මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ලක්ශන හා ක්‍රීඩාව තුල පවතින රීති පද්ධතීන් වර්තමාන ක්‍රීඩාවෙන් බොහෝදුරටඉවත්වී ඇති දක්නට ලැබෙනවා.ක්‍රීඩාවට මුදල් ගලා ඒම ක්‍රීඩාවේඅවභාවිත රැසකට මුලික වී ඇති අතර ක්‍රීඩාශීලීත්වයෙන් තොරව කෙසේ හෝ ජයගැනීමේ අදිටන පමනක් අද ක්‍රිකට් ක්‍රීඩාව බවට පත්වී ඇති බව කනගාටුවට කරුනක්.
ඒ වගේම තරග පාවාදීම් පවා වර්තමානය තුල විශාල වශයෙන් දක්නට ලැබෙනවා.ක්‍රීඩකයන් පමනක් නොව විනිසුරුවරුන්, කන්ඩායම් කලමනාකරුවන් පවා බුකී කරුවන්ගේ රැහැනට හසුවූ අයුරු අපට ගෙවුනු වසර කීපය තුල දක්නට ලැබුනා. විශේශයෙන්ම ආසියාතිකරයේ පැවැත්වෙන ක්‍රිකට් තරග සදහා බුකී කරුවන්ගේ අවදානය වැඩිපුර යොමුවන බවද නොරහසක්. එමෙන්ම තරග පවාදීම් සදහා දඩුවම් ලැබූ බොහොමයක් ක්‍රීඩකයන්ද ආසියාතිකයන්. මේ සටහන තරග පාවදීම් සදහා දඩුවම් ලැබූ ක්‍රීඩකයන් පිලිබදවයි.
1. සලීම් මලික් ( පකිස්තානය) - තරගා පාවාදීමට අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත 2000 වසරේදී අතඩංගුවට පත්වුනා. එලෙස අත්ඩංගුවට පත්වූ පලමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නෙත් සලීම්. ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනැව්වත් එය 2008 වසරේදී අවලංගු කලා.
2. අතා වුර් රෙහෙමාන් ( පකිස්තානය) - බුකීකරුවන් සමග ගනුදෙනු කිරීම නිසා 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන ලදී.
2000 වසරේ ඉන්දීයාවේ පැවති ඉන්දියා- දකුනු අප්‍රිකා තරගාවලිය ඉතිහාසයට එක්කරන්නේ තරග පාවාදීම් වලින් පිරුනු කලු පැල්ලමක්. දෙපිලේම නායකයන් ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම තමන්ගේ ක්‍රිකට් දිවිය නිමාකිරීමට මෙම තරගාවලිය හේතු වෙනවා.
3 මොහොමඩ් අසාරුදීන් - ඉන්දීය කන්ඩායමේ නයකයා වන අසාරුදිනට තරගා පාවාදීම්, බුකීකරුවන්ට තොරතුරු ලබාදීම හා හැන්සි ක්‍රොන්යේ තරග පාවාදීම් සදහා පෙලබවීම යන චෝදනා මත 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනවා. නමුත් 2006 වසරේ ඔහුගේ තහනම ඉවත් කරනවා.
4. අජේ ශර්මා ( ඉන්දියාව ) - බුකී කරුවන් සමග ගනුදෙනු කිරිමේ චෝදනාව මත ඔහුට 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනවා
5. මනෝජ් ප්‍රභාකරන් - කපිල් දේව් ඇතුලු පිරිසකට තරග පාවාදුන්නා යැයි චෝදනාවක් මනෝජ් ප්‍රභාකරන් විසින් එල්ල කල නමුත් පසුව ඔහුම එම චෝදනාවට වැරදි කරු වනවා 2000 වසරේදී වසර 5කතරග තහනමක් පනවනවා.
6. අජේ ජඩේජා - බුකීකරුවන් සමග ගනුදෙනු කිරීම නිසා 2000 වසරේදී වසර 5ක තරග තහනමක් පනවන ලදී. නමුත් 2003 වසරේදී මෙය ඉවත් කරනු ලැබුවා.
7. හැන්සි ක්‍රොන්යේ - තරගය පිලිබදව පූර්වකතනය සදහා බුකී කරුවන්ගෙන් මුදල් ලබාගැනීම නිසා 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනවා
8. හර්ශල් ගිබ්ස් - නාග්පූර්හි පැවති එක්දින තරගයේදී අඩු දස්කම් දැක්වීමට මුදල් ලබාගත්තද පසුව ඔහු එම අනුමැතිය කඩකර පන්දු 53කින් ලකුනු 74ක් ලබාගනනවා. කෙසේනමුත් ඔහුට මාස 6ක තරග තහනමක් පනවනවා
9. හෙන්රි විලියම්ස් ( දකුනු අප්‍රිකාව ) - ඉහත නාග්පූර් තරගයේම අඩු දස්කම් දැක්වීමට මුදල් ලබාගත් අතර ( පන්දු වර 10 දී ලකුනු 50කට වඩා ලබාදීමට ) පන්දු 11 කදී වයිඩ් පන්දු 6ක් ඇතූව ලකුනු 11ක් ලබාදී අබාදයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වෙනවා.කෙසේනමුත් ඔහුට මාස 6ක තරග තහනමක් පනවනවා
10. මොරිස් උඩුම්බේ ( කෙන්යාව ) - බුකී කරුවන් සමග ගනුදෙනු කිරිමේ චෝදනාව මත ඔහුට වසර 5ක තරග තහනමක් පනවනවා
11. මාලන් සැමුවෙල්ස් - බුකීකරුවන්ට තරග සම්බන්ධ තොරතුරු සැපයීම නිසා වසර 2ක තරග තහනමක් පනවනවා
12. මොහොමඩ් අමීර් ( වසර 5) , - 2010 වසරේ අගෝස්තු මස එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී නිපන්දු යැවීම සම්බන්දව බුකීකරුවන්ගෙන් මුදල් ලබාගැනීම නිආ ඔහු මාස 6ක් වරද කරුවන් පුනරුත්තාපනය කරන කදවුරකට යැවීමට එංගලන්ත අධිකරනය නියම කරනවා.
13මොහොමඩ් අසීෆ් ( වසර 7) ඉහත හේතුවටම අසීෆ්ට වසරක් සිරදඩුවමක් හිමිවූ අතර වසර 7කට ක්‍රිකට් තහනම් කරනවා
14 සල්මන් බට් ( වසර 10 ) - තරගා පාවාදීමට තම පන්දු යවන්නන් පෙලබවීම මත වසර දෙකක හා මාස 6ක සිරදඩුවමක් හා වසර 10ක තරග තහනමක් හිමිවෙනවා.
15. දනේශ් කනේරියා - එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන සමයේ සිදුවූ තරග අක්‍රමිකතා හේතුවෙන් එංගලන්ත - වේල්ස් ක්‍රිකට් පාලක මන්ඩලය ජීවිතාන්තය දක්වා තරග තහනක් පනවන අතර පාකිස්තානු ක්‍රිකට් මන්ඩලය එය අනුමත කරනවා.
16. ශ්‍රීසාන්ත්- අයි.පි.එල් තරගාවලියේ සිදුවූ තරග පාවාදීම් හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනක් පනවනවා
17. අශ්රාෆුල් - 2013 බංගලිදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීම් හේතුවෙන් වසර 8කට තරග තහනම් කරනවා.
18. ලූ වින්සන්ට් - බී.පී.ල් තරගාවලියේ බුකීකරුවන්ගේ තරගා පාවාදීමට ඉදිරිපත්වූ යොජනාව අයි .සී.සියට නොදැන්වීම නිසා පලමුව වසර 3කට තරග තහනම් කලද පසුව එංගලන්ත පලමු පෙල තරගාවලියේ සිදුකල තරග පාවාදීම් නිසා ජීවිතාන්තය දක්වා තරග තහනක් පනවනවා,
19. කෞශාල් ලොකුආරච්චි - බී.පී.ල් තරගාවලියේ බුකීකරුවන්ගේ තරගා පාවාදීමට ඉදිරිපත්වූ යොජනාව අයි.සී.සියට නොදැන්වීම නිසාවසර 3කට තරග තහනමක් හිමිවෙනවා