19.4- 16- 10-10 .විශ්වාස කල හැකිද ?
ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුනු දින සිට මේ දක්වා වාර්ථා වූ විස්මිතම පන්දු යැවීම මෙයයි.1905 වසරේ උපත ලැබූ එංගලන්ත ජාතික හෙඩ්ලි වෙරිට් 1932 වසරේ යෝක්ශයර් ප්‍රාන්තය වෙනුවෙන් ලීඩ්ස් ප්‍රාන්තයට එරෙහිව මේ ඇදහිය නොහැකි ලෝක වාර්තාව පිහිටවනු ලැබීය. ඔහු යැවූ පන්දු ඕවර 19න් 16ක්ම නිලකුනු පන්දුවාර ඌ අතර ලකුනු 10කට සියලුම ලීඩ්ස් කඩුලු ඔහු තමන් සතු කර ගත්තේය .
පලමු පෙල තරග 378 කදී කඩුලු 1956ක් ( සාමන්‍ය 24.37) හා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 40කදී කඩුලු 144ක් බිද හෙලූ මොහු 1934දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී තෙත බරිත තන නිල්ල උපයෝගී කරගනිමින් පලමු ඉනිමේ ලකුනු 61කට කඩුලු 7ක් හ දෙවැනි ඉනිමේ ලකුනු 43 කට කඩුලු 8 ක් බිද දමමින් එංගලන්තයට විශිශ්ට ජයක් ලෝඩ්ස් පිටියේදී ලබාදීමට සමත්වූ අතර ඉනිම හෙකේදීම බැඩ්මන්ගේ කඩුල්ල තමන් සතුකර ගත්තේය
නමුත් ඔහුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස වසන් විය. දෙවැනි ලෝක යුද්දේදී කපිතාන්වරයෙකු ලෙස බ්‍රිතාන්‍ය 8 වැනි හමුදා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී ඉතාලි හමුදාවන්ට අසුවූ අතර 1943 වසරේ ජූලි මස 31 දින සිසිලියේ සිරකදවුරකදී යුද සිරකරුවෙකු ලෙස , සිරකදවුරට එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ශයට පත්වුනා.වෙරිට්ගේ අභාවය එංගලන්තයට සැලවුනේ සැප්තැම්බර් මාසයේදී
0 comments:
Post a Comment