ඒ , කල්කටා නුවරදී ඉන්දියානුවන්ට එරෙහිව විශ්මිත ජයක් ලබා තිබුනු ශ්‍රී ලංකා කන්ඩායම තම ලෝක කුසලාන අවසන් මහා තරග ප්‍රතිවාදීන් කවුරුන්දැයි විමසිල්ලෙන් පසුවූ මොහොතයි. දිනය මාර්තු මස 14යි . පුනේ ක්‍රීඩාංගනය අවට රතු සහ කහ කොඩි ලෙලදෙමින් පැවතුනේ එදින සවස් බාගයේ පැවැත්වීමට නියමිත වූ ඕස්ට්‍රේලියානු , බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව තරගය හේතුවෙනි.
බටහිර ඉන්දීය කොදෙව්වන් වසර 13කට පසු ලෝක කුසලාන අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබූ අතර එතෙක් ඔවුන් කිසි දිනක ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් පරාජය ලැබ නොතිබූ අතර එය ඔවුන්ට අමතර වාසියක් විය
බී.සී.කුරේ මහතා හා ඉන්දියානු ජාතික වෙන්කටරාගවන් තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් දෙපල ලෙස කටයුතු කල අතර , කාසිය වාසිය දිනා ඕස්ට්රේලියානුවනු නායක මාර්ක් ටේලර් පලමුව පන්දුවට පහර දීමට තීරනය කලේය
පලමුව පන්දුවට පහර දීමට ගත් තීරනය අභියෝගයට ලක් කරමින් තරගයේ ග්රහනය ආරම්භයේ සිටම කොදෙව්වන් තමන් සතු කරගත් අතර මර්ක් වෝ ලකුනු ලකුනු නොලබාද මාර්ක් ටේලර් ලකුනු 1කටද පොන්ටින් ලකුනු නොලබාද , ස්ටීව් වෝ ලකුනු 3කද පිටියෙන් ඉවත්වූයේ ඕස්ට්‍රේලියානු ලකුනු පුවරුව ලකුනු 15කට කඩුලු 4ක් විය.
ඕස්ට්‍රේලියානු ඉනිම බිද වැටී තිබියදී පස්වන කඩුල්ලට එකතුවූ ස්ටුවර්ට් ලෝ හා මයිකල් බෙවන් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුනු 157ක් වන තුරු රැගෙන ආවේ ලකුනු 138ක සම්බන්ධතාවයක් පවත්වාගනිමිනි, ලෝ ලකුනු 72කට දුවදී දැවී ගිය පසු බෙවන්ට එක්වූ කඩුලු රකින ක්‍රීඩක හීලි ලකුනු 31ක් එකතු කලේ ඕස්ට්‍රේලියානු ඉනිම යම්තරමකට සවිමත් කරමිනි. පන්දු ඕවර 50 අවසන් වන විට ඕස්ට්‍රේලියානු ලකුනු පුවරුව 207/8ක් වූ අතර බෙවන්, ලෝ හා හීලි හැරුනු විට අන් කිසිම ක්‍රීඩකයෙකුට ලකුනු 10ක් හෝ ලබා ගත නොහැකි විය
පන්දු වාර 50කින් ලකුනු 208ක් යනු කොදෙව්වන්ට පහසු ඉලක්කයක් විය. පලමු කඩුල්ල ලෙස කර්ට්නි බ්‍රවුන් ලකුනු 10කට ශේන් වෝන් හමුවේ දැවී යන විට ලකුනු පුවරුව 25ක් විය. චන්ද්‍රපෝල්ට ලාරා එක්වූ අතර ඔවුන් 93 දක්වා ලකුනු පුවෘව ඉහල නැංවූ අතර ලාරා ලකුනු 45ක් ලබා තිබියදී වෝ යවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලාරා දැවී ගියේය.
නායක රිචී රිචඩ්සන් සාහ චන්ද්‍රපෝල් කොදෙව් ජයග්‍රහනයට අවශ්‍ය පදනම සකස් කල අතර ලකුනු පුවරුව 165/2ක් විය. කොදෙව්වන් බිහිකල විශිටතම පිතිකරුවෙකු වූ කොදෙව් නායක රිචී රිචඩ්සන් ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට් දිවියට සමු දීමට තීරනය කරගෙන සිටි අතර ඔහුගේ සිහිනය වූයේ ලාහෝර් නුවරදී ලංකාවට එරෙහිව ලෝක කුසලාන ජය කොදෙව්වනට ලබාදී ක්‍රිකට් දිවියට නැවතුම් තිත තැබීමටයි.
ඉලක්කය තවත් ලකුනු 43ක් වූ අතර කඩුලු 8ක් ඔවුන් අත විය. කොදෙව්වන් ජයග්රහනයෙන් උදම් වී සිටි අතර ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ලෝක කුසලාන අවසන් තරගයකට සියල්ල සූදානම් වෙමින් පැවතුනි.
නමුත් ..............
මැක්ග්‍රාත් හමුවේ ලකුනු 80ක් ලබා සිටි චන්ද්‍රපෝල්ගේ දැවී යාම සියල්ල කනපිට පෙරලීමට හේතුවක් යැයි ඕස්ට්‍රේලියානුවන් පවා නොසිතන්න ඇත, නමුත් ක්‍රිකට් අවිනිශ්චිතය. පන්දුවාර 90ක් පමන කොදෙව්වන් සන්තකයේ තිබූ තරගය අවසන් පන්දුඕවර දහයේදී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් උදුරාගත් අතර වෝර්න් කඩුලු 4ක්ද, මැක්ග්‍රාත් හා ෆ්ලෙමින් කඩුලු 2ක බැගින්ද කොදෙව්වන්ගෙන් උදුරාගත්තේ අවසන් කඩුලු 8ම ලකුනු 37ක් තුලදී දවගනිමිනි.
ලෝක කුසලාන ජයක් සමග ගෙදර යෑමට බලා සිටි රිචී පන්දු යවන අන්තයේ තනි කරමින් කොදෙව්වන් පෙරහැරක් සේ පිටියටත් ක්රීඩාගරයටත් පියමනින්න වූ අතර පන්දු වාර 49යි පන්දු 3කදී කොදෙව් කඩුලු 10ම බිද වැටුනේ ලකුනු පුවරුව 202 ලෙස සටහන් කරමිනි.
කැංගරුවන්ට ලකුනු 5ක විශ්මිත ජයක් සමගින් ශ්‍රී ලංකාව සමග ලාහෝර් නුවර ලෝක කුසලාන අවසන් මහා තරගයට දොරගුලු විවරවූ අතර නොතිබූ ජයක් තම පිලට ලබා දෙමින් ලකුනු 36කට කඩුලු 4ක් බිද හෙලූ ශේන් වෝර්න් එදින දිනයේ වීරයා විය
ලකුනු පුවරුව - http://
0 comments:
Post a Comment