" දැන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට එකම නිලකුනු ඕවරයක් යවාගන්න විතරක් නෙවෙයි නිලකුනු පන්දුවක්වත් යවාගන්න බැරි වෙලා තියෙන්නේ, විනිසුරු ඩිකී බර්ඩ්ට හරියට වැඩ.... ඉස්පාසුවක් නෑ , අනේ පව් අහින්සකයා .... ලෝකෙ තියෙන ඔක්කම සංඥ මනුස්සයට කරන්න වෙලා "
ඒ 1975 ලෝක කුසලාන අවසන් තරගයේ BBC ගුවන් විදුලි සේවය වෙනුවෙන් විස්තර ප්රචාරනයේ යෙදී සිටි ජෝන් ආලට් කොදෙව් නායක ලොයිඩ් විසින් තොම්සන්ගේ හා ලිලීගේ පන්දු වලට හතර වටින් බැට දෙමින් පන්දු 82කින් ලබාගත් ලකුනු 102 විස්තර කල අයුරුය.
ආලට් පැවසූ පරිදි තරගය අතර තුර මොහොතක්වත් ඉස්පාසුවක් නැතිව සිටි ඩිකී බර්ඩ් යනු කවුද?, හෙතම ලොව සියලු දෙනාගේ ඉමහත් ගෞරවයටත් ආදරයටත් පාත්රවූ ක්‍රිකට් ලොව බිහි කල අපක්ශ්පාතීම විනිසුරුවරයාය.
හැරල්ඩ් ඩෙනිස් ( ඩිකී) බර්ඩ් 1956-64 කාල සීමාව තුල එංගලන්තයේ යෝක්ශයර් හා ලීසස්ටර්ශයර් ප්‍රාන්තය නියෝජනය කල ඔහු ඉන් අනතුරුව තම ක්‍රිකට් විනිසුරු දිවිය ඇරබීය. 1970දී පලමු පෙල තරග විනිශ්චය කල ඔහු ඉන් වසර තුනකට පසුව න්තර්ජාතික තරග විනිශ්චයට පැමිනියේය.
1980 ලෝඩ්ස් පිටියේ පැවති එංගලන්ත - ඕස්ට්‍රේලියා ශත සංවස්තර ටෙස්ට් තරගය ඇතුලුව 1973 සිට 1996 දක්වා ටෙස්ට් තරග 66ක්ද, පිට පිටම ලෝක කුසලාන අවසන් තරග 3ක් සමගින් 1973- 95 අතරතුර එක්දින තරග 75කද ඔහු විනිසුරු ලෙස කටයුතු කලේය.
-----------------------------------------------------
1975 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය අවසන් වූයේ කොදෙව්වනට ලකුනු 17කින් ජය ලබාදෙමිනි.තරගයේ අවසන් විකට්ටුව ලෙස තොම්සන් දැවී යනවා සමගම පිටිය ආක්රමනය කල ක්‍රීඩාලෝලීන් දහස් ගනනකට තරගයේ මතක සැමරුම් ලබා ගැනීමට අවශ්‍යවී තිබුනි.
ඔවුන් සැමරුම් ලෙස ක්‍රීඩකයන්ගේ හා විනිසුරුවන්ගේ ක්‍රිකට් ආම්පන්න ගලවාගෙන දිවගියේය. කීත් බෝයිස්ව බිව දමාගත් අයෙකු ඔහුගේ සපත්තු දෙකම ගලවාගත් අතර , තොම්සන්ගේ පිත්ත හා පා අවරන ඔහුට අහිමි විය, ලොකුම පාඩුව වූයේ බර්ඩ් හටය, ඔහුටම ආවෙනික වූ සුදු කැප්තොප්පිය , සාක්කුවේ තිබූ අතිරේක පන්දුව හා ඉනවටා ඔතාගෙන සිටි අත් දිග ජර්සිය ඔහුට අහිමිවී තිබුනි.
මෙම සිද්දියට වසරකට පමන පසුව දිනක් බර්ඩ් බසයෙන් ගමන් කරමින් සිටින විටකදී කොන්දොස්තර පැලද සිටි කැප් තොප්පිය පිලිබද ඔහුගේ අවදානය යොමුවිය.
" යාලුවා කොහෙන්ද ඔය කැප් එක මිලදී ගත්තේ? "
" ඇයි මනුස්සයෝ තමුසේ අහල නැද්ද ඩිකී බර්ඩ් මහත්තයා ගැන , මේක එයාගේ කැප් එකක්, ලෝක කුසලාන අවසන් තරගයේ මම එයාගේ ඔලුවෙන් මේක ගලවා ගත්තා, අපි ඔක්කොම පිට්ටෙනිය මැද්දට දිව්වා, ඒත් රේස් එක දිනුවේ මම "
- ප්‍රවීන විස්තර විචාරක පාලිත පෙරේරා මහතාගේ " අමරනීය ක්‍රිකට් අන්දර " කෘතියෙන් ඇතැම් කරුනු ලබා ගන්න ලදී
0 comments:
Post a Comment