Blogger Widgets

Friday, July 12, 2013




අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනාට අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්.ඕනම් පොඩි එකෙක් පෑනට පැන්සලට කලින් අතට ගන්නෙ බැට් එක.පොඩි කාලෙ ක්‍රිකට් ගහන කොට් අපිටම ආවේනික නීති තිබුනා.අල්ලපු වත්තට උඩින් ගැහුවොත් අවුට්,නැත්නම් බෝල තුනක් මිස් වුනොත් අවුට්,තව "ගස් කැච්"       ඔට්ටුයි වගේ ගොඩක් නීති තිබුනා.අපේ ක්‍රිකට් නීති සෙල්ලම් කරන තැන අනුව වෙනස් වුනාට අන්තර්ජාතික තරග වලට ලොවම පිලිගත් නීති පද්ධතියක් භාවිතා කරනවා. 

මෙල්බොර්න් ක්‍රිකට් සමාජය එහෙම් නැත්නම් MCCයට තමයි ක්‍රිකට් නීති සම්පාදනය,සංශෝධනය  බාරවෙලා තියෙන්නෙ. ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස යන සියලුම තරග ආකාර සදහා මේ නීති පද්දතිය වලංගුවෙනවා. සමස්ත නීති පද්දතිය නීති 42 කින් සමන්විත වන අතර ඉන් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශ ආවරනය වෙනවා.

1. නිළදාරීන් හා ක්‍රීඩකයන් 

  • 1 වන නීතිය  : ක්‍රීඩකයන් -  එක පිලකට නායකයාද ඇතුලුව ක්‍රීඩකයන් 11ක් ඇතුලත්  වියයුතුය.නමුත්   අවශ්‍යනම් කංඩායම් දෙකෙහි හා සංවිදායකයගේ එකගත්වය මත 11 කට වඩා වැඩි ගනනක් කන්ඩායමකට ඇතුලත් කල හැක.නමුත් ඉන් පිටිය තුල පන්දු රැකිය හැක්කේ 11 දෙනෙකුට පමනි. 
  • 2 වන නීතිය : අතිරේක ක්‍රීඩකයන්- තුවාල ලැබූ පන්දු රකින්නෙකු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු යොදා ගත හැක. නමුත් ඔහුට පන්දු යවන්නට, පන්දුවට පහරදීම, කඩුලු රැකීම හෝ නායකයා ලෙස කටයුතු කිරීම කල නොහැක.තුවාල ලැබූ පන්දු රකින්නා යතා තත්වයට පත්වූ විගස ඔහු යලි පිටියට පැමිනිය යුතුය.[තුවාල ලැබූ පිතිකරුවෙකුට ආදේශක කඩුලු අතර දුවන ක්‍රීඩකයෙකු ක්‍රිකට් නීතී පොතේ නවතම සංස්කරනය අනුව යොදා ගත නොහැකි අතර ඔහුට අවශ්‍යනම් පිටියෙන් තාවකාලිකව ඉවත්විය හැක] 
  • 3 වන නීතිය : විනිසුරුවන්- පිටියේ විනිසුරුවන් දෙදෙනෙකු සිටිය යුතු අතර ඔවුන් ක්‍රිකට් නීතීක්‍රියාත්මක කිරීම,ක්‍රීඩාව සහ කන්ඩායමේ ලකුනු සම්බන්දව  තීරන ගැනීම හා ලකුනු පිලිබද සලකුනු කිරීම   විනිසුරුවන්ට බාරවේ.එමෙන්ම ක්‍රිකට් නීති පොතින් යම්තාක් දුරකට බැහැරවීමට ඔවුන්ට නිදහස ඇත.අන්තර්ජාතික මට්ටමේදී තුන්වන විනිසුරුවෙක් අවශ්‍යනම් යොදා ගත් හැකි අතර ඔහු පිටියෙන් පිටත සිටින අතර පිටිය තුල සිටින් විනිසුරුවරුන්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරයි. 
  • 4 වන නීතිය: ලකුනු සටහන් කරුවන්- ලකුනු සටහන් කරුවන් දෙදෙනෙකු සිටින අතරවිනිසුරුවරුන්ගේ  තීරන හා සලකුනු මත ලකුනු සටහන් කිරීම ඔවුන් සතුවේ. 

2. උපකරන හා පිටිය 

  • 5 වන නීතිය: පන්දුව : සම්මත පන්දුවක පරිධිය අගල් 8 13/16 සිට අගල් 9 [ 22.4 - 22.9 cm ] අතර අගයක් ගන්නා අතර එහි බර අවුන්ස 5.5 හා 5.75ක් [ 155.9 g- 163g ] අතර අගයක් ගනී.ඉනිමක් ආරම්භයේදී නව පන්දුවක් භාවිතා කරයි.පන්දුයවන කන්ඩායමේ ඉල්ලීම මත පන්දුව පලුදූවී ඇත්නම් එම පන්දුවේ තත්ව වලට සමාන පන්දුවක් ලබාගනී.ටෙස්ට් තරගයකදී පන්දු ඕවර 80කට පසු පන්දුයවන පිලේ නායකයාට  නව පන්දුවක් ලබාගත හැක
  • 6 වන නීතිය: පිත්ත- උපරිම උස අගල් 38ක් [ 97cm] හා උපරිම පලල අගල් 4.25කි [ 10.8cm] පිත්ත සම්පූරනයෙන්ම ලී වලින් සදා නිමකරයුතුය.එමෙන්ම පිත්තේ  Gripඑකද පිත්තේම කොටසක් ලෙස සලකා ඉහත ප්‍රමානයන් නිර්නය කර ඇත. 
  • 7 වන නීතිය: තණතිල්ල- යාර 22ක් දිග [20m] හා අඩි 10ක් [3m]පළල කොටුවක හැඩයක් ලබාගන්න අතර,ක්‍රීඩාංගනයක තණතිලි  බාරකරු තණතිල්ල සකසයි.නමුත් තරගයට ප්‍රතම එය ක්‍රීඩාවට සුදුසුදැයි තීරනය කිරීම විනිසුරු සතු වගකීමකි.එසේම තනතිල්ලහි ස්වාබාවය පාලනය විනිසුරු සතුවේ.එය බාවිතයට නොසුදුසු යැයි විනිසුරු තීරනය කලහොත් කන්ඩායම් දෙකේ නයකයන්ගේ අනුමැතියි සහිතව එය වෙනස් කල හැක 
තනතිල්ල 
  • 8 වන නීතිය: කඩුලු- දැවමය අගල් 28ක් උස [71cm]වන කඩුලු ඉනි අගල් 9ක [23cm]වන ඉනි පරතරයක් සහිතව සිටවයි.අගල් 9 යනු ඉනි 3 අතර පලලයි. එහි උඩ ලී බේල්සයක් තබයි. ඉහි උස අගල් 0.5 නොවැඩි වියයුතුය.අන්තර්ජාතික ක්‍රිකට් තරග වල්දී බේලයක පලල අගල් 4 5/16 [10.95 cm] ක් ලෙස සලකයි.බේල්ස් භාවිතා කරනවාද නැද්ද යන්න තීරනය [ සුලග වැඩි අවස්තා වලදී බේල්ස් ඉවත් කරයි] විනිසුරු සතුවේ. පාසල් ක්‍රිකට් මට්ටමේදී කඩුලු වල හා බේල්ස් වල ප්‍රමාන වෙනස් වේ.


කඩුල්ල 
නීති ඔක්කොම එකම පෝස්ට් එකක දාන්න ගියොත් ඒක ගොඩක් දිගවෙන නිසා කොටස් 4කින් නීති 42 ඉදිරිපත් කරන්න මම තීරනය කරා. පලමු කොටස මින් අවසන් වෙනවා 

- මතුසම්බන්ධයි - 

5 comments: