Blogger Widgets

Saturday, July 27, 2013



ක්‍රිකට් විනිසුරුවරයෙක් තමන්ට ලබාදෙන තීරනය ක්‍රීඩකයෙක් වශයෙන් පිලිගතයුතු වුවත් විනිසුරුවරුන් ලබාදෙන සමහරක් තීරන පිලිගත නොහැකි මට්ටමක පවතිනවා.සමහර අවස්ථාවලදී  තරගයක තීරනය පවා වැරදි විනිසුරු තීරනයක් මත වෙනස් වෙන්න පුලුවන්.විනිසුවරුන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුල පැවති නිශේධ බලය සම්බන්ධව විවේචන මතුවෙමින් පවතින අවස්තාවක එයට පිලිතුරක් විදියට තමයි  Umpire Decision Review System එහෙම් නැත්නම් අපි හැමෝම දන්න UDRS ක්‍රිකට් ක්‍රීඩවට එකතු වෙන්නෙ.

විනිසුරුවරයෙක් ක්‍රීඩකයෙක් දැවීගිය හෝ නොදැවුනු බවට දුන් මතබේදාත්මක තීරනයක් නැවත සලකාබැලීම ලෙස  UDRS අර්ථ දැක්විය හැක.පලමුව ටෙස්ට් තරග සදහා අත්හදා බැලූ අතර නවසීලන්තය හා පාකිස්තානය අතර 2009 වසරේ නොවැම්බර් මස 24 දින ආරම්භ  වුනු පළමු ටෙස්ට් තරගය ඒ සදහා තෝරා ගන්න ලදී.ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර 2011 වසරේ ජනවාරි මස ආරම්භ වුනු එක්දින තරග මාලාවට UDRS යොදාගනිමින් එක්දින තරග සදහාද අත්හදා බලන ලදී.මෙහි සාර්තකත්වය වටහා ගත් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය UDRS ක්‍රිකට් තරග සදහා අනිවාර්‍යයෙන් යොදා ගත යුතු බවට තීරනය කරන ලදී.නමුත් UDRS තරගකට භාවිතා කිරීම හෝ නොකිරීම,තරග වදින කන්ඩායම් සමග එකගතවකින් පසුව  සිදුකිරීමට යෝජනාවුවේය.කෙසේනමුත් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මගින් සංවිධානය කරන සියලුම තරගාවලි සදහා UDRS භාවිතය අනිවාර්‍ය විය 

UDRS සදහා මූලිකව Hawk Eye,Hot Spot හා Snickometer තාක්ෂනයන් බාවිතාකරයි.කෙසේ නමුත් Snickometer බාවිතය අවම මට්ටමක පවතී. 
·         Hawk Eye – පන්දුව ගමන් කරන මාර්ගය නිර්මානය කිරීමට මෙම තාක්ශනය යොදා ගනී.එමගින්   පන්දුව කඩුල්ලේ වදින්නේද නැද්ද යන්න නිගමනය කරයි.
·      Hot Spot – අධෝරක්ත කිරන යොදා ගනිමින් පන්දුව ස්පර්ශ වුනු ස්තාන මත දිලිසුමක් ඇති කරයි.    මින් පන්දුව පිත්තේ හෝ පා ආවරනයෙහි ස්පර්ශ වුවේදැයි බැලීමට යොදාගනී.HotSpot හි නිවරද්‍යතාව 90-95% අගයක් ගන්නා බව සොයාගෙන ඇත.
·         Snickometer – මෙහිදී microphones යොදා ගන්නා අතර පන්දුව පිත්තේ හෝ පා ආවරනයන්හි ස්පර්ශ වුවේනම් කුඩා ශබ්දයක් ඇති කරයි 

ටෙස්ට් තරගයන්හීදී එක ඉනිමක් තුලදී එක කන්ඩායමකට අසාර්ථක UDRS ඉල්ලීම් දෙකකටද,එක්දින තරග වලදී අසාර්ථක UDRS ඉල්ලීම් එකකටද අවස්තාව ලබාදී ඇත.පන්දු යවන කන්ඩායම  පිතිකරුවෙකු නොදැවුනු බවට ලබාදුන් මතබේදාත්මක තීරනයකට එරෙහිවද,පිතිකරුවෙක් දැවියාමක් සම්බන්දව තමන්ට ලබා දුන් මතබේදාත්මක තීරනයකට UDRS බාවිතා කරයි.පිතිකරුවා හෝ පන්දු රකින කන්ඩායමේ නායකයා විසින් විනිසුරු විසින් තීරනය ලබදී තත්පර 15ක් ඇතුලත තමන්ගේ අත් මගින් ඉංග්‍රීසී හෝඩියේ T අකුරක හැඩයක් නිරූපනය UDRSලබාගත යුතුය .ඉන්පසු විනිසුරු විසින් තමන් දුන් තීරනය නැවත සලකා බලනමෙන්  තුන්වන විනිසුරුට දන්වයි.තුන්වනවිනිසුරු විසින් එම තීරනය නැවත සලකා බලා ප්‍රධාන විනිසුරුට ඔහුගේ තීරනය දැනුම් දෙන අතර ඉන් පසු ප්‍රදාන විනිසුරු විසින් නැවත එය විශ්ලේෂනය කර අවසන් තීරනය දැනුම් දෙනු ලබයි.සෑම කන්ඩායමකටම තමන් සතු UDRS ප්‍රමානය අවසන් වන තුරු ඉල්ලිම් සිදු කර හැකි අතර,සාර්ථක වුනු UDRS ඉල්ලිම් කන්ඩායමක් සතු UDRS ඉල්ලීම් සංඛ්‍යාවට බලපෑම් නොකරයි.එසේම සියලුම UDRS ඉල්ලීමකදීම එම පන්දුව නිපන්දුවකද නැද්ද යන්න බැලිය යුතුය.එය නිපන්දුවක් නොවේ නම් ඉන්පසු දැවීගිය හෝ දැවීනොගිය ඉල්ලීම පිලිබද සලකා බලයි.තුන්වන විනිසුරුට අනුව ප්‍රදාන විනිසුරුගේ තීරනය යම්තාක් දුරට හෝ නිවැරදි සීමාව තුල පවත  නම් හෝ නැවත සලකා බැලීමේදී යම් අවිනිශ්චිත භාවයක් මතුවේනම්  ඔහු පලමුව දුන් තීරනය  වෙනස් නොවේ

කඩුල්ල මුවාකිරීම (LBW) සම්බන්ධව UDRS  භාවිතය තරමක් සංකීර්න වේ.එය ප්‍රධාන පියවර 4කින් විස්තර කල හැක 

·     පළමු පියවර -තුන්වන විනිසුරු විසින් පන්දුයවන්නා එවූ පන්දුව නිපන්දුවක්ද නැද්ද යන්න සලකා  බලයි.නිපන්දුවක් නම් ඒ බව  ප්‍රධාන විනිසුරුට දන්වයි

·   දෙවන පියවර - Hot Spot හා Slow Motion Video යොදා ගෙන  පන්දුව පා අවරනවල වදින්නට පෙර පිත්තේ වැඩුනේ දැයි  නිරීක්ශනය කරයි.පා අවරන වල පන්දුව වැදීමට පෙර පිත්තේ වැදුනේ යැයි වැඩි සම්බාවිතාවයකින් යුතුව පෙනේ නම්,ඒ බව තුන්වන විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුට දැනුම් දෙන අතර පිතිකරු නොදැවුනු ක්‍රීඩකයෙක් ලෙස නිගමනය කරයි

·    තුන්වන පියවර - මෙහිදී තුන්වන විනිසුරු විසින් පන්දුව පතිත වනුයේ  පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට ඇතුලතින්ද නැද්ද යන්න සලකා බලයි.Howk Eye තාක්ශනය මේ සදහා යොදා ගනු ලබන අතර පන්දුවෙන් 50% කට වඩා   පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට එපිටින් පතිත වේනම් LBW වීමකට පිතිකරු හසු නොවේ. පහත උදාහරනය සලකන්න.මෙහි වම්පස ඇති ඉන්න පා ඉන්න ලෙස සලකා ඇත.කොල පැහැති රේඛාවෙන් පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාව දක්වා ඇත.තැබිලි පැහැයෙන් වර්නවත් වී ඇති තීරුව පා ඉන්නෙන් එපිට පෙන්නුම් කරයි.A B C හා  D යන පන්දු පතිතවුන ස්ථාන  සලකමු 
                   

1.    A – පන්දුව සම්පූරනයෙන්ම පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට ඇතුලතින් පතිත වී ඇත
2.   B – පන්දුවෙන් 50% කට වඩා සම්පූරනයෙන්ම පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට   ඇතුලතින් පතිත වී ඇත
3.    C-  පන්දුවෙන් 50% කට වඩා සම්පූරනයෙන්මපා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට පිටතින්  පතිත වී ඇත
4.    D – පන්දුව සම්පූරනයෙන්ම පා ඉන්න හරහා මනෝමය ලෙසින් ඇදි රේඛාවට පිටතින් පතිත වී ඇත
 සැ.යූ -  C හා D  අවස්තාවන්දී පිතිකරු LBW වීමකට හසු නොවේ 

හතර වන පියවර - මෙහිදී තුන්වන විනිසුරු විසින් පන්දුව පා ආවරන වල වැදුනේ කඩුල්ල තුලදීද නැද්ද යන්න සලකා බලයි.කඩුල්ල තුලදීද නැද්ද යන වදනෙහි නිර්වචනය ප්‍රධාන විනිසුරුගේ තීරනය මත රදා පවතී.Howk Eye තාක්ශනයේ පවතින යම් යම් අඩු පාඩු මෙසේ නිර්වචනය වෙනස් වීමට හේතූ වේ.එම නිසා ප්‍රදාන විනිසුරු ලබාදුන් තීරනය වෙනස් වීමට නම් එම තීරනය වැරදි බවට සැලකියයුතු ප්‍රමානයක සාක්ෂි තිබිය යුතුය..එය මෙසේ පැහැදිල කල හැක.[ප්‍රදාන විනිසුගේ තීරනය Original Decision ලෙස හදුන්වයි ]

නොදැවීමක් ලෙස Original Decision ලබාදී ඇත්නම් 

නොදැවීමක් ලෙසින් ප්‍රදාන විනිසුරු තීරනය ලබාදී ඇත්නම් එම තීරනය වෙනස් වීමට පන්දුවෙන් 50% කට වැඩි ප්‍රමානයක්  කොල පැහැයෙන් දක්වා ඇති තීරයන් දෙක අතර පිහිටිය යුතුය.Aහා Bඋදාහරන සලකමු.මෙහි A,B යනු පන්දුව පා ආවරන තුල වදින විට පිහිටිය ස්තානයයි 


1.      A – පන්දුවෙන් 50% කට වඩා කොල පැහැති තීරයෙන් එපිට පවතී.විනිසුරු තීරනය වෙනස් නොවේ.ඔහු නොදැවුනු ක්‍රීඩකයෙක්  වීමට ඉඩ ඇත.

2.      B -  පන්දුවෙන් 50% කට වඩා කොල පැහැති තීරයෙන් මෙපිට පවතී.විනිසුරු තීරනය වෙනස් වේ.ඔහු දැවුනු ක්‍රීඩකයෙක්  වීමට ඉඩ ඇත.

පි    පිතිකරු දැවීගියාද නැද්ද යන්න මෙම අවස්තාවෙන් පමනක් තීරනය කල නොහැකි අතර පන්දුව පා අවරනවල ගැටෙන විට උසද සැලකිය යුතුය.එම සාධක දෙකම සලකා අවසන් තීරනය දෙනු ලබයි  

දැවීයාමක් ලෙස Original Decision ලබාදී ඇත්නම් 

දැවීයාමක් ලෙස තුන්වන විනිසුරු තීරනය ලබාදී ඇත්නම් එම තීරනය වෙනස් වීමට පන්දුව කඩුල්ලෙන් සම්පූර්නයෙන් එපිටින් පිහිටිය යුතුය.පහත උදාහරනයට අනුව AB හා C අවස්තා සලකමු. 


1    A – පන්දුවෙන් සුලු ප්‍රමානයක් හෝ කඩුල්ල තුලට පැමින තිබේ.විනිසුරු තීරනය වෙනස් නොවේ   
2    B -  පන්දුව සම්පූර්නයෙන් කඩුල්ල තුල පවතී.විනිසුරු තීරනය වෙනස් නොවීමට බලපායි
3.  C -  පන්දුව සම්පූර්නයෙන් කඩුල්ලෙන් එලියේ පවතී,,විනිසුරු තීරනය වෙනස් වීමට එනම් පිතිකරු නොදැවුනු ක්‍රීඩකයෙකු වීමට ඉඩ ඇත. 

නොදැවීමක් ලෙස Original Decision ලබාදී ඇත්නම්

නොදැවීමක් ලෙස ප්‍රදාන විනිසුරු ලබාදී ඇති තීරනයක් වෙනස් වීමට නම් පන්දුවෙන් වැඩි ප්‍රමානයක් මෙහි පලමු රූපයේ දක්වා ඇති කොල පාට තීරුවෙන් [ කොල පාට තීරුව යනු පා ඉන්නේ ( Leg Stump ) හා පිට ඉන්නෙ ( Off Stump ) මැද හරහා මනෝමය ලෙස ඇදි රේඛාවකි] හා කහ පාට රේබාවෙන් යටින් පන්දුවෙන් වැඩි ප්‍රමානයක් පිහිටිය යුතුය[ කහ පාට රේඛාව යනු බේලෙයේ ( Lower Edge of the Bails ) යට දාරය හරහා මනෝමය ලෙස ඇදි රේඛාවයි] .පහත A B C D හා E උදාහරන සලකමු  


 A  පන්දුවෙන් 50% කට වඩා කොල පාට රේඛා වලින් ඇතුලින් පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් යට පන්දුව සම්පූර්නයෙන් පිහිටයි.ඉහත සාධක දෙකම තෘප්ත වේ.එම නිසා තීරනය වෙනස් වෙයි .ඔහු දැවී යයි  
  
2.      B - පන්දුවෙන් 50% කට වඩා කොල පාට රේඛා වලින් පිටතින් පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් යට පන්දුව සම්පූර්නයෙන් පිහිටයි.ඉහත සාධක දෙකෙන් එකක් පමනක්  තෘප්ත වේ.තීරනය වෙනස් වීමට සාධක දෙකම තෘප්ත විය යුතුය.එකක් පමනක් තෘප්ත වීම් ප්‍රමානවත් නොවේ.එම නිසා තීරනය වෙනස් නොවෙයි ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකි
    
3.    C -පන්දුවෙන් 50% කට වඩා කොල පාට රේඛා වලින් පිටතින් පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් පන්දුව 50 50% කට වඩා පහලින් පිහිටයි. ඉහත සාධක දෙකෙන් එකක් පමනක්  තෘප්ත වේ.තීරනය වෙනස් වීමට සාධක දෙකම තෘප්ත විය යුතුය. එකක් පමනක් තෘප්ත වීම් ප්‍රමානවත් නොවේ.එම නිසා තීරනය වෙනස් නොවෙයි ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකි 
        
4.      D  පන්දුව කොල පාට රේඛා දෙකෙන් ඇතුලත පිහිටියද කහ පාට රේඛාවෙන් 50% කට වඩා උඩින් පිහිටයි. ඉහත සාධක දෙකෙන් එකක් පමනක්  තෘප්ත වේ.තීරනය වෙනස් වීමට සාධක දෙකම තෘප්ත විය යුතුය. එකක් පමනක් තෘප්ත වීම් ප්‍රමානවත් නොවේ.එම නිසා තීරනය වෙනස් නොවෙයි ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකි

5.      E – පන්දුව කොල පාට රේඛාවෙන් ඇතුලත 50% කට වඩා පිහිටයි.තවද කහ පාට රේඛාවෙන් 50% කට වඩා යටින් පිහිටයි. ඉහත සාධක දෙකම තෘප්ත වේ.එම නිසා තීරනය වෙනස් වෙයි .ඔහු දැවී යයි  

දැවීයාමක් ලෙස Original Decision ලබාදී ඇත්නම් 
        
දැවීයාමක් ලෙස ප්‍රධාන විනිසුරු තීරනය ලබා දී ඇත්නම් එය වෙන වීමට ඉහත අයුරින් පන්දුව සම්පූරනයෙන්ම කඩුල්ලෙන් පිටත මෙන්ම උස අනුවද එය සම්පූර්නයෙන්ම  බේල්සයෙන් උඩින් පිහිටිය යුතුය එවිට කහ රේඛාව නොසලකන අතර පන්දුව වැඩි ප්‍රමානයක් නොව සම්පූර්නයෙන්ම බේල්සයෙන් උඩ පිහිටිය යුතුය 

 මීටර තුනේ නීතිය [Three Metre Rule]

Hawk Eye තාක්ශනයේ ඇති අඩු පාඩු හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් මීටර තුනේ නීතිය හදුන්වාදෙනු ලැබුවේය.ඉහත  පියවර අනුව ලබාදී ඇති තීරානය මෙය මත වෙනස් විය හැක.

·         1. පන්දුව පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට මීටර 3කට වඩා වැඩි නම් එසේම ප්‍රදාන විනිසුරුගේ තීරනය නොදැවීමක් නම් එය වෙනස් නොවේ.

·         2. පන්දුව පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට 250 cm – 300 cm අතර අගයක් හා පන්දුව පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට මීටර පන්දුව පතිත වූ ස්තානයේ  [ පන්දුව Pitch වුන Point එක] සිට 40 cm වඩා අඩු නම් යන අවස්තා දෙකම් තෘප්තවේ නම් එසේම ප්‍රදාන විනිසුරුගේ තීරනය නොදැවීමක් නම් එය වෙනස් නොවේ.

·         3. පන්දුව පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට 250 cm – 300 cm අතර අගයක් හා පන්දුව පා ආවරන වල ගැටෙන ස්තානය [ The Point Of Impact ] කඩුල්ලේ සිට මීටර  පන්දුව පතිත වූ ස්තානයේ  [ පන්දුව Pitch වුන Point එක] සිට 40 cm වඩා වැඩි නම් යන අවස්තා දෙකම් තෘප්තව හා ඉහත හතර වන පියවරට අනුව පිතිකරු දැවී ගොස් නම් ප්‍රදාන විනිසුරුගේ තීරනය වෙනස් වේ.ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකි  



ඉහත 4පියවර අනුව ලබාදී ඇති තීරානය මෙය මත වෙනස්විය හැක.එනම් මෙම රෑපය සලකන්න.විනිසුරු විසින් නොදැවීමක් ලබාදී ඇත.පියවර හතර අනුව් එය දැවී යාමකි.එම පියවරට අනුව විනිසුරු තීරනය වෙනස් විය යුතු නමුත් මීටර 3නීතියට අනුව නොදැවීමකි.මීටර තුනේ නීතියට ප්‍රමුකතාව ලබා දෙන නිසා විනිසුරු තීරනය වෙනස් නොවේ      

Monday, July 22, 2013

ඔවුන් වීරයෝ විය



ක්‍රිකට් තරගයක වීරයා සම්මානය ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක්.එසේම තරගාවලියක අවසන් මහා තරගයක තරගයේ වීරයා සම්මානය ඕනෑම ක්‍රීඩකයෙක් මහත් සේ අගය කරනවා. එම තරගය ලෝක කුසලාන අවසන් තරගයක් වුනොත්?. සැබවින්ම එය විශාල වාසනාවක්. ඒ දුලභ වාසනාවට හිමිකම් කී විශිෂ්ටයන් ගැන සංශිප්ත සටහනකි මේ . 

1. ක්ලේව් ලොයිඩ් ( 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලිය )

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහය ක්‍රිකට් කිරුලේ පලමු හිමිකරුවා බවට පත්කරමින් වාසනාවන්තයන් අතුරින් පලමු ස්ථානය හිමිකරගැනීමේ ගෞරවය හිමිවුයේ ක්ලේව් ලොයිඩ් හටයි.ඩෙනිස් ලිලී,ජෙෆ් තොම්සන්, ගැරී ගැලිමෝර්, මැක්ස් වෝකර් වැනි එකල සිටි වේගවත්ම හා බයානකම පන්දුයවන්නන් හමුවේ ලොයිඩ්ගේ පිතිහරබය සැබවින්ම විශිෂ්ට තත්වයක් පැවතියා.ලකුනු 50කට කඩුලු 3ක් බිද වැටී අසීරු තත්වයක පැවති   බටහිර ඉන්දීය කොදෙව් පිලට ජීවයක් රැගෙන ආවේ ලොයිඩ්ගේ පිතිහරබයයි. රොහාන් කන්හායි සමග එක්වූ ඔහු තම ජීවිතයේ හොදම එක්දින ඉනිමක්‍රීඩා කලේ පන්දු 85කදී ලකුනු 102ක් රැස් කරමින්.ඊට හතරේ පහර 12 ක් හා හයේ පහර 2ක් ඇතුලත් වුනා.ඔහුගේ මෙම දස්කම නිසා ඕස්ට්‍රේලියානුවන් පරදා ලකුනු 14ක ජයක් සමග පලමු ලෝක කුසලානයද බටහිර ඉන්දීය කොදෙව්වන්ට හිමිවුනා. 

“මෙතෙක් මා දුටු පිතිකරුවෙකුගේ විශිටතම  ඉනිම එයයි.විශිටතම එක්දින ඉනිමද එයයි “  එලෙසින් ලොයිඩ් වර්ණනා කලේ පෘඩෙන්ෂල් ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනිසුරු වූ ඩිකී බර්ඩ් විසිනි. 

2. විවියන් රිචර්ඩ්ස් ( 1979 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලිය )

කැරබියන් දූපත් වාසිහු නැවතත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේය.එවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සත්කාරක එංගලන්තයයි. බටහිර ඉන්දීය පලමු කඩුලු 4ක් ලකුනු 99ක් තුල දවාගෙන ලෝක කුසලානයට අතේ දුරින් සිටි එංගලන්තයට එවර ලෝක කුසලානය අහිමි කිරීමේ වගකීම භාරගනු ලැබුයේ විවියන් චාල්ස් රිචර්ඩ් විසිනි.කොලින් කින්ග් සමග එක්වූ ඔහු 5වන කඩුල්ලට ලකුනු 139ක සම්බන්ධතාවයක් පැවැත්විය.ඉන් නොනැවතුනු ඔහු අවසන් පන්දුවාරය තෙක් කඩුල්ලෙ රැදී සිටිමින් ලකුනු 138ක් රැස් කලේය.ඊට  හයේ පහර 3ක් හා හතරේ පහර 11ක් අන්තර්ගතවිය. ඔහුගේ මෙම දස්කම නිසා එංගලන්තය පරදා ලකුනු 14ක ජයක් සමග දෙවන ලෝක කුසලානයද බටහිර ඉන්දීය කොදෙව්වන්ටම හිමිවුනා

3. මොහන්දීර් අමරනාත් ( 1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානය) 

කොදෙව් ගලිවරයන් අබියස ඉන්දියානුපිල ලිලිපුට්ටන් මෙන් විය.කොදෙව්වන් තුන්වන වරටද ලෝක කුසලානය හිමිකර ගන්නේයැයි ක්‍රිකට් විචාරකයන් පවා පවසද්දී ඔවුනේ මතය පුස්සක් බවට පත් කරේ අමරනාත්ය.පිත්තෙන් ලකුනු 2626ක්ද පන්දුවෙන් ලකුනු 12කට කඩුලු 3ක්ද ලබාගත් ඔහු කොදෙව්වන්ගෙන් ලෝක කුසලානය තමන්ගේ ග්‍රහනයට ගත්තේය.ලිලී,තොම්සන්ගේ මෙන් බවුන්සර් පන්දුද ගානර් මාර්ෂල්ලාගේ මෙන් වේගය හා නිවැරදි එල්ලයද ඔහුගේ පන්දුවල නොවීය.ඔහුටම විශේශිත ආකාරයකින් පන්දු යැවූ ඔහු එකල බටහිර ඉන්දීයන් සතුවූ ප්‍රබලතම පිතිකරු වූ ජෙෆ් ඩුජෝන් ඇතුලු පිතුකරුවන්ගේ නිහඩ මාරයා විය 

4. ඩේවිඩ් බූන් ( 1987 රිලයන්ස් ලෝක කුසලානය )

ක්‍රිකට් ක්‍රීඩවේ උරුමකරුවන් මෙන්ම ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය වෙනුවෙන් කල්කටා නුවර්දී තරග වැදුනි.1979 වසරේදී විවියන් රිචර්ඩ් අහිමි කර ලෝක කුසලානය  මෙවරදී හෝ තමන් සතු කර ගැනීමට මාන බැලූ එංගලන්තයට මෙවරද ඔහු වැනිම පිතිකරුවෙකු හරහට සිටියේය.ඔහු නමින්ඩේවිඩ් බූන් විය.ඔහු අපූවතම පිතිකරුවෙකු විය.තරගයක ශතකයක් රැස් කරද  සිනහවක් නැගුනේ ඔහුගේ මුහුනට නොවේ.සාමාන්‍ය ගමනින් පිටියට පිවිස ඔහුගේ කාර්‍යය නිමකර සාමාන්‍ය ගමනින්ම නැවතත් ක්‍රීඩාගාරයට යෑම ඔහුගේ සිරිත විය.

එංගලන්තයට එරෙහිව ඊඩන් ගාර්ඩන්ස් පිටියේදී ඔහුගේ පිත්තෙන් වාර්තා වුනු ලකුනු 75 ඕස්ට්‍රේලියානු ඉනිමේ කොදුනාරටිය විය.ඒ වෙනුවෙන් ඔහු පන්දු 125කට මුහුන දී තිබුනි.එංගලන්තය පරදා ඕස්ට්‍රේලියනුවන් ලෝක කුසලානය හිමිකරගනිද්දී තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට බූන්ට වඩා සුදුස්සෙකු එහි නොවීය 


5.වසීම් අක්‍රම් ( 1992 බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලානය)   

පිතිකරුවන් විසින් දෙවරක් අහිමි කර ලෝක කුසලානය මෙවර එංගලන්තයට අහිමි කලේ පන්දුයවන්නෙකි. ලෝක කුසලාන තරගාවලියේ තෙක් පැවති තරග වලදී ඔහු පමනට වඩා වයිඩ් පන්දු හා නිපන්දු යවා තිබුනි.එම නිසා අවසන් මහ තරගයට ඔහුගේ සහභාගීත්වටද  අවිනිශ්චිත තත්වයක පැවතුනි.නමුත් පකිස්තානු නායක ඉම්රාන් ඛාන් තම ගෝලයා කෙරෙහි විශ්සාසය තැබීය..ලොව දරුනුතම පිතිකරුවන් පවා වසීම්  අභියස සලිත වන බව ඉම්රාන් විශ්වාස කලේය. ගෝලයාද එම විශ්වාසය අකුරම රකිමින් පිතිකරනයේදී ගිනිකෙලි සන්දර්ශනයක් පවත්වමින් ලකුනු 33ක් පන්දු 19ඇතුලත ලබාගත්තේය.ඉයන් බොතම් ,නීල් ෆෙයාර්බ්‍රදර් හා ඇලන් ලම්බ් යන එංගලන්තයේ ප්‍රබලතම පිතිකරුවන් තෙදෙනාද දවාගත්තේ ඔවුන්ට ලකුනු 49ක් පමනක් ලබාදෙමිනි . 

6. අරවින්ද ද සිල්වා ( 1996 විල්ස් ලෝක කුසලානය ) 

විශිෂ්ටතමයන් අතරට ලාංකික දායකත්වය අරවින්ද ද සිල්වාය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්රාහී බල කණුවක් වූයේ සිය විජයග්රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්රේලියාවට එරෙහිව හොඳම ක්රීඩකයා වීමෙනි.නොනිල ලෝක ශූරයන් තමන් යැයි සිතා සිටි ඕස්ටේලියානුවන්ට අරවින්ද හේතුවෙන් එකී කිරුල බිම තබන්නට සිදුවිනි.පලමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් ලකූනු 241 ක් රැස් කලේය. විදුලි ආලෝකය හමුවේ එය සැබවින්ම අභියෝගයක් විය. එමෙන්ම ඒ වනතුරු දෙවෙනියට පන්දුවට පහර දුන් පිලක් ලෝක කුසලානය ජයග්‍රහනය කරද නොතිබුනි.එමෙන්ම සනත් ජයසූරිය හා කලුවිතාරන අඩු ලකුනු සංඛ්‍යාවක් තුල  දැවී ගිය අතර ලකුනු පුවරුව දැක්වූයේ ලකුනු 23කට කඩුලු 2ක් ලෙසය.අරවින්දට ගුරුසිංහ එක්වුනු අතර ඔවුන් ලකුනු 125කින් ඉනිම සවිමත් කලේය.ලකුනු 65ක් ලැබූ ගුරුසිංහගේ පිත්ත පරයමින් පෝල් රයිෆල් එවූ පන්දුවක් කඩුල්ලෙ දැවටෙද්දී ලංකාවට ජයග්‍රහනයට අවශ්ෂවී තිබුනේ ලකුනු 100ටත් අඩු ලකුනු සංඛ්‍යාවකි.අරවින්දට නායක අර්ජුන එකවිය.මාධය පුම්බා තිබූ ශේන් වෝර්න්ට එලව එලවා පහර දුන් ඔවුන් ඔහුගේ පන්දුවාර 10ට ලකුනු 58ක් උදුරාගත්තේය.පන්දු 124ක් තුල හතරේ පහර 13කින් වර්නවත් වුනු අරවින්දගේ ශතකය ලබා නොබෝවේලාවකින්ම අර්ජුනගේ පිත්තෙන් ජය සටහන්වුයේ   ලංකාවාසින්ගේ නෙත් අග තුටු කදුලු නංවමිනි.   

7. ශේන් වෝර්න් ( 1999 ICC ක්‍රිකට් ලෝක කුසලානය )

විල්ස් ලෝක කුසලානයේදී අත්විදි අමිහිරි පරාජය ජයග්‍රහනයකට පරිවර්තනය කරගැනීමටමෙවර කැංගරුවන්ට අවස්තාව ලැබුනි.ලෝඩ්ස් පිටියේ පැවති අවසන් මහා තරගයේදී ඔවුන් මීට වසර20කට පෙර මෙම පිටියේදීම විවියන් රිචර්ඩ්ස් හමුවේ මෙන්ම වසර 3කට පෙර අරවින්ද හමුවේ සිදුකරවැර්දි සිදු නොකිරීමට වග බලාගත්හ.ඒ කිසිදු පාකිස්තානු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩකඩ නොතබමිනි. වෝර්න්ගේ විශිෂ්ට පන්දු යැවීම ඕවර 9කදී එක් නිලකුනු පන්දු ඕවරයක්ද යවා ලකුනු 33ක් පමනයි ලබාදීමක් ලෙස සටහන් වී තිබුනි.ලබා දුන් ලකුනු 33ට ඉජාස් අහමඩ් ,සහීඩ් අෆ්රිඩි,මොයින් ඛාන් හා නායක වසීම් අක්‍රම්ගේ කඩුලු පොලිය ලෙස අත්පත්කරගෙන තිබුනි.පකිස්තානු ඉනිම ලකුනු 132කට සීමාවුනු අතර එකී විනාශයේ නියමුවාවූ ශේන් වෝර්න් ලෝඩ්ස් පිටියේදී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය

8.රිකී පොන්ටින් ( 2003  ICC ක්‍රිකට් ලෝක කුසලානය )

එය සැබවින්ම නායකත්වයේ ඉනිමක් විය.ඉන්දියානුවන්ට එවර ලෝක කුසලානය අහිමිකිරීමට බලපෑ ප්‍රධානතම හේතුව වූවේද පොන්ටින්ය.ලකුනු 140ක් වූ ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් හා හයේ පහර අටකින් වර්නවත් වී තිබුනි. ඊට වැයවී තිබුනේ පන්දු 121ක් පමනි . ඔහුගේ ශතකය හේතුවෙන්  ඕස්ට්‍රේලියව   ඉන්දියාව අභියස ලකුනු 360ක් තරම් වූ විශාල අභියෝගයක් තැබූ අතර , ඉන්දීයානු ඉනිම ලකුනු 234කට සීමා වෙමින් පොන්ටින්ට ලෝක කුසලානය මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානයද හිමිකර දෙමින්

9. ඇඩම් ගිල්ක්‍රිස්ට්  ( 2007  ICC ක්‍රිකට් ලෝක කුසලානය )

මෙවර ප්‍රතිවාදීන් වූවේ ලංකාවයි.අවාසනාවට ගිල්ක්‍රිස්ට්ගේ ඉනිම දෙස අපිට බලා සිටින්න වූයේ ප්‍රතිවාදීන් ලෙසය.බාර්බඩෝස් හි කෙංසින්ග්ටන් ඕවල් පිටිය වර්නවත් කල ඔහු හයේ පහර 8ක් ඇතුලුව පන්දු 104ක් තුලදී ලකුනු 149ක් වාර්ථා කලේය .ලංකාව පරදා ලකුනු 53ක ජයක් ඕස්ට්‍රේලියානුවන් සතුවුවද එම තරගයේ තීරනය මෙන්ම ගිල්ක්‍රිට්ස්ගේ ඉනිම පිලිබදවද තවමත් මතබේද පවතී.ගිල්ක්‍රිස්ට් ස්කොෂ් පන්දුවක් අත් ආවරන් තුල රදවා පන්දුවට පහර දුන් අතර එය එකල ආන්දෝලනයකටද තුඩුදුන්නේය.  එමෙන්ම වැස්ස හා විනිසුරුවන්ගේ හා තරග තීරකගේ යම් තීරන ලංකාවට අවාසිදායක විය

10. මහේන්ද්‍රසින් දෝනි  ( 2011 ICC ක්‍රිකට් ලෝක කුසලානය )

සුපුරුදු පරිදි මෙවරද ලන්කාව ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීය. මෙවර ලංකාවේ ජය දෝනි විසින් උදුරාගන්නා ලදී.පලමුව පම්දුවට පහර දී ලකුනු 275ක් ලැබූ ලංකාව ඉන්දියානුවන් හමුවේ ලකුනු 275ක් අභියෝගයක් තැබූ අතර ඉන්දීය පලමු කඩුලු කීපයද ඉක්මනින් බිදවැටුනි.නමුත් එවරද අවාසනාව ලංකාව සතුවිය. 

නැවතත් තව වසර දෙකකින් ක්‍රිකට් ලොවට වසන්තය උදාවේ.ඒ 2015 ලෝක ක්‍රිකට් කුසලනය හේතුවෙනි.එකී තරගාවලියේදී දෙවරක් අපට අහිමිවුන ලෝක කුසලානය මෙන්ම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේ වීරයා කිරුලද ලංකාවට හිමිවී ලාංකිකයෙකුගේ නම මෙම ලිපියට එක් කිරීමට ලැබේවා යන්න මාගේ මෙන්ම ඔබගේද පැතුමයි ..එය එසේම වේවා !!!!     

Wednesday, July 17, 2013


ක්‍රිකට් වලට හැමදාම අලුත් වචන එකතු වෙනවා.දුස්රා,ඩිල්ස්කූප්,.....කැරම් බෝල් කියන්නෙත් ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩවට ලුතින් එකතු වුන වචනයක්.නම අලුත් වුනාට කැරම් බෝලේ අවුරුදු පනහක හැටක විතර ඉතිහාසෙකට උරුමකම් කියනවා. දෙවනි ලෝක යුද්ධ කාල්යෙන් පස්සෙ ඒ කියන්නෙ 1950 ගනන් වල විතර ඕස්ට්‍රේලියානු දග පන්දු යවන්නෙක් වුන Jack Iverson තමයි මේ පන්දුවේ  නිර්මානකරු.ඒත් ඔහු මේ පන්දුව කැරම් බෝල් කියන නමින් හැදින්නුයේ නැහැ.

1970 ගනන් වලදි තවත් ඕස්ට්‍රේලියානු දගපන්දු යවන්නෙක්වුන  John Gleeson නුත් මීට සමාන පන්දුවත් භාවිතාකරා.ඒත් 1970න් පස්සෙ මේ පන්දුව හැමෝගෙම මතකයෙන් වගේම භාවිතයෙනුත් ඈත්වුනා. 

Iverson කැරම් පන්දුව සදහා පන්දුව ග්‍රහනය කරගත් අයුරු 

හැමෝටම අමතකවෙලා තිබුන මේ පන්දුව ආයෙත් භාවිතයට ගෙනාවේ අජන්ත මෙන්ඩිස්.අජන්තගේ පන්දු යැවීමට වශීවුන විස්තර විචාරකයෝ  කැරම් බෝල් කියන නම භාවිතයට ගෙනාවේ. 

 සාමාන්‍ය දගපන්දු යවන්නෙක් පන්දුව නිදහස් කරන ආකාරයෙන් සම්පූර්න යෙන්ම වෙනස් ක්‍රියාපිලිවතක් තමයි මෙහිදී අනුගමනය කරන්නෙ,පන්දුව මහපට ඇගිල්ල,දබර ඇගිල්ල හා මැද ඇගිල්ල අතර රදවාගනිමින් ,පන්දුව මිරිකමින් කැරම් ක්‍රීඩකයෙක් ඩිස්කයට පහර දෙනවා වගේ පන්දුවට ඇගිල්ලෙන් පහරක් එල්ල් කරමින් පන්දුව යැවීම තමයි කැර්ම් බෝල් නමින් හදුන්වන්නෙ. 

අතේ මැනික් කටුවෙන් සිදුකරන පන්දුව දගකැවීමට වඩා කැරම් බෝලය සම්පූරනයෙන්ම වෙනස්.සාමන්‍ය සාම්ප්‍රධායික දකුනත් පා දග පන්දු යවන්නෙක් මැනික් කටුව වාමාවර්ථ චලනයකින් තමයි පන්දු යැවීම සිදුකරන්නෙ.ඒ වගේම සාම්ප්‍රධායික පිට දග පන්දු යවන්නෙක් ඇගිලි වල දක්ශිනාවර්ත චලනයකින් තමයි පන්දුව යොමුකරන්නෙ. 
කැරම් පන්දුව ඒ පන්දු වර්ග දෙකෙන්ම වෙනස් මගක් ගන්නවා.ඒ නිසා පා දග හා පිට දග පන්දු කරනයෙන් වෙනස් වූ තුන්වන් වර්ගයේ පන්දුකරනයක් විදියට හදුන්වන්න පුලුවන්.මැද ඇගිල්ලෙන් හා දබර ඇගිල්ලෙන් පන්දුව මිරිකීම හා කැරම් ක්‍රීඩකයෙක් ඩිස්කයට පහර දෙනවා වගේ පහරක් එල්ල කරනවා. 

පන්දුව ග්‍රනනය කරගැනීමේදී මැද ඇගිල්ල පා ඉන්න දෙසට යොමුවුනොත් එය පා ඉන්න දෙසට දගකැවීමද මැද ඇගිල්ල පිට ඉන්න දෙසට යොමුවුවොත් එය පිට ඉන්න දෙසින් පා  ඉන්න දෙසට  දග  කැවීමද සිදුවෙනවා. 

ඒ වගේම මැදගිල්ල පා ඉන්න දෙසට යොමුකරන කෝනය වෙනස් කර පන්දුව කෙලින් යැවීමද සිදු කරන්න පුලුවන්.ඒ නිසා කැරම් පන්දුව  පා දග හා කෙලින් යන පන්දු ලෙස භාවිතා කරන්න් පුලුවන්. [ කැර්ම් බෝලය ගැන තියෙන වැර්දි මතයක් තමයි එය පිට ඉන්න දෙසට දග කැවෙනවා යන්න. ඒත් ඇත්ත නම් එය   පා දග හා කෙලින් යන පන්දු ලෙස භාවිතා කරන්න් පුලුවන් විනා පිට දග පන්දුවක් නෙවෙයි.] 


Friday, July 12, 2013




අපේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුනාට අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්.ඕනම් පොඩි එකෙක් පෑනට පැන්සලට කලින් අතට ගන්නෙ බැට් එක.පොඩි කාලෙ ක්‍රිකට් ගහන කොට් අපිටම ආවේනික නීති තිබුනා.අල්ලපු වත්තට උඩින් ගැහුවොත් අවුට්,නැත්නම් බෝල තුනක් මිස් වුනොත් අවුට්,තව "ගස් කැච්"       ඔට්ටුයි වගේ ගොඩක් නීති තිබුනා.අපේ ක්‍රිකට් නීති සෙල්ලම් කරන තැන අනුව වෙනස් වුනාට අන්තර්ජාතික තරග වලට ලොවම පිලිගත් නීති පද්ධතියක් භාවිතා කරනවා. 

මෙල්බොර්න් ක්‍රිකට් සමාජය එහෙම් නැත්නම් MCCයට තමයි ක්‍රිකට් නීති සම්පාදනය,සංශෝධනය  බාරවෙලා තියෙන්නෙ. ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස යන සියලුම තරග ආකාර සදහා මේ නීති පද්දතිය වලංගුවෙනවා. සමස්ත නීති පද්දතිය නීති 42 කින් සමන්විත වන අතර ඉන් ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශ ආවරනය වෙනවා.

1. නිළදාරීන් හා ක්‍රීඩකයන් 

  • 1 වන නීතිය  : ක්‍රීඩකයන් -  එක පිලකට නායකයාද ඇතුලුව ක්‍රීඩකයන් 11ක් ඇතුලත්  වියයුතුය.නමුත්   අවශ්‍යනම් කංඩායම් දෙකෙහි හා සංවිදායකයගේ එකගත්වය මත 11 කට වඩා වැඩි ගනනක් කන්ඩායමකට ඇතුලත් කල හැක.නමුත් ඉන් පිටිය තුල පන්දු රැකිය හැක්කේ 11 දෙනෙකුට පමනි. 
  • 2 වන නීතිය : අතිරේක ක්‍රීඩකයන්- තුවාල ලැබූ පන්දු රකින්නෙකු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු යොදා ගත හැක. නමුත් ඔහුට පන්දු යවන්නට, පන්දුවට පහරදීම, කඩුලු රැකීම හෝ නායකයා ලෙස කටයුතු කිරීම කල නොහැක.තුවාල ලැබූ පන්දු රකින්නා යතා තත්වයට පත්වූ විගස ඔහු යලි පිටියට පැමිනිය යුතුය.[තුවාල ලැබූ පිතිකරුවෙකුට ආදේශක කඩුලු අතර දුවන ක්‍රීඩකයෙකු ක්‍රිකට් නීතී පොතේ නවතම සංස්කරනය අනුව යොදා ගත නොහැකි අතර ඔහුට අවශ්‍යනම් පිටියෙන් තාවකාලිකව ඉවත්විය හැක] 
  • 3 වන නීතිය : විනිසුරුවන්- පිටියේ විනිසුරුවන් දෙදෙනෙකු සිටිය යුතු අතර ඔවුන් ක්‍රිකට් නීතීක්‍රියාත්මක කිරීම,ක්‍රීඩාව සහ කන්ඩායමේ ලකුනු සම්බන්දව  තීරන ගැනීම හා ලකුනු පිලිබද සලකුනු කිරීම   විනිසුරුවන්ට බාරවේ.එමෙන්ම ක්‍රිකට් නීති පොතින් යම්තාක් දුරකට බැහැරවීමට ඔවුන්ට නිදහස ඇත.අන්තර්ජාතික මට්ටමේදී තුන්වන විනිසුරුවෙක් අවශ්‍යනම් යොදා ගත් හැකි අතර ඔහු පිටියෙන් පිටත සිටින අතර පිටිය තුල සිටින් විනිසුරුවරුන්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරයි. 
  • 4 වන නීතිය: ලකුනු සටහන් කරුවන්- ලකුනු සටහන් කරුවන් දෙදෙනෙකු සිටින අතරවිනිසුරුවරුන්ගේ  තීරන හා සලකුනු මත ලකුනු සටහන් කිරීම ඔවුන් සතුවේ. 

2. උපකරන හා පිටිය 

  • 5 වන නීතිය: පන්දුව : සම්මත පන්දුවක පරිධිය අගල් 8 13/16 සිට අගල් 9 [ 22.4 - 22.9 cm ] අතර අගයක් ගන්නා අතර එහි බර අවුන්ස 5.5 හා 5.75ක් [ 155.9 g- 163g ] අතර අගයක් ගනී.ඉනිමක් ආරම්භයේදී නව පන්දුවක් භාවිතා කරයි.පන්දුයවන කන්ඩායමේ ඉල්ලීම මත පන්දුව පලුදූවී ඇත්නම් එම පන්දුවේ තත්ව වලට සමාන පන්දුවක් ලබාගනී.ටෙස්ට් තරගයකදී පන්දු ඕවර 80කට පසු පන්දුයවන පිලේ නායකයාට  නව පන්දුවක් ලබාගත හැක
  • 6 වන නීතිය: පිත්ත- උපරිම උස අගල් 38ක් [ 97cm] හා උපරිම පලල අගල් 4.25කි [ 10.8cm] පිත්ත සම්පූරනයෙන්ම ලී වලින් සදා නිමකරයුතුය.එමෙන්ම පිත්තේ  Gripඑකද පිත්තේම කොටසක් ලෙස සලකා ඉහත ප්‍රමානයන් නිර්නය කර ඇත. 
  • 7 වන නීතිය: තණතිල්ල- යාර 22ක් දිග [20m] හා අඩි 10ක් [3m]පළල කොටුවක හැඩයක් ලබාගන්න අතර,ක්‍රීඩාංගනයක තණතිලි  බාරකරු තණතිල්ල සකසයි.නමුත් තරගයට ප්‍රතම එය ක්‍රීඩාවට සුදුසුදැයි තීරනය කිරීම විනිසුරු සතු වගකීමකි.එසේම තනතිල්ලහි ස්වාබාවය පාලනය විනිසුරු සතුවේ.එය බාවිතයට නොසුදුසු යැයි විනිසුරු තීරනය කලහොත් කන්ඩායම් දෙකේ නයකයන්ගේ අනුමැතියි සහිතව එය වෙනස් කල හැක 
තනතිල්ල 
  • 8 වන නීතිය: කඩුලු- දැවමය අගල් 28ක් උස [71cm]වන කඩුලු ඉනි අගල් 9ක [23cm]වන ඉනි පරතරයක් සහිතව සිටවයි.අගල් 9 යනු ඉනි 3 අතර පලලයි. එහි උඩ ලී බේල්සයක් තබයි. ඉහි උස අගල් 0.5 නොවැඩි වියයුතුය.අන්තර්ජාතික ක්‍රිකට් තරග වල්දී බේලයක පලල අගල් 4 5/16 [10.95 cm] ක් ලෙස සලකයි.බේල්ස් භාවිතා කරනවාද නැද්ද යන්න තීරනය [ සුලග වැඩි අවස්තා වලදී බේල්ස් ඉවත් කරයි] විනිසුරු සතුවේ. පාසල් ක්‍රිකට් මට්ටමේදී කඩුලු වල හා බේල්ස් වල ප්‍රමාන වෙනස් වේ.


කඩුල්ල 
නීති ඔක්කොම එකම පෝස්ට් එකක දාන්න ගියොත් ඒක ගොඩක් දිගවෙන නිසා කොටස් 4කින් නීති 42 ඉදිරිපත් කරන්න මම තීරනය කරා. පලමු කොටස මින් අවසන් වෙනවා 

- මතුසම්බන්ධයි - 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රකට සොහොයුරන් රැසක් ගැන සදහන් වෙනවා. ඒත් ටෙස්ට් වරම් හම්බවුන එක කුස උපන් සොහොයුරන් හතර දෙනෙක් ගැන සදහන් වෙන්නෙ පාකිස්තානයෙන් විතරයි.මේ දුර්ලභ වාර්ථාවට හිමිකම් කියන්නෙ දශක තුනක් පුරා පකිස්තානු කිකට් ක්‍රීඩාවේ කොදුනාරටිය වුනු මොහොමඩ්  සොහයුරන්. Mohammad Dynasty (මොහොමඩ් පෙලපත) යන ගෞරවාන්විත නාමයෙන් ක්‍රිකට් සාහිත්‍යය පුරා සදහන් සුප්‍රකට මොහොමඩ් සොහොයුරන් වන්නෙ වසීර් මොහොමඩ්, හනීෆ් මොහොමඩ්, මුස්ටාක් මොහොමඩ් හා සදීක් මොහොමඩ්‍ ය.මොහොමඩ් පෙලපතේ පස්වෙනියා වන රයිස් මොහොමඩ් හට ටෙස්ට් වරම් අහිමිවූයේ අවාසනාවන්ත ලෙසය.එක ටෙස්ට් තරගයක ඔහු දොලොස් වෙනි ක්‍රීඩකයා වූ අතර ඉන් අනතුරුව තුවාල ලැබීම් නිසා ඔහුට් දිගින් දිගටම ටෙස්ට් වරම් අහිමි විය.

හනීෆ් මොහොමඩ් 

මොහොමඩ් පෙලපතේ ක්‍රිකට් ලොවට එකතුවුනේ පකිස්තානය සහබාගීවුනු මංගල ටෙස්ට් තරගයේදීමයි.ඒ ඓතිහාසික තරගය පැවැත්වුනේ 1952 ඔක්තෝම්බර් මස 16 වෙනිදා ඉන්දියාව සමග දිල්ලියේ ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගනයේදී.මෙම තරගයට මොහොමඩ් සොයුරන්ගේ දෙවනියාවුන හනිෆ් මොහොමඩ් සහබාගීවුනා.ආරම්බක පිතිකරු විදියට පිටියට පැමිනි හනීෆ් මොහොමඩ් ට එවකට වයස අවුරුදු 18කි. එදා සිට පකිස්තානය සහාඅගී වුනු 101 වන තරගය දක්වාම කිනම් හෝ මොහොමඩ් සොයුරෙක් ක්‍රීඩානොකර තරගයක් ගැන සදහන් නොවේ.

වසීර් මොහොමඩ් 

නවසිලන්තය සමග කරච්චි නුවරදී 1969 ඔක්ටෝම්බර් මස 24 ආරම්භ වුනු ටෙස්ට් තරගයට හනීෆ්, සදීක් හා මුස්ටාක් සොයුරන් තිදෙනාම ක්‍රීඩාකර අතර මීට පෙර එංගලන්තයේ ග්‍රේස් සොයුරන් තිදෙනෙක් (1880) හර්න්ස් සොයුරන් (1881)දෙදෙනෙක් එකම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබුනි.මොහොමඩ් පරපුරේ වැඩිමලා වන වසීර් හා දෙවනියා වන හනීෆ් එක්ව තරග 18කටද ,හනීෆ් හා මුස්ටාක් තරග 19කටද බාල සොයුරු සදේක් හා මුස්ටාක් තරග 29කට ද සහභාගීවී තිබේ.වසීර් හා මුස්ටාක් එක තරගයකට එක්ව ක්‍රීඩාකර ඇත.

මුස්ටාක් මොහොමඩ් 

පකිස්තානය සහභාගීවූ මුල් ටෙස්ට් තරග 101දී ශතක 83ක් වාර්තාවී ඇත් අතර, ඉන් 29ක් වාර්තා කර ඇත්තේ 
මොහොමඩ් සොයුරන් විසිනි.මේ කාලය තුලදී ශතක සම්බන්ධතා 81ක් පකිස්තානය වාර්ථා කර ඇති අතර මොහොමඩ් සොයුරන් ඉන් 49කට දායක වී ඇත.1943 දී උපන් මුස්ටාක් මොහොමඩ් පලමු පන්තියේ (First Class)තරගයකට සහබාගීවූ ලොව ලාබාලතම ක්‍රීඩකයා වන අතර ඔහු ප.පෙල තරගයකට සහබාගීවන විට ඔහුට වයස අවුරුදු 13 යි දින 41කි.


මොහොමඩ් සොයුරන් අතුරි විශිෂ්ටතමයා හනීෆ් මොහොමඩ් වේ.ඔහු 1958වසරේදී කොදෙව් දූපත්වලට එර්හිව ලකුනු 337ක් වාර්ථා කලේය.ඒ පැය 16කුත් විනාඩි 34ක් පිටියෙ රැදී සිටිමිනි.ඒ අනුව ඔහු ලොව වැඩිම වේලාවක් පිටියේ රැදී සිටි පිතිකරුවා මෙනම ලොව ත්‍රිත්ව ශතකයක් රැස් කර ලොව පලමු පිතිකරුවා ලෙසද වාර්තා පොතට එකතුවිය  1994 වසරේ ලාරා ලකුනු 501 ලබාගෙන ලොව වැඩිම පලමු පෙල ඉනිමේ හිමිකරුවා වනතුරුම වාර්තාව රැදී තිබුනේ ලකුනු 499ක් ලබා ගත් හනීෆ් නමටය. 


සදීක් මොහොමඩ් 
මොහොමඩ් සොයුරන් එක්ව රැස්කර මුලු ලකුනු සංඛ්‍යාව ලකුනු 10,938කි.හනීෆ් ලකුනු 3915ක්,මුස්ටාක් ලකුනු 3643ක්,සදීක් ලකුනු 2579ක් හා වසීර් ලකුනු 801ක් රැස් කර ඇත. මුස්ටාක් ටෙස්ට් කඩුලු 79ක් බිද හෙලුවේය. මොවුන් අතුරි සදීක් එකම වමත් පිතිකරුවාය.මොවුන් එක්ව ශතක 29ක් හා අර්ධ ශතක 47ක් රැස් කර ඇත. උඩපන්දු 115ක් රැකගෙන ඇත

සදීක් මොහොමඩ් 1981 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ලැබීම සමග මොහොමඩ් සොයුරන්ගේ පෙලහර  අවසන් වූ අතර 
අසූව දශකයේ හනීෆ් ගේ පුතු වන ෂොයිබ් මොහොමඩ් තරග 45කට සහබාගීවී ලකුනු 2705ක් වාර්තා කලේය. හනීෆ් හා ෂොයිබ් ටෙස්ට් ඉතිහාසයේ ද්විත්ව ශතක වාර්ථා කල එකම පියපුතු දෙදෙනා ලෙස වාර්ථා පොතට එකතු වී ඇත. .  


Tuesday, July 9, 2013



සාන්ත බස්තියමේ පිහිටි කොලබ ක්‍රිකට් ඇකඩමියෙන් එකදහස් අටසීය තිස් දෙක  වසරේ ආරම්භ වුන ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්තාව ලෙස ලෝක ක්‍රිකට් කිරුල ජයග්‍රහනයි හැදින්විය හැක.ඉන් පසු කීපවිටකම ලෝක කුසලාන අවසන් මහා තරගයන්ට සුදුසුකම් ලැබුවද,අවාසනාවන්ත ලෙස අවසන් තරග පරාජවීම නිසා ලෝක ක්‍රිකට් කිරුල අපෙන් ගිලිහුනි. 

විල්ස් ලෝක කුසලානය නමින් හැදිවනු ලැබූ 1996 තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව, පකිස්තානය හා ශ්‍රී ලංකාව දරනලදී.තරගාවලිය  සංවිධානය කරනු ලැබුවේ අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය මගිනි.ලෝක කුසලානයට මාස කීපයකට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති බෙන්සන් &හෙජස් තරගාවලියේ ලංකාවට කරනු ලැබූ කෙනෙහිලිකම් වලට ලංකාවෙදී පිලිතුරු ලැබෙතියි බියෙන් ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල ආරක්ශාව පිලිබද ප්‍රශ්න මතුකරමින් ලංකාවේ පැවති තරග මගහරිනු ලැබුවේය.එමනිසා නිතරගයෙනම එම තරග දෙකෙහි ජයග්‍රහනය ලංකාවට හිමිවිය.[තරග නොපැවැත්වීම නිසා ලංකාවට වුනු ආර්ථික අලාභය අවම කරනු පිනිස  ඉන්දියා-පකිස්තාන් ඒකාබද්ද පිලක් ලංකාවේ ප්‍රදර්ශනාත්මක තරගයකට සහබගී විය] ලෝක කුසලාන තරග ඉන්දියාව, පකිස්තානය හා ශ්‍රී ලංකාව පදනම් කර ගෙන ක්‍රීඩාංගන 26ක පැවැත්විනි


  • ශ්‍රී ලංකාවේ තරග පැවති ක්‍රීඩාංගන 

නගරය ක්‍රීඩාංගනය ප්‍රේ.ධාරිතාව තරග
මහ නුවර අස්ගිරිය ක්‍රීඩාංගනය 25,0001
කොලබ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය 35,0002
කොලබ එස්.එස්.සී ක්‍රීඩාංගනය 10,0001

  • ඉන්දියාවේ තරග පැවති ක්‍රීඩාංගන 

නගරය ක්‍රීඩාංගනය ප්‍රේ.ධාරිතාව තරග 
කල්කටා ඊඩ්න් ගාර්ඩන්ස් 90,0001
කාන්පූර් ග්‍රීන් පාර්ක් 45,0001
මොහාලි පන්ජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගනය 40,0001
බැංගලෝර් එම්. චෙන්නස්වාමි ක්‍රීඩාංගනය 55,0001
චෙන්නයි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය 50,0001
හයිඩ්‍රාබද් ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනය 30,0001
කල්කටා බරභාති ක්‍රීඩාංගනය 25,0001
මධ්‍ය ප්‍රදේශ් රූප් සින්ග් ක්‍රීඩාංගනය 25,0001
විකාසපට්නම් ඉන්දිරා ගාන්දි ක්‍රීඩාංගනය 25,0001
පට්නා මොයින් උල් හක් ක්‍රීඩාංගනය 25,0001
පූනෙ නේරු ක්‍රීඩාංගනය 25,0001
මුම්බාය වන්කඩේ ක්‍රීඩාංගනය 45,0001
අහමදාබාද් සර්දාර් පටෙල් 48,0001
වදෝදරා මොටි බාග් ක්‍රීඩාංගනය 18,0001
ජායිපූර් සවායි මන්සින්ග් ක්‍රීඩාංගනය 30,0001
නාග්පූර් විදර්බා සී.ඒ ක්‍රීඩාංගනය40,0001
දිල්ලි ෆාරෝස් ශාලා කොට්ලා ක්‍රීඩාංගනය 48,0001

  • පකිස්තානයේ තරග පැවති ක්‍රීඩාංගන 

නගරය ක්‍රීඩාංගනය ප්‍රේ.ධාරිතව තරග 
පේශාවර් අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය 30,0002
ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනය 60,0004
ෆයිසලාබාද් ඉක්බාල් ක්‍රීඩාංගනය 25,0003
ගුජ්රානවලා ජින්නහ් ක්‍රීඩාංගනය 12,0001
කරච්චි ජාතික ක්‍රීඩාංගනය 30,0003
රාවල්පින්ඩි රාවල්පින්ඩි ක්‍රීඩාංගනය 15,0003

එවකට ටෙස්ට් වරම් දිනාසිටි රටවල් 9ට [බංගල්ල්දේශය එවකට ටෙස්ට් වරම් දිනා නොසිටි අතර,විල්ස් ලෝක කුසලානයට සහභාගී වූවේද නැත ].කෙන්යාව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෙදර්ලන්තය පලමු වරට ලෝක කුසලානයට සහබාගීවිය.  ලෝක කුසලානයට සහබාගීවූ කංඩායම් සංචිත මෙතනින්

පලමු වටය 

තරගාවලියේ පලමු වටය ලීග් ක්‍රමයට පැවැත්වුනු අතර,සහබාගීවුනු කන්ඩායම් Aහා Bලෙස කොටස් දෙකකට් බෙදා තිබුනි. ලංකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, කෙන්යාව හා සිම්බාබ්වේ යන කන්ඩායම් A කොටසට අයත්විය.එංගලන්තය, පකිස්තානය, නවසීලන්තය, දකුනු අප්‍රිකාව  නෙදර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය B කොටස යටතේ තරග වැදුනි. පලමු වටය පිලිබද  සාරංශ ගත  සටහනක් පහත දැක්වේ. 

1 වන තරගය: එංගලන්තය සහ  නවසීලන්තය- අහමදාබද්හීදී  - 1996.02.14
නවසීලන්තය 239/6 (50/50 ov); එංගලන්තය 228/9 (50/50 ov)
නවසීලන්තය ලකුනු 11කින් ජයග්‍රහනය කරන ලදී
ලකුනු පුවරු

2 වන තරගය:   දකුනු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාවල්පින්ඩිහීදී  - 1996.02.16
දකුනු අප්‍රිකාව 321/2 (50/50 ov); එක්සත් අරාබි එමීර් රාජ්‍යය 152/8 (50/50 ov)
දකුනු අප්‍රිකාව ලකුනු 169කින් ජයග්‍රහනය කරන ලදී

3 වන තරගය : සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඩෙකෑන් හීදී  - 1996.02.16
සිම්බාබ්වේ 151/9 (50/50 ov); බටහිර ඉන්දීය කොදෙව්  155/4 (29.3/50 ov)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 6කින් ජයග්‍රහනය කරන ලදී 
4 වන තරගය : ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  - 1996.02.16
ලංකාව නිතරගයෙන් ජයග්‍රහනය කරන ලදී 
5 වන තරගය : නෙදර්ලන්තය හා නවසීලන්තය  වඩෝඩරා හීදී -  1996.02.17
නවසීලන්තය 307/8 (50/50 ov); නෙදර්ලන්තය 188/7 (50/50 ov)
නවසීලන්තය ලකුනු 119කින් ජයග්‍රහනය කරන ලදී 
6 වන  තරගය : ඉන්දියාව හා කෙන්යාව කල්කටා හීදී   - 1996.02.18
කෙන්යාව 199/6 (50/50 ov); ඉන්දියාව  203/3 (41.5/50 ov)
ඉන්දියාව කඩුලු 7කින් ජයග්‍රහනය කරන ලදී 
7 වන් තරගය : එංගලන්තය සහ එක්සත් අරාබි එමීරය පෙහෙශාර් හීදී 1996.02.18
එක්සත් අරාබි එමීරය  136 (48.3/50 ov); එංගලන්තය 140/2 (35/50 ov)
එංගලන්තය කඩුලු 8කින් ජයග්‍රහනය කරන ලදී 
8 වන තරගය : නවසීලන්තය හා දකුනු අප්‍රිකාව අතර ෆයිසල්බාද් හිදී - 1996.02.20
නවසීලන්තය 177/9 (50/50 ov); දකුනු අප්‍රිකාව  178/5 (37.3/50 ov)
දකුනු අප්‍රිකාව කඩුලු 5කින් ජයග්‍රහනය කරන  ලදී 
සිම්බාබ්වේ 228/6 (50/50 ov); ශ්‍රී ලංකාව  229/4 (37/50 ov)
ලංකාව කඩුලු 6කින් ජ්‍යග්‍රහනය කරන ලදී 
10 වන තරගය : ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර මධ්‍ය ප්‍රදේශ් හීදී  - 1996.02.21
බටහිර ඉන්දීය කොදෙව්  173 (50/50 ov); ඉන්දියා  174/5 (39.4/50 ov)
ඉන්දියාව කඩුලු 5කින් ජයග්‍රහනය කරන ලදී 
11 වන තරගය : එංගලන්තය හා නෙදර්ලන්තය පෙහෙශාවර්  - 1996.02.22
එංගලන්තය  279/4 (50/50 ov); නෙදර්ලන්තය  230/6 (50/50 ov)
එංගලන්තය ලකුනු 49 කින් ජයග්‍රහනය කරන ලදී 
12 වෙනි තරගය: ඕස්ට්‍රේලියාව හා කෙන්යාව  1996.02.23 විසාකපට්නම් හීදී - 1996.02.23
ඕස්ට්‍රේලියාව  304/7 (50/50 ov); කෙන්යාව 207/7 (50/50 ov)
ඕස්ට්‍රේලියාව ලකුනු 97කින් ජයග්‍රහනය කරන ලදී 
13 වන තරගය : පකිස්තානයි හා එක්සත් අරබි එමීරය අතර ගුජරන්වාලා හිදී  - 1996.02.24
එක්සත් අරාබි එමීරය 109/9 (33/33 ov); පකිස්තානය  112/1 (18/33 ov)
පකිස්තානය කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 
14 වන තරගය: ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කොලබ ආර්. ප්‍රේමදාස හීදී  - 1996.02.15
ලංකාව නිතරගයෙන් ජයග්‍රහනය කරන ලදී 
15 වන තරගය : එංගලතය හා දකුනු අප්‍රිකාව රාවල්පින්ඩි හීදී  - 1996.02.25
දකුනු අප්‍රිකාව  230 (50/50 ov); එංගලන්තය 152 (44.3/50 ov)
දකුනු අප්‍රිකාව ලකුනු 78කින් ජයග්‍රහනය කරන ලදී 
16 වන තරගය : කෙන්යාව හා සිම්බාබ්වේ අතර පට්නා හීදී- 1996.02.26
කෙන්යාව 134 සිම්බාබ්වෙ 137/5 (15.5/50 ov)
සිම්බාබ්වේ කන්ඩායමට කඩුලු 5ක් ජයක්. 
17 වන තරගය : පකිස්තානය හ නෙදර්ලන්තය අතර ලාහෝර් හීදී  - 1996.02.26 
නෙදර්ලන්තය  145/7 (50/50 ov); පකිස්තානය  151/2 (30.4/50 ov)
පකිස්තානයට කඩුලු 8ක් ජයක් 

18 වන තරගය : නවසීලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ෆයිසාලාබාද් හිදී  - 1996.02.27
නවසීලන්තය  276/8 (47/47 ov); එක්සත් අරාබි එමීර් රජ්‍යය  167/9 (47/47 ov)
නවසීලන්තයට ලකුනු 109ක ජයක් 
19 වන තරගය : ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර  මුම්බායිහීදී - Feb 27, 1996
ඕස්ට්‍රේලියාව 258 (50/50 ov); ඉන්දියාව  242 (48/50 ov)
ඕස්ට්‍රේලියාව ලකුනු 16කින් ජයග්‍රහනය කරන ලදී 
20 වෙනි තරගය කෙන්යාව හා බටහිර ඉන්දීය කොදෙව් පුනේහීදී   - 1996.02.29
කෙන්යාව  166 (49.3/50 ov); බටහිර ඉන්දීය කොදෙව්  93 (35.2/50 ov)
කෙන්යාව ලකුනු 73කින් ජයග්‍රහනය කරන් ලදී 
21 වන තරගය : පකිස්තානය  සහ දකුනු අප්‍රිකාව කරච්චිහීදී  - 1996.02.29
පකිස්තානය  242/6 (50/50 ov); දකුනු අප්‍රිකාව  243/5 (44.2/50 ov)
දකුනු අප්‍රිකාව කඩුලු 5කින් ජයග්‍රහනය කරනලදී 
22 වන තරගය : ඕස්ට්‍රේලියාව හා සිම්බබ්වේ අතර නාග්පූර් හීදී 1996.03.01 
සිම්බාබ්වේ 154 (45.3/50 ov); ඕස්ට්‍රේලියාව  158/2 (36/50 ov)
ඕස්ට්‍රේලියාව කඩුලු 8කින් ජයග්‍රහනය කරන් ලදී 
23 වන තරගය : නෙදර්ලන්තය හා එ.අ.එමීරය ලාහෝර් හිදී  - 1996.03.01 
නෙදර්ලන්තය 216/9 (50/50 ov);එ.අ.එමීරය  220/3 (44.2/50 ov)
එ.අ.එමීරය කඩුලු 7කින් ජයග්‍රහනය කරන ලදී 
24 වන තරගය : ඉන්දියාව හා ලංකාව අතර දිල්ලිහීදී 
ඉන්දුයාව  271/3 (50/50 ov); ලංකාව  272/4 (48.4/50 ov)
ශ්‍රී ලංකාව කඩුලු 6කින් ජයග්‍රහනය කරන් ලදී 
වන තරගය : පකිස්තානය හා එංගලන්තය කරච්චිහීදී  - 1996.03.03 
එංගලන්තය 249/9 (50/50 ov); පකිස්තානය  250/3 (47.4/50 ov)
පකිස්තානය කඩුලු 7කින් ජයග්‍රහනය කරන ලදී 
26 වන තරගය : ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ජායිපූර් හීදී 1996.03.04 
ඕස්ට්‍රේලියා 229/6 (50/50 ov); බටහිර ඉන්දීය කොදෙව්  232/6 (48.5/50 ov)
බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුල 4කින් ජයග්‍රහනය කරන ලදී 
27 වන තරගය  නෙදර්ලන්තය හා දකුනු අප්‍රිකාව රාවල්පින්ඩිහිදී  - 1996.03.05
දකුනු අප්‍රිකාව 328/3 (50/50 ov); නෙදර්ලන්තය  168/8 (50/50 ov)
දකුනු අප්‍රිකාව ලකුනු 160කින් ජයග්‍රහනය කරන ලදී 
28 වන තරගය : ලංකාව සහ කෙන්යාව අතර මහනුවරදී - 1996.03.06
ලංකාව 398/5 (50/50 ov); කෙන්යාව  254/7 (50/50 ov)
ලංකාව ලකුනු 144කින් ජයග්‍රහනය කරන ලදී 
29 වන තරගය : ඉන්දියාව හා සිම්බාබ්වේ කාන්පූර්හීදී  - 1996.03.06 
ඉන්දියාව 247/5 (50/50 ov); සිම්බාබ්වේ   207 (49.4/50 ov)
ඉන්දියාව ලකුනු 40කින් ජයග්‍රහනය කරන ලදී 
30 වන තරගය : පකිස්තානය හා නවසීලන්තය ලාහෝර් හීදී - 1996.03.06 
පකිස්තානය  281/5 (50/50 ov); නවසීලන්තය  235 (47.3/50 ov)
පකිස්තානය ලකුනු 46කින් ජයග්‍රහනය කරන ලදී 

ප්‍රසාද ලකුනු පුවරුව 

  • A කොටස  
කංඩායම ලකුනු තරග ජය  පරාජ තී/ර  අතිරේක ශු.ල.වේ 
 ශ්‍රී ලංකාව 10550001.60
 ඕස්ට්‍රේලියාව 6532000.90
 ඉන්දියාව 6532000.45
 බටහිර ඉන්දීය කොදෙව් 452300−0.13
 සිම්බබ්වේ 251400−0.93
 කෙන්යාව 251400−1.00
  • B කොටස 
කංඩායම ලකුනු තරග ජය  පරාජ තී/රඅතිරේක ශු.ල.වේ 
 දකුනු අප්‍රිකාව 10550002.04
 පකිස්තානය 8541000.96
 නවසීලන්තය 6532000.55
 එංගලන්තය 4523000.08
 එක්සත් අරාබි එමීරය 251400−1.83
 නෙදර්ලන්තය 050500−1.92


  • අර්ධ අවසාන පූර්ව, අවසාන පූර්ව හා අවසන් මහා තරගය 

  • තරගාවලියේ වැඩිම ලකුනු ලාභීන් 

ලකුනු ක්‍රීඩකයා රට 
523සචින් ටෙන්ඩුල්කාර්  ඉන්දියාව 
484මාර්ක් වෝ  ඕස්ට්‍රේලියාව 
448අරවින්ද ද සිල්වා  ශ්‍රි ලංකාව 
391ගැරී කර්ස්ටන්  දකුනු අප්‍රිකාව
329සයිඩ් අන්වර්  පකිස්තානය 

  • තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 

කඩුලු පන්දු යවන්න රට 
15අනිල් කුම්බ්ලේ  ඉන්දියාව 
13වකාර් යූනිස්  පකිස්තාන් 
12
පෝල් ස්ට්‍රින්ග්  සිම්බබ්වේ 
රොජර් හාපර්  බටහිර ඉන්දීය කොදෙව් 
ඩෙමියන් ෆ්ලෙමින්ග්  ඕස්ට්‍රේලියාව 
ශේන් වෝර්න්  ඕස්ට්‍රේලියාව 

ශ්‍රී ලංකාව ලොක ශූරයන් කරමින් 1996 විල්ස් ලෝක කුසලානය නිමාවූ අතර ප්‍රහාරාත්මක් පිතිකරනයෙන් ලොවම මවිත කර සනත් ජයසූරිය තරගාවලියේ වීරයා බවට පත්විය. අවසන් මහා තරගයේදී කැංගරුවන්ට එලව එලවා පහර දෙමින් අතිවිශිට ශතකයක් රැස් කර අරවින්ද ද සිල්වා අවසන් මහා තරගයේ වීරයා බවට පත්විය. සියලුම් ශ්‍රීලාඔකික්‍යන්ගේ නෙතට් සතුටු කලුලු එක්කරමින් ශ්‍රී ලංකා නායක අර්ජුන් රණතුංග එවකට පකිස්තාන අගමැතිනි බෙනාසීර් බූතෝ අතින් ලෝක ක්‍රිකට් කිරුල ලබාගන්න ලදී.