Blogger Widgets

Thursday, May 14, 2015



සුනිල් ගවස්කාර් යනු භාරත මාතාව ක්‍රිකට් ලොවට දායාද කල විශිශ්ට ක්‍රීඩකයෙක්, ඔහු ලොව බිහිවූ විශිශ්ට ආරම්භක පිතිකරුවෙක්,Little Master සුප්‍රකට අදරනීය නාමයෙන් ඔහුව හැදිවූ නමුත් එක් දිනක් ඔහුට ඉන්දියානු ප්‍රේක්ශකයන්ගේ දැඩි දෝශදර්ශනයට මුහුන දෙන්න සිදුවුනා.
පලමු ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගය ඉන්දියාව හා එංගලන්තය අතර 1975 ජුනි මස 07 වෙනිදා ක්‍රිකට් ලොව රන්දෙවොල වූ ලෝඩ්ස් පිටියේදී පැවැත්වූ අතර පලමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 60 අවසන් වන විට කඩුලු 4කට ලකුනු 334 ක් රැස් කල අතර ඩෙනිස් ඒම්ස් ලෝක කුසලාන තරගාවලියක පලමු ශතකය වාර්තා කරමින් ලකුනු 147ක් රැස් කලේය
පිලිතුරු ඉනිම ඇරබූ ඉන්දියානු කන්ඩායමේ ආරම්බක පිතිකරු වූ ගවස්කාර් පන්දු ඕවර 60ම ක්‍රීඩකරමින් පන්දු 174කදී ලබා ගත්තේ ලකුනු 36ක් පමනි, ඊට එකම හෝ 6,4 පහරක් අඩංගු නොවුනේය.ඉතා පහසු පන්දු පවා නිදැල්ලේ යාමට ඉඩ හරිමින් ඔහු කල අතිශය මන්ද ගාමී පිතිහරබය බලා සිටින්නට පවා අපහසු ඉතා නීරස එකක් විය.
ගවස්කාර්ගේ මස්සිනා වූ ගුන්දප්පා විශ්වනාත් ඉන්දීය පිල වෙනුවෙන් වැඩිම ලකුනු වූ 37ක් රැස් කල අතර තරගය නිමාවූයේ එංගලන්ත පිලට ලකුනු 202ක ජයක් ලබාදෙමින්. පරාජයේ වගකිය යුත්තා ගවස්කාර් වූ අතර ඉන්දීය කලමනාකරු වූ ජී.ඒ. රාම්චන්ද් මාධ්‍යයට පැවසුවේ "එංගලන්තය ලබා ගත් ඉහල ලකුනු සංක්‍යාවට සමීප වීමට හෝ නොහැකි නිසා ගවස්කාර් ටෙස්ට් තරගයකට පෙරහුරුවක් ලබන්නට ඇති බවයි. පසුව මේ ප්‍රකාශයට නොයෙකුත් අපවාද එල්ල වූ අතර පසුව රාම්චන්ද් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතට ප්‍රකාශ කර තිබුනේ එය තමා දුටු බෙහෙවින් අත්මාර්ථකාමී හා අපකීර්තිමත්ම පිතිහරබය බවයි " අපේ කන්ඩායමම මේ ගැන කලකිරුනා ඔහු වැඩි දුරටත් පැවසීය

0 comments:

Post a Comment