Blogger Widgets

Saturday, November 16, 2013



අදින් අවසන් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයන්ගේ යුගයයි.සාම්ප්‍රධායික ක්‍රිකට් ක්‍රීඩව උඩුයටිකුරු වූ යුගයයි.යාර 22ක සීමාවක් මත සිදුවූ පෙරලි රැසක ආරම්භය සිදුවූ යුගයයි.1990 දශකය ආරම්භවූයේ එවකට බටහිර ඉන්දීය කොදෙව්වන් සතුවූ ක්‍රිකට් ආධිපත්‍යය කෙමෙන් කෙමෙන් ඔවුන්ගෙන් ගිලිහෙමින් පවතින යුගයකයි.

කෙරී පැකර් හදුන්වා දුන් "පිජාමා ක්‍රිකට් ක්‍රීඩාව "ප්‍රේක්ශකයන් අතර අතිශය ජනප්‍රිය වූ අතර ඉන් ක්‍රිකට් ලොවට දිවා රාත්‍රී ක්‍රිකට් තරග හා වර්නවත් ඇදුම් භාවිතයේ ආගමනයද 90දශකයේ ආරම්භය සමග සිදුවිය.ක්‍රිකට් ක්‍රීඩාවට තාක්ශනයද මුසුවූ අතර ක්‍රිකට් ක්‍රීඩවට යාර 30 සීමවේ පන්දුයවන්නන් රැදවීම වැනි නව නීති රීතීන් එකතු විය.ක්‍රිකට් ක්‍රීඩවේ සිදුවූ මේ විප්ලයවය හේතුවෙන් සාම්ප්‍රධායක ක්‍රිකට් උපක්‍රම යල්පිනූ අතර තරග ජයග්‍රහනය වෙනුවෙන් නව උපක්‍රම අතහදා බැලීමට සියලුම කන්ඩායම් යොමු විය. 

ක්‍රිකට් ක්‍රීඩවට එකතුවූ සුවිශේෂතම උපක්‍රමය වනුයේ පලමු පන්දු වාර තුල පන්දුයවන්නන්ට එලව එලවා පහර දීමයි.එතෙක් පැවති සාම්ප්‍රධායික උපක්‍රමය වන පලමු පන්දූ ඕවර තුල ආරක්ශාකාරී උපක්‍රමයක් අනුගමනය කරමින් කඩුලු ඉතිරිකරගනිමින් ඉනිමේ අවසන් කොටසේදී වේගයෙන් ලකුනු රැස්කිරීමයි.සනත් ජයසූරිය සහ රොමේශ් කලුවිතාරන එක්ව පලමුපන්දු වාර කීපය තුල මල් වෙඩි සංදර්ශන පැවැත්වූ අතර ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොව ශූරයන්සේ අභිසෙස් ලැබීමයි.පිතිකරුවන්ගේ උපක්‍රම හමුවේ පන්දුයවන්නන්ද තම සැලසුම් වෙනස් කල අතර තාක්ශනය යොදා ගනිමින් ඔවුන් පිතිකරුවන් දමනයට නව මං සෙවීය. 

මෙම ගැටුම ක්‍රිකට් ලොවට වීරයන් බිහිකිරීමට හේතු විය.සනත් ජයසූරිය,සචින් ටෙන්ඩුල්කාර්,රිකී පොන්ටින්ග්,අරවින්ද් ද සිල්වා,අන්වර්,මාක් වෝ,ලාරා වැනි ලොව බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවන් සේම නම ඇසූ පමනින් පිතිකරුවන් බියෙන් සලිත වන වසීම් අක්‍රම්, වකාර් යූනිස්, මුරලිදරන්, ශේන් වෝර්න්, වාස්, ඩොනල්ඩ්, මැක්ග්‍රාත් වැනි පන්දු යවන්නන් ක්‍රිකට් පිටිය මත පෙරලි කර යුගය බිහි විය.වර්තමාන ක්‍රිකට් පිට්යේ එවැනි වීරයන් ඇත්තේ අල්පයක්.ලසිත් මාලිංග,ස්ටෙයින් හැරුනු විට පිතිකරුවන් බියෙන් සලිත කරන එකදු හෝ වේග පන්දු යවන්නෙක් අද සොයාගැනීම අපහසුය.අජ්මාල්, ස්වාන් දක්ශ දගපන්දු යවන්නන් වුවද ඔවුන්ට මුරලි, වෝන්, කුම්බ්ලේ කල පෙරලි ක්‍රිකට් පිටියේ කල නොහැක. 

ක්‍රිකට් ලොව වීරයන් පසුගිය දශකය තුල විටින් විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.අද එම වීරයන්ගේ පරපුරේ අවසාන එමෙන්ම සුපිරිතමයාද ක්‍රිකට් ක්‍රීඩාවට නැවතීමේ තිත තැබීය. එනම් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයන්ගේ යුගය අදින් සමාප්ත විය

1 comment:

  1. ඇත්තටම සචින් මගේ කාලයේ අවසන් වීරයාය. සචින් ඔබ වීරයන්ගෙත් වීරයෙක්.!!!!!!!!!!!

    ReplyDelete