Blogger Widgets

Thursday, May 14, 2015





ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට ඇති උරුමය මයික්‍රෝෆෝනයකට වඩා ඉතා ඈතට දිවයයි. ඔහු විස්තර විචාරකයෙකු පමනක් නොව ලොව සිටි විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකි එපමනක්ද නොව පරිපූර්න නායකයෙකි 

ක්‍රිකට් ලොව පුරෝගාමියෙකි 
-------------------------------

1930 වසරේ සිඩ්නි නුවරදී උපන් රිචීගේ පලමු ක්‍රිකට් ගුරුවරයා වූයේ ඔහුගෙ පියාය. පියාගෙන් උගත් පාදග පන්දු කරනය ලොවම වශී කරනු ඇතැයි ඔහුවත් කිසිදිනක නොසිතන්නට ඇත. 

ඉනිමකදී කඩුලු 5ක් ලබාගැනීමට ඔහුට ටෙස්ට් තරග 25ක් යනතෙක් ඉවසීමට සිදුවූ අතර ආරම්භයේදී එතරම් දක්ශතා අතර නොසිටියද කල්යත්ම ඔහු පා දග පන්දු කරනයේ විශිෂ්ටයෙකු විය. 27.03ක සාමාන්‍යයක් සමගින් ඔහු දවාගත් කඩුලු 248 ඊට සාක්ශි සපයයි. 

පන්දු කරනයේ නව ක්‍රමවේදයන් අත්හදා බැලීමට කිසිවිටක මැලි නොවූ ඔහු තනිවම තරග දිනවූ අවස්තා කිහිපයක්ම ක්‍රිකට් ඉතිහාසයේ හමුවේ. 1961 වසරේ ඕල්ඩ්-ට්‍රැෆර්ඩ් පිටියේ එංගලන්තයට එරෙහිව ජයග්‍රහනයට ඔහු තනිවම උරදුන් අයුරු ක්‍රිකට් ලොව පුරාවෘතයකි. කඩුල්ල වටා යමින් අනිත් අන්තයේ පන්දුයවන්නා ගේ පාදය වැදීම නිසා පිටියේ ඇතිවූ කඩතොලු වලට පන්දු යැවීම ඔහු එම තරගයේ සිදුකල අත්හදාබැලීමකි.

විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකි 
--------------------------------

පලමු පෙල කඩුලු 945 කට හා ලකුනු 11000කට උරුමකම් කියම ඔහු ශතක 03ක් සමගින් අන්තර්ජාතික ටෙස්ට් ලකුනු 2000කටද ටෙස්ට් කඩුලු 248කටද උරුමකම් කියයි 

වසූරිය රෝගය සදහා බෙහෙත් එන්නත් කිරීම නිසා පිතිහරබයේදී ඔහුගේ උරහිස වේදනා දුන් අතර එම නිසා ඔහුට වැලමිට උඩ තබාගෙන පිතිහරභයේ යෙදීමට සිදුවිය. 

ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්ද ඇත්ලත් වූ බටහිර ඉන්දීය කන්ඩායමට එරෙහිව ඔහු රැස්කල ශතකය එවකට කාලය අනුව ලොව තෙවෙනි වේගවත්ම ශතකය විය ( විනාඩි 78ක් තුල ) 

උපායශීලී අපරාජිත නායකයෙකි 
----------------------------------

1957-58 තරග වාරයේ අප්‍රිකානු පිලට එරෙහිව ලබාගත් ශතක 02ත් සමග ඔහුට ඕස්ට්‍රේලියානු නායකත්වය හිමිවූ අතර 1960 වසරේ කොදෙව්වන් සමග පැවති සුප්‍රසිද්ධ ලකුනු සමවූ තරගයද ඇතුලුව ටෙස්ට් තරග 28කට නායකත්වය සැපයූ අතර එම තරග 28න් එක තරගයක් හෝ පරජයට පත් නොවීම ඔහුගේ විශිෂ්ටත් වයයි.

ඔහුගේ සාර්තකත්වයට හේතු යමෙකු විමසූ විට ඔහු පැවසුවේ 

"Captaincy is 90% luck and 10% skill. But don't try it without that 10%."

ඔහු 1962 වසරේ විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මනයෙන්ද පිදුම් ලැබුවේය. 

ක්‍රිකට් ලොව හඩ පෞරුෂයකි 
---------------------------------

1964 වසරේ පිත්ත අත්හරිමින් මයික්‍රෝෆෝනය තෝරාගත් ඔහු, ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටියදීම BBC සේවයේ මාධ්‍යවේදී පුහුනුවකටද සහබාගී වූ අතර ඉන් ලබාගත් පන්නරය උපයෝගී කරගනිමින් පුරා වසර 40ක් තම කට හඩින් පුරා ක්‍රිකට් ලොව ඇද බැද තබාගත්තේය. 2005 වසරේදී ඕවල් පිටියේදී මයික්‍රෝෆෝනයටද සමුදුන් මේ විශිෂ්ටයා ඔහුගේ සැදෑසමය ඔහුගේ තවත් ක් විනෝදාශයක් වූ තුරග තරග වෙනුවෙන් වෙන්කලේය. 

1970 දශකයේ අග භාගයේදී කෙරී පැකර් ගේ තහනම් ලෝක ශූරතා තරගවලියේ නිතීරීති සම්පාදක වෙමින් වර්ථමාන ජනප්‍රිය ක්‍රිකට් සංස්කෘතිය හදුන්වා දීමට රිචී ගෙන් සිදුවූ මෙහෙය අපමනය 

ඉතින් ආයුබෝවන්
----------------------

ඉංග්‍රීසි මව්බස නොවන අයෙකුට පවා පැහැදිලිව හදුනා ගත හැකි මනරම් බස හැසිරවීමක් සතුවූ රිචී ක්‍රිකට් සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ මහාචාර්‍ය වරයෙකි.ප්‍රවීන ක්‍රිකට් විනිසුරු බර්ඩ් වරක් පැවසුවේ රිචීට සම කල හැක්කෙකු ක්‍රිකට් ලොව නොමැති බවයි !!!!!!

- ඔබට නිවන් සුව ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!! 

0 comments:

Post a Comment