ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව වුනාට , මහත්වරුත් බලු වෙන වෙලාවල් නැතුවාම නෙවෙයි.
මේවා අද ඊයේ පටන් ගනිපු දේවල් නෙවෙයි !!!!!!
-----------------------------------------------------
-----------------------------------------------------
1882, ක්‍රිකට් පටන් ගනිපු කාලේ, ඕස්ට්‍රේලියාවේ සැමී ජෝන්ස් බැට් කර කර ඉන්න ගමන් crease එකෙන් එලියට ගියා pitch එකට පොඩි " තට්ටුවක් " දාලා එන්න,
සැ.යු - අද ඊයේ ක්‍රිකට් බලන්න ගත්ත එක එක ක්‍රීඩකයොගේ" ෆෑන්ස්ලා" දන්නේ නැති වුනාට, අනිත් අයට නම් මතක ඇති අරවින්ද බැට් කරන කොට pitch එක මැද්දට ගිහින් කරන වැඩේ, සැමී ජෝන්ස් කරෙත් ඒක !!!!!
දැන් ආයෙත් කතාවට යමු !!!!! , මේක දැකපු වබ්ලිව්. ජී . ග්‍රේස් ( අපි අහලා තියෙන එක්කෙනා තමයි ) බේල්ස් අයින් කරලා අම්පයර් ගෙන් ඉල්ලුවා සැමී ජෝන්ස් අවුට් කියලා .මොනවා කරන්නද අම්පයර් අවුට් එක දුන්නා, [ අපේ මුරලිටත් ඔහොම දෙයක් වුනා, සංගාගේ ලකුනු 100 කට සුභ පතන්න ගිහින් ]
කොහොම කොහොම හරි මේකට ඕස්ට්‍රේලියාවට සිරාවටම මල පැන්නා. !!!!, ක්‍රිකට් පොත් වල නම් තියෙන්නේ " කෝපාවිෂ්ඨ ඕස්ට්‍රේලියානුවන්" එංගලන්තය ලකුනු 77කට ඕල් අවුට් කරා කියලා බවුන්සර්ම එවලා
ඇද වැටීම හා දැවී යාම !!!!!!
-----------------------------
-----------------------------
මේක එක්දින තරගයක් ,නවසීලන්තෙයි එංගලන්තෙයි. ග්‍රාන්ට් එලියට ලකුනක් ගන්න දුවන කොට රයන් සයිඩ් බොටම් ගේ ඇගේ වැදිලා pitch එක මැද්දේ වැටෙනවා, එංගලන්ත පන්දු රකින්නෝ, එලියටව අවුට කරනවා. එංගලන්ත නායකයා පෝල් කොලින්වුඩ් කැමති වෙන්නේ නෑ , එලියට්ට ආයෙත් බැට් කරන්න දෙන්න, ඕන ඔහොමයි සචිත්‍රගේ ක්‍රීඩාශීලීත්වය ගැන කතාකරපු සුද්දොන්ගේ වැඩ !!!!
වීදී ක්‍රිකට් [ street fight ]
---------------------------------
---------------------------------
පකිස්තානේ මියෙන්ඩාඩුයි ඩෙනිස් ලිලී අතර ඇතිවුන වචන හරබයක් කෙලවර වෙන්නේ ලිලී මියෙන්ඩාඩ්ට පයින් පාරක් ගහලා,මියෙන්ඩාඩුත් නිකන් ඉන්නේ නෑ, බැට් එක උස්සන් ආවලු ලිලීට ගහන්න .
ක්‍රිකට් ගණිකාව !!!!!
-----------------------
-----------------------
ඩැරල් හෙයාර් ලංකාවේ අපිට නම් අමතකම නොවෙන චරිතයක්. මුරලිට Chucking කියලා බොරු චෝදනා කරා වගේම පකිස්තානෙටත් කිසිම හේතුවක් ඇතුව Tampering ගැන චෝදනාවක් කරා. ඇත්තම කිව්වොත් ඩැරල් හෙයාර් කියන්නේ ක්‍රිකට් ගණිකාවක්
විලෝ වෙනුවට ඇලුමිනියම්
-------------------------------
-------------------------------
මේකෙත් ලිලී ඉන්නවා. අපි හැමෝම දන්නවා බැට් එක හදන්නේ විලෝ ලීයෙන්. ඒත් ලිලීට ඕන වුනා වෙනසක්, එයා ගෙනාවා ඇලුමිනියම් බැට් එකක්, කොහොම වුනත් අනිත් පැත්තේ නායකයයි, අම්පයර්ලගේ විරෝධය නිසා තරහ ගියපු ලිලී බැට් එක විසීකරාලූ pitch එක මැද්දෙදිම
අත යටින් පන්දුවක් !!!
-----------------------
-----------------------
නවසීලන්තෙට දිනන්න එක බෝලෙට ලකුනු 6ක් ඕන, ඕස්ට්‍රේලියාවේ නායකයා ග්‍රේග් චැපල් පන්දු යවන ට්‍රේවර්ට උපදෙස් දුන්නා අත යටින් පොඩි බබාලට යවන විදියට බිම දිගේ බෝලේ දාන්න කියලා 6 ගහන එක නවත්තන්න. ඒ බෝලෙය 6ක් ගහන්න බෑනෙ, ඕස්ට්‍රේලියාව මැච් එක දිනුම්.එදා ඉදන් තමයි under arm bowling තහනම් වුනේ.
තරග පාවාදීම් !!!
-------------------
-------------------
ක්‍රිකට් ලෝකෙටම තියෙන පිලිලයක් තරග පාවාදීම. ක්‍රොන්යේ, අසාරුදීන්, සලීම් මලික් වගේ සුපිරි ක්‍රීඩකයෝ පවා ක්‍රිකට් ජීවිතයම විනාස කරගත්තා සල්ලි වලට යට වෙලා.