Blogger Widgets

Monday, March 24, 2014

- The Great Of Honours -

සියවසකට අධික සාඩම්බර අතීතයකට උරුමකම් සහිත ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයන් බදු ක්‍රීඩකයන් රැසකි.ඔවුන් අතුරින් විශිෂ්ටතමයන් පිලිබද කෙරෙන සටහනකි මේ. 

26. රාහුල් ඩ්‍රාවිඩ් 


වචනයේ පරිසමාප්තියෙන්ම ඉන්දීය කන්ඩායමේ නැංගුරම වූ ඔහු තාක්ශනය තින් පරිපූරන වූ පිතිකරුවෙකි.ටෙස්ට් ලකුනු 13000කට අධික සංඛ්‍යාවක් රැස්කල ඔහු තම ක්‍රිකට් දිවිය පුරාවට 192වරක් ලකුනු 50 සීමව පසු කලේය. 

25. ඇඩම් ගිල්ක්‍රිස්ට්

ආක්‍රමණශීලී එමෙන්ම කඩුලු රකින්නෙකු හා ලොව සුපිරිම පිතිකරුවෙකු පිලිබද සහහන් කලහොත් පලමුවෙනම් සිහියට නැගෙන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට් පිලිබදවයි. ඔහු ලොව ප්‍රමුඛ පෙලේ වේගපන්දු යවන බල ඇණි පවා තම පිත්ත ඉදිරිපිට දන ගැස්සුවේය. 

24. ක්‍රිස් ගේල් 


ඔහු තම සුපුරුදු රිද්මයට පැමිනි විට, ඔහු තරම් පන්දු යවන්න්නට රිදවන්නෙකු මේ විශ්වයේවත් සොයාගැනීමට නොහැකියි.එහි අසාමාන්‍ය වේගයක් අන්තර්ගතයි. 

23.  ස්ටීව් වෝ

ලොව බිහිවූ විශිටතම නායකයෙකු වන ස්ටීව් වෝ වසර 20ක් පුරා ඕස්ට්‍රේලියාව ලබාගත් බොහෝ ජයග්‍රහන වලට දායකත්වය සැපයුවා.ටෙස්ට් ලකුනු 10,000කට අධික ලකුනු සංඛ්‍යාවක් හා  51.06ක සාමාන්‍යක් ඔහු සතුවිය.

22. මහේල ජයවර්ධන 


ක්‍රිකට් ක්‍රීඩාවේ පිකාසෝ ඔහු වේ.ඔහුගේ පිතිහරභය සිතුවමක් සේ අලංකාරය.ලොව බිහිවූ තාක්ශනය අතින් පරිපූර්නතම පිතිකරු ලෙස මහේල ජයවර්ධන හැදින්විය හැක.

21. ජැක් හොබ්ස් 

The Master  ලෙස අන්වර්ත නාමයෙන් හැදින්වූ ඔහු පිතිකරනයෙහි ලා සුපිරිතමයෙකු විය.56.95ක ලකුනු සාමාන්‍යය එයට නිදසුනකි. 

20. වොලී හැමන්ඩ් 

ලොව බිහිවූ විශිටතම පලමු පෙල පිතිකරු වන වොලී හැමන්ඩ්  50,000කට අධික පලමු පෙල ලකුනු සංඛ්‍යාවකින්ද 7000 ( 58.45) කට අධික ටෙස්ට් ලකුනු ප්‍රමානයකින්ද ක්‍රිකට් ක්‍රීඩාව අර්නවත් කලේය. 

19. ජාවිඩ් මියෙන්ඩෑඩ් 


ආක්‍රමනශීලී පිතිකරුවෙකු මෙන්ම කුකුල් කේන්තිකාරයෙකු ලෙස ප්‍රසිද්ධ ඔහු ලොව බිහිකල තවත් විශිෂ්ටයෙකි. 

18. ග්ලේන් මැක්ග්‍රාත් 

ඕස්ට්‍රේලියාව බිහිකල අංක එකේ වේගපන්දුයවන්නා සේ සලකන්නේ ඔහුයි.මද වේගී පන්දුවෙන් ලොවම මවිත කල ඔහු ලෝක කුසලානයහි වැඩිම කඩුලු ප්‍රමානයක් ලබාගත් පන්දුයවන්නාද වේ. 

17. රිකී පොන්ටින්ග් 


ලෝක කුසලාන දෙකක් තම සුරතට ලබාගැනීමට වරම් ලැබූ පොන්ටින්ග් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුල බිහිවූ විශිටතම නායකයාද වේ. ටෙස්ට් හා එක්දින ලකුනු 27,000 කට වඩා රැස්කල ඇති ඔහු ශතක 71කින්ද තම ක්‍රිකට් දිවිය වර්නවත් කලේය. 

16. බ්‍රයන් ලාරා 

හොදම  ටෙස්ට් ඉනිමේ වාර්තාව මෙන්ම හොදම පලමු පෙල ඉනිමේද වාර්තාව අතුව ඇති ලාරා, ලොව විශිෂ්ට පන්දුයවන්නන්ට පවා හිසරදයක් වුනු අංක එකේ පිතිකරුවෙකි. 

15. වසීම් අක්‍රම් 

King Of Swing ලෙස හදුන් වන වසීම් ලොව පුරා පිතිකරුවන්ගේ භයානක සිහිනයක් බවට පත්වූයේ ඔහු සතු අධිවේගී පන්දුකරනය හා පන්දුවේ දෝලනය හේතුවෙනි. 

14. කුමාර සංගක්කාර 


වමත් බැඩ්මන් ලෙස හැදින්විය හැකි සංගක්කාර ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පිතිකරුවා වේ.ටෙස්ට් එක්දින යන දෙයංශයෙන්ම ලකුනු 11,000 පසුකල ඔහු අංක එකේ කඩුලු රකින්නෙකුද වේ.වර්තමාන ක්‍රිකට් ක්‍රීඩ කරන ක්‍රීඩකයන් අතුරින් සුපිරිම ක්‍රිකට් තරුව ඔහු වන අතර තාක්ශනයෙන් හා ආක්‍රමනශීලීත්වයෙන් පරිපූරන පිතිකරුවෙකි. 

13. ශේන් වෝර්න් 

පාදග පන්දුවෙන් ලොව මවිත කල ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් 708 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වී තිබේ. 

12. ජැක් කලිස් 

පිතිකරුවෙකු මෙන්ම දක්ශ පන්දු යවන්නෙකුද වන කලිස් ලොව බිහිවූ අංක එකේ තුන්නිරියව් ක්‍රීඩකයෙකි. ලකුනු 24,000කින් සහ කඩුලු 500+ කින් තම ක්‍රිකට් දිවිය සැරසුවේය. 

11. ඩෙනිස් ලිලී 


ලොව බිහිවූ බයානකම වේගපන්දු යවන්නා ඔහුවේ.තොම්සන් - ලිලී සුසංයෝගය පිතිකරුවන් තුල අප්‍රමාන බියක් ඇතිකරන ලදී. 

10. ඉයන් බොතම් 

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරඉදිරිපෙල අසුනක් ඔහුට හිමිවේ.එංගලන්තය ලොවට දායාද කල විශිෂ්ටතම පිතිකරු ඔහු වේ. 

9. ඉම්රාන් ඛාන් 

පකිස්තානය ලෝකශූරයන් බවට පත් කිරීමේ ගෞරවය ඉම්රාන් සතුවේ.පිතිකරුවෙකු මෙන්ම සුපිරි වේග පන්දුයවන්නෙකුද වන ඉම්රාන් අංක එකේ නායකයෙකි.

8. අරවින්ද ද සිල්වා 


තාක්ශයය ප්‍රවේගය සපිරි ලංකාව ක්‍රිකට් ලොවට දායද කල දියමන්තිය වන ඔහු ලක්මවට ලෝක කුසලාන දිනාදීමට අනුපමේය සේවයක් ඉටු කරන ලදී. 

7. කපිල් දේව් 

ඉන්දීයාව 1983 දී ලෝක ක්‍රිකට් විරුවන් සේ අබිසෙස් ලැබීමට මග කියාදුන්නේ ඔහුය.වේග පන්දු යවන්නෙකු හා සුපිරි පිතිකරුවෙකුද වේ. 

6. විවියන් රිචර්ඩ්ස් 

විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකි.1979 ලෝක කුසලාන අවසන් මහා තරගයේ සදාතනික වීරයා වේ.90+ ලකුනු ලබා ගැනීමේ වේගයක් සහ 47 ක ලකුනු ලබා ගැනීමෙ සාමාන්‍යයක් ඔහුගේ එක්දින ක්‍රිකට්  දිවියේ සටහන් වේ 

5. සනත් ජයසූරිය 


ක්‍රිකට් ක්‍රීඩාවට ත්‍රාසය බිය මුසු කලේ ඔහුය.ඔහුගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන්  ලක් මව ලෝක ශූරයන් සේ අභිශේක ලැබිමට සමත්විය.ඔහු තරම් බයානක පිතිකරුවෙකු ක්‍රිකට් ඉතිහාසයේ හමු නොවේ.පන්දු යවන්නන් රැසකට ක්‍රිකට් එපා කල ඔහුගේ පිත්ත අභියස ලොව හොදම පන්දු යවන්නන් පවා බියෙන් සැලෙන්නට විය. ලොව බිහිකල විශිටතම තුන් ඉරියව් ක්‍රීඩකයා සනත් බව අවිවාදිතය. 

4. ගැරී සෝබර්ස් 

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.පරිපූර්න පිතිකරුවෙකි. විශිෂ්ට පන්දුයවන්නෙකි. 

3. සචින් ටෙන්ඩුල්කාර් 


ලොව බිහිවූ වඩාත්ම පරිපූර්නත පිතිකරුවේ.අන්තර්ජාතික ශතක 100කට හිමිකම් කියන ඔහු සතුව පවතින ක්‍රිකට් වාර්ථා කිසිවෙකුට සම කල නොහැකි මට්ටමේ පවතී. 

2.මුත්තයියා මුරලිදරන් 

බැඩ්මන් පිතිකරුවෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේශී වන්නේ යම් සේද මුරලිද ඊට සමාන අයුරින් පන්දුයවන්නෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩවට සුවිශ්ෂීවේ.ලොව බිහිවූ අංක එකේ පන්දු යවන්නා වන මුරලි සතුව පවතින ක්‍රිකට් වාර්ථා වලට ලංවීමට පවා සමත් පන්දුයවන්නෙකු බිහිවේදැයි සැක සහිතය. 

1. ශ්‍රීමත් ඩොනල්ඩ් බැඩ්මන් 


පිතිකරුවන් අතුරින් අසමසම තරුව ඔහුවේ.ලකුනු 100කට ආසන්න ලකුනු ලබාගැනීමේ සාමාන්‍යයක් හිමි ඔහු වසර 130කට අදික ක්‍රිකට් වංශකතාවේ බිහිවූ සුපිරිතමයා වේ.