Blogger Widgets

Saturday, November 16, 2013



අදින් අවසන් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයන්ගේ යුගයයි.සාම්ප්‍රධායික ක්‍රිකට් ක්‍රීඩව උඩුයටිකුරු වූ යුගයයි.යාර 22ක සීමාවක් මත සිදුවූ පෙරලි රැසක ආරම්භය සිදුවූ යුගයයි.1990 දශකය ආරම්භවූයේ එවකට බටහිර ඉන්දීය කොදෙව්වන් සතුවූ ක්‍රිකට් ආධිපත්‍යය කෙමෙන් කෙමෙන් ඔවුන්ගෙන් ගිලිහෙමින් පවතින යුගයකයි.

කෙරී පැකර් හදුන්වා දුන් "පිජාමා ක්‍රිකට් ක්‍රීඩාව "ප්‍රේක්ශකයන් අතර අතිශය ජනප්‍රිය වූ අතර ඉන් ක්‍රිකට් ලොවට දිවා රාත්‍රී ක්‍රිකට් තරග හා වර්නවත් ඇදුම් භාවිතයේ ආගමනයද 90දශකයේ ආරම්භය සමග සිදුවිය.ක්‍රිකට් ක්‍රීඩාවට තාක්ශනයද මුසුවූ අතර ක්‍රිකට් ක්‍රීඩවට යාර 30 සීමවේ පන්දුයවන්නන් රැදවීම වැනි නව නීති රීතීන් එකතු විය.ක්‍රිකට් ක්‍රීඩවේ සිදුවූ මේ විප්ලයවය හේතුවෙන් සාම්ප්‍රධායක ක්‍රිකට් උපක්‍රම යල්පිනූ අතර තරග ජයග්‍රහනය වෙනුවෙන් නව උපක්‍රම අතහදා බැලීමට සියලුම කන්ඩායම් යොමු විය. 

ක්‍රිකට් ක්‍රීඩවට එකතුවූ සුවිශේෂතම උපක්‍රමය වනුයේ පලමු පන්දු වාර තුල පන්දුයවන්නන්ට එලව එලවා පහර දීමයි.එතෙක් පැවති සාම්ප්‍රධායික උපක්‍රමය වන පලමු පන්දූ ඕවර තුල ආරක්ශාකාරී උපක්‍රමයක් අනුගමනය කරමින් කඩුලු ඉතිරිකරගනිමින් ඉනිමේ අවසන් කොටසේදී වේගයෙන් ලකුනු රැස්කිරීමයි.සනත් ජයසූරිය සහ රොමේශ් කලුවිතාරන එක්ව පලමුපන්දු වාර කීපය තුල මල් වෙඩි සංදර්ශන පැවැත්වූ අතර ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොව ශූරයන්සේ අභිසෙස් ලැබීමයි.පිතිකරුවන්ගේ උපක්‍රම හමුවේ පන්දුයවන්නන්ද තම සැලසුම් වෙනස් කල අතර තාක්ශනය යොදා ගනිමින් ඔවුන් පිතිකරුවන් දමනයට නව මං සෙවීය. 

මෙම ගැටුම ක්‍රිකට් ලොවට වීරයන් බිහිකිරීමට හේතු විය.සනත් ජයසූරිය,සචින් ටෙන්ඩුල්කාර්,රිකී පොන්ටින්ග්,අරවින්ද් ද සිල්වා,අන්වර්,මාක් වෝ,ලාරා වැනි ලොව බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවන් සේම නම ඇසූ පමනින් පිතිකරුවන් බියෙන් සලිත වන වසීම් අක්‍රම්, වකාර් යූනිස්, මුරලිදරන්, ශේන් වෝර්න්, වාස්, ඩොනල්ඩ්, මැක්ග්‍රාත් වැනි පන්දු යවන්නන් ක්‍රිකට් පිටිය මත පෙරලි කර යුගය බිහි විය.වර්තමාන ක්‍රිකට් පිට්යේ එවැනි වීරයන් ඇත්තේ අල්පයක්.ලසිත් මාලිංග,ස්ටෙයින් හැරුනු විට පිතිකරුවන් බියෙන් සලිත කරන එකදු හෝ වේග පන්දු යවන්නෙක් අද සොයාගැනීම අපහසුය.අජ්මාල්, ස්වාන් දක්ශ දගපන්දු යවන්නන් වුවද ඔවුන්ට මුරලි, වෝන්, කුම්බ්ලේ කල පෙරලි ක්‍රිකට් පිටියේ කල නොහැක. 

ක්‍රිකට් ලොව වීරයන් පසුගිය දශකය තුල විටින් විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.අද එම වීරයන්ගේ පරපුරේ අවසාන එමෙන්ම සුපිරිතමයාද ක්‍රිකට් ක්‍රීඩාවට නැවතීමේ තිත තැබීය. එනම් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයන්ගේ යුගය අදින් සමාප්ත විය

Friday, November 15, 2013



සියවසකට වඩා ඉපැරණි ක්‍රිකට් වංශකතාවේ විශිෂ්ටතම පිතිකරු කවුරුන්ද යන්න විවාදයට තුඩුදුන් මාතෘකාවකි.වරක ක්‍රිකට් බයිබලය වන විස්ඩන් සගරාව ලොව විශිෂ්ටතම පිතිකරු ලෙස ක්‍රිකට් ලොව පුරාවෘත්තයක් බදු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් කරනු ලැබුවේය.එකී ලයිස්තුවේ දෙවෙනි ස්ථානය සුපිරි පිතිකරු සචින් රමේශ් ටෙන්ඩුල්කාර්ට හිමිවිය.සැබවින්ම විශිෂ්ටයා කවුරුන්ද?මේ වෑයම ලොව පිතිකරුවන්ගේ සුපිරිතමයා සොයායෑමටයි.

1. පිතිකරන සාමාන්‍යය 

වසර 126ක් පැරණි ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු සතු ඉහලම පිතිකරන සාමාන්‍යයට ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් හිමකම් කියයි.එය  99.94කි.ලොව අන් කිසිදු පිතිකරුවෙකුට ඔහු අසලට හෝ පැමිනීමට හැකි වී නැත.බ්‍රැඩ්මන්ගෙන් පසුව ඉහලතම පිතිකරන සාමාන්‍යය ලෙස සදහන් වනුයේ 60.73කි. බ්‍රැඩ්මන් ශතක 29ක් වාර්ථා කල ඇති අතර ඉන් 12ක් ද්විතව ශතකයන්ය.එය පිතිකරුවෙක් රැස්කල ඉහලතම ද්විත්ව ශතක ප්‍රමානයයි.ඔහු දෙවරක් ත්‍රිත්ව ශතක වාර්තා කල ඇති  අතර  1930දී එංගලන්තයේ හෙඩින්ග්ලි නුවරදී පෞද්ගලික ඉහලම ලකුනු ප්‍රමානය වන 334 ලබාගත්තේය.ඔහුගේ පලමු පෙල පිතිකරන සාමාන්‍යයද 95.14කි.    
ටෙන්ඩුල්කාර් පිලිබදව සැලකුවහොත් ඔහුගේ ටෙස්ට් පිතිකරන සාමාන්‍යය  53.48කි.එමෙන්ම 44.83ක එක්දින පිත්කරන සාමාන්‍යයකද සචින් සතුය.කෙසේ නමුත් පිතිකරන සාමාන්‍යය සලකන විට  ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉදිරියෙන් සිටී 


බ්‍රැඩ්මන් 1948 වසරෙදී ලෙස්ටෂයර් පිටියේ පිතිකරනයේ යෙදෙමින් 

 2.පිතිකරන සංඛ්‍යා ලේඛන  

පිතිකරන දක්ශතා සැලකීමෙදී සචින් සතුව විශ්වාසකල නොහැකි තරම් වන වාර්ථා රැසක් පවතී. වසර 16ක පාසල් සිසුවෙකු ලෙස 1989දී පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් සචින් තම 24වසරක ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් ලකුනු 16,000කට ආසන්න ලකුනු ප්‍රමානයක් ලබාගෙන ඇති අතර ඔහුට පසුපසින් වැඩිම ලකුනු ලබාගත් පිතිකරු වන රිකී පොන්ටින් සහ සචින් තර ටෙස්ට් ලකුනු පරතරය 2500ක් ඉක්මවා යයි. 

එමෙන්ම සචින් එක්දින ලකුනු 18,426ක් ද ඇතුලුව අන්තර්ජාතික ක්‍රිකට්  ලකුනු  34300ක් පමන ලබාගෙන ඇත.එකී දස්කම් අනුව සචින් තරම් වූ ලකුනු මැශිමක් ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් හමු නොවේ යන්න අවිවාදයෙන් තොරය.එමෙන්ම අන්තර්ජාතික ශතක 100ක්ද ඇතුලුව ක්‍රිකට් වාර්තා රැසකටද සචින් උරුමකම් කියයි. 

බ්‍රැඩ්මන් ටෙස්ට් තරග 52කදී ශතක 29ක්ද සමග ලකුනු 6996ක් රැස්කලේය.එමෙන්ම එවකට ලොව ඉහලම පලමු පෙල ලකුනු සංඛ්‍යාව වන නොදැවී ලකුනු 452ක් සමග පලමු පෙල ලකුනු 28,067ක් බ්‍රැඩ්මන් සතුව පවතී.කෙසේ නමුත් පිතිකරන සංඛ්‍යාලේඛන සලකන විට සචින් ඉදිරියෙන් සිටී 

3. පිතිකරන තත්වයන් 

බ්‍රැඩ්මන් තම ක්‍රිකට් දිවිය පුරාවටම වේගපන්දුයවන්නන්ට හිතකර එමෙන්ම ආවරනය නොකල තනතීරු වල ක්‍රීඩා කල අතර බොඩිලයින් වැනි ප්‍රකට පන්දුකරන හමුවේ ලකුනු රැස්කිරීම පසකට තබා තම සිරුර පන්දුවෙන්  ආරක්ශා කර ගැනීම එවකට පිතිකරුවන්ගේ ප්‍රධාන කාර්‍යයක් වී තිබුනි,මන්ද එවකට පිතිකරුවනට හිස්වැසුම් වැනි ආරක්ෂක උපකරන හදුන්වාදී තිබුනේ නැත.

කෙසේ නමුත් සචින් පිතිකරන තත්වයන්ගේ වාසිය උපරිමයෙන් ලබාගත් අතර පිතිකරුවනට උචිත මන්දගාමී ඉන්දියානු උප මහද්වීපයේ තණතිලි තුල සචින්ගේ ටෙස්ට් තරග 200න් 123ක්ම පැවැත්විනි.බ්‍රැඩ්මන් එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ පමනක ක්‍රීඩා කර ඇති අතර සචින් ලොව ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක ක්‍රීඩාකර ඇත.කෙසේ නමුත් පිතිකරන තත්වයන් අනුව ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉදිරියෙන් සිටී 


1948දී මෙල්බෝර් පිටියේදී තම අවසන් ඉනිම සදහා පිටියට පිවිසෙමින් 

4. ප්‍රතිවාදීන් 

බ්‍රැඩ්මන් එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුනු අප්‍රිකාව,ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව පමනක ක්‍රීඩා කල ඇති අතර ඔහුගේ තරග 52න් 37ක්ම එංගලන්තයට එරෙහිව  වීම සුවිශේෂීය.එංගලන්ත කන්ඩායම් දක්ශතා අතින් ඉදිරියෙන් සිටි අතර, එවකට තරග ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රිකට ක්‍රීඩාවේ මහත්මා ගුනයට උචිත නොවන  ක්‍රීඩා කෞශලයන්ද ඔවුන්ගෙන් පිලිබිබුවිය.

1932-33 සුප්‍රකට බොඩිලයින් තරග මාලාව බ්‍රැඩ්මන් ඉලක්ක කොට සැලසුම් කල අතර එම වසරේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කල එංගලන්ත කන්ඩායමේ නායක ඩග්ලස් ජාඩින් සියලුම පන්දු රකින්නන් පාඉන්න අසල රදවා පිතිකරුවන්ගේ සිරුරට බවුන්සර් පන්දු එවන ලෙස  තම පන්දුයවන්නන්ට පැවසුවේය.සියලුම ඕස්ට්‍රේලියනු පිතිකරුවන් අසාර්ථක වනවිට බ්‍රැඩ්මන් එම තරග මාලවා තුල 56.57ක සාමාන්‍යයක් රදවා ගත්තේ ශතකයක් සහ අර්ධ ශතක තුනක් ලබමිනි. 

සචින් ටෙස්ට් පිටියේ ප්‍රතිවාදී රටවල් 9කට එරෙහිව ක්‍රීඩාකර ඇති අතර ලොව විශිටතම ටෙස්ට් කන්ඩායම් වන මාර්ක් ටේලර්,ස්ටීව් වෝ,රිකී පොන්ටින් නායකත්ව දැරූ ඕස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව 55.00ක සාමාන්‍යයක් රදවාගනිමින් ලකුනු 3630ක්ද, ටෙස්ට් පිටියේ දුබලයන් වන බංගලිදේශයට එරෙහිව 136.66ක සාමන්‍යයක්ද [ ලකුනු 820] සම්බාබ්වේට එරෙහිව 76.50 [ ලකුනු 918] ද ලබාගෙන ඇත. 

කෙසේ නමුත් සචින් ඉන්දියාව තුලදී වඩා (7132 @ 52.82) ඉන්දියාවෙන් පිටතදී (8705 @ 54.74) වැඩි දස්කම් දක්වා ඇත. ප්‍රතිවාදීන් සහ දක්ශතා සලකන විට බ්‍රැඩ්මන් සහ සචින් සමාන තත්වයකසිටී. 

5. ක්‍රීඩා කාලය 

සචින් වසර 24කට ආසන්න ප්‍රමනයක් ක්‍රීඩාකර ඇති අතර ඔහු වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකල ක්‍රීඩකයා ලෙසද ඉතිහාස ගතවේ.එමෙන්ම සචින්ගේ පලමු පෙල තරග සංඛ්‍යාව 307කි.බ්‍රැඩ්මන්ද වසර 20ක් පමන ක්‍රීඩාකර නමුත් දෙවන ලෝකයුද්ධය ඔහුගේ ක්‍රිකට දිවිය වසර කීපයක් නතර කර තැබීය.තවද සචින්ට මෙන්  තරගද සංවිදානය නොවූ අතර විසි වසරක් පුරා ඔහු ක්‍රීඩකලේ ටෙස්ට් තරග 52කට හා පලමු පෙල තරග 234කට පමනි.ඒ අනුව ක්‍රීඩා  කාලය අනුව සචින් ඉදිරියෙන් සිටී. 


සචින් තම පලමු ටෙස්ට් ශතකයෙන් අනතුරුව එංගලන්තයේදී 

6. වෘත්තීමය තත්වයන් 

සචින් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තියක් ලෙස සලකන සමයක ක්‍රීඩාකලේය. ෆෝර්බස් සගරාව අනුව ඔහු ලොව පුරා ධනවත් ක්‍රීඩකයන් [ සියලුම ක්‍රීඩා] අතුරින් 51වන ස්ථානයේ පසුවේ.ඔහු මේ වසරේ පමනක් ඩොලර් මිලියන 22ක අධායමක් ඉපයූ අතර ඉන් මිලියන 4ක් ක්‍රීඩා ගිවිසුම් ලෙසද ඉතිරි මිලියන 18  වෙලද දැන්වීම් මතද ඉපයුවේය.  

බ්‍රැඩ්මන්ගේ තත්වයන් මීට හාත්පසින්ම වෙනස් වන අතර එවකට ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තීමය තත්වයක් නොතිබුනි.ඔහුගේ සම්පූර්න අදායම ඇඩිලේහි දෙවන හෝල්ඩන් මාවතේ රතු ගඩොල් නිවසක් මිලදී ගැනීමට යන්තමින් සෑහුනි. 

7. බ්‍රැඩ්මන්, සචින්ගේ ඇසින් 

"මා ජීවිතයේ ලද විශාලතම තාග්‍යය වනුයේ ශ්‍රීමත් බ්‍රැඩ්මන් ඔහුගේ සර්වකාලීන ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම නම් කලවිට මාද එයට ඇතුලත් වී තිබීමයි. " - සචින් ටෙන්ඩුල්කාර් 


සචින්ගේ 24 වසරක ක්‍රීඩා දිවියේ අවසන් ඉනිම 

8. සචින්, බ්‍රැඩ්මන්ගේ ඇසින් 

" මම ඔහු පන්දුවට පහරදෙන අකාරය රූපවාහිනියෙන් දුටුවා.ඒ වෙලාවෙම මම මගේ බිරිදට කිව්වා ඇවිත් ඔහුගේ පිතිහරබය බලන්න කියලා.මම කවදාවත් මගේ පිතිහරබය දැකලා නෑ.ඒත් මට දැනුනා ඔහ් පන්දුවට පහර දෙන ආකාරය  මට සමානයි කියලා.එය මගේ බිරිදත් අනුමත කලා "- ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්

විශිටයන් දෙදෙනුකු අතුරින් විශිෂ්ටයා තේරීම සැබවින්ම අසීරු කරුනකි.ඔවුන්ගේ දක්ශතා එකිනෙකට වෙනස් වන අතර  ක්‍රීඩා කාලය,දක්ශතා,වෘත්තීමය තත්වයන් අනුව දෙදෙනාම එකිනෙකාට නොදෙවෙනි තරගයක නිරතවෙයි.මෙම කරුනු පදනම්ව ලොව පිතිකරුවන්ගේ සුපිරිතමයා තෝරගැනීම ඔබට බාරයි. 

Wednesday, October 16, 2013

ඔබට ආයුබෝවන් !!!!!!



ඔහු ආරම්භ ක පිතිකරුවෙකි,ලොව විශිෂ්ට ගනයේ පන්දු රකින්නෙකි,විටක ඔහු පන්දු යවන්නෙකි, නායකයෙකි, කඩුලු රකින්නෙකි මෙකී නොකී  ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම දිශාවන්  ස්පර්ශ කල ඔහු සෑම අතින්ම විශිෂ්ටයෙකි.සනත් ජයසූරිය හැරුනු විට ලක්මව ලොවට දායාද කල සුපිරිතම ආරම්භක පිතිකරු ඔහුය. සනත් මෙන් දැවැන්ත හයේ පහරවල් එල්ල නොකලද කල් යල් බලා ඔහුගෙන් එල්ලවන පහරවල් හතරේ සීමාව පසු කර යන්නෙ පන්දුරකින්නන් ප්‍රේක්ශකයන් බවට පත්කරවමිනි.ඒ ඔහුටම සුවිශේශීවූ පිතිහරබ රටාවකිනි, පිටියේ සතර දිශාවටම ගිනිකෙලි පෙන්වූ ඔහු අවසන කඩුලු රකින්නටද තම පිත්තේ හැකියාව පෙන්නුම් කරේ   කඩුල්ල පිටුපසින්ද පන්දුව හතරේ සීමවට යොමුකරමින්ය.

ඔහු පිටදග පන්දුයවන්නෙකි.ඔහුගේ පන්දු අභියස ලොව සුපිරිතම පිතිකරුවන් පවා අසරන විය.වෙසෙසින්ම වමත් පිතිකරුවන්ට ඔහු මාරකයක්ම විය.පන්දු රකින විට ඔහු පියාපත් ලද්දෙකු විය.ගුවනේ පියබා ගොස් අසීරු උඩපන්දුවක් රැකගැනීමට ඔහු තුල පැවතියේ නිසග හැකියාවකි.ඔහු නමින් තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් එසේ නැතිනම් ලොවම හදුනන පරිදි තිලකරත්න දිල්ශාන්ය. 

නවකයෙකු වෙනුවෙන් තම ස්ථානය පිරිනමමින් මින් දින කීපයකට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන් ඔහු ලක්මව වෙනුවෙන් පුරා දාහතර වසරක් හෙලූ දා බිදු උදෙසා ඔහුට ගරුකරනු වස් ඔහුගෙ ටෙස්ට් ක්‍රිකට් දිවිය පිලිබද මතක ආවර්ජනාවකි මේ. 

මින් වසර දාහතරකට පෙර සිම්බාබ්වේ කන්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ මැද පෙල පිතිකරුවෙකු ලෙස තම දෙවෙනි ටෙස්ට් තරගයේදීම ලකුනු 162ක් ලබමින් පැහැදිලි අනාගතයක පෙරමන් පිලිබිබු කලේය.තමා  ගැන නොසිතා තම කන්ඩායමේ අවශ්‍යතාව වෙනුවෙන් ඔහු ඕනෑම ස්ථානයක පන්දුවට පහර දීමට පැමිනියේය.විටක ඔහු කඩුලු රකින්නාගේ භූමිකාවටද පන පෙව්වේය.

නමුත් ඔහුට ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම තුල  නිශ්චිත ස්ථානයක් මෙන්ම බොහෝ අවස්තාවලදී අවසන් ක්‍රීඩකයන් එකොලහ තුලට පිවිසීමේ අවස්තාවද අහිමි විය.නමුත් ඉන් නොසැලුනු ඔහු තමන්ට ලැබෙන සීමිත අවස්තාවන්දී තම උපරිමය කන්ඩායම වෙනුවෙන් ලබාදුන්නේය.

තිලකරත්න දිල්ශාන් යනු කවරෙකුදැයි ලොව හදුනාගන්නේ 2009වසරේදීය.ඒ ඔහුට ආරම්භ ක පිතිකරුවෙකු ලෙස උසස්වීමක් ලැබීමත් සමගය.එක්දින හා විස්සයි විස්ස තරග රටාවේ පිතිහරබය උඩුයටිකුරු කිරීම හා එහිදී දැක්වූ සුවිශේශී සාර්තකත්වය  හේතුවෙන් ඔහුට එම වසරේ නවසීලන්ත කන්ඩායම සමග ආරම්භවුනු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට අවස්තාව උදාවිය. ඉන් පසු ඇරබුනේ දිල්ශාන්ගේ යුගයයි. 

එතෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ මැද පෙල පිතිකරුවෙකු ලෙස වසර දහයක් ක්‍රීඩා කරමින් ශතක අටක් පමනක් ලබා තිබුනු ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස තරග 29කට පමනක් සහබාගී වී තවත් ශතක අටක් තම ශතක ගොන්නට එක්කර ගනු ලැබුවේය.වරක් බංගලාදේශයට එරෙහිව ඉනිම් දෙකේදීම ශතක ලබමින් ඔහු දියත් කල පිතිහරබය සුවිශේෂී විය.

අර්බුද රැසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට්  නායකත්වය  බාරගත් දිල්ශාන්ගේ  ටෙස්ට් නායකත්වය ඔහුට එතරම් සුබදායි නොවීය.නමුත් දකුනු  අප්‍රිකාවට ඔවුන්ගේ බිමේදීම එරෙහිව ඔහුගේ නයකත්වය යටතේ  ලබාගත් ටෙස්ට් ජයග්‍රහනය වාර්ථා පොතට එක්වන්නේ ලංකාව ලකුනු අප්‍රිකා භූමියේ ලැබූ පලමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහනය ලෙසය.ක්‍රිකට් මහගෙදර වූ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ඔහු රැස් කල 193 දිල්ශාන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම ලෙස අවිවාදයෙන් සදහන් කල හැක. 

අර්බුද හමුවේ නායකත්වයේ කටු ඔටුන්නට සමුදුන් දිල්ශාන් ඉන්පසුව තවත් ටෙස්ට් ක්‍රිකට් තරග 10කට ක්‍රීඩාකරමින් ටෙස්ට් ශතක 4ක් රැස්කලේ නායකත්වය,රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමෙදී සලකාබැලෙන සාධකයක් නොවන බව පසක් කරමිනි. 

ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියට තිත තබන දා මාධ්‍ය හමුවේදී නවකයන්ට දුන් උපදෙස වූයේ තිලකරත්න දිල්ශාන් එක රැයකින් බිහිවූ පිතිකරුවෙකු නොවන බවත්, තම සාර්තකත්වය පිටිපස  කැපකිරීම් හා අසීමිත  පුහුනුවක් ඇති බවයි.  

කෙසේ නමුත් ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගෙන අවසන්ය.ඔහුගේ සමුගැනීමෙන්  ශ්‍රී ලංකා ටෙස්ට් කන්ඩායම තුල,අග්‍රගන්‍ය ආරම්භක පිතිකරුවෙකුගේ හා ලක් මව බිහිකර සුපිරිතම පන්දු රකින්නාගේ හිඩැසක් ඇති කරයි.  තිලකරත්න දිල්ශාන් ........ඔබට ආයුබෝවන්

Thursday, September 26, 2013



වර්ශාවෙන් බදා වන සීමිත ඕවර ක්‍රිකට් තරග වල ජය පැරදුම තීරනයට අන්තර්ජාතික වශයෙන් පිලිගත් ක්‍රමවේදයක් බාවිතා කරනුයේ ඩක්වත් සහ ලුවිස් ක්‍රමවේදයයි.නමුත් ඩක්වර්ත් ලුවිස්හි  ප්‍රායෝගික භාවිතයේදී ගැටලු ඇතිවන් අවස්තා රාශියක් පහුගිය කාලෙයේදී දක්නට ලැබුනි. 

ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ වෙසෙන වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන V. ජයදේවන් මහතා විසින් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමය සදහා විකල්පයක් හදුන්වා දුන් අතර එය Jayadevan system එසේ නැත්හොත් VJD method හදුන්වනු ලබයි. 

ජයදේවන් ක්‍රමවේදය කෙටියෙන් 

ජයදේවන් ක්‍රමය ප්‍රස්තාර දෙකක් මත පදනම් වේ. පලමු ප්‍රස්තාරය සාමාන්‍ය ලකුනු [ Normal Score] ලබා  ගැනීම මත පදනම් වන අතර [තරගයට බදාවක් ඇති නොවුනිනම් එනම් පිතිහරබයේ යෙදෙන කන්ඩායම සම්පූර්න් පන්දුවාර සංඛ්‍යා ක්‍රීඩාකලේ නම් බලපොරොත්තු වන ලකුනු ]සහ දෙවන ප්‍රස්තාරයෙන් [Target Score ] වැස්සෙන් බදාවුනි නම් නැවත තරගය ආරම්භවුන පසු කෙසේ ලකුනු ලබගැනීම් වේගවත් කල යුතු දැයි සදහන් වේ


එසේම සාමාන්‍ය ප්‍රස්තාරය පන්දුඕවර ප්‍රතිශතය [Over Percentage]සහ කඩුලු බිද වැටීමේ ප්‍රතිශතය කෙරෙහිද අවදානය යොමු කරයි.දෙවන ප්‍රස්තාරය පන්දුවාර  ප්‍රතිශතය ගැන පමනක් සැලකිලිමත් වන අතර එය නව ලකුනු ඉලක්කය ගනනය කිරීමට යොදා ගනී. 

ගනනය කිරීම කෙටියෙන් 

සාමන්‍ය ප්‍රස්තාරයෙන් ගනනය කිරීමෙදී එකී ප්‍රස්තාරයේ අංශ හතක් කෙරෙහි අවදානය යොමු කරයි. 

1. settling down -  ඉනිමක පන්දු ඕවර සංඛ්‍යාවෙන් පලමු 10% [ Ex - 50 *10% = පන්දු ඕවර 5 ]

2. exploiting field restrictions - ඉනිමේ ඕවර සංඛ්‍යාවෙන් මීලග 20 %  [ ඕවර 6 සිට 15  දක්වා]
3. stabilising the innings i  - මීලග ඕවර 20% [ ඕවර  16 - 25]
4. stabilising the innings-II - මීලග ඕවර 10% [ ඕවර 26-30 ]5. beginning the acceleration - මීලග ඕවර 20% [ ඕවර 31-40] 
6. secondary stage of acceleration - මීලග ඕවර 10% [ ඕවර 41- 45] 
7. final slog - අවසන් ඕවර 10% [ ඕවර 46- 50] 

ඉන්පසු සාමන්‍ය වක්‍රය වැඩිවන පන්දුවාර ප්‍රතිශතය හා ලබගන්නා ලකුනු අතර සුදුසු සමීකරනයක් ලබගනී.එනම් ඉහත සදහන් අංශ හතේදී ලබාගන්නා ලකුනු අනුව එකී අංශ හත අවරෝහන් පිලිවලට සකසන අතර ඉන්පසු පන්දුවාර ගනන [ cumulative overs % හා ලබා ගත ලකුනු [ cumulative runsscored % අතර සමීකරනයක් ලබාගනී 



ඕවර සංඛ්‍යාව  %ඉලක්කය  %සාමන්‍ය ලකුනු ප්‍රතිශතය බිද වැටුනු කඩුලු සංඛ්‍යාවට අනුව 
0123456789
2029.816.920.622.635.050.060.070.079.087.095.0
4053.532.434.536.539.750.060.070.079.087.095.0
5063.440.441.743.044.351.960.070.079.087.095.0
6072.349.250.151.151.457.964.670.079.087.095.0
8087.670.770.870.971.071.277.182.484.387.095.0

මෙම වගුව තීරු දොලහකින් සමන්විත් අතර ඕවර සංඛ්‍යාව ( ප්‍රතිශතයක් ලෙස) ඉලක්කය ප්‍රතිශතයක් ලෙස හා දැවීගිය  කඩුලුවලට සාපේක්ශව සාමන්‍ය ලකුනු සංඛ්‍යාව ඉන් නිරූපිතය.තරගයට බදාවීමට පෙර ක්‍රීඩාකල ඕවර සංඛ්‍යාවට අදාල දත්ත සාමන්‍ය ලකුනු තීරුවෙන් ලබාගන්න අතර,බදාවීමට පසු ඉලක්කය අනිකුත් තීරුවෙන් ලබා ගනී 
උදා- පලමු කන්ඩායම පන්දු ඕවර 50 තුල ලකුනු 280ක් ලබාගත් අතර දෙවන කන්ඩායම වර්ශාවෙන් බදා ඇති වන විට පන්දු ඕවර 40 කට පමනක් ක්‍රීඩා කර ඇතැයි සලකමු. 
එනම් ඔවුන් පන්දු ඕවර 50න් 40කට පමනක්  ක්‍රීඩාකර ඇති අතර එනම් මුලු පන්දු ඕවර ගනනින් 80% කි. ඉලක්කය 87.6%කි.එනම් පන්දු ඕවර 40 අවසන් වන විට ඔවුන් 246ක් ( 280 * 87.6%) ලබා ගෙනසිටිය යුතුය. 

ඩක්වර්ත් හා ලුවිස් සමගින් ජයදේවන්

ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමයේදී ගනිතමය සම්බන්දයන් උපයෝගී කරගන්න අතර කන්ඩායමක් ඉනිම ආරම්බයේදී කුඩා ලකුනු ලබාගැනීමේ වේගයක් පවත්වා ගන්නා බවත් පසුව එනම් අවසන් ඕවර 10 -15 තුලදී එම වේගය විශාල වැඩිවීමක් ඇති බව උපකල්පනය කරයි.නමුත් ජයදේවන් ක්‍රමය මෙහිදී ඩක්වර්ත් සහ ලුවිස් ගනනයන්ට වඩා ප්‍රයෝගික වන් අතර එහිදී අවසන් ඕවර 15ට අමතරව power playභාවිතා කරන පලමු ඕවර 15තුලද ලකුනු ලබා ගැනීමේ ඉහල වේගයක් පවතින බව උපකල්පනය කරයි.එනම් ජයදේවන් විසින් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය තව දුරටත් දියුනු කිරීමට උත්සහ දරා ඇත.මේ නිසා ජයදේවන් ක්‍රමවේදය වර්තමාන ක්‍රීඩවට වඩත් ගැලපෙන බව උපකල්පනය කල හැකිය. 

ඩක්වර්ත් සහ ලුවිස් එක් ප්‍රස්තාරයක් ඇසුරින් සියලුම ගනනයන් ලබාගන්නා අතර ජයදේවන් ඒ සදහා ප්‍රස්තාර දෙකක් උපයෝගී කරගනී.සාමන්‍ය වක්‍රය පිතිකරනයේ යෙදෙන කන්ඩායම ලබාගත් ලකුනු පිලිබදව ගනනයන්ටද අනිත් වක්‍රය කන්ඩායම ලබ ගතයුතු ලකුනු පිලිබදව ගනනයන්ටද යොදා ගනී. 

ජයදේවන් විසින් කන්ඩායම පන්දුවට පහට දෙන විට පලමුව ඕවර 50 සදහා සූදානමින් පැමිනෙන බවද වැස්සෙන් බදා ඇති විනිනම් ඊට අනුරූපීව තම තරග උපක්‍රම වෙනස් කරන බවද උපකල්පනයක්‍රමින් තම් වක්‍රයන් නිර්මානය කර ඇත. උපකල්පන හා වක්‍රයන් භාවිතයේ වෙනස් කම් නිසා 

කෙසේනමුත් සාමන්‍ය වක්‍රය ඕවර සාමන්‍යය හා කඩුලු බිදවැටීම් යන් කරුනු දෙකම සලකනු ලැබුවද දෙවන් වක්‍රය පන්දුවාර ප්‍රතිශතය පමනක් .සලකයි.එනම් කඩුලු බිද වැටීම් ගැන අවදානය යොමු නොකරයි.එය එහි අඩුපාඩුවකි. [ ඉහත උදාහරනය සලකන්න. එහි 280 සදහා ඉලක්කය සකසන විට කඩුලු වැටීම් සම්බන්දව සලකා නොමැත] 


Tuesday, September 24, 2013



බොක්සිනුයි ක්‍රිකට් අතර ලොකු සම්බන්දයක් නැතත් බොක්සින දින ටෙස්ට් තරගය නම්  ලොව පුරා වෙසෙන සියලුම ක්‍රිකට් ලෝලින්ගේ අවධානය දිනා ගන්නවා.නත්තල් දිනට පසු දින එනම් දෙසැම්බර් මස 26  බොක්සින් දිනය ලෙස හදුන්වන අතර එදින සාම්ප්‍රධායික ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම හා එම කාලය වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ක්‍රිකට් කන්ඩායමක් අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවරදී ආරම්භ වෙනවා .ඒ වගේම  සෑම සිව්වසරකටම වරක් අලු බොක්සින් දින ක්‍රිකට්  තරගය අලු බදුන තරගාවලියට අයත් තරගයක් ලෙස එංගලන්තය සමග පවත්වනවා.

1. බොක්සින් දින ඉතිහාසය 

වික්ටෝරියා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සම්ප්‍රදායික ලෙස ඔවුන්ගේ පලිහ ශූරතා තරග බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා.ඒ නිසාම ඔවුන්ට නත්තල් දිනය තමන්ගේ පවුලේ සාමජිකයන් සමග ගෙවීම පවා නොහැකිවී තිබුනා.

1951 වසරේ පැවති අලු බදුන් කුසලානය දෙසැම්බර් මස 22 සිට 27 දක්වා පැවති අතර එම තරගයේ තුන්වන දිනය බොක්සින් දිනයට අයත්වී තිබුනා.කෙසේ නමුත් 1953 සිට 1967 දක්වා බොක්සින් දින තරග නොපැවැත්වුනු අතර 1974-75 තරගවාරයේ  පැවති අලු බදුන තරගාවලියේ තුන්වන තරගය බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා

වාර්ශිකව බොක්සින් දින තරග පැවැත්වීම 1980 වසරේ ආරම්භවුනු අතර එම වසරේ සිට සෑම වසරකම මෙල්බෝර්න් ක්‍රිකට සමාජය වාර්ශිකව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනවා .කෙසේ නමුත් 1989 වසරේ ටෙස්ට් තරගයක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයක් පැවැත්වූ අතර එය ලකුනු 30කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහනය කරනු ලැබුවා. 

2. තරග ප්‍රතිපල 

වර්ශය  ප්‍රතිවාදීන්  ප්‍රතිපලය බොක්සින් දින ප්‍රේක්ශකයන් මුලු ප්‍රේක්ශකයන් 
1950 එංගලන්තය  ඕස්ට්‍රේලියාව ලකුනු 28කින් ජයග්‍රහනය කරන ලදී 60,486191,197
1952 ද.අප්‍රිකාව  ද.අප්‍රිකාව ලකුනු 82කින් ජයග්‍රහනය කරන ලදී24,609120,314
1968 බ.ඉ.කොදෙව්  ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුනු 30 කින් ජයග්‍රහනය කරන ලදී18,766113,376
1974 එංගලන්තයකඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 77,167250,750
1975 බ.ඉ.කොදෙව් ඕස්ට්‍රේලියාව කඩුලු 8 කින් ජයග්‍රහනය කරන ලදී 85,661222,755
1980 නවසීලන්තය කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 28,67182,745
1981 බ.ඉ.කොදෙව් ඕස්ට්‍රේලියාව ලකුනු 58කින් ජයග්‍රහනය කරන ලදී39,982134,081
1982 එංගලන්තය එංගලන්තය  ලකුනු 3කින් ජයග්‍රහනය කරන ලදී63,900214,882
1983 පකිස්තානය කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 40,240111,611
1984 බ.ඉ.කොදෙව්කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 15,504 97,271
1985 ඉන්දියාව කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 18,14677,715
1986 එංගලන්තය එංගලන්තය  ඉනිමකින් සහ ලකුනු 14කින් ජයග්‍රහනය කරන ලදී58,203107,817
1987 නවසීලන්තය කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 51,807127,184
1988 බ.ඉ.කොදෙව් බ.ඉ.කොදෙව් ලකුනු 258කින් ජයග්‍රහනය කරන ලදී26,287108,408
1990 එංගලන්තය ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහනය කරන ලදී 49,763129,530
1991 ඉන්දියාව  ඕස්ට්‍රේලියාව won by 8 wickets42,49489,369
1992 බ.ඉ කොදෙව්  ඕස්ට්‍රේලියාව ලකුනු 139කින් ජයග්‍රහනය කරන ලදී28,39783,320
1993 ද.අප්‍රිකාවකඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 15,604 (වැසි සහිත දිනයක්)48,565
1994 එංගලන්තය ඕස්ට්‍රේලියාව ලකුනු 295කින් ජයග්‍රහනය කරන ලදී51,620144,492
1995 ශ්‍රී ලංකාව  ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ජයග්‍රහනය කරන ලදී 55,239105,388
1996 බ.ඉ.කොදෙව් බ.ඉ.කොදෙව් කඩුලු 6කින් ජයග්‍රහනය කරන ලදී 72,891131,671
1997 ද.අප්‍රිකාව කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 73,812160,182
1998 එංගලන්තය එංගලන්තය  ලකුනු 12කින් ජයග්‍රහනය කරන ලදී61,580159,031
1999 ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලකුනු 180කින් ජයග්‍රහනය කරන ලදී49,082(වැසි සහිත දිනයක්)134,554
2000 බ.ඉ.කොදෙව් ඕස්ට්‍රේලියාව ලකුනු352 කින් ජයග්‍රහනය කරන ලදී73,233133,299
2001ද.අප්‍රිකාව  ඕස්ට්‍රේලියාව කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 61,796153,025
2002 එංගලන්තය ඕස්ට්‍රේලියාවකඩුලු 5කින් ජයග්‍රහනය කරන ලදී 64,189177,658
2003 ඉන්දියාව ඕස්ට්‍රේලියාව කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 62,613179,662
2004 පකිස්තානය ඕස්ට්‍රේලියාව won by 9 wickets61,552129,079
2005 ද.අප්‍රිකාව  ඕස්ට්‍රේලියාව ලකුනු 184කින් ජයග්‍රහනය කරන ලදී71,910192,337
2006 එංගලන්තය ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුනු 99කින් ජයග්‍රහනය කරන ලදී89,155244,351
2007 ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලකුනු 337කින් ජයග්‍රහනය කරන ලදී68,465166,663
2008ද.අප්‍රිකාව  ද.අප්‍රිකාව  කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 63,263174,246
2009 පකිස්තානය ඕස්ට්‍රේලියාව ලකුනු 170කින් ජයග්‍රහනය කරන ලදී59,206156,267
2010 එංගලන්තය එංගලන්තය ඉනිමකින් සහ  ලකුනු 157 කින් ජයග්‍රහනය කරන ලදී84,345240,156
2011 ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලකුනු 122කින් ජයග්‍රහනය කරන ලදී70,068189,347
2012 ශ්‍රී ලංකාව  ඕස්ට්‍රේලියාව 12ඉනිමකින් සහ ලකුනු 201කින් ජයග්‍රහනය කරන ලදී67,138137,455
2013 එංගලන්තයJump up