දක්ශතාව විතරක් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් එහෙම නැත්නම් අපේ භාශාවෙන් කිව්වොත් "පොරවල් " බිහිකරන්නෙ නෑ. වාසනාව අනිවාර්‍යයයි. ඉන්දියාවට සචින් දෙවියෙක්. ඇත්ත !!! සචින්ගේ වාර්ථා ලේසියෙන් ලංවෙන්න පුලුවන් ඒවා නෙවෙයි. ඒත් ඉන්දියාවේ පහල වුන දක්ශම ක්‍රීඩකයා සචින් ද? ඩ්‍රාවිඩ් , ලක්ශ්මන් , කම්බ්ලි ....... මේ හැමෝම සචින්ට වඩා කිලෝමීටර් ගනන් ඉස්සරහින්.... ඒත් සචින් තමයි දෙවියා. ඒකට හේතු දෙකක් තියෙනවා
එක ..... ඉන්දියන් උන් මෝඩයි !!!!!!!
දෙක .... සචින්ට වාසනාව තිබුනා
සචින් වයස " දාසයයි මාසයයි " වෙනකොටම ඉන්දියානු කණ්ඩායමේ, අවුරුදු විසි හතරක් ක්‍රිකට් ගැහුවා. ඉතින් ඉන්දියන් මිනිස්සු සචින් දෙවි කෙනෙක් කියලා හිතන තරමට සචින් ලග ලෝක වාර්තා තියෙනවා. ඒ වාසනාව අනිත් අයට ලැබුනේ නෑ. ඩ්‍රාවිඩ්ලා ලක්ශ්මන්ලට ඒ වාසනාව තිබුනේ නෑ. ඒත් අවුරුදු විසිගනන් වලදී හරි එයාලට "අවස්තාව " හම්බුනා. එහෙමවත් වාසනාවක් නොතිබුන පෙන්ශන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී ජාතික කණ්ඩායමට තේරුන ක්‍රීඩකයෝ කොයිතරම් හිටියද?
මයික් හසී එහෙම නැත්නම් මිස්ටර් ක්‍රිකට්, ක්‍රිකට් ලෝකේ අවාසනාවන්තම "ලේට් බ්ලූමර් ".සචින්ට වඩා සියගුනයක් දක්ශ වුනත් ඕස්ට්‍රේලියාවේ හිටපු ලොකු ලොකු පොරවල් නිසා හසී ක්‍රිකට් ගහන්න එන්නේ අවුරුදු 30ත් පැන්නම.හසී ක්‍රිකට් වලින් පෙන්ශන් ගියහම ඕස්ට්‍රේලියාව හොයාගත්තා තව ක්‍රීඩකයෙක් " ක්‍රිස් රොජර්ස් ". වයස 35 යි.මිනිහත් වැඩ පෙන්නන්න ගත්තා විතරයි .ඒත් අවුරුදු 35 " නාකි පප්පෙක් " ටීම් එකේ තියාගන්න බෑනේ, එයත් යැව්වා පෙන්ශන්
මිස්බා තමයි අවාසනාවන්තම නායකයා, අවුලකුත් නෑ හැබැයි මොකද මිස්බා නම් හතලිහ පැනලත් තාම අල්ලන් ඉන්නේ විසිගනන් වල ගහගන්න බැරිවුන ඒවා ගහලා යන්න වෙන්න ඇති.
අපිටත් ඉන්නවා " ලේට් බ්ලූමර් " කෙනෙක්. එයාට නම් කෙල වුනේ මුරලි නිසා,හේරත්ට සෙල්ලම් කරන්න මුරලි යනකම් ඉන්නවුනානේ, නැත්නම් මෙලහකට විකට් 400කට 500කට වගකියලා.හේරත් ගැන කියන කොට අජ්මාල්වත් අමතක කරන්න බෑ, චක්මාල් කියලා කිව්වත් අජ්මාලුත් වැඩකාරයෙක් තමයි. ඒත් ඉතින් අවාසනාවට හරිහමන් කාලයක් ක්‍රිකට් ගහන්න වුනේ නෑ, මොකද එන්න "ලේට් " වුනානේ,
මැතිව් හේඩන් වුනත් ඔය අවාසනාවන්තයෙන්ගේ ගොඩටම දාන්න පුලුවන්, හේඩන්ගෙත් හොද කාලේ පුටු රත්කරා විතරනේ, හැරමිටියෙන් යන කාලෙට පොඩ්ඩකට කලින්නේ හේඩන්ටත් සිකුරා කැරකුනේ. අම්ලා , සංගා වුනත් සචින් එක්ක බැලුවම අවාසනාවන්තයි. සචින්ගේ මැච් ගාන සෙල්ලම් කරන්න හම්බුනානම් සචින්ට වෙන්නේ දිවිය ලෝකෙන් මනුස්ස ලෝකෙට බහින්න
.
තව ලේට් බ්ලූමර්ස් ලනම් ඕන තරම්. හැමෝම ගැන ලියන්නත් බෑනෙ, [ කැමති නම් මතක් වෙන වෙන පාරට ලේට් බ්ලූමර්ස්ලගේ නම් කියන්න ] අනික මටම තේරෙනවා මේක මෙලෝ රහක් නෑ කියලා . හිතපු දේ නෙවෙයි වල්පල් ටිකක් තමයි ලියවුනේ
0 comments:
Post a Comment