Blogger Widgets

Thursday, May 14, 2015



19.4- 16- 10-10 .විශ්වාස කල හැකිද ? 

ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුනු දින සිට මේ දක්වා වාර්ථා වූ විස්මිතම පන්දු යැවීම මෙයයි.1905 වසරේ උපත ලැබූ එංගලන්ත ජාතික හෙඩ්ලි වෙරිට් 1932 වසරේ යෝක්ශයර් ප්‍රාන්තය වෙනුවෙන් ලීඩ්ස් ප්‍රාන්තයට එරෙහිව මේ ඇදහිය නොහැකි ලෝක වාර්තාව පිහිටවනු ලැබීය. ඔහු යැවූ පන්දු ඕවර 19න් 16ක්ම නිලකුනු පන්දුවාර ඌ අතර ලකුනු 10කට සියලුම ලීඩ්ස් කඩුලු ඔහු තමන් සතු කර ගත්තේය .
පලමු පෙල තරග 378 කදී කඩුලු 1956ක් ( සාමන්‍ය 24.37) හා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 40කදී කඩුලු 144ක් බිද හෙලූ මොහු 1934දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී තෙත බරිත තන නිල්ල උපයෝගී කරගනිමින් පලමු ඉනිමේ ලකුනු 61කට කඩුලු 7ක් හ දෙවැනි ඉනිමේ ලකුනු 43 කට කඩුලු 8 ක් බිද දමමින් එංගලන්තයට විශිශ්ට ජයක් ලෝඩ්ස් පිටියේදී ලබාදීමට සමත්වූ අතර ඉනිම හෙකේදීම බැඩ්මන්ගේ කඩුල්ල තමන් සතුකර ගත්තේය
නමුත් ඔහුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස වසන් විය. දෙවැනි ලෝක යුද්දේදී කපිතාන්වරයෙකු ලෙස බ්‍රිතාන්‍ය 8 වැනි හමුදා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී ඉතාලි හමුදාවන්ට අසුවූ අතර 1943 වසරේ ජූලි මස 31 දින සිසිලියේ සිරකදවුරකදී යුද සිරකරුවෙකු ලෙස , සිරකදවුරට එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ශයට පත්වුනා.වෙරිට්ගේ අභාවය එංගලන්තයට සැලවුනේ සැප්තැම්බර් මාසයේදී


සුනිල් ගවස්කාර් යනු භාරත මාතාව ක්‍රිකට් ලොවට දායාද කල විශිශ්ට ක්‍රීඩකයෙක්, ඔහු ලොව බිහිවූ විශිශ්ට ආරම්භක පිතිකරුවෙක්,Little Master සුප්‍රකට අදරනීය නාමයෙන් ඔහුව හැදිවූ නමුත් එක් දිනක් ඔහුට ඉන්දියානු ප්‍රේක්ශකයන්ගේ දැඩි දෝශදර්ශනයට මුහුන දෙන්න සිදුවුනා.
පලමු ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගය ඉන්දියාව හා එංගලන්තය අතර 1975 ජුනි මස 07 වෙනිදා ක්‍රිකට් ලොව රන්දෙවොල වූ ලෝඩ්ස් පිටියේදී පැවැත්වූ අතර පලමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 60 අවසන් වන විට කඩුලු 4කට ලකුනු 334 ක් රැස් කල අතර ඩෙනිස් ඒම්ස් ලෝක කුසලාන තරගාවලියක පලමු ශතකය වාර්තා කරමින් ලකුනු 147ක් රැස් කලේය
පිලිතුරු ඉනිම ඇරබූ ඉන්දියානු කන්ඩායමේ ආරම්බක පිතිකරු වූ ගවස්කාර් පන්දු ඕවර 60ම ක්‍රීඩකරමින් පන්දු 174කදී ලබා ගත්තේ ලකුනු 36ක් පමනි, ඊට එකම හෝ 6,4 පහරක් අඩංගු නොවුනේය.ඉතා පහසු පන්දු පවා නිදැල්ලේ යාමට ඉඩ හරිමින් ඔහු කල අතිශය මන්ද ගාමී පිතිහරබය බලා සිටින්නට පවා අපහසු ඉතා නීරස එකක් විය.
ගවස්කාර්ගේ මස්සිනා වූ ගුන්දප්පා විශ්වනාත් ඉන්දීය පිල වෙනුවෙන් වැඩිම ලකුනු වූ 37ක් රැස් කල අතර තරගය නිමාවූයේ එංගලන්ත පිලට ලකුනු 202ක ජයක් ලබාදෙමින්. පරාජයේ වගකිය යුත්තා ගවස්කාර් වූ අතර ඉන්දීය කලමනාකරු වූ ජී.ඒ. රාම්චන්ද් මාධ්‍යයට පැවසුවේ "එංගලන්තය ලබා ගත් ඉහල ලකුනු සංක්‍යාවට සමීප වීමට හෝ නොහැකි නිසා ගවස්කාර් ටෙස්ට් තරගයකට පෙරහුරුවක් ලබන්නට ඇති බවයි. පසුව මේ ප්‍රකාශයට නොයෙකුත් අපවාද එල්ල වූ අතර පසුව රාම්චන්ද් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත් පතට ප්‍රකාශ කර තිබුනේ එය තමා දුටු බෙහෙවින් අත්මාර්ථකාමී හා අපකීර්තිමත්ම පිතිහරබය බවයි " අපේ කන්ඩායමම මේ ගැන කලකිරුනා ඔහු වැඩි දුරටත් පැවසීය




ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට ඇති උරුමය මයික්‍රෝෆෝනයකට වඩා ඉතා ඈතට දිවයයි. ඔහු විස්තර විචාරකයෙකු පමනක් නොව ලොව සිටි විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකි එපමනක්ද නොව පරිපූර්න නායකයෙකි 

ක්‍රිකට් ලොව පුරෝගාමියෙකි 
-------------------------------

1930 වසරේ සිඩ්නි නුවරදී උපන් රිචීගේ පලමු ක්‍රිකට් ගුරුවරයා වූයේ ඔහුගෙ පියාය. පියාගෙන් උගත් පාදග පන්දු කරනය ලොවම වශී කරනු ඇතැයි ඔහුවත් කිසිදිනක නොසිතන්නට ඇත. 

ඉනිමකදී කඩුලු 5ක් ලබාගැනීමට ඔහුට ටෙස්ට් තරග 25ක් යනතෙක් ඉවසීමට සිදුවූ අතර ආරම්භයේදී එතරම් දක්ශතා අතර නොසිටියද කල්යත්ම ඔහු පා දග පන්දු කරනයේ විශිෂ්ටයෙකු විය. 27.03ක සාමාන්‍යයක් සමගින් ඔහු දවාගත් කඩුලු 248 ඊට සාක්ශි සපයයි. 

පන්දු කරනයේ නව ක්‍රමවේදයන් අත්හදා බැලීමට කිසිවිටක මැලි නොවූ ඔහු තනිවම තරග දිනවූ අවස්තා කිහිපයක්ම ක්‍රිකට් ඉතිහාසයේ හමුවේ. 1961 වසරේ ඕල්ඩ්-ට්‍රැෆර්ඩ් පිටියේ එංගලන්තයට එරෙහිව ජයග්‍රහනයට ඔහු තනිවම උරදුන් අයුරු ක්‍රිකට් ලොව පුරාවෘතයකි. කඩුල්ල වටා යමින් අනිත් අන්තයේ පන්දුයවන්නා ගේ පාදය වැදීම නිසා පිටියේ ඇතිවූ කඩතොලු වලට පන්දු යැවීම ඔහු එම තරගයේ සිදුකල අත්හදාබැලීමකි.

විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකි 
--------------------------------

පලමු පෙල කඩුලු 945 කට හා ලකුනු 11000කට උරුමකම් කියම ඔහු ශතක 03ක් සමගින් අන්තර්ජාතික ටෙස්ට් ලකුනු 2000කටද ටෙස්ට් කඩුලු 248කටද උරුමකම් කියයි 

වසූරිය රෝගය සදහා බෙහෙත් එන්නත් කිරීම නිසා පිතිහරබයේදී ඔහුගේ උරහිස වේදනා දුන් අතර එම නිසා ඔහුට වැලමිට උඩ තබාගෙන පිතිහරභයේ යෙදීමට සිදුවිය. 

ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස්ද ඇත්ලත් වූ බටහිර ඉන්දීය කන්ඩායමට එරෙහිව ඔහු රැස්කල ශතකය එවකට කාලය අනුව ලොව තෙවෙනි වේගවත්ම ශතකය විය ( විනාඩි 78ක් තුල ) 

උපායශීලී අපරාජිත නායකයෙකි 
----------------------------------

1957-58 තරග වාරයේ අප්‍රිකානු පිලට එරෙහිව ලබාගත් ශතක 02ත් සමග ඔහුට ඕස්ට්‍රේලියානු නායකත්වය හිමිවූ අතර 1960 වසරේ කොදෙව්වන් සමග පැවති සුප්‍රසිද්ධ ලකුනු සමවූ තරගයද ඇතුලුව ටෙස්ට් තරග 28කට නායකත්වය සැපයූ අතර එම තරග 28න් එක තරගයක් හෝ පරජයට පත් නොවීම ඔහුගේ විශිෂ්ටත් වයයි.

ඔහුගේ සාර්තකත්වයට හේතු යමෙකු විමසූ විට ඔහු පැවසුවේ 

"Captaincy is 90% luck and 10% skill. But don't try it without that 10%."

ඔහු 1962 වසරේ විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මනයෙන්ද පිදුම් ලැබුවේය. 

ක්‍රිකට් ලොව හඩ පෞරුෂයකි 
---------------------------------

1964 වසරේ පිත්ත අත්හරිමින් මයික්‍රෝෆෝනය තෝරාගත් ඔහු, ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටියදීම BBC සේවයේ මාධ්‍යවේදී පුහුනුවකටද සහබාගී වූ අතර ඉන් ලබාගත් පන්නරය උපයෝගී කරගනිමින් පුරා වසර 40ක් තම කට හඩින් පුරා ක්‍රිකට් ලොව ඇද බැද තබාගත්තේය. 2005 වසරේදී ඕවල් පිටියේදී මයික්‍රෝෆෝනයටද සමුදුන් මේ විශිෂ්ටයා ඔහුගේ සැදෑසමය ඔහුගේ තවත් ක් විනෝදාශයක් වූ තුරග තරග වෙනුවෙන් වෙන්කලේය. 

1970 දශකයේ අග භාගයේදී කෙරී පැකර් ගේ තහනම් ලෝක ශූරතා තරගවලියේ නිතීරීති සම්පාදක වෙමින් වර්ථමාන ජනප්‍රිය ක්‍රිකට් සංස්කෘතිය හදුන්වා දීමට රිචී ගෙන් සිදුවූ මෙහෙය අපමනය 

ඉතින් ආයුබෝවන්
----------------------

ඉංග්‍රීසි මව්බස නොවන අයෙකුට පවා පැහැදිලිව හදුනා ගත හැකි මනරම් බස හැසිරවීමක් සතුවූ රිචී ක්‍රිකට් සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ මහාචාර්‍ය වරයෙකි.ප්‍රවීන ක්‍රිකට් විනිසුරු බර්ඩ් වරක් පැවසුවේ රිචීට සම කල හැක්කෙකු ක්‍රිකට් ලොව නොමැති බවයි !!!!!!

- ඔබට නිවන් සුව ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!! 

කළු බ්‍රැඩ්මන් !!!!!!!!



හැමෝම සුදු බ්‍රැඩ්මන් එහෙම නැත්නම් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගැන දන්නවනේ, කවුද අහල තියෙන්නේ කලු බ්‍රැඩ්මන් ගැන,අහලා නැද්ද , එහෙම එකෙකුත් හිටියද කියලා හිතෙනවද ? හරි ... අපි හැමෝම ක්‍රිකට් වර්ථා ගැන උනන්දුයිනේ , එහෙනම් යන්න ගූගල් වෙබ් සයිට් එකට , හොයන්න ටෙස්ට් පිතිකරන සාමාන්‍ය වැඩිම පිතිකරුවෝ ගැන, පලවෙනියනම් ලේසියි හැමෝම එයා ගැන දන්නවනේ, අර 99.94ක සාමාන්‍යයක් තියෙන්නේ,එයාට පස්සෙන් කවුද ඉන්නේ? ගැහැම් පෝලොක් , හරි ඊටත් පස්සේ ,   " ජෝර්ජ් හෙඩ්ලි "  60.83.  

ඇත්තටම කවුද මේ ජෝර්ජ් හෙඩ්ලි.?? අදමද මේ නම ඇහුවේ, හරි එහෙනම් මෙයාට තවත් නමක් තියෙනවා , ඒ " ඇට්ලස් " . ඒ නම කිව්වත් මතක් වෙන්නෑ නේද? පුදුමයක් නෑ, ඔයා විතරක් නෙවෙයි ක්‍රිකට් ලෝකෙටම දැන් එයාව අමතක වෙලා, බැඩ්මන් ලෝකේ හොදම බැටා වෙද්දී එයාගෙ කලු වර්ශන් එක " කාලයේ වැලි තලාවෙන්ද " මොකද්ද එකෙන් වැහිලා ගිහිල්ලා  !!!!!! 

පැනමාවේ දුප්පත් පැලක !!!!!!!
--------------------------------- 

සුදු බ්‍රැඩ්මන් ට මාස 9කට පස්සේ පැනමාවේ දුප්පත් පවුලක ඉපදුන හෙඩ්ලිගේ තාත්තා වාරිමාර්ගේ කම්කරුවෙක්. අම්මා ජැමෙ යිකාවේ.පොඩි කාලේ ඉස්කොලේ යන්න තරම් සල්ලි තිබුනේ නැති නිසා තාත්තගේ උදව්වට පොඩි කාලෙම මෙයා ජැමෙයිකාවට ගියා, නැන්දා කෙනෙක් පස්සෙදි මෙයාව ඉස්කෝලෙ යැව්වා, මෙයා අවුරුදු 18 වෙන කොට ජැමෙයිකා ජාතික කන්ඩායමටත් සෙල්ලම් කරා.  ලයනල් ටෙනිසන්ගේ සංචාරක එංගලන්ත ටීම් එකට රිදෙන්න දුන්න මෙයා 211, 348 හා 71 ගහල  සුද්දොන්ටත්  ක්‍රිකට් එපා කරා.තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙයා හිටියේ අද ඊයේ නෙවෙයි .මීට අවුරුදු 100කටත් ඉස්සර, ඒ කියන්නේ 1909 දී තමයි මෙයා ඉපදුනේ 

බටහිර ඉන්දීය කොදෙව් ජාතික කන්ඩායමට 
----------------------------------------------

 එංගලන්ත සංචාරක පිලකට නෙලපු නෙලිල්ල නිසා ඉක්මනටම හෙඩ්ලිව බ.ඉ.කොදෙව් පිලට ගත්තා. ඒ කැරබියන් දූපත් වල තිබුන මුල්ම ටෙස්ට් මැච් එක, ඒ කාලේ කොහොමත් වන්ඩේ මැච් නෑනෙ, ඒ නිසා ඒක එහෙ තිබුන මුල්ම ඉන්ටර්නැශනල් මැච් එකත් වෙනවා. යන්තම අවුරුදු 20ක් පිරුනු අපේ මේ පොඩි හෙඩ්ලි දෙවෙනි ඉනිමෙදී ලකුනු 178ක් ගැහුවේ ඒ කාලෙ වෙනකොට මුල්ම ටෙස්ට් මැච් එකේ 100ක් ගහපු ලාබාලම බැට්ස්මන් වෙලා වාර්තාවකුත් තියලා. 

එච්චරද? , නෑ   නෑ !!!! තුන්වෙනි ටෙස්ට් මැච් එකේ ඉනිම් දෙකටම 100 එවා ගැහුවේ එහෙම දෙයක් කරපු මුල්ම කොදෙව් ක්‍රීඩකයා වෙලා. එතනින් ඉවර උනාද ,හතර වෙනි මැච් එකේ ගැහුවා 223ක් !!!!!!, මැච් 4යි සීයේ ඒවා 4යි. අවුරුදු 21ට කලින් සීයේ ඒවා 4ක් ගහල තියෙන්නේ දෙන්නයි. ඒ හෙඩ්ලියි පකිස්තානේ ජවෙඩ් මියෙන්ඩෑඩුයි.

ලෝක යුද්දෙයි තව අනම් මනම් නිසා මෙයාට අවුරුදු 25ට හම්බුනේ ටෙස්ට් මැච් 25යි. 1930 -40 කාලේ මෙයාගේ ඇවරේජ් එක ලකුනු 100ත් තිබුනා, ඒත් ලෝක යුද්දේ නිසා අවුරුදු ගානක් සෙල්ලම් කරන්නේ නැතුව ඉදලා ආයෙත් සෙල්ලම් කරන්න ගනිපු  නිසා  පස්සේ ඒක 60ට බැස්සා.

තරග 22යි , ශතක 10යි 
-------------------------

ඔව්, තරග 22යි, ශතක 10යි. මෙයාගේ ඉනිම් 40න් 15ක්ම මෙයා තමයි ටීම් එකේ වැඩිම ලකුනු. පලමු පෙල තරග 103යි. ලකුනු 9921යි.  69.86යි ඇවරේජ් එක. තව විකට් 51කුත් තියිනවා හෙඩ්ලිගේ නමට,  මෙයාට එංගලන්ත ප්‍රාන්ත වලින් කතාකරාට හෙඩ්ලි ගියේ නෑ. ජැමෙයිකාවට විතරයි පලමු පෙල මැච් ගැහුවේ. 

පලමු කලු ජාතික නායකයා 
----------------------------

1948 වෙනකම්ම කොච්ච්ර කිව්වත් මෙයා නායකත්වය බාර ගත්තේ නෑ, ඒත් අන්තිමට විශ්‍රාම යන්න කලින් මැච් එකේ නායකත්වය බාරගත්තා, ඒ 1954 දී. මෙයා තමයි බ.ඉ.කොදෙව් පිලේ පලමු කලු ජාතික නායකයා 

කලු බ්‍රැඩ්මන් ලංකාවට 
-------------------------

1949දී ජෝන් ගොඩාර්ඩ්ගේ බ.ඉ.කොදෙව් ටීම් එකත් එක්ක හෙඩ්ලි ලංකාවටත් ආවා. මෙහේදී මැච් කීපයකටත් සෙල්ලම් කරාලු.

ක්‍රිකට් පෙලපතක් 
------------------

හෙඩ්ලිගේ පුතා  ( රොන් හෙඩ්ලි ) බ.ඉ,කොදෙව් පිලට ටෙස්ට් තරග 2කටත් ,එයාගේ පුතා ( ඩීන් හෙඩ්ලි ) එංගලන්තයට ටෙස්ට් තර 15කුත් සෙල්ලම් කරා 

මහ රැජිනගෙන් සම්මාන හා රාජ්යි ගෞරව 
---------------------------------------------

1955 දී මහ රැජින එම්.බී.ඊ ගෞරව නාමයත් 1983 දී හෙඩ්ලිගේ අවමග්‍ය උත්සයට ජැමෙයිකා රාජ්‍ය ගෞරවත් හිමිවුනා.