Blogger Widgets

Monday, April 21, 2014


ග්‍රැහැම් පෝලොක් 
වර්නභේදය හේතුවෙන් දකුනු අප්‍රිකාවට ක්‍රිකට් ක්‍රීඩව තහනම් කල යුගයක් විය. එම කාල සීමව තුල තම ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩාශීලීත්වය රදවා ( keep the game alive in South Africa ) ගනු පිනිස සහ තම රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට විරෝධය පානු පිනිස දකුනු අප්‍රිකානු ක්‍රිකට් මන්ඩලය හා එවකට රජය එක්ව ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන කල අතර එනම් 1982 සිට 1990 වසර දක්වා එවකට ටෙස්ට් ක්‍රීඩාකල රටවල් අතුරින් වසරකට එක කන්ඩායම බැගින් තම රටට ගෙන්වාගෙන කැරලිකාර තරගාවලියක් පැවැත්වීමයි.එකල ලොව ප්‍රමුක පෙලේ ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයට අවනත නොවී මෙම තරගාවලියට එක්වූ බැවින් මෙම තරගාවලිය එකල ක්‍රිකට් ලොව  තුල මතභේදයට තුඩුදුන්නක් විය. 

අප්‍රිකානු ක්‍රිකට් සම්මේලනයේ උගුලට පලමුවෙන්ම හසුවූයේ ගැහැම් ගුච් ප්‍රමුඛ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන්ය. ජෙෆ් බෝයිකොට්, ඇලන් නොට්,මයික් හෙන්ඩ්‍රිකස්,  බොබ් වුල්මර් වැනි ක්‍රිකට් ලොව විශිටයන් රැසකට තම අන්තර්ජාතික ක්‍රිකට් දිවිය නිමාවීමට 1982 වසරේ මාර්තු මස ආරම්බ වූ අප්‍රිකානු කැරලිකාර සංචාරය හේතු විය.




මීට අමතරව 1982/83 හා 1983/84 තරගවාරය සදහා ලෝරන්ස් රෝව්ගේ නායකත්වයෙන් යුතු කැරලිකාර බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමද, 1985/86 හා 1986/87 තරගවාර සදහා එවකට ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමක් කිම් හියුග් ගෙ නායකත්වයෙන් යුතුවද ( මෙම ඕස්ට්‍රේලියානු කන්ඩායමට කේප්ලර් වේල්ස් ඇතුලත් වූ අතර , අප්‍රිකානු කන්ඩායම නැවත අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනාගත් පසු ඔවුන්ගේ පලමු ක්‍රිකට් නායකයා වූයේ තහනම් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කන්ඩායම නියෝජනය කල වේල්සස් ය ) .මෙම ඕස්ට්‍රේලියානු කන්ඩායමට ජෝන් ඩයිසන්ද ක්‍රීඩාකල තර පසුකලක ඔහු ශ්‍රී ලංකා කන්ඩායමේ පුහුනුකරු බවට පත්විය. 


කැරලිකාර බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමේ ලාංඡනය 

මෙම තහනම් තරගාවලියේ අවසන් තරගාවලිය නැවත් එංගලන්තය සමග සංවිධානය වූ අතර එංගලන්ත කන්ඩායමේ නායකත්වය මයික් ගැටින්ට හිමිවිය.ඔහු 1987 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කන්ඩායම ක්‍රිකට් අනුශූරතාව දක්වා මෙහෙයවූ නායකයා විය.

1991 වසරේ දකුනු අප්‍රිකාවට නැවත අන්තර්ජාතික ක්‍රිකට් වරම් ලැබුනු අතර, 2007 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් අප්‍රිකානු තහනම් තරාගවලියේ සියලු තරග සදහා පලමු පෙල ක්‍රිකට් තත්වය ලබාදීමට තීරනය කලේය. 


කැරලිකාර ඕස්ට්‍රේලියානු කන්ඩායම 

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබගත්තේ 1982 පෙබරවාරී මාසයෙදීය.ටෙස්ට් වරම් ලබාගත් මුල් කාලයේ පටන් සුවිශේශි දස්කම් දක්වමින් ඉදිරියට පැමිනෙමින් සිටි ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායමට එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී කණ කොකා හැඩුවේය.එනම් අප්‍රිකානු ක්‍රිකට් සම්මේලනයේ උගුලට ලක්මව සතු විශිශ්ට ක්‍රීඩකයන් රැසක් හසුවිය. ශ්‍රීලංකා කන්ඩායම " ඇරෝසා ශ්‍රීලංකා " නමින් හැදින් විය. 

එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාවූ බන්දුල වර්නපුර ඇතුලු කැරලිකාර ක්‍රීඩකයන් 14 දෙනෙකු අප්‍රීකානු තරගාවලිය සදහා ගිවිසුම් අත්සන් කලේය.එම කන්ඩායමේ ක්‍රීඩකයෙකු වූ ටෝනි ඕපාත මහතා කැරලිකාර කන්ඩායමේ කලමනාකාධූරයද දැරුවේය.මෙම ක්‍රීඩකයන්ට තම් රටෙන් මෙන්ම ඉන්දියාව, පකිස්තානය හා කොදෙව් දූපත් තුලින්ද තදබල විරෝධයක් මතුවිය. 


කොදෙව් ක්‍රිකට් කන්ඩායම 

පීටර් කර්ස්ටන්ගේ නායකත්වයෙන් යුතු දකුනු අප්‍රිකානු කන්ඩායම එක්දින තරග 4 හා ටෙස්ට් තරග දෙක පහසුවෙන් ජයගත්තේ කැරලිකාර ශ්‍රීලංකා කන්ඩායම අන්ත අසරණ කරමිනි. දෙවන ටෙස්ට් තරගයේදී අප්‍රිකානු ක්‍රීඩක ගැහැම් පෝලොක් පිලිවලින් 188 ක් හා 197 වාර්ථා කලේය. 

තරගාවලියට සහභාගීවූ ශ්‍රීලංකා ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවූ අතර එය පසුව ඉවත්කෙරුනි.නමුත් තරග තහනම ඉවත් වනවිට ඔවුන් ලංකාව නියෝජනය කල හැකි වයසක නොවීය. ෆැල්වින් අපොන්සු 1996 ලෝක කුසලානයේදී නෙදර්ලන්තය නියෝජනය කල අතර එවිට ඔහුගේ වයස 43ක් විය 

ඇරෝසා ශ්‍රී ලංකා කන්ඩායම - බන්දුල වර්නපුර, ෆැල්වින් අපෝන්සු, හේමන්ත දේවප්‍රිය, ලන්ට්‍රා ප්‍රනාන්දු, මහේශ් ගුනතිලක, නිර්මාල් හෙට්ටිආරච්ච, ලලිත් කලුපෙරුම, සුසන්ත කරුනාරත්න, බර්නාඩ් පෙරේරා, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, බන්දුල ද සිල්වා, ටෝනි ඕපාත

1. තරග වාර්ථා