ශ්‍රී ලංකාව, ඕස්ට්‍රෙලියාව , ඉන්දියාව හා පකිස්තානය සහභාගී වූ ( ලංකාවේ පැවැත්වුනු ) සිංගර් ශූරතා තරගාවලිය ( 1994) ඉතිහාසයට එකතු කලේ කලු පැල්ලමක්.
තරගාවලියේ තණනිලි වල තොරතුරු , කාළගුනික තත්වයන් සහ වෙනත් බොහෝ තොරතුරු ශේන් වෝන් සහ මාර්ක් වෝ විසින් ඉන්දීය බුකීකරුවනට ලබා දුන් බව ප්‍රසිද්ධ රහසක් ,
තරගාවලියේ තණනිලි වල තොරතුරු , කාළගුනික තත්වයන් සහ වෙනත් බොහෝ තොරතුරු ශේන් වෝන් සහ මාර්ක් වෝ විසින් ඉන්දීය බුකීකරුවනට ලබා දුන් බව ප්‍රසිද්ධ රහසක් ,
වෝන් සහ වෝ ගේ ක්‍රියා කරුණු සහිතව සනාථ වුවද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය රහසේ ඔවුන්ට දඩ මුදලක් නියම කර ලෝකයාගෙන් වසන් කර තැබුවේ සුපිරි තරු යුගල ආරක්ෂා කර ගැනීමටයි
ඇමෙරිකානු ඩොලර් 4000ක මුදලකට ඉන්දීය බුකීකරුවෙකු වන ජෝන් නැමැත්තෙකුට තරගාවලියේ තොරතුරු සැපයීමට එකගවූ අතර බුකීකරු හා වෝන්/වෝ දෙපලගේ හමුව සිදුවූයේ කොළබ ඔබ්රෝයි හෝටලයේදීයි එහිදී වෝ සිය දැලට වෝන් හසුකරගෙන ජෝන්ට ඔහු හදුන්වාදුන්නේය. ඒ වනවිටත් යාබද කැසිනෝ ඔට්ටු ශාලවකදී විශාල අශයෙන් මුදල් පැරදී සිටි වෝන්ට ජෝන් පෙනුනේ ධන උල්පතක් ලෙසිනි
මේ රහස් සබදතාව 1995 ඕස්ට්‍රේලියානු- පකිස්තාන ටෙස්ට් තරගාවලිය තෙක්ම රහසක් ලෙස පැවතුනි. 1994-95 පකිස්තාන ටෙස්ට් තරගාවලියදී හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කිරීමට එවකට පකිස්තානු නායක සලීම් මලික් තමන්ට අල්ලස් දෙන්නට තැත්කරා යැයි මොවුන් දෙදෙනා පැමිනිල්ලක් ඉදිරිපත් කලේ මලීක් ලබාදෙන්නට තැත් කල මුදල ප්‍රමානය පිලිබද ඇතිවූ ගැටලුවක් හේතුවෙන්
මලික් පාවා දී ශාන්තුවරයන් ලෙසින් අත පිහදා ගැනීමට වෝ හා වෝන් තැත්කලද ඔවුන්ට වැඩ වැරදුනේ ඕස්ට්‍රේලියානු “ SUNDAY AGE “ පුවත් පතේ මාර්ක් රේ වෙත ලැබුනු නිර්නාමික ලිපියක් හේතුවෙන්.
Sunday Age පුවත්පතේ මාර්ක් රේ , The Australian පුවත්පතේ මැල්කම් කෝන් සමග එක්වී වෝන් හා වෝගේ සුදු හුනු මකාදැමූ අතර වෝන්ට හා වෝට 1995 පෙබරවාරී 20 වෙනිදා බුකීකරුවන් සමග පැවැත්වූ සියලු ගනුදෙනු පිලිගැනීමට සිදුවූයේ ලිඛිත ප්රකාශයනට අත්සන් තබමින්
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ විධායක නිළ්ධාරී ග්රැහැම් හැලබිෂ් හා ක්‍රිකට් මණ්ඩල සභාපති ඇලන්ක්රොම්ප්ටන් , පෞද්ගලිකව වෝ සහ වෝන් හමුවී සාකච්චා පවත්වා ඩොලර් 8,000 සහ 10,000 බැගින් දඩ මුදලක් නියම කර සිදුවීම යට ගසා දැමුයේය
තරග තහනමක් නොදී සිදුවීම යට ගසා දැමීම නිසා නැවත් ක්‍රියාත්මක වූ The Australian පුවත්පතේ මැල්කම් කෝන් “ Cricket Betting Scandal - Australian Cover up “ නමින් එම වංචාවද හෙලිකල අතර එදිනට පසු දින ඇඩිලේඩ් ඕවල් හි පැවති ටෙස්ට් තරගයේදී මාර්ක් වෝට ප්‍රේක්ශකයන්ගෙන් ලැබුනේ නොනතින හූ හඩකි.
වහා පුවත්පත් සාකච්චාවක් කැදවූ වෝ සහ වෝන් ත්මන් කල වරද පිලිගත් නමුත් ඉන් ඉදිරියට ඔවුන්ට විරුද්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මන්ඩලය වග බලගත්තේ ඉන් වසරකට පසුව පැවැත්වෙන ලෝක කුසලානයට ( 1996) මොවුන්ගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය වීම හේතුවෙන්