Blogger Widgets

Friday, July 5, 2013

ICC Player Rankings




අපි හැමෝම ICC Player Rankings ගැන ගොඩක් සැලකිලිමත් උනත්, ඒකෙ Procedure ගැන ගොඩක් අයට ඒ තරම් වැටහීමක් නෑ. මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද මේක Calculate කරන්නෙ කියල, මේක තමයි මට ඒ ප්‍රශ්නෙට හම්බවුන විසදුම

1987 වසරෙදි Ted Dexter නමැති පුද්ගලයා ICC එකට කරපු යෝජනාවක් අනුව තමයි ICC Rankings ක්‍රමය ආරම්භ වුනේ, මුලින්ම ටෙස්ට් ක්‍රිකට් වලට විතරක් සීමවුන ICC Rankings ක්‍රමය පසුකාලීනව ODI ,T20 වලටත් යොදා ගත්තා

2015 වෙනකම් Reliance Mobile ආයතනය තමයි ICC Rankings වලට අනුග්‍රාහකත්වය දක්වන්නෙ, David Kendix තමයි 2003 ඉදලා මේ වෙනකම් ICC Ranking සම්බන්දව වගකීම දරන්නෙ

ලකුනු 0-1000 අතර scale එකකට තමයි Players ව වර්ග කරන්නෙ, Player කෙනෙක්ගෙ performance එයාගේ past record වලට සාපේක්ශව වැඩිවෙනවනම් එයාගේ points වැඩිවෙනවා, එහෙම වෙන්නෙ නැත්නම් points අඩු වෙනවා, ඒක තමයි ICC Player Rankings වල මූලික හරය

අපි දැන් බලමු Rankings වලට බලපාන කරුනු මොනවද කියලා

‎#Test_Match_Rankings - For a ‎#Batsman, the factors are:

# ලබාගත්ත ලකුනු ප්‍රමානය

# ප්‍රතිවදී පිලේ පන්දු යවන්නන්ගේ තත්වය ( Ratings of the opposing bowling attack ) වැඩි Ratings තියෙන bowling attack එකකට ගහුවොත් Ratings ගොඩක් වැඩිවෙනවා

# දැවී ගියාද නැද්ද - නොදෙවුනු ක්‍රීඩකයෙකුට bonus Points හම්බවෙනවා

# The level of run-scoring in the match, and the team’s innings total - මේක මම උදාහරනකින් විස්තර කරල දෙන්නම්කො

හිතන්නකො පිතිකරුවෙක් ටෙස්ට් මැච් 2ක 100 ඒවා ගහුව කියලා, එයා මුලිනම 100 ගහුපු ඉනිමේ එයාගේ ටීම් එකේ මුලු ලකුනු 500 යි දෙවෙනි 100 ගහපු ඉනිමේ ටීම් එක ලකුනු 200කට All Out වෙලා කියලත් හිතමු. එයා දෙවෙනියට ගහපු 100 ට ලැබෙන Points ගාන වැඩියි මුලින් ගහපු 100ට ලැබෙන Points ගානට වඩා

# Result- පිතිකරුවෙක් තමන්ගෙ රට දිනපු මැච් එකක හොදට Preform කරත් ගොඩක් Points හම්බෙනවා, ඒ වගේම දිනපු මැච් එකේ ප්‍රතිවදීන් highly rate ටීම් එකක් නම් හම්බෙන ලකුනු ගාන වැඩියි

‎#Test_Match_Rankings- For a ‎#Bowllers, the factors are:

# ලබාගත් Wickets ගනන හා ලබාදුන් ලකුනු ප්‍රමානය

# දවාගත් පිතිකරුවාගේ Ratings ( උදා:- මයිකල් ක්ලාර්ක්ගේ විකට එක ගත්තොත් ඒ Bowllers ට ලකුනු හම්බෙනවා ඩොරතිගේ විකට එක ගත්තට වඩා)

# The level of run-scoring in the ( උදා:- තමගේ දක්ශතාව මැච් එකට සාපේක්ශව )

උදා:- run-scoring මැච් එකක 10-0-50-3 ට උනත් ලකුනු වැඩිවෙනවා

# The Result- පන්දු යවන්නෙක් තමන්ගෙ රට දිනපු මැච් එකක හොදට Preform කරත් ගොඩක් Points හම්බෙනවා, ඒ වගේම දිනපු මැච් එකේ ප්‍රතිවදීන් highly rate ටීම් එකක් නම් හම්බෙන ලකුනු ගාන වැඩියි

# Heavy workload - bowlers විකට් නැතුව උනත් මැච් එකේ වැඩි ඕවර් ගානක් යවලා නම් වැඩිපුර පොයින්ට්ස් හම්බෙනවා

# ඒවගේම high-scoring innings වල පන්දු යවන එකෙන් වැලකී හිටියොත් ඒකට ලකුනු කැපෙනවා

‎#වැදගත්_කරුනු

# Player කෙනෙක් මොනම හරි හෙතුවක් නිසා එක ටෙස්ට් මැච් එකක් හරි මග් අරුනොත් එක මැච් එකකට , එයාගේ points වලින් 1% ක් ගානේ අඩු වෙනවා

# අලුත් players ලා පටන් ගන්නෙ ලකුනු 0න්, ඒ වගේම අලුත් players innings 10ක් ගහනකම් එයාල ගන්න පොඉන්ට්ස් වලින් 70%යි දෙන්නෙ. ( ඒ කියන්නෙ මුල් innings 10 ඇතුලත 0-700 අතර තමයි ලකුනු හම්බවෙන්නෙ. innings 10 ගහනකම් points 700 ට වඩා ගන්න බෑ, ඒ වගේම 1එයාලට 100% දෙන්න පටන් ගන්නෙ 40කට පස්සෙ, bowler ලට විකට් 30 දානකම් 70%යි points හම්බවෙන්නෙ, 100% හම්බවෙන්න ගන්නෙ විකට්ස් 100ක් ගත්තට් පස්සෙ, ඒ කියන්නෙ අලුත් ක්‍රීඩකයොන්ට මුල් 30 අතරට එන්නෙ අවුරුදු කීපයක් බලාගෙන ඉන්න වෙනවා

- මතු සම්බන්ධයි -


0 comments:

Post a Comment