Posted by Unknown | 11:42 AM |
multi-team cricket tournament එකක points table එකේ points බලලා ඊලගට Net Run Rate එක තමයි අපෙ ඇහැ යන්නෙ . ගොඩක් වෙලාවට Final or semi යන teams depend වෙන්නෙ Net Run Rate අනුව තමයි. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ Net Run Rate එක calculate කරන විදිය.
Net Run Rate එක calculate කරන එක ගොඩක් ලේසියි. ඒක steps 7 කින් ගොඩක් සරලව විස්තර කරන්න පුලුවන්
#STEP_01 :- Calculate the total runs scored by the team
Step 1 වලදි වෙන්නෙ team එකේ valid totals වල [ විසදුමක් නැතුව අත්හැරලා දාපු match [ N/R ] Net Run Rate එක calculate කරන්න ගන්නෙ නෑ. ] එකතුව හොයන එක
උදා :- one-day matches එකකදි team එකක් 240, 300 & 156 ක් ගැහුවනම්, team එකේ valid total එක වෙන්නෙ
240 + 300 + 156 = 696
#STEP_02 :- Calculate the overs used by the team in scoring the runs
මේ calculation එකට කරන්න කලින් අපි පිලිපදින්න ඕන Rules & Regulation ටිකක් තියෙනවා.
# 1.5 ඕවර් කියලා කියන්නෙ ඕවර් 1 යි බෝල 5 ට, එහෙම නැතුව ඕවර එකහමාරට නෙවෙයි.
# team එකක් ඕවර 50 ඉවර වෙන්න කලින් All Out වුනොත් ඒ team එක ඕවර 50 ම සෙල්ලම් කරා කියලා ගනන් ගන්නවා
# වැස්ස වගේ හේතු නිසා ඩක්වර්ත් & ලුවිස් වලට අනුව ඕවර ගාන අඩු උනොත්, සංශෝධිත ඕවර් ගාන් මුලු ඕවර ගාන විදියට ගනන් ගන්නවා
# chase කරලා මැච් එකක් දිනුවොත් , chase කරපු ඕවර ගාන ඒ විදියට ගන්නවා.
ඒ කියන්නෙ ඕවර 34.4කින් chase කරන්නම් 34.4 තමයි ගන්නෙ
මේ guidelines වලට අනුව අපි උදාහරණයක් සලකමු.
උදා:- team එකක් ඕවර 46කට අඩු කරපු මට්ච් එකක ඕවර 42කදි All Out වුනා. අනිත් මැච් එකේදි ඕවර 50ම සෙල්ලම් කරා, ඒලග් මැච් එකේදි chase කරලා ඕවර 47.3 කදි මැච් එක දිනුවා . ඒලග මැච් එකේදි ඕවර 34.4 කින් chase කරා
ඒ නිසා
ඒ ටීම් එක ඕවර 46 + 50 + 47.3 + 34.4 කට face කරල තියෙනවා
[ Hint : - බෝල වෙනවෙනම් ගනනය කරොත් ගොඩක් දුරට වෙන්න් පුලුවන් වැරදීම් අඩු කරගන්න පුලුවන්. ඒ කියන්නෙ 46 + 50 + 47.3 + 34.4 = ඕවර 177 කුත් තව බෝල 7කට,
46 + 50 + 47.3 + 34.4 = 177.7
ඒක අපිට ඊලගට සලකන්න පුලුවන් ඕවර 178.1 කියලා ]
#STEP_03 :- Determine the Run Rate FOR
මේ කොටස අපි උදාහරනයකින්ම විසදමු.
උදා:- ටීම් එකක
Total runs = 2032
Total overs = 240.4
කියල උපකල්පනය කරොත්,
Total Runs For (Step 1) / Total overs For (Step 2)
අගය තමයි මේ Step 3 එකේදි හොයන්නෙ. ඒක නිකම්ම හොයන්න් බෑ, පියවර 3ක් අනුගමනය කරන්න වෙනව ඒ වෙනුවෙන්
# ඕවර ගාන බෝල ගනනට Convert කරගන්න
Total overs = 240.4
Convert the overs to balls (240 x 6 + 4) = 1444 balls
# Total Runs ගාන Convert the overs to balls ගානෙන් බෙදන්න
(2032/1444 = 1.4072)
# ආපු උත්තරය 6න් වැඩිකරන්න
Team's Run Rate is (1.4072 x 6 = 8.4432)
#STEP_04 :- - Determine the Run Rate AGAINST
අපි කලින් කතාකරේ ටීම් එකක RR හොයන් විදියනේ. ඒ පියවර ටිකම අනුගමනයි කරලා අපිට එරෙහිව අනිත් ටීම් ගත්ත මුලු ලකුනු ගානයි , ඕවර ගානෙයි අනුපාතය ගන්න
උදා :- අපි කලින් කතා කරපු ටීම් එක (Team A ) එකක් Team B,team C, Team D ටීම් 3 සෙල්ලම් කරා කියලා හිතමු. Team A එකට "එරෙහිව" අනිත් ටීම් 3 & මැච් 3දි 189/8, 278 all out & 215/5, Score කරා කියල් හිතමු
total runs against is (189 + 278 + 215 = 682).
ඊලගට Step 2 & 3 වලින් Run Rate AGAINST ගනනයි කරගන්න
#STEP_05 :- Calculate the Net Run Rate (NRR)
Net Run Rate = තමන්ගෙ ටීම් එකේ Run Rate - Run Rate AGAINST
උදා:- අපි හිතමු ටීම් එකක RR 8.4432 යි, Run Rate AGAINST 7.9767 යි කියල
Net Run Rate = 8.4432 - 7.9767 = 0.467
#Any_Questions_?
Categories:
0 comments:
Post a Comment