දකුනු අප්‍රිකාව හා අවාසනාව යනු එකම වචනයක්දෝ යැයි සිතෙන තරමටම දකුනු අප්‍රිකානුවන් සමග අවාසනාව බද්ධ වී තිබේ.ඔවුන් මෙතෙක් සහබාගී වූ සියලුම ලෝක කුසලාන තරගාවලියන්හීදී කුසලානය සදහා ඉදිරියෙන්ම සිටි කන්ඩායමක් වූ නමුත් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යාමට නොහැකිව සැමදාම ඔවුන්ට හිස් අතින් ආපසු හැරී යාමට සිදුවුනි.
වර්නබේදවාදය හේතුවෙන් ඔවුන්ට 70 දශකයේදී ක්‍රිකට් තහනම් වූ අතර නැවත ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට වරම් ලැබෙනුයේ 1991 වසරේදීය.ඔවුන් තම කුලුදුල් ලෝක කුසලාන තරගාවලියට 1992 වසරේදී සහබාගී වූ අතර එවර ඔවුන්ගේ ලෝක කුසලාන ජයග්‍රහනයට වර්ශාව හරස් විය.
ලකුනු 22 පන්දු 7ක් තුල ලබා ගැනීම ඔවුන්ගේ ඉලක්කය විය, නමුත් වර්ශාව ඔවුන්ට එරෙහි වූ අතර වර්ශාවෙන් පසු ඔවුන් පන්දුවට පහර දීමට එනවිට එක් පන්දුවකට ලකුනු 22 ක් ලෙස එවකට තිබූ ගනනය කිරිමේ ක්‍රමවේදය ගනන් බලා තිබුනි. . ඉතින් කුමක් කරන්නද මීලග ගුවන් යානයෙන් තම මව් රටට පැමිනීම හැරුනු කොට ?????
සිව් වසරකට පෙර කැංගරු දේශයේදී අහිමි වූ කිරුල ආසියානු බිමේදී ලබාගනු පිනිස ඔවුන් නැවතත් තරගාවලියේ ප්‍රියතමයන් ලෙසින් 96 ලෝක කුසලාන තරගාවලියට එක් විය.ඔවුන්ගේ සාම්ප්‍රධායික ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් එවර ඔවුන්ට ලෝක කුසලානය අහිමි කරන ලදී.ඒ පිලිමලුන් පිටුදැකීමේ අයුරින් පැවති අර්ධ අවසාන පුර්ව වටයේදී ලකුනු 19ක ජයක් ලබාගනිමිනි. ලකූනු 264ක ඉලක්කයක් හබාගිය දකුනු අප්‍රිකානු ලකුනු පුවරුව වරෙක එක කඩුල්ලක් දැවී ලකුනු 118ක් ලෙස සදහන් විය.සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබාවය හෝ දකුනු අප්‍රිකානුවන්ගේ අවාසනාව හෝ කුමන කරුනක් දැයි නොදනිමි නමුත් අවසානයේදී ඔවුන්ගේ ඉනිම කොදෙව්වන්ට වඩා ලකුනු 19ක් මෙපිටින් නතර විය.
ක්‍රිකට් උපන් බිමේදී ඔවුන් නැවත තම වාසනාව උරගා බලන්නට විය. එවර පලමු වටයේ ඔවුන්ගේ කානඩයේ පලමුවෙනියා වෙමින් සුපිරි 6 දෙනාගේ වටයට පැමිනි අප්‍රිකානුවන් එවරද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනුයේ කෙසේ හෝ මෙවර කුසලානය ලබා ගැනීම වෙනුවෙනි.එවර බර්මින්හැම් නුවරදී ඔවුන්ට පලදෙනුයේ ඇදහිය නොහැකි මට්ටමේ වූ අකුසල කර්මයකි.පලමුව පන්දුවට පහර දුන් කැංගරුවන්ගේ ඉනිම ලකුනු 213කට සීමාවූ අතර එය ප්‍රබල අප්‍රිකානුවන්ට කජු කන්නාක් වැනි ඉලක්කයක් විය. නමුත් කජු කෑමත් ලේසි නොවූ අතර කෙසේ නමුත් තරගය ඔවුන් 213/9 ( 43.1) මට්ටමට ගෙන ආ අතර ඉලක්කය පන්දු 5කින් එක් ලකුනක් විය. නමුත් ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී ගියේ අනවශ්‍ය අයුරින් ලකුනක් ලබා ගැනීමට උත්සහ කල නිසාවෙනි. ලකුනු සමවීමෙන් තරගය අවසන් වූ අතර සුපිරි 6 වටයේදී කැංගරුවන් අප්‍රික්නුවන් පරාජය කිරීම හේතුවෙන් කැගරුවට අවසන් තරගයේ දොරටුද අප්‍රිකානුවන්ට ගුවන් යානයේ දොරටුද විවර විය.
තවත් සිව් වසරක් ගෙවුනි.තුන්වරක් ගිලිහුනු කුසලානය තම මව්බිමේදී ලබාගනිමියැයි තිර අදිටනින් ඔවුන් එවර ලෝක කුසලාන තරගාවලියට පිවිසුනි.එවර ඔවුන්ට ඩක්වර්ත් සහ ලුවිස් හරස් විය. පලමු වටයේ අවසන් තරගය ශ්‍රි ලංකාව සමග පැවැත්වුනු අතර එම තරගය ජයගැනීම දකුනු අප්‍රිකානුවන්ට සුපිරි 6 වටයට යා ගත හැකි එකම හා අවසන් තුරුම්පුව වී තිබුනි.පලමුව පන්දුවට පහර දුන් ලංකාව ලකුනු 240ක් රැස් කල අතර එක ඉලක්කය හබා යන අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුනු 229ක් වන විට වර්ශාව පතිත විය.ඒ වනවිට ඔවුන් ඩක්වර්ත් සහ ලුවිස් ඉලක්කය වූ 230ට වඩා එක් ලකුනක් පිටුපසින් විය.තරගය විසදුමක් නැතිව අවසන් වුවද දකුනු අප්‍රිකානුවගේ ලෝක කුසලාන ගමනට නම් විසදුමක් ලබුනි. ඒ නැවතීම් තිතකි.
ඉන් සිව් වසරක් ගෙවුනු තැන නැවතත් ඔවුන් කොදෙව් දේශයට ගියේ කෙසෙ හෝ මෙවරදීවත් ලෝක කුසලානය ලබා ගැනීමේ අදිටනිනි. එවරද කැංගරුවන් හමුවේ ඔවුන්ගේ ලෝක කුසලාන ගමන අවසන් පූර්ව අටයෙන් නිමා වූයේ අන් කිසිවෙකුගේ ගැටලුවක් මිස නොව ඔවුන්ගේම දුර්වල පිතිහරබය නිසාවෙනි.
නැවතත් 2011 වසරේදීත් ඔවුන්ගේ දුර්වල පිතිහරබය ඔවුන්ට අවසන් පූර්ව වටය හෝ අහිමි කරමින් නවසීලන්තය විස්මිත ජයක් ලැබුයේ දකුනු අප්‍රිකානුවන්ට ඔවුන්ගේ අවාසනාව පිලිබද නැවත මතක් කර දෙමිනි.
තව පැය කිහිපයකින් ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය උදා වේ. මෙවරද ලෝක කුසලානයේ ප්‍රියතම කන්ඩායම ලෙසින් නැවතත් ඔවුන් තම අවාසනාව ඇරබුනු භූමියටම පැමින සිටියි. මෙවර කුමක් සිදුවේද? නැවතත් අවාසනාව ප්‍රබල වේද? නැත්නම් ඔවුන්ට සිකුරා ලබයිද?
0 comments:
Post a Comment