Blogger Widgets

Saturday, March 14, 2015



" මාගේ පක්ශපාතීත්වය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ක්‍රීඩාලෝලියා වෙතටයි. ඔවුන්ගේ මිලියන විස්සක හදවත් අපගේ දිවයිනේ රිද්මයට එකාවන්ව ස්පන්දනය වන්නේ,අපගේ මෙම ක්‍රීඩාව කෙරෙහි ඔවුන් තුල තිබෙන්නාවූ නොමියෙන සදා ලැදි ආදරය වෙනුවෙනි. විවිද ජාතීන්වලට , කුලවලට , ජනවර්ග වලට හා ආගම්වලට අයත් ක්‍රීඩාලෝලිහු , පොදු ජාතික අවශ්‍යතාවයකදී  සමගි සම්පන්නව එකට ප්‍රීතිය සමරති. මගේ අත්තිවාරම ඔවුන්ය, මගේ පවුල ඔවුන්ය, මම මගේ ක්‍රීඩාව ඔවුන් එනුවෙන් කරන්නෙමි. ඔවුන්ගේ ධීර භාවය ක්‍රිකට් ක්‍රීඩාවේ  සත්‍ය වූ ධීර භාවයයි. මා සමග මගේ සියලුම ජනතාව සිටිති. මම සිංහලයෙකු වෙමි, ද්‍රවිඩයෙකු වෙමි, මුස්ලිම් වරයෙකු, කතෝලිකයෙකු වෙමි. මම සැදැහැවත් බෞද්ධයෙකි, ඉස්ලාම් අනුගාමිකයෙකි, හින්දුවරයෙකි, කතෝලිකයෙක්මි, මම අද සහ සැමදාමත් සාඩම්බර ශ්‍රී ලාංකිකයෙකු වන්නෙමි. "

- කුමාර සංගක්කාර 
2011 එම්.සී.සී ක්‍රිකට් ජීවගුණ, කවුඩ්‍රි දේශනය

----------------------------------------------------------------------

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පුරා දශකයකට වඩා වැඩි කලක් හතරේ සීමාව ඇතුලත් ඔහු පෑ පෙලහර  එකිනෙක ගෙන හැර පෑම අනවශ්‍යයැයි හැගේ, ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා , දෙවරක් ICC ජනතා තේරීමේ ක්‍රීඩකයා , ලොව අංක එකේ ටෙස්ට්  පිතිකරුවා,දෙවරක් වසරේ එක්දින ක්‍රීඩකයා,වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ හොදම ක්‍රිකට් නායකයා ඇතුලු ඔහු පුද ලද සම්මාන බුහුමන් , ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කල සේවයට සාක්ශි දරනු ඇත, 

-----------------------------------------------------------------

දිනක්, ලාහෝර් බෝම්බ ප්‍රහාරයෙන් පසු ඊට අසන්න දිනයකදී ඔහු සිය මෝටර් රථය පදවාගෙන යමින් සිටින මොහොතකදී හමුදා මාර්ග බාධකයකදී ඔහුට තම මෝටර් රථය නැවැත්වීමට අණ ලැබුනි. ගිනි අවිය අතදරා පැමිනි හමුදා සෙබලා දුටුවේ තමන් නැවත්වූ මෝටර් රථයේ සුක්කානම අල්ලාගෙන සිටි සංගක්කාරවයි.ඔහුව හදුනා ගත් සෙබලා 

" කනගාටුයි නතර කලාට, ඔබට කොහොමද? " 

" මම හොදින් ඉන්නවා "  සුපුරුදු සිනහව සමග සංගා පිලිතුරු සැපයුවේය 

"අපේ කංඩායමට ත්‍රස්තවාදියෝ පහර දුන්නා කියල ඇහුවත්, ඔයාට වෙඩි වැදුනා කියලා ඇහුවමත් අපි හොදටම බය වුනා"

" ඒ උනාට ඔයගොල්ලෝ හැමදාමත් ඒ වගේ දේවල් වලට මුහුන පාන අයනේ" සංගා සෙබලුන්ගේ ජීවිතය තමන්ට වඩා අවදානම් සහිත එකක් යැයි පහදා දීමා උත්සහ කලේය,

" ඔව්.. ඒක ඇත්ත, ඒ උනාට ඔයාලා අපේ වීරයෝ " තරුන සෙබලා පැවසීය 

" මට විශාල අනුකම්පාවක් දැනුනා.හිත හුගක් සසල වුනා, ඔහු තමයි සත්‍ය වීරයා. ..ඔහුගේ රට වෙනුවෙන් ඔහු දිනපතා සේවය කරද්දී , ඔහුගේ ජීවිතය , සතුරු සටන් භූමියේ ඉදිරියෙන්ම තබා , සටන් වදින වීරයෙක්, එහෙම තියෙද්දී ඔහු අප දිහා බලන්නේ , ඔහුගේ හිතට දැනෙන දැඩි අනුකම්පාවකින්. දයාවකින්, අන්න ඒ කාරනය , මම මේ රටේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු යන කාරණය , මට අතිශය සතුට දෙන හැගීමක් වුනා. "

තරුන සෙබලාගේ කතාවෙන් කම්පනයට පත්වූ සංගා , පසුව ඔහු මුහුන දුන් සිදුවීම මාධ්‍යයයට ඉදිරිපත් කලේ ඒ අයුරිනි. 

-------------------------------------------------------------

වමත් පිතිකරුවන්ගේ පිතිකරනය , ලාලිත්‍යයෙන් පිරි ශෝභමාන දෙයක් යැයි අනාදිමත් කාලයක සිට පිලිගැනෙන මතයකි.අප දුටු එංගලන්තයේ ඩේවිඩ් ගවර්, බ්‍රයන් ලාරා මෙවැනි අලංකාර අමත් පිතිකරුවෝ වෙති. ඊට පසුව මෙම වර්ගීකරනයට එකතු කල හැක්කේ කුමාර සංගක්කාර පමනි. ඔහු පිතිකරන කලාවේ අපූරු සිත්තරෙකි. ඔහුගේ පිතිකරන නිර්මාන , සීගිරි පව්වේ නමක් නොදන්නා සිත්තරාගෙත්, දබුලු ලෙනේ නලගම සිත්තාරුන්ගෙත්, කැලනි වෙහෙරේ සිතුවම් ඇදි සෝලියස් මැන්දිස්ගේ සිතුවම් තරමටම මනෝරම්‍ය වේ. 

--------------------------------------------------------------

ඔහු කිසිදිනක විනුසුරු තීරනය ලබාදෙනතෙක් පිටියේ රැදී නොසිටියි. තමන් දැවී ගියා යැයි ඔහුට සිතෙන්නේ නම් විනිසුරු තීරනය කුමක්දැයි ඔහුට වැදගත් නොවේ. එලෙසම උඩපන්දුවක් නියමිත් අයුරුන් රැක නොගත්තේනම් ඔහුම එය විනිසුරුට දන්වයි. ලෝක කුසලාන අවසන් තරගයක පවා ඔහුගේ මෙම මහත්මා ගුන වෙනස් නොවූ අතර ලොව පුරා ප්‍රේක්ශකයන්ගේ නිබද ආදරයට ගෞරවයට ඔහු පාත්‍ර වනුයේ එහෙයිනි. 

-------------------------------------------------------

ලොව බිහිකල අසහාය වමත් පිතිකරුවා ,එමෙන්ම  ක්‍රිකට් ක්‍රිඩාවේ සිටි ජීවගුනය සපිරි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙකු වූ ඔහු තම සිමිත් ඕවර ක්‍රිකට් දිවියේ අවසන් තරග තුන අභියස සිටී, ලක් මවට ලබාදිය හැකි උපරිම ගෞරවය වන ක්‍රිකට් ලෝක ශූරතාව ලබාදී ක්‍රිකට් ලොව පියස්ස තරනයට ඔහුට වාසනාව ලැබේවා යන්න මිලියන විස්සක් වු  ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුම වේ. එය එසේම වේවා  !!!!!!!!!  රක්ඛන්තු සබ්බ දේවතා .......

සංගා ඔබට චිරන් ජයතු !!!!!!!!!!!!!!! 

- ප්‍රවීන විස්තර විචාරක පාලිත පෙරේරා මහතාගේ " අමරනීය ක්‍රිකට් අන්දර " කෘතියෙන් ඇතැම් කරුනු ලබා ගන්න ලදී



ඉන්දු - පකිස්තාන එක්දින තරගාවලියක් කුමන තත්වයකදී වුවද අතිශයින්ම උද්වේගකරය.එය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් වූයේනම් එහි උනුසුම තවත් වැඩිවේ. 1996 විල්ස් ලෝක කුසලානයේදී ඉන්දු- පකිස්තාන අර්ධ අවසන් පූර්ව තරගය ජයපරාජයට වඩා දෙරටේ ගෞරවය සම්බන්ධ මිනුමක් වී තිබුනි. 

පලමුව පන්දුවට පහර දුන් ඉන්දියානු කන්ඩායම පන්දු ඕවර 50 අවසන් වන විට ලකුනු 289ක ලබාගෙන තිබූ අතර පකිස්තානුවන්ට ජයග්‍රාහී ඉලක්කය 290ක් විය. ගිනිකෙලි දර්ශනය ඇරබුනේ ඉන් පසුවය. සහිඩ් අන්වර් සහ අමීර් සොහේල් පලමු පන්දු වාර 10 තුල ලකුනු 84ක් රැස් කල අතර පලමු කඩුල්ල ලෙස අහිඩ් අන්වර් දැවී ගියද තම ප්‍රහාරය දිගටම පවත්වා ගත් සොහේල් පන්දු 50කින් ලකුනු 50ක් රැස් කලෙ ඉන්දියානුවන් පරාජය  අභියසට රැගෙන යමිනි.පන්දුවාර 14ක් වන විට පකිස්තානු ලකුනු පුවරුව එක් කඩුල්ලක් දැවී  110ක්  විය

නව පන්දු ආරය වෙන්කටේශ් ප්‍රසාද් ආරම්භ කල අතර චින්නසාමී ක්‍රීඩාංගනයට එක් රැස් වූ තිස්පන්දාහකට අධික  ඉන්දීය ප්‍රේක්ශක ප්‍රතිචාර සොහේල් කෝප ගන්වා තිබුනි. ජයග්‍රහනයට අවශ්‍ය මූලික් පදනම සැකසී ඇති එමෙන්ම ඉතා හොදින් ලකුනු ලබගනිමින් පිටියේ ඕනෑම තෙනකට පන්දු අහර දිය හැකි මට්ටමක සිටි  සොහේල් කල යුතුව තිබුනේ  කෝපය පාලනය කරගනිමින් කන්ඩායම ජයග්‍රහනයට රැගෙන යාමයි.නමුත් ඔහුට තම කෝපය පාලනය කර ගත නොහැකි විය. 

ජයග්‍රහනය මදකට මනසින් ඉවත් කල ඔහුට අවශ්‍ය වූයේ ඉන්දීය ප්‍රේක්ශකයන්ට පාඩමක් ඉගැන්වීමයි. වෙන්කටේශ් ප්‍රසාද්ගේ පන්දුවට සොහේල් එල්ල කල ස්ක්වෙයාර් කට් පහර හතරේ සීමාව පසුකර ගියේ විදුලි වේගයෙනි. 

පහර එල්ල කල සොහේල් පන්දුව ගිය දෙසට පිත්ත යොමුකර ප්‍රසාද් දෙසට හැරී 

" ගිහින් අහුලන් වරෙන් ........." 

ප්‍රේක්ශකාගාරයෙන් ලැබුනු පිලිතුර වූයේ " හූ " හඩකි. නොකඩවා ලැබෙන හූ හඩින් තවත් කෝප ගැන්වූ සොහේල්ට අවශ්‍ය වූයේ  ඊලග පන්දුවටද තවත් හතරේ පහරක් එල්ල කර ඉන්දීය ප්‍රේක්ශකයන්ට පාඩමක් ඉගැන්වීමටයි. 

ඊලග පන්දුවටද සොහේල්  ස්ක්වෙයාර් කට් පහරක් එල්ල කල නමුත් එවර ප්‍රසාද්ගේ පන්දුව සොහේල් පරදා පිට ඉන්න ගලවා දැමීය, පන්දුව දැමූ වේගයෙන්ම සොහේල් ඉදිරියට ගිය ප්‍රසාද් 

"පලයන් ගෙදර %$@#* " යැයි කෑගැසුවේය.

සොහේල්ට කල හැක්කක් නොවීය. තරගය ඉන්පසු කනපිට පෙරලීම ආරම්බ වුනු අතර ඊලග පන්දු ඕවර කීපයේදී ඉජාස් හා ඉන්සමාම් දැවී ගියේය,සොහේල්ගේ පාලනය කල ගත නොහැකිවූ කෝපය පකිස්තානය දෙසට යොමුවී තිබූ තරගය පකිස්තානයෙන් ඈතට ගෙනගියේය. 

අවසානයේදී ඉන්දියනුවන් අතිශය ජනප්‍රසාදයට පත් ජයග්‍රහනයක් ලබාගත් අතර බැංගලෝර වීදි පුරා  පුරා ඉන්දියානුවන් පෙරහැරවල් ගිය අතර ,කුපිත ඌ පාකිස්තානු ප්‍රේක්ශකයෙක් රූපවාහිනියටද වෙඩි තබා ,තමාටත් වෙඩි තබා ගත්තේය. 

තරගය ගැන Indian Cricket සගරාවට 1996දී ලිපියක් ලියූ ආර්.මොහාන් මෙසේ සදහන් කර ඇත. " .. සොහේල් ඔහුගේ කෝපය සමග තිබූ සටනින් ජයගත්තේ නැත.පිටියේ ඕනෑම තැනකට පන්දුව යෑමට පහර දීමට තමන්ට හැකි අවස්තාවක සිටි සොහේල්, ප්‍රසාද්ගේ පන්දුවකට දැවුනා යැයි පවසනවාට වඩා ,සොහේල් ඔහුගේම "කෝපය" නම් පන්දුවෙන් දැවුනේයැයි කීම වඩාත් උචිතය " 

ලිපියට අදාල වීඩියෝ පටය - https://www.youtube.com/watchv=nhs6FP7L8H8




මීට වසර 18කට පෙර මාර්තු මස 13 වෙනිදා දිනක 90,000 කට අධික ප්‍රේක්ශක ධාරිතාවයක් සහිත කල්කටාහි ඊඩන් ගාර්ඩන් පිටිය අතුරු සිදුරු රහිතව පිරීගොස් තිබුනි.ඒ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විල්ස් ලෝක කුසලාන අවසන් පුර්ව තරගය වෙනුවෙනි. අවසන් පූර්ව තරගයේදී පකිස්තානය පරාජ කර ඉන්දියානුවන් සිටියේ ඉහල මානසික මට්ටමකය.තරගාවලියේ අපරාජිතයන් වූ ශ්‍රී ලංකා කන්ඩායම පලමු වටයේදීද ඉන්දියානුවන් පරාජ කල කල අතර යලිත් වරක් ඉන්දියානුවන්ට පරාජය උරුම කරදීම සිංහයන්ගේ තිර අදිටන විය
මොහොමඩ් අසාරුදීන් කාසිය වාසිය දිනා පලමුව පන්දු යැවීමට තීරනය ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය අසතුටු දායක විය.ක්‍රිකට් ලොව උඩි යටිකුරු කල සනත් කලූ යුගලය පලමු පන්දු වාරය තුලදීම ක්‍රීඩාගරයට යැවීමට ශ්‍රීනත් සමත්වූ අතර ලකුනු 35 වනවිට ගුරුසිංහද දැවී ගියේ ඉන්දියානුවන් තුල ජයග්‍රාහී බලාපොරොත්තු ඉහල නංවමිනි.
කඩුලු 3ක් අඩු ලකුනු සංඛ්‍යාවකට දැවී ගියද සටන අත්හැරීමට හෝ ආරක්ශාකාරී පිලිවෙතක් අනුගමනය කිරීමට උප නායක අරවින්ද රිසි නොවූ අතර ඉන්දියානුවන්ට අත දිගහැර පහර දීම ඔහුගේ ක්‍රියා පිලිවෙත විය.
" එය මා දුටු විශිෂ්ටතම අර්ධ ශතකයයි.එය ඔහුට යාර 22ක් දුරින් සිට නැරබීමට ලැබීම මගේ ජීවිතේ, මා ලැබූ ඉහලම භාග්‍යයකි. " - රොශාන් මහානාම ( වේදනාත්මක සමුගැනීම)
පන්දු 47කින් හතරේ පහර 14කින් හැඩවූ ඔහුගේ ඉනිම පිලිබදව ඔහු සමග අනිත් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි මහානාම අදහස් දැක්වූයේ එලෙසිනි
ලකුනු සංඛ්‍යාව 85ක් වනවිට අරවින්ද දැවීගිය අතර ඒ කුම්බ්ලේ යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි. මහානාමට නායක අර්ජුන එක්වූ අතර ඉනිම සෙමින් සෙමින් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට ඔවුන් සමත් විය. අර්ජුන දැවීයන විට මුලු ලකුනු සංඛ්‍යාව 168ක් විය. ලකුනු 187ක් වන විට එනම් 38වන පන්දු වාරයේදී මහානාම පාදයේ ඇතිවූ ආභාදයක් දරාගත නොහැකිව පිටියෙන් ඉවත්විය.ආබාදය සහිත්ව ඔහු එතෙක් අපහසුවෙන් ක්‍රීඩාකර අතර වේදනාව උත්සන්න වීම නිසා ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
" සිටගෙන හෝ සිටීමට හැකිවූයේ නම් මා ඒ අවස්තාවේ පිටියෙන් ඉවත් වන්නේ නෑ" - මහානාම පසුව පැවසුවේය.
පසුපෙල පිතිකරුවන් මැනවින් තම කාර්‍ය බාර්‍ය ඉටුකල අතර ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 50 අවසන් වන විට කඩුලු 8කට ලකුනු 251ක් විය.
"ලකුනු 20ක් 30ක් පමන අඩුවෙන් අපි ලබාගත්තේ. නමුත් මම මගේ පන්දු යවන්නන් පිලිබද දැඩිව විශ්වාස කලා -" අර්ජුන
ලකුනු 252ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පැමිනි ඉන්දිය පිලේ පලමු කඩුල්ල ලෙස නිව්ජොන්ට් සිං සිදූ දවාගෙනීමට වාස් සමත් විය.නමුත් සචින් සමග එක්වූ සන්ජේ මන්ජේකාර් ඉන්දීය ඉනිම ජයග්‍රාහී මාවතට යොමු කලේය.
සනත්ගේ පා ඉන්නට එපිටින් වැටුනු පන්දුවක් හමුවේ කලුවිතාරනගේ විශ්මිත කඩුලු රැකීම හමුවේ සචින් ලකුනු 65කට දැවී යනවිට ඉන්දීය ඉනිම ලකුනු 98ක් විය. ඔවුන් සිටියේ ජයග්‍රහනය අබියසය
නමුත් ඉන්පසු ඇරබුනේ පෙරහැරකි. ඉන්දීය පිතිකරුවන් පන්දුවට පහර දීමට පැමිනියාටත් වඩා වේගෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත පිය නගන්න විය.ඉන්දීය ඉනිම බිද වැටුනේ මෙලෙසිනි.
1-8 (සිදූ ), 2-98 (සචින් ), 3-99 (අසාරුදීන් ), 4-101 (මන්ජේකාර් ), 5-110 (ශ්‍රීනාත් ), 6-115 (ජඩේජා ), 7-120 (මොන්ගියා ), 8-120 (කපූර් )
ජයග්‍රනයක් උදේසා පැමින සිටි ඉන්දියානුවන් කෝපයෙන් වියරු වැටුනු අතර ඔවුන් ක්‍රීඩාවේ හරය වටහා නොගත් නරුමයන් ඒ හැසිරෙන්නට විය.පිටියට බෝතල් විසිකරමින් ශ්‍රී ලංකා පන්දු රකින්නටද බෝතල් විසි කරමින් පහර දෙමින් ඊඩන් ගාර්ඩන් පිටියේ අසුන් ගිනි තබමින් ඔවුන් තරගය පැවැත්වීමට බාදා කරන්නට විය.
තරග තීරක ක්ලේව් ලොයිඩ් පැමින තත්වය පාලනය උත්සාහ දැරූ එය අසාර්තක විය.අවසානයේදී ඔහු ශ්‍රී ලංකා කංඩායමට ජයග්‍රහනය ප්‍රදානය කලේය. එනම් විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරගයට සිංහ පෝතකයන් සුදුසු කම් ලැබීය.මන්ද එවිට ඉන්දියාව සිටියේ තරගය ජයගත හැකි තත්වයක නොවේ.
සනත් කඩුලු 3කින්ද අරවින්ද, වාස්, මුරලි ධර්මසේන කඩුලු එක බැගින්ද ලබා ඉන්දීය ඉනිම වැනසීමට දායක විය.
පන්දුවට පහර දෙමින් සිටි විනෝද් කම්බ්ලි අඩමින් ක්‍රීඩාගාරයට ගිය අයුරු අප කාගේත් මතකයෙන් ඈත් නොවනු ඇත.ඒ අපි ඉන්දීයානුවන් හැඩවූ දිනයක් බැවිනි. ඒ මීට වසර 18කට පෙර අද වැනි දිනකය.
ඉන් දින 4කට පසු පකිස්තානයේ ලාහෝර් නුවරදී ක්‍රිකට් ලොව විශිටයන් ලෙස අබිසෙස් ලැබීමට ලක්මව සමත් විය. ඒ ඕස්ට්‍රේලියානුවන් පරාජය කරමිනි. එම දසුන නැවත බංගලාදේශයේ Mirpur පිටියේදී දකින්නට වරම් ලැබේවා යන්න අප කාගේත් ප්‍රාර්තනයයි.


දකුනු අප්‍රිකාව හා අවාසනාව යනු එකම වචනයක්දෝ යැයි සිතෙන තරමටම දකුනු අප්‍රිකානුවන් සමග අවාසනාව බද්ධ වී තිබේ.ඔවුන් මෙතෙක් සහබාගී වූ සියලුම ලෝක කුසලාන තරගාවලියන්හීදී කුසලානය සදහා ඉදිරියෙන්ම සිටි කන්ඩායමක් වූ නමුත් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයෙන් ඔබ්බට යාමට නොහැකිව සැමදාම ඔවුන්ට හිස් අතින් ආපසු හැරී යාමට සිදුවුනි. 

වර්නබේදවාදය හේතුවෙන් ඔවුන්ට 70 දශකයේදී ක්‍රිකට් තහනම් වූ අතර නැවත ඔවුන්ට ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාවට වරම් ලැබෙනුයේ 1991 වසරේදීය.ඔවුන් තම  කුලුදුල් ලෝක කුසලාන තරගාවලියට 1992 වසරේදී  සහබාගී වූ අතර එවර ඔවුන්ගේ ලෝක කුසලාන ජයග්‍රහනයට වර්ශාව හරස් විය. 

ලකුනු 22 පන්දු 7ක් තුල ලබා ගැනීම ඔවුන්ගේ ඉලක්කය විය, නමුත් වර්ශාව ඔවුන්ට එරෙහි වූ අතර වර්ශාවෙන් පසු ඔවුන් පන්දුවට පහර දීමට එනවිට එක් පන්දුවකට ලකුනු 22 ක් ලෙස එවකට තිබූ ගනනය කිරිමේ ක්‍රමවේදය ගනන් බලා තිබුනි. . ඉතින් කුමක් කරන්නද මීලග ගුවන් යානයෙන් තම මව් රටට පැමිනීම හැරුනු කොට ?????  

සිව් වසරකට පෙර කැංගරු දේශයේදී අහිමි වූ කිරුල ආසියානු බිමේදී ලබාගනු පිනිස ඔවුන් නැවතත් තරගාවලියේ ප්‍රියතමයන් ලෙසින් 96 ලෝක කුසලාන තරගාවලියට එක් විය.ඔවුන්ගේ සාම්ප්‍රධායික ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්  එවර ඔවුන්ට ලෝක කුසලානය අහිමි කරන ලදී.ඒ පිලිමලුන් පිටුදැකීමේ අයුරින් පැවති අර්ධ අවසාන පුර්ව වටයේදී ලකුනු 19ක ජයක් ලබාගනිමිනි. ලකූනු 264ක ඉලක්කයක් හබාගිය දකුනු අප්‍රිකානු ලකුනු පුවරුව  වරෙක එක කඩුල්ලක් දැවී ලකුනු 118ක් ලෙස සදහන් විය.සිදුවූයේ  ක්‍රිකට් ක්‍රීඩාවේ  අවිනිශ්චිතබාවය හෝ දකුනු අප්‍රිකානුවන්ගේ අවාසනාව හෝ කුමන  කරුනක් දැයි නොදනිමි නමුත් අවසානයේදී ඔවුන්ගේ ඉනිම කොදෙව්වන්ට වඩා ලකුනු 19ක් මෙපිටින් නතර විය.

ක්‍රිකට් උපන් බිමේදී ඔවුන් නැවත තම වාසනාව උරගා බලන්නට විය. එවර පලමු වටයේ ඔවුන්ගේ කානඩයේ පලමුවෙනියා වෙමින් සුපිරි 6 දෙනාගේ වටයට පැමිනි අප්‍රිකානුවන් එවරද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනුයේ කෙසේ හෝ මෙවර කුසලානය ලබා ගැනීම වෙනුවෙනි.එවර  බර්මින්හැම් නුවරදී ඔවුන්ට පලදෙනුයේ ඇදහිය නොහැකි මට්ටමේ වූ අකුසල කර්මයකි.පලමුව පන්දුවට පහර දුන් කැංගරුවන්ගේ ඉනිම ලකුනු 213කට සීමාවූ අතර එය ප්‍රබල අප්‍රිකානුවන්ට කජු කන්නාක් වැනි ඉලක්කයක් විය. නමුත්  කජු කෑමත් ලේසි නොවූ අතර කෙසේ නමුත් තරගය ඔවුන් 213/9 ( 43.1) මට්ටමට ගෙන ආ අතර ඉලක්කය පන්දු 5කින් එක් ලකුනක් විය. නමුත් ඇලන් ඩොනල්ඩ් දුවද්දී දැවී ගියේ අනවශ්‍ය අයුරින් ලකුනක් ලබා ගැනීමට උත්සහ කල නිසාවෙනි. ලකුනු සමවීමෙන් තරගය අවසන් වූ අතර සුපිරි 6 වටයේදී කැංගරුවන් අප්‍රික්නුවන් පරාජය කිරීම හේතුවෙන් කැගරුවට අවසන් තරගයේ දොරටුද අප්‍රිකානුවන්ට ගුවන් යානයේ දොරටුද විවර විය.

තවත් සිව් වසරක් ගෙවුනි.තුන්වරක් ගිලිහුනු කුසලානය තම මව්බිමේදී ලබාගනිමියැයි තිර අදිටනින් ඔවුන් එවර ලෝක කුසලාන තරගාවලියට  පිවිසුනි.එවර ඔවුන්ට ඩක්වර්ත් සහ ලුවිස් හරස් විය. පලමු වටයේ අවසන් තරගය ශ්‍රි ලංකාව සමග පැවැත්වුනු අතර එම තරගය ජයගැනීම දකුනු  අප්‍රිකානුවන්ට සුපිරි 6 වටයට යා ගත හැකි එකම හා අවසන් තුරුම්පුව වී තිබුනි.පලමුව පන්දුවට පහර දුන් ලංකාව ලකුනු 240ක් රැස් කල අතර එක ඉලක්කය හබා යන අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුනු 229ක් වන විට වර්ශාව පතිත විය.ඒ වනවිට ඔවුන් ඩක්වර්ත් සහ ලුවිස් ඉලක්කය වූ 230ට වඩා එක් ලකුනක් පිටුපසින් විය.තරගය විසදුමක් නැතිව අවසන් වුවද දකුනු අප්‍රිකානුවගේ ලෝක කුසලාන ගමනට නම් විසදුමක් ලබුනි. ඒ නැවතීම් තිතකි.  

ඉන් සිව් වසරක් ගෙවුනු තැන නැවතත් ඔවුන් කොදෙව් දේශයට ගියේ කෙසෙ හෝ මෙවරදීවත් ලෝක කුසලානය ලබා ගැනීමේ අදිටනිනි. එවරද කැංගරුවන් හමුවේ ඔවුන්ගේ ලෝක කුසලාන ගමන අවසන් පූර්ව අටයෙන් නිමා වූයේ අන් කිසිවෙකුගේ ගැටලුවක් මිස නොව ඔවුන්ගේම දුර්වල පිතිහරබය නිසාවෙනි. 

නැවතත් 2011 වසරේදීත් ඔවුන්ගේ දුර්වල පිතිහරබය ඔවුන්ට අවසන් පූර්ව වටය හෝ  අහිමි කරමින් නවසීලන්තය විස්මිත ජයක් ලැබුයේ දකුනු අප්‍රිකානුවන්ට ඔවුන්ගේ අවාසනාව පිලිබද නැවත මතක් කර දෙමිනි. 

තව පැය කිහිපයකින් ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය උදා වේ. මෙවරද ලෝක කුසලානයේ ප්‍රියතම කන්ඩායම ලෙසින් නැවතත් ඔවුන් තම අවාසනාව ඇරබුනු භූමියටම  පැමින සිටියි. මෙවර කුමක් සිදුවේද? නැවතත් අවාසනාව ප්‍රබල වේද? නැත්නම් ඔවුන්ට සිකුරා  ලබයිද?

SLOW OVER RATE !!!!



ක්‍රිකට් ක්‍රීඩාවේදී පිලකට නියමිත පන්දු ඕවර සංඛ්‍යාව නියමිත කාලසීමාවක් තුල යවා අවසන් කල යුතුව ඇති අතර, ප්‍රේක්ශක අකර්ශනය පවත්වාගනු පිනිස වර්තමානයේදී එම නීතිය තදින් ක්‍රියාත්මක වේ. 

පන්දු වාර 50 එක්දින ක්‍රිකට් තරගයක්දී පිලක් ඔවුන්ට නියමිත පන්දුවාර 50 මිනිත්තු 210ක් තුල යවා අවසන් කල යුතුය. ඉන් මිනිත්තු 10ක්  සිසිල් පැන් පානය සදහා වෙන්වේ.එම මිනිත්තු 10 අත්හල විට පන්දු වාර 50 සදහා මිනිත්තු  200ක් එනම් පන්දුවාරයක් සදහා  මිනිත්තු 4ක් ( 200/50 ) හිමිවේ. 

පන්දු වාර 20 තරගයක්දී සිසිල් පැන් පානය සදහා වෙන්කර ඇති කාලයද ඇතුලුව විනාඩි 75ක් ලැබේ. 

ටෙස්ට් ක්‍රිකට් තරගයකදී  දිනක් තුල පන්දු ඕවර 90ක් යැවිය යුතුය.ඒ පැය 6ක් කාල සීමවක් තුලදීය. පස්වන එනම් අවසන් දිනයේදී අතිරේක පැය බාගයක් ලබාගැනීමට ඉල්ලිමක් කල හැක. සාමන්‍ය පැයක කාල සීමවක් තුල පන්දු වාර 15ක් ද අතිරේක පැය බාගය තුල පන්දුවාර 7ක් ද යැවිය යුතුය. 

අයි.සී.සී ක්‍රිකට් නීතින්ට අනුකූලව .... 

පැයක් තුල පන්දු වාර 14.28 අවම පන්දු වාර  යැවීමේ වේගය ලෙස සලකන අතර, එය තරගය අවසානයේ " සමස්තයක් ලෙස " විනිසුරුවන් විසින් ගනනය කරනු ලැබේ. 

පන්දු වාර 50 සහ 20 තරග වලදී නියමිත කාලය අවසන් වනවිට තවත් පන්දු වාර 2ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් යැවීමට ඇත්නම් Minor Over Rate Offence ලෙස සලකන අතර , පන්දු වාර 2කට වඩා යැවීමට ඇත්නම් Serious Over Rate Offence ලෙස සලකයි.  

ටෙස්ට් තරයකදී නියමිත කාල සීමාව වසන් වන විට තවත් පන්දු වාර 5ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් යැවීමට ඇත්නම් Minor Over Rate Offence ලෙසද පන්දු වාර 5කට වඩා යැවීමට ඇත්නම් Serious Over Rate Offence ලෙසද සලකයි. 

අයි.සී.සී තරග නීතිරීතින්ට අනුකූලව සෑම වැඩිවන ඕවරයක් සදහා  තරග ගාස්තුවෙන් 20% ක  දඩයක් නායකයාටද 10% ක දඩයක් සෙසු ක්‍රීඩකයන්ටද හිමිවේ. කන්ඩායම් නායකයා Serious Over Rate Offence සදහා වරද කරු වුව හොත් ඔහුට එක් තරගයක් සදහා තහනමක් හිමිවේ. 

මෙම ගනනය කිරීම සදහා ටෙස්ට් තරගයක්දී නම් ඉනිම අවසන්වීම් නිසා සිදුවන පමාවීම් ද  සියලුම තරගයන් සහදා තුවාල ලැබූ ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කිරීම, බරපතල තුවාල ලැබීම් නිස ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්වීම, තුන්වන විනිසුරුට තීරන ලබාදීමට ගතවන කාලසීමා, පන්දුවට පහර හෙන කන්ඩායම සිදුකරන කාල නාස්තිකිරීම ඇතුලු පන්දු යවන පිලට පාලනයක් කල නොහැකි සියලු පමාවීම් පිලිබද සැලකිලිමත් වේ. 



නුවර එලිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමන උසකින් පිහිටා තිබින රදැල්ල ක්‍රිකට් පිටිය ලොව සුන්දරතම ක්‍රීඩාංගන අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකරගනී. දිඹුල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ පාලනයේ පවතින මෙහි විශේශත්වය වනුයේ මුහුදු මට්ටමේ සිට අඩි 4000කට වඩා උසකින් පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගන ලොව පුරා පවතිනුයේ අතලොස්සක් වීමයි. 1886 වසරේ ආරම්බ කරන ලද දිඹුල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නිවහන ලෙස රදැල්ල ක්‍රිකට් පිටිය සලකයි.

ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි වරෙක පැවසුවේ,මුහුදු මට්ටමේ සිට ඇති උසත් වලාකුලු පිරි අහසත් නවසීලන්ත, ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගන වල ඇති තනතිලි වලට සමාන වීම හා අධික ශීත කාලගුනයත් නිසා වේග පන්දු යවන්නට ඉතාමත් යෝග්‍ය එලෙසම ඉතාමත් හොදින් පන්දුව දෝලනය කල හැකි ක්‍රීඩාංගනයක් ලෙසයි.

1983/84 වසරේ සංචාරක නවසීලන්ත පිල හා ක්‍රිකට් සබාපතිගේ පිලත් අතර පුහුනු තරගයක් පැවැත්වීමට නියමිතව තිබුනද, වර්ශාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදුවිය

එලෙසම 2000 වසරේ ලංකාව සත්කාරකත්වය දැරූ වයස 19 පහල ලෝක කුසලාන තරගාවලියේ තරග කීපයක් මෙහි පැවැත්විනි.ඉන් පසු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය පිලිබද බලධාරීන්ගේ අවදානය යොමු නොවුනි.

කෙසේ නමුත් 1975 වසරේ ලෝක ශූරතාවයට යාමට පෙර සති 2ක පුහුනුවක් රදැල්ල පිටියේ පැවැත්වූ බව සදහන්ය.එය එසේ වුවද වර්ත්මනයේ වේගවත් තනතිලි සහිත ඕස්ට්‍රේලියානු නවසීලන්ත සංචාරයන්ට පෙර අඩුම අශයෙන් මෙහි පුහුනු තරගයක් හෝ පවත්වා එවැනි තනතිලි වලට උචිත ක්‍රීඩකයන් කවුරුන්දැයි හදුනාගැනීමක් සිදු නොවීම අභාග්‍යයකි.

හොදින් පන්දුව දෝලනය වන ඕස්ට්‍රේලියානු නවසීලන්ත තනතිලි වලට ඉතාමත් සමාන මේ ක්‍රීඩාංගනය මෙසේ අත්හැර දැමීම කනගාටුවට කරුනකි. ශ්‍රී ලංකාව සතුව හොද වේග පන්දුයවන්නන් නැතැයි කිසා මැසිවිලි නගමින් සිටීමට වඩා මෙම ක්‍රීඩාංගනය පදනම් කරගෙන ඉන්දියාව MRF වේග පන්දු ඇකඩමිය නිර්මානය කලා මෙන් වේග පන්දු ඇකඩමියක් සදහා හෝ යොදා ගන්නේ නම් ශ්‍රී ලංකාවට ඇති පැ.කි.මී 140ක පමන වේගයෙන් පන්දු යවන එමෙන්ම නිසි එල්ලයක් සහිත වේග පන්දුයවන්නගේ හිඩැස පිරවෙනු ඇත





" දැන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට එකම නිලකුනු ඕවරයක් යවාගන්න විතරක් නෙවෙයි නිලකුනු පන්දුවක්වත් යවාගන්න බැරි වෙලා තියෙන්නේ,  විනිසුරු ඩිකී බර්ඩ්ට හරියට වැඩ.... ඉස්පාසුවක් නෑ , අනේ පව් අහින්සකයා .... ලෝකෙ තියෙන ඔක්කම සංඥ මනුස්සයට  කරන්න වෙලා " 

ඒ 1975 ලෝක කුසලාන අවසන් තරගයේ BBC ගුවන් විදුලි සේවය වෙනුවෙන් විස්තර ප්‍රචාරනයේ යෙදී සිටි ජෝන් ආලට් කොදෙව් නායක ලොයිඩ් විසින් තොම්සන්ගේ හා ලිලීගේ පන්දු වලට හතර වටින් බැට දෙමින් පන්දු 82කින් ලබාගත් ලකුනු 102 විස්තර කල අයුරුය. 

ආලට් පැවසූ පරිදි තරගය අතර තුර මොහොතක්වත් ඉස්පාසුවක් නැතිව සිටි ඩිකී බර්ඩ් යනු කවුද?, හෙතම ලොව සියලු දෙනාගේ ඉමහත් ගෞරවයටත් ආදරයටත් පාත්‍රවූ ක්‍රිකට් ලොව බිහි කල අපක්ශ්පාතීම විනිසුරුවරයාය. 

හැරල්ඩ් ඩෙනිස් ( ඩිකී) බර්ඩ්  1956-64 කාල සීමාව තුල එංගලන්තයේ යෝක්ශයර් හා ලීසස්ටර්ශයර් ප්‍රාන්තය නියෝජනය කල ඔහු ඉන් අනතුරුව තම ක්‍රිකට් විනිසුරු දිවිය ඇරබීය. 1970දී පලමු පෙල තරග විනිශ්චය කල ඔහු ඉන් වසර තුනකට පසුව න්තර්ජාතික තරග විනිශ්චයට පැමිනියේය. 

1980 ලෝඩ්ස් පිටියේ පැවති එංගලන්ත - ඕස්ට්‍රේලියා ශත සංවස්තර ටෙස්ට් තරගය ඇතුලුව 1973 සිට 1996 දක්වා ටෙස්ට් තරග 66ක්ද, පිට පිටම ලෝක කුසලාන අවසන් තරග 3ක් සමගින් 1973- 95 අතරතුර එක්දින තරග 75කද ඔහු විනිසුරු ලෙස කටයුතු කලේය. 

-----------------------------------------------------

1975 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය  අවසන් වූයේ කොදෙව්වනට ලකුනු 17කින් ජය ලබාදෙමිනි.තරගයේ  අවසන් විකට්ටුව ලෙස තොම්සන් දැවී යනවා  සමගම පිටිය ආක්‍රමනය කල ක්‍රීඩාලෝලීන් දහස් ගනනකට තරගයේ මතක සැමරුම් ලබා ගැනීමට අවශ්‍යවී තිබුනි. 

ඔවුන් සැමරුම් ලෙස ක්‍රීඩකයන්ගේ හා විනිසුරුවන්ගේ ක්‍රිකට් ආම්පන්න ගලවාගෙන දිවගියේය. කීත් බෝයිස්ව බිව දමාගත් අයෙකු ඔහුගේ සපත්තු දෙකම ගලවාගත් අතර , තොම්සන්ගේ පිත්ත හා පා අවරන ඔහුට අහිමි විය, ලොකුම පාඩුව වූයේ බර්ඩ් හටය, ඔහුටම ආවෙනික වූ  සුදු  කැප්තොප්පිය  , සාක්කුවේ තිබූ අතිරේක පන්දුව හා ඉනවටා ඔතාගෙන සිටි අත් දිග ජර්සිය ඔහුට අහිමිවී තිබුනි.

මෙම සිද්දියට වසරකට පමන පසුව දිනක් බර්ඩ් බසයෙන් ගමන් කරමින් සිටින විටකදී කොන්දොස්තර පැලද සිටි කැප් තොප්පිය පිලිබද ඔහුගේ අවදානය යොමුවිය.

" යාලුවා කොහෙන්ද ඔය කැප් එක මිලදී ගත්තේ? " 

" ඇයි මනුස්සයෝ තමුසේ අහල නැද්ද ඩිකී බර්ඩ් මහත්තයා ගැන , මේක එයාගේ කැප් එකක්, ලෝක කුසලාන අවසන් තරගයේ මම එයාගේ ඔලුවෙන් මේක ගලවා ගත්තා,  අපි ඔක්කොම පිට්ටෙනිය මැද්දට දිව්වා, ඒත් රේස් එක දිනුවේ මම "

- ප්‍රවීන විස්තර විචාරක පාලිත පෙරේරා මහතාගේ " අමරනීය ක්‍රිකට් අන්දර " කෘතියෙන් ඇතැම් කරුනු ලබා ගන්න ලදී