Blogger Widgets

Saturday, March 14, 2015

SLOW OVER RATE !!!!



ක්‍රිකට් ක්‍රීඩාවේදී පිලකට නියමිත පන්දු ඕවර සංඛ්‍යාව නියමිත කාලසීමාවක් තුල යවා අවසන් කල යුතුව ඇති අතර, ප්‍රේක්ශක අකර්ශනය පවත්වාගනු පිනිස වර්තමානයේදී එම නීතිය තදින් ක්‍රියාත්මක වේ. 

පන්දු වාර 50 එක්දින ක්‍රිකට් තරගයක්දී පිලක් ඔවුන්ට නියමිත පන්දුවාර 50 මිනිත්තු 210ක් තුල යවා අවසන් කල යුතුය. ඉන් මිනිත්තු 10ක්  සිසිල් පැන් පානය සදහා වෙන්වේ.එම මිනිත්තු 10 අත්හල විට පන්දු වාර 50 සදහා මිනිත්තු  200ක් එනම් පන්දුවාරයක් සදහා  මිනිත්තු 4ක් ( 200/50 ) හිමිවේ. 

පන්දු වාර 20 තරගයක්දී සිසිල් පැන් පානය සදහා වෙන්කර ඇති කාලයද ඇතුලුව විනාඩි 75ක් ලැබේ. 

ටෙස්ට් ක්‍රිකට් තරගයකදී  දිනක් තුල පන්දු ඕවර 90ක් යැවිය යුතුය.ඒ පැය 6ක් කාල සීමවක් තුලදීය. පස්වන එනම් අවසන් දිනයේදී අතිරේක පැය බාගයක් ලබාගැනීමට ඉල්ලිමක් කල හැක. සාමන්‍ය පැයක කාල සීමවක් තුල පන්දු වාර 15ක් ද අතිරේක පැය බාගය තුල පන්දුවාර 7ක් ද යැවිය යුතුය. 

අයි.සී.සී ක්‍රිකට් නීතින්ට අනුකූලව .... 

පැයක් තුල පන්දු වාර 14.28 අවම පන්දු වාර  යැවීමේ වේගය ලෙස සලකන අතර, එය තරගය අවසානයේ " සමස්තයක් ලෙස " විනිසුරුවන් විසින් ගනනය කරනු ලැබේ. 

පන්දු වාර 50 සහ 20 තරග වලදී නියමිත කාලය අවසන් වනවිට තවත් පන්දු වාර 2ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් යැවීමට ඇත්නම් Minor Over Rate Offence ලෙස සලකන අතර , පන්දු වාර 2කට වඩා යැවීමට ඇත්නම් Serious Over Rate Offence ලෙස සලකයි.  

ටෙස්ට් තරයකදී නියමිත කාල සීමාව වසන් වන විට තවත් පන්දු වාර 5ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් යැවීමට ඇත්නම් Minor Over Rate Offence ලෙසද පන්දු වාර 5කට වඩා යැවීමට ඇත්නම් Serious Over Rate Offence ලෙසද සලකයි. 

අයි.සී.සී තරග නීතිරීතින්ට අනුකූලව සෑම වැඩිවන ඕවරයක් සදහා  තරග ගාස්තුවෙන් 20% ක  දඩයක් නායකයාටද 10% ක දඩයක් සෙසු ක්‍රීඩකයන්ටද හිමිවේ. කන්ඩායම් නායකයා Serious Over Rate Offence සදහා වරද කරු වුව හොත් ඔහුට එක් තරගයක් සදහා තහනමක් හිමිවේ. 

මෙම ගනනය කිරීම සදහා ටෙස්ට් තරගයක්දී නම් ඉනිම අවසන්වීම් නිසා සිදුවන පමාවීම් ද  සියලුම තරගයන් සහදා තුවාල ලැබූ ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කිරීම, බරපතල තුවාල ලැබීම් නිස ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්වීම, තුන්වන විනිසුරුට තීරන ලබාදීමට ගතවන කාලසීමා, පන්දුවට පහර හෙන කන්ඩායම සිදුකරන කාල නාස්තිකිරීම ඇතුලු පන්දු යවන පිලට පාලනයක් කල නොහැකි සියලු පමාවීම් පිලිබද සැලකිලිමත් වේ. 

0 comments:

Post a Comment