ඉන්දු - පකිස්තාන එක්දින තරගාවලියක් කුමන තත්වයකදී වුවද අතිශයින්ම උද්වේගකරය.එය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් වූයේනම් එහි උනුසුම තවත් වැඩිවේ. 1996 විල්ස් ලෝක කුසලානයේදී ඉන්දු- පකිස්තාන අර්ධ අවසන් පූර්ව තරගය ජයපරාජයට වඩා දෙරටේ ගෞරවය සම්බන්ධ මිනුමක් වී තිබුනි.
පලමුව පන්දුවට පහර දුන් ඉන්දියානු කන්ඩායම පන්දු ඕවර 50 අවසන් වන විට ලකුනු 289ක ලබාගෙන තිබූ අතර පකිස්තානුවන්ට ජයග්‍රාහී ඉලක්කය 290ක් විය. ගිනිකෙලි දර්ශනය ඇරබුනේ ඉන් පසුවය. සහිඩ් අන්වර් සහ අමීර් සොහේල් පලමු පන්දු වාර 10 තුල ලකුනු 84ක් රැස් කල අතර පලමු කඩුල්ල ලෙස අහිඩ් අන්වර් දැවී ගියද තම ප්‍රහාරය දිගටම පවත්වා ගත් සොහේල් පන්දු 50කින් ලකුනු 50ක් රැස් කලෙ ඉන්දියානුවන් පරාජය අභියසට රැගෙන යමිනි.පන්දුවාර 14ක් වන විට පකිස්තානු ලකුනු පුවරුව එක් කඩුල්ලක් දැවී 110ක් විය
නව පන්දු ආරය වෙන්කටේශ් ප්‍රසාද් ආරම්භ කල අතර චින්නසාමී ක්‍රීඩාංගනයට එක් රැස් වූ තිස්පන්දාහකට අධික ඉන්දීය ප්‍රේක්ශක ප්‍රතිචාර සොහේල් කෝප ගන්වා තිබුනි. ජයග්‍රහනයට අවශ්‍ය මූලික් පදනම සැකසී ඇති එමෙන්ම ඉතා හොදින් ලකුනු ලබගනිමින් පිටියේ ඕනෑම තෙනකට පන්දු අහර දිය හැකි මට්ටමක සිටි සොහේල් කල යුතුව තිබුනේ කෝපය පාලනය කරගනිමින් කන්ඩායම ජයග්‍රහනයට රැගෙන යාමයි.නමුත් ඔහුට තම කෝපය පාලනය කර ගත නොහැකි විය.
ජයග්‍රහනය මදකට මනසින් ඉවත් කල ඔහුට අවශ්‍ය වූයේ ඉන්දීය ප්‍රේක්ශකයන්ට පාඩමක් ඉගැන්වීමයි. වෙන්කටේශ් ප්‍රසාද්ගේ පන්දුවට සොහේල් එල්ල කල ස්ක්වෙයාර් කට් පහර හතරේ සීමාව පසුකර ගියේ විදුලි වේගයෙනි.
පහර එල්ල කල සොහේල් පන්දුව ගිය දෙසට පිත්ත යොමුකර ප්‍රසාද් දෙසට හැරී
" ගිහින් අහුලන් වරෙන් ........."
ප්‍රේක්ශකාගාරයෙන් ලැබුනු පිලිතුර වූයේ " හූ " හඩකි. නොකඩවා ලැබෙන හූ හඩින් තවත් කෝප ගැන්වූ සොහේල්ට අවශ්‍ය වූයේ ඊලග පන්දුවටද තවත් හතරේ පහරක් එල්ල කර ඉන්දීය ප්‍රේක්ශකයන්ට පාඩමක් ඉගැන්වීමටයි.
ඊලග පන්දුවටද සොහේල් ස්ක්වෙයාර් කට් පහරක් එල්ල කල නමුත් එවර ප්‍රසාද්ගේ පන්දුව සොහේල් පරදා පිට ඉන්න ගලවා දැමීය, පන්දුව දැමූ වේගයෙන්ම සොහේල් ඉදිරියට ගිය ප්‍රසාද්
"පලයන් ගෙදර %$@#* " යැයි කෑගැසුවේය.
සොහේල්ට කල හැක්කක් නොවීය. තරගය ඉන්පසු කනපිට පෙරලීම ආරම්බ වුනු අතර ඊලග පන්දු ඕවර කීපයේදී ඉජාස් හා ඉන්සමාම් දැවී ගියේය,සොහේල්ගේ පාලනය කල ගත නොහැකිවූ කෝපය පකිස්තානය දෙසට යොමුවී තිබූ තරගය පකිස්තානයෙන් ඈතට ගෙනගියේය.
අවසානයේදී ඉන්දියනුවන් අතිශය ජනප්‍රසාදයට පත් ජයග්‍රහනයක් ලබාගත් අතර බැංගලෝර වීදි පුරා පුරා ඉන්දියානුවන් පෙරහැරවල් ගිය අතර ,කුපිත ඌ පාකිස්තානු ප්‍රේක්ශකයෙක් රූපවාහිනියටද වෙඩි තබා ,තමාටත් වෙඩි තබා ගත්තේය.
තරගය ගැන Indian Cricket සගරාවට 1996දී ලිපියක් ලියූ ආර්.මොහාන් මෙසේ සදහන් කර ඇත. " .. සොහේල් ඔහුගේ කෝපය සමග තිබූ සටනින් ජයගත්තේ නැත.පිටියේ ඕනෑම තැනකට පන්දුව යෑමට පහර දීමට තමන්ට හැකි අවස්තාවක සිටි සොහේල්, ප්‍රසාද්ගේ පන්දුවකට දැවුනා යැයි පවසනවාට වඩා ,සොහේල් ඔහුගේම "කෝපය" නම් පන්දුවෙන් දැවුනේයැයි කීම වඩාත් උචිතය "
ලිපියට අදාල වීඩියෝ පටය - https://www.youtube.com/watchv=nhs6FP7L8H8
0 comments:
Post a Comment