Blogger Widgets

Sunday, July 7, 2013

මෙල්බර්න් නුවරින්  ආරම්භ වුන ටෙස්ට් ක්‍රිකට් කීඩාංගන ගොනුවට අන්තිමටම එකතු වුනේ බංගලාදේශයේ කුල්නා නුවර ශෙරික් අබු නසාර් ක්‍රීඩාන්ගනය.ඒ අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය නිලවශයෙන් පිලිගනිපු 107 වෙනි ක්‍රීඩාංගනය.ඉන් ක්‍රීඩාංගන අටක හිමිකම ලංකාවට පැවරිලා තියෙනවා.මේ ලංකාවේ ක්‍රීඩාංගන සහ කඩයිම් ක්‍රිකට ක්‍රීඩාංගන ගැන ලඝු සටහනක්

  • ඕස්ට්‍රේලියාවෙ මෙල්බෝර්න්  (1) - 1877.03.15 - තරග 105
  • එංගලන්තයේ ඕවල්  (2) - 1880.09.06 -තරග 95
  • ඕස්ට්‍රේලියාවේ සිඩ්නි (3) - 1882.02.17-තරග 101
  • එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆෝර්ඩ් (4) - 1884.07.10 -තරග 74
  • එංගලන්තයේ ලෝඩ්ස් (5) - 1884.07.21 -තරග 125
  • එංගලන්තයේ ට්‍රෙන්ට් බ්‍රිජ් (10 ) - 1899-06-01 - තරග 58
  • ට්‍රිනිඩෑඩ් ක්වීන්ස් පාර්ක් ඕවල් (20) -1930.02.1 - තරග 58 
  • ඉන්දියාවේ මුම්බායිහි ජිම්කානා (25) - 1933.12.15 -තරග 01
  • නවසීලන්තයේ  නේපියර් (50) - 1979.02.16 -තරග 10
  • ශ්‍රී ලංකාවේ පී සරා ඕවල් (53) - 1982.02.17 -තරග 17
  • ශ්‍රී ලන්කාවේ අස්ගිරිය (54) - 1983.04.22 -තරග 21
  • ශ්‍රී ලංකාවේ එස්.එස්. සී (57) - 1984.03.16 -තරග 36
  • ශ්‍රී ලංකාවේ සී.සී.සී (58) - 1984.03.24 -තරග 03
  • ශ්‍රී ලංකාවේ ඛෙත්තාරාමය (66) - 1992.08.28 -තරග 08
  • ශ්‍රී ලංකාවේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය (67) - 1992.09.08 -තරග 04
  • පකිස්තානයේ පේෂාවර් (75) - 1995.09.08 -තරග 06
  • ශ්‍රී ලංකාවේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය (79)- 1998.06.03-තරග 22
  • එංගලන්තයේ කාඩිල්ෆ් (100) - 2009.07.08 -තරග 02
  • ශ්‍රී ලංකාවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනය(104) - 2010.12.01 -තරග 03
  •  බංගලාදේශයේ  ශෙරික් අබු නසාර් ක්‍රීඩාන්ගනය ( 107) - 2012.11.21 -තරග 01

ටෙස්ට් පිටි වල වාර්ථා ගැන සැලකිලිමත් වුනොත් ලාංකික ක්‍රීඩකයන් හා ක්‍රීඩාංගන හැමවිටම ඉදිරියෙන් සිටිනවා. ඒ කියන්නෙ වාර්ථා රැසකට හිමිකම් කියන්නෙ අපි.


  • තනි පිතිකරුවෙක් ක්‍රීඩාංගනයක රැස් කර ඇත් වැඩිම ලකුනු - මහේල ජයවර්ධන ( 2626 )- එස්.එස්.සී   ක්‍රීඩාංගනය
  • ටෙස්ට් පිටියක වැඩිම කඩුලු -මුත්තයියා මුරලිදරන් -එස්. එස්. සී - 166 , අස්ගිරිය 117, ගාල්ල 111
  • වැඩිම තරග - එංගලන්තයේ ලෝඩ්ස් - 125
  • ඉහලම ලකුනු සබදතාව - මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර - 624 - එස්.එස්.සී 
  • ඉනිමක වැඩිම ලකුනු - බ්‍රයන් ලාරා - 400 - ඇන්ටිගුවාහි ශාන්ත ජෝන්ස් 
  • ලකුනු වලින් ලත් තියුනුම ජය -බටහිර ඉන්දිය කොදෙව්වන් එක් ලකුනකින් පකිස්තානය පරාජ - ඇන්ටිගුවාහි ශාන්ත ජෝන්ස්- (1999)
  • ඉහලම කන්ඩායම් ලකුනු - 952/6 ශ්‍රී ලන්කාව ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය 
  • අඩුම ලකුනු - 26 නවසීලන්තය එංගලතයට එරෙහිව 1954 නවසීලන්තයේ ඕක්ලනඩ් 
  • ලකුනු වලින් ලත් ඉහලම ජය -ලකුනු 675කින් එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කිරීම - ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් - 1928 

ලොව විශිටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන දහය 

  • එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය 

ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයි 

ක්‍රිකට් ක්‍රීඩාවේ තිබිරි ගෙය ලෙස සලකන එංගලතයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනය ක්‍රිකට් ක්‍රීඩාවේ තිබිරි ගෙය ලෙස සලකයි.ජාතික පිලක් නියෝජනය කරන ඕනෑම ක්‍රීඩකයෙකුගේ ප්‍රදානතම සිජිනයක් වනුයේ ලෝඩ්ස් පිටියේ තරගයකට ක්‍රීඩා කිරීමයි.  ලොව   පස්වන  ටෙස්ට් ක්‍රීඩාංගනය වන ලෝඩ්ස්  ක්‍රීඩාංගනය ලන්ඩන්හි ශාන්ත ජෝන්ස්වුඩ්හි   පිහිටා ඇත.පලමු තරගය 1884 ජූලි 21  ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර   පවත්වා ඇත.මෙහි ප්‍රේක්ශක ඉඩප්‍රමානය  28000 කි. Pavilion End හා Nursery End මෙහි පන්දුයවන අන්ත ලෙස නම් කර ඇත.මෙහි දැනට ටෙස්ට් ක්‍රිකට් තරග 125  ක් පවත්වා ඇත 

  • මෙල්බොර්න් - ඕස්ට්‍රේලියාව 

මෙල්බොර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය 

 ලොව පලමු ටෙස්ට් ක්‍රීඩාංගනය වන එම්.සී.ජී ක්‍රීඩාංගනය මෙල්බෝර්න්හි වික්ටෝරියා නුවර පිහිටා ඇත.  පලමු තරගය 1877 මාර්තු 15  පවත්වා ඇති අතර මෙහි ප්‍රේක්ශක ඉඩප්‍රමානය 100018 කි. Members End හා Great Southern Stand End මෙහි පන්දුයවන අන්ත ලෙස නම් කර ඇත.මෙහි දැනට ටෙස්ට් ක්‍රිකට් තරග 105ක් පවත්වා ඇත 

  • එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනය 

ද ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනය 

ලොව දෙවන  ටෙස්ට් ක්‍රීඩාංගනය වන ඕවල්  ක්‍රීඩාංගනය ලන්ඩන්හි කින්ස්ටන්  පිහිටා ඇත.පලමු තරගය 1880  සැප්තැම්බර් 06 ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර   පවත්වා ඇත.මෙහි ප්‍රේක්ශක ඉඩප්‍රමානය 23500 කි. Pavilion End, Vauxhall End මෙහි පන්දුයවන අන්ත ලෙස නම් කර ඇත.මෙහි දැනට ටෙස්ට් ක්‍රිකට් තරග 95ක් පවත්වා ඇත 

  • ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනය 

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය 

ලොව   තෙවන ටෙස්ට් ක්‍රීඩාංගනය වන සිඩ්නි  ක්‍රීඩාංගනය සිඩ්න්යි නිව් සවුත්වෙල්ස්හි   පිහිටා ඇත.පලමු තරගය 1882 පෙබරවරි 17  ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර  පවත්වා ඇත.මෙහි ප්‍රේක්ශක ඉඩප්‍රමානය  46000 කි.Paddington End හා  Randwick End මෙහි පන්දුයවන අන්ත ලෙස නම් කර ඇත.මෙහි දැනට ටෙස්ට් ක්‍රිකට් තරග 101 ක් පවත්වා ඇත 


- මතු සම්බන්ධයි- 


0 comments:

Post a Comment