ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව එකව මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තමන් අතට ගැනීම සදහා කෙටුම් පතක් මෙමෙ මස 28, 29 දිනයන්හී ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව ඇත, දකුනු අප්‍රිකාව මෙම ගිවිසුමට දැනටමත් විරෝදය පල කර ඇති අතර නවසීලන්තය එකගතාව පල අර ඇත, ශ්‍රී ලංකාවේ තීරනය අද දින ප්‍රකාශ කිරීමට නියමිත අතර ශ්‍රී ලංකවේ ස්ථාවරය සලකා පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් තම තීරනය ගැනීමට නියමිතය, ඒ අනුව ශ්‍රී ලංකාවේ තීරනය මත මෙයි සම්මත වීම නොවීම රදා පවතින අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මන්ඩලයට ක්‍රිකට් බලවතුනට යට නොවී මෙම ගිවිසුම පරාජයට පියවර ගැනීමට දකුනු අප්‍රිකාවට තම සහයෝගය පල කිරීමට ශක්තිය ධෛර්‍යයි ලැබේ යැයි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාගේ ප්‍රාර්තනයයි.
කෙටුම්පත පිලිබදව කෙටියෙන් ...
1.අයි.සී.සී සබාපතිදූරය මින් ඉදිරියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තයට පමනක් සීමාවන අතර පලමු සභපතිදූරය ක්‍රිකට් තරග පාවාදීමටද සම්බන්දයැයි නම ඈදුනු ඉන්දීය ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති සිරිනිවාසන්ට හිමිවීමට නියමිතය.
2.අනිකුත් ක්‍රිකට් පාලක මන්ඩල බල රහිත වීම හා ලෝක කුසලනය වැනි තරගාවලි ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව තුල පමනක් පැවැත්වීම,එමෙන්ම ලෝක කුසලාන සදහා තරග කරන කන්ඩායම් ප්‍රමානය තීරනය කිරීමේ බලය ඔවුන් සතු වීම ,{ ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අදුනික රටවල් වලට ලෝක කුසලානයට තරග කිරීමට විරුද්ධ අතර,එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය විනාශ වීම,අවශය නම් ටෙස්ට් ක්‍රීඩාකරන රටක් වුවද ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ඔවුන්ට බලය ලැබීම]
3.IPL,BIG BASH වැනි ලීග් තරගාවලි නිලවශයෙන් පිලිගැනීම හා ඒට ඉදිරියට කනිලවශයෙන් කාලය වෙන් කිරීම
4.FTP අවලංගු කිරීම හා මින් ඉදිරියට ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාවට අවශ්‍ය පරිදි ක්‍රිකට් කාල සටහන සැකසීම,එම නිසා ඔවුන්ට අනිකුත් රටවලට තරග ලබානොදී උවද සිටිය හැක.
5.අයි.සී.සී අදායමෙන් වැඩිකොටසක් ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව විසින් බෙදා ගැනීම