් ඕස්ට්‍රේලියනුවන් සුලුකොට තැකීම කල නොහැකියි.මොකද ඔවුන්ගේත් පරම අභිප්‍රාය නැවත් අළු බදුන තම රටට ලබා දීම වන බැවින්.උනුසුම් අළු බදුන  තරගාවලියක්   දැක බලාගැනීමට අවකාශ ලැබේවායැයි අපේක්ශා කරමින් කන්ඩායම් දෙකටම සුබ පතනවා 



0 comments:

Post a Comment