ක්‍රිකට් වලට හැමදාම අලුත් වචන එකතු වෙනවා.දුස්රා,ඩිල්ස්කූප්,.....කැරම් බෝල් කියන්නෙත් ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩවට ලුතින් එකතු වුන වචනයක්.නම අලුත් වුනාට කැරම් බෝලේ අවුරුදු පනහක හැටක විතර ඉතිහාසෙකට උරුමකම් කියනවා. දෙවනි ලෝක යුද්ධ කාල්යෙන් පස්සෙ ඒ කියන්නෙ 1950 ගනන් වල විතර ඕස්ට්‍රේලියානු දග පන්දු යවන්නෙක් වුන Jack Iverson තමයි මේ පන්දුවේ නිර්මානකරු.ඒත් ඔහු මේ පන්දුව කැරම් බෝල් කියන නමින් හැදින්නුයේ නැහැ.
1970 ගනන් වලදි තවත් ඕස්ට්‍රේලියානු දගපන්දු යවන්නෙක්වුන John Gleeson නුත් මීට සමාන පන්දුවත් භාවිතාකරා.ඒත් 1970න් පස්සෙ මේ පන්දුව හැමෝගෙම මතකයෙන් වගේම භාවිතයෙනුත් ඈත්වුනා.
1970 ගනන් වලදි තවත් ඕස්ට්‍රේලියානු දගපන්දු යවන්නෙක්වුන John Gleeson නුත් මීට සමාන පන්දුවත් භාවිතාකරා.ඒත් 1970න් පස්සෙ මේ පන්දුව හැමෝගෙම මතකයෙන් වගේම භාවිතයෙනුත් ඈත්වුනා.
![]() |
Iverson කැරම් පන්දුව සදහා පන්දුව ග්‍රහනය කරගත් අයුරු |
හැමෝටම අමතකවෙලා තිබුන මේ පන්දුව ආයෙත් භාවිතයට ගෙනාවේ අජන්ත මෙන්ඩිස්.අජන්තගේ පන්දු යැවීමට වශීවුන විස්තර විචාරකයෝ කැරම් බෝල් කියන නම භාවිතයට ගෙනාවේ.
සාමාන්‍ය දගපන්දු යවන්නෙක් පන්දුව නිදහස් කරන ආකාරයෙන් සම්පූර්න යෙන්ම වෙනස් ක්‍රියාපිලිවතක් තමයි මෙහිදී අනුගමනය කරන්නෙ,පන්දුව මහපට ඇගිල්ල,දබර ඇගිල්ල හා මැද ඇගිල්ල අතර රදවාගනිමින් ,පන්දුව මිරිකමින් කැරම් ක්‍රීඩකයෙක් ඩිස්කයට පහර දෙනවා වගේ පන්දුවට ඇගිල්ලෙන් පහරක් එල්ල් කරමින් පන්දුව යැවීම තමයි කැර්ම් බෝල් නමින් හදුන්වන්නෙ.
අතේ මැනික් කටුවෙන් සිදුකරන පන්දුව දගකැවීමට වඩා කැරම් බෝලය සම්පූරනයෙන්ම වෙනස්.සාමන්‍ය සාම්ප්‍රධායික දකුනත් පා දග පන්දු යවන්නෙක් මැනික් කටුව වාමාවර්ථ චලනයකින් තමයි පන්දු යැවීම සිදුකරන්නෙ.ඒ වගේම සාම්ප්‍රධායික පිට දග පන්දු යවන්නෙක් ඇගිලි වල දක්ශිනාවර්ත චලනයකින් තමයි පන්දුව යොමුකරන්නෙ.
කැරම් පන්දුව ඒ පන්දු වර්ග දෙකෙන්ම වෙනස් මගක් ගන්නවා.ඒ නිසා පා දග හා පිට දග පන්දු කරනයෙන් වෙනස් වූ තුන්වන් වර්ගයේ පන්දුකරනයක් විදියට හදුන්වන්න පුලුවන්.මැද ඇගිල්ලෙන් හා දබර ඇගිල්ලෙන් පන්දුව මිරිකීම හා කැරම් ක්‍රීඩකයෙක් ඩිස්කයට පහර දෙනවා වගේ පහරක් එල්ල කරනවා.
පන්දුව ග්‍රනනය කරගැනීමේදී මැද ඇගිල්ල පා ඉන්න දෙසට යොමුවුනොත් එය පා ඉන්න දෙසට දගකැවීමද මැද ඇගිල්ල පිට ඉන්න දෙසට යොමුවුවොත් එය පිට ඉන්න දෙසින් පා ඉන්න දෙසට දග කැවීමද සිදුවෙනවා.
ඒ වගේම මැදගිල්ල පා ඉන්න දෙසට යොමුකරන කෝනය වෙනස් කර පන්දුව කෙලින් යැවීමද සිදු කරන්න පුලුවන්.ඒ නිසා කැරම් පන්දුව පා දග හා කෙලින් යන පන්දු ලෙස භාවිතා කරන්න් පුලුවන්. [ කැර්ම් බෝලය ගැන තියෙන වැර්දි මතයක් තමයි එය පිට ඉන්න දෙසට දග කැවෙනවා යන්න. ඒත් ඇත්ත නම් එය පා දග හා කෙලින් යන පන්දු ලෙස භාවිතා කරන්න් පුලුවන් විනා පිට දග පන්දුවක් නෙවෙයි.]
මගේ ජාතියේ තවත් එකෙක් හමු වීම ගැන සතුටුයි. මමත් ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන ලියන කෙනෙක්. එහෙනම් හමුවෙමු.
ReplyDeleteඇත්තටම් ගොඩක් ස්තූතියි අයියේ අදහස් දැක්වීම ගැන. ඒ වගේම මටත් සතුටුයි තවත් "ක්‍රිකට් පිස්සෙක් " අදුරගන්න ලැබීම ගැනත්
Delete