Blogger Widgets

Wednesday, July 2, 2014



මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ලක්ශන හා ක්‍රීඩාව තුල පවතින රීති පද්ධතීන් වර්තමාන ක්‍රීඩාවෙන් බොහෝදුරටඉවත්වී ඇති දක්නට ලැබෙනවා.ක්‍රීඩාවට මුදල් ගලා ඒම ක්‍රීඩාවේඅවභාවිත රැසකට මුලික වී ඇති අතර  ක්‍රීඩාශීලීත්වයෙන් තොරව කෙසේ හෝ ජයගැනීමේ  අදිටන  පමනක්  අද ක්‍රිකට් ක්‍රීඩාව බවට පත්වී ඇති බව කනගාටුවට කරුනක්. 

ඒ වගේම තරග පාවාදීම් පවා වර්තමානය තුල විශාල වශයෙන් දක්නට ලැබෙනවා.ක්‍රීඩකයන් පමනක් නොව විනිසුරුවරුන්, කන්ඩායම් කලමනාකරුවන් පවා බුකී කරුවන්ගේ රැහැනට හසුවූ  අයුරු අපට ගෙවුනු වසර කීපය තුල දක්නට ලැබුනා. විශේශයෙන්ම ආසියාතිකරයේ පැවැත්වෙන ක්‍රිකට් තරග සදහා බුකී කරුවන්ගේ අවදානය වැඩිපුර යොමුවන බවද නොරහසක්. එමෙන්ම තරග පවාදීම් සදහා දඩුවම් ලැබූ බොහොමයක් ක්‍රීඩකයන්ද ආසියාතිකයන්. මේ සටහන තරග පාවදීම් සදහා දඩුවම් ලැබූ ක්‍රීඩකයන් පිලිබදවයි. 


1. සලීම් මලික් ( පකිස්තානය) - තරගා පාවාදීමට අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත 2000 වසරේදී අතඩංගුවට පත්වුනා. එලෙස අත්ඩංගුවට පත්වූ පලමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නෙත් සලීම්. ජීවිතාන්තය දක්වා  තරග තහනමක් පැනැව්වත් එය 2008 වසරේදී අවලංගු කලා. 

2. අතා වුර් රෙහෙමාන් ( පකිස්තානය)  - බුකීකරුවන් සමග ගනුදෙනු කිරීම නිසා 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන ලදී. 

2000 වසරේ ඉන්දීයාවේ පැවති ඉන්දියා- දකුනු අප්‍රිකා තරගාවලිය ඉතිහාසයට එක්කරන්නේ තරග පාවාදීම් වලින් පිරුනු කලු පැල්ලමක්. දෙපිලේම නායකයන් ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම තමන්ගේ ක්‍රිකට් දිවිය නිමාකිරීමට මෙම තරගාවලිය හේතු  වෙනවා. 

3 මොහොමඩ් අසාරුදීන් - ඉන්දීය කන්ඩායමේ නයකයා වන අසාරුදිනට තරගා පාවාදීම්, බුකීකරුවන්ට තොරතුරු ලබාදීම හා හැන්සි ක්‍රොන්යේ  තරග පාවාදීම් සදහා පෙලබවීම යන චෝදනා මත 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනවා. නමුත් 2006 වසරේ ඔහුගේ තහනම ඉවත් කරනවා. 

4. අජේ ශර්මා ( ඉන්දියාව )  - බුකී කරුවන් සමග ගනුදෙනු කිරිමේ චෝදනාව මත ඔහුට 2000 වසරේදී  ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනවා

5. මනෝජ් ප්‍රභාකරන් - කපිල් දේව් ඇතුලු පිරිසකට  තරග පාවාදුන්නා යැයි චෝදනාවක් මනෝජ් ප්‍රභාකරන් විසින් එල්ල කල නමුත් පසුව ඔහුම එම චෝදනාවට වැරදි කරු වනවා 2000 වසරේදී වසර 5කතරග තහනමක් පනවනවා.  

6. අජේ ජඩේජා - බුකීකරුවන් සමග ගනුදෙනු කිරීම නිසා 2000 වසරේදී වසර 5ක  තරග තහනමක් පනවන ලදී. නමුත් 2003 වසරේදී මෙය ඉවත් කරනු ලැබුවා. 

7. හැන්සි ක්‍රොන්යේ - තරගය පිලිබදව පූර්වකතනය සදහා බුකී කරුවන්ගෙන් මුදල් ලබාගැනීම නිසා 2000 වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනවා

8. හර්ශල් ගිබ්ස් - නාග්පූර්හි පැවති එක්දින තරගයේදී අඩු දස්කම් දැක්වීමට මුදල් ලබාගත්තද පසුව ඔහු එම අනුමැතිය කඩකර පන්දු 53කින් ලකුනු 74ක් ලබාගනනවා. කෙසේනමුත් ඔහුට මාස 6ක තරග තහනමක් පනවනවා

9. හෙන්රි විලියම්ස් ( දකුනු අප්‍රිකාව ) - ඉහත නාග්පූර් තරගයේම  අඩු දස්කම් දැක්වීමට මුදල් ලබාගත් අතර ( පන්දු වර 10 දී ලකුනු 50කට වඩා ලබාදීමට ) පන්දු 11 කදී වයිඩ් පන්දු 6ක් ඇතූව  ලකුනු 11ක්  ලබාදී අබාදයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වෙනවා.කෙසේනමුත් ඔහුට මාස 6ක තරග තහනමක් පනවනවා

10. මොරිස් උඩුම්බේ ( කෙන්යාව ) - බුකී කරුවන්  සමග ගනුදෙනු කිරිමේ චෝදනාව මත ඔහුට වසර 5ක තරග තහනමක් පනවනවා

11. මාලන් සැමුවෙල්ස් - බුකීකරුවන්ට තරග සම්බන්ධ තොරතුරු සැපයීම නිසා වසර 2ක තරග තහනමක් පනවනවා

12. මොහොමඩ් අමීර් ( වසර 5) , - 2010 වසරේ අගෝස්තු මස  එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී නිපන්දු යැවීම සම්බන්දව බුකීකරුවන්ගෙන් මුදල් ලබාගැනීම නිආ ඔහු මාස 6ක් වරද කරුවන් පුනරුත්තාපනය කරන කදවුරකට යැවීමට එංගලන්ත අධිකරනය නියම කරනවා. 

13මොහොමඩ් අසීෆ් ( වසර 7)  ඉහත හේතුවටම  අසීෆ්ට වසරක් සිරදඩුවමක් හිමිවූ අතර වසර 7කට ක්‍රිකට් තහනම් කරනවා 

14 සල්මන් බට් ( වසර 10 )  - තරගා පාවාදීමට තම පන්දු යවන්නන් පෙලබවීම මත වසර දෙකක හා මාස 6ක සිරදඩුවමක් හා වසර 10ක තරග තහනමක් හිමිවෙනවා. 

15. දනේශ් කනේරියා  - එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන සමයේ සිදුවූ තරග අක්‍රමිකතා හේතුවෙන් එංගලන්ත - වේල්ස් ක්‍රිකට් පාලක මන්ඩලය ජීවිතාන්තය දක්වා තරග තහනක් පනවන අතර පාකිස්තානු ක්‍රිකට් මන්ඩලය එය අනුමත කරනවා. 

16. ශ්‍රීසාන්ත්- අයි.පි.එල් තරගාවලියේ සිදුවූ තරග පාවාදීම් හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනක් පනවනවා 

17. අශ්රාෆුල්  - 2013 බංගලිදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීම් හේතුවෙන් වසර 8කට තරග තහනම් කරනවා. 

18. ලූ වින්සන්ට් - බී.පී.ල් තරගාවලියේ බුකීකරුවන්ගේ තරගා පාවාදීමට ඉදිරිපත්වූ යොජනාව අයි .සී.සියට නොදැන්වීම නිසා පලමුව වසර 3කට තරග තහනම් කලද පසුව එංගලන්ත පලමු පෙල තරගාවලියේ සිදුකල තරග පාවාදීම් නිසා ජීවිතාන්තය දක්වා තරග තහනක් පනවනවා,

19. කෞශාල් ලොකුආරච්චි -  බී.පී.ල් තරගාවලියේ බුකීකරුවන්ගේ තරගා පාවාදීමට ඉදිරිපත්වූ යොජනාව අයි.සී.සියට නොදැන්වීම නිසාවසර 3කට තරග තහනමක් හිමිවෙනවා


Monday, April 21, 2014


ග්‍රැහැම් පෝලොක් 
වර්නභේදය හේතුවෙන් දකුනු අප්‍රිකාවට ක්‍රිකට් ක්‍රීඩව තහනම් කල යුගයක් විය. එම කාල සීමව තුල තම ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩාශීලීත්වය රදවා ( keep the game alive in South Africa ) ගනු පිනිස සහ තම රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට විරෝධය පානු පිනිස දකුනු අප්‍රිකානු ක්‍රිකට් මන්ඩලය හා එවකට රජය එක්ව ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන කල අතර එනම් 1982 සිට 1990 වසර දක්වා එවකට ටෙස්ට් ක්‍රීඩාකල රටවල් අතුරින් වසරකට එක කන්ඩායම බැගින් තම රටට ගෙන්වාගෙන කැරලිකාර තරගාවලියක් පැවැත්වීමයි.එකල ලොව ප්‍රමුක පෙලේ ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයට අවනත නොවී මෙම තරගාවලියට එක්වූ බැවින් මෙම තරගාවලිය එකල ක්‍රිකට් ලොව  තුල මතභේදයට තුඩුදුන්නක් විය. 

අප්‍රිකානු ක්‍රිකට් සම්මේලනයේ උගුලට පලමුවෙන්ම හසුවූයේ ගැහැම් ගුච් ප්‍රමුඛ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන්ය. ජෙෆ් බෝයිකොට්, ඇලන් නොට්,මයික් හෙන්ඩ්‍රිකස්,  බොබ් වුල්මර් වැනි ක්‍රිකට් ලොව විශිටයන් රැසකට තම අන්තර්ජාතික ක්‍රිකට් දිවිය නිමාවීමට 1982 වසරේ මාර්තු මස ආරම්බ වූ අප්‍රිකානු කැරලිකාර සංචාරය හේතු විය.




මීට අමතරව 1982/83 හා 1983/84 තරගවාරය සදහා ලෝරන්ස් රෝව්ගේ නායකත්වයෙන් යුතු කැරලිකාර බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමද, 1985/86 හා 1986/87 තරගවාර සදහා එවකට ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමක් කිම් හියුග් ගෙ නායකත්වයෙන් යුතුවද ( මෙම ඕස්ට්‍රේලියානු කන්ඩායමට කේප්ලර් වේල්ස් ඇතුලත් වූ අතර , අප්‍රිකානු කන්ඩායම නැවත අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනාගත් පසු ඔවුන්ගේ පලමු ක්‍රිකට් නායකයා වූයේ තහනම් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කන්ඩායම නියෝජනය කල වේල්සස් ය ) .මෙම ඕස්ට්‍රේලියානු කන්ඩායමට ජෝන් ඩයිසන්ද ක්‍රීඩාකල තර පසුකලක ඔහු ශ්‍රී ලංකා කන්ඩායමේ පුහුනුකරු බවට පත්විය. 


කැරලිකාර බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමේ ලාංඡනය 

මෙම තහනම් තරගාවලියේ අවසන් තරගාවලිය නැවත් එංගලන්තය සමග සංවිධානය වූ අතර එංගලන්ත කන්ඩායමේ නායකත්වය මයික් ගැටින්ට හිමිවිය.ඔහු 1987 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කන්ඩායම ක්‍රිකට් අනුශූරතාව දක්වා මෙහෙයවූ නායකයා විය.

1991 වසරේ දකුනු අප්‍රිකාවට නැවත අන්තර්ජාතික ක්‍රිකට් වරම් ලැබුනු අතර, 2007 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් අප්‍රිකානු තහනම් තරාගවලියේ සියලු තරග සදහා පලමු පෙල ක්‍රිකට් තත්වය ලබාදීමට තීරනය කලේය. 


කැරලිකාර ඕස්ට්‍රේලියානු කන්ඩායම 

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබගත්තේ 1982 පෙබරවාරී මාසයෙදීය.ටෙස්ට් වරම් ලබාගත් මුල් කාලයේ පටන් සුවිශේශි දස්කම් දක්වමින් ඉදිරියට පැමිනෙමින් සිටි ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායමට එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී කණ කොකා හැඩුවේය.එනම් අප්‍රිකානු ක්‍රිකට් සම්මේලනයේ උගුලට ලක්මව සතු විශිශ්ට ක්‍රීඩකයන් රැසක් හසුවිය. ශ්‍රීලංකා කන්ඩායම " ඇරෝසා ශ්‍රීලංකා " නමින් හැදින් විය. 

එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාවූ බන්දුල වර්නපුර ඇතුලු කැරලිකාර ක්‍රීඩකයන් 14 දෙනෙකු අප්‍රීකානු තරගාවලිය සදහා ගිවිසුම් අත්සන් කලේය.එම කන්ඩායමේ ක්‍රීඩකයෙකු වූ ටෝනි ඕපාත මහතා කැරලිකාර කන්ඩායමේ කලමනාකාධූරයද දැරුවේය.මෙම ක්‍රීඩකයන්ට තම් රටෙන් මෙන්ම ඉන්දියාව, පකිස්තානය හා කොදෙව් දූපත් තුලින්ද තදබල විරෝධයක් මතුවිය. 


කොදෙව් ක්‍රිකට් කන්ඩායම 

පීටර් කර්ස්ටන්ගේ නායකත්වයෙන් යුතු දකුනු අප්‍රිකානු කන්ඩායම එක්දින තරග 4 හා ටෙස්ට් තරග දෙක පහසුවෙන් ජයගත්තේ කැරලිකාර ශ්‍රීලංකා කන්ඩායම අන්ත අසරණ කරමිනි. දෙවන ටෙස්ට් තරගයේදී අප්‍රිකානු ක්‍රීඩක ගැහැම් පෝලොක් පිලිවලින් 188 ක් හා 197 වාර්ථා කලේය. 

තරගාවලියට සහභාගීවූ ශ්‍රීලංකා ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවූ අතර එය පසුව ඉවත්කෙරුනි.නමුත් තරග තහනම ඉවත් වනවිට ඔවුන් ලංකාව නියෝජනය කල හැකි වයසක නොවීය. ෆැල්වින් අපොන්සු 1996 ලෝක කුසලානයේදී නෙදර්ලන්තය නියෝජනය කල අතර එවිට ඔහුගේ වයස 43ක් විය 

ඇරෝසා ශ්‍රී ලංකා කන්ඩායම - බන්දුල වර්නපුර, ෆැල්වින් අපෝන්සු, හේමන්ත දේවප්‍රිය, ලන්ට්‍රා ප්‍රනාන්දු, මහේශ් ගුනතිලක, නිර්මාල් හෙට්ටිආරච්ච, ලලිත් කලුපෙරුම, සුසන්ත කරුනාරත්න, බර්නාඩ් පෙරේරා, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, බන්දුල ද සිල්වා, ටෝනි ඕපාත

1. තරග වාර්ථා 

Monday, March 24, 2014

- The Great Of Honours -

සියවසකට අධික සාඩම්බර අතීතයකට උරුමකම් සහිත ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයන් බදු ක්‍රීඩකයන් රැසකි.ඔවුන් අතුරින් විශිෂ්ටතමයන් පිලිබද කෙරෙන සටහනකි මේ. 

26. රාහුල් ඩ්‍රාවිඩ් 


වචනයේ පරිසමාප්තියෙන්ම ඉන්දීය කන්ඩායමේ නැංගුරම වූ ඔහු තාක්ශනය තින් පරිපූරන වූ පිතිකරුවෙකි.ටෙස්ට් ලකුනු 13000කට අධික සංඛ්‍යාවක් රැස්කල ඔහු තම ක්‍රිකට් දිවිය පුරාවට 192වරක් ලකුනු 50 සීමව පසු කලේය. 

25. ඇඩම් ගිල්ක්‍රිස්ට්

ආක්‍රමණශීලී එමෙන්ම කඩුලු රකින්නෙකු හා ලොව සුපිරිම පිතිකරුවෙකු පිලිබද සහහන් කලහොත් පලමුවෙනම් සිහියට නැගෙන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට් පිලිබදවයි. ඔහු ලොව ප්‍රමුඛ පෙලේ වේගපන්දු යවන බල ඇණි පවා තම පිත්ත ඉදිරිපිට දන ගැස්සුවේය. 

24. ක්‍රිස් ගේල් 


ඔහු තම සුපුරුදු රිද්මයට පැමිනි විට, ඔහු තරම් පන්දු යවන්න්නට රිදවන්නෙකු මේ විශ්වයේවත් සොයාගැනීමට නොහැකියි.එහි අසාමාන්‍ය වේගයක් අන්තර්ගතයි. 

23.  ස්ටීව් වෝ

ලොව බිහිවූ විශිටතම නායකයෙකු වන ස්ටීව් වෝ වසර 20ක් පුරා ඕස්ට්‍රේලියාව ලබාගත් බොහෝ ජයග්‍රහන වලට දායකත්වය සැපයුවා.ටෙස්ට් ලකුනු 10,000කට අධික ලකුනු සංඛ්‍යාවක් හා  51.06ක සාමාන්‍යක් ඔහු සතුවිය.

22. මහේල ජයවර්ධන 


ක්‍රිකට් ක්‍රීඩාවේ පිකාසෝ ඔහු වේ.ඔහුගේ පිතිහරභය සිතුවමක් සේ අලංකාරය.ලොව බිහිවූ තාක්ශනය අතින් පරිපූර්නතම පිතිකරු ලෙස මහේල ජයවර්ධන හැදින්විය හැක.

21. ජැක් හොබ්ස් 

The Master  ලෙස අන්වර්ත නාමයෙන් හැදින්වූ ඔහු පිතිකරනයෙහි ලා සුපිරිතමයෙකු විය.56.95ක ලකුනු සාමාන්‍යය එයට නිදසුනකි. 

20. වොලී හැමන්ඩ් 

ලොව බිහිවූ විශිටතම පලමු පෙල පිතිකරු වන වොලී හැමන්ඩ්  50,000කට අධික පලමු පෙල ලකුනු සංඛ්‍යාවකින්ද 7000 ( 58.45) කට අධික ටෙස්ට් ලකුනු ප්‍රමානයකින්ද ක්‍රිකට් ක්‍රීඩාව අර්නවත් කලේය. 

19. ජාවිඩ් මියෙන්ඩෑඩ් 


ආක්‍රමනශීලී පිතිකරුවෙකු මෙන්ම කුකුල් කේන්තිකාරයෙකු ලෙස ප්‍රසිද්ධ ඔහු ලොව බිහිකල තවත් විශිෂ්ටයෙකි. 

18. ග්ලේන් මැක්ග්‍රාත් 

ඕස්ට්‍රේලියාව බිහිකල අංක එකේ වේගපන්දුයවන්නා සේ සලකන්නේ ඔහුයි.මද වේගී පන්දුවෙන් ලොවම මවිත කල ඔහු ලෝක කුසලානයහි වැඩිම කඩුලු ප්‍රමානයක් ලබාගත් පන්දුයවන්නාද වේ. 

17. රිකී පොන්ටින්ග් 


ලෝක කුසලාන දෙකක් තම සුරතට ලබාගැනීමට වරම් ලැබූ පොන්ටින්ග් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුල බිහිවූ විශිටතම නායකයාද වේ. ටෙස්ට් හා එක්දින ලකුනු 27,000 කට වඩා රැස්කල ඇති ඔහු ශතක 71කින්ද තම ක්‍රිකට් දිවිය වර්නවත් කලේය. 

16. බ්‍රයන් ලාරා 

හොදම  ටෙස්ට් ඉනිමේ වාර්තාව මෙන්ම හොදම පලමු පෙල ඉනිමේද වාර්තාව අතුව ඇති ලාරා, ලොව විශිෂ්ට පන්දුයවන්නන්ට පවා හිසරදයක් වුනු අංක එකේ පිතිකරුවෙකි. 

15. වසීම් අක්‍රම් 

King Of Swing ලෙස හදුන් වන වසීම් ලොව පුරා පිතිකරුවන්ගේ භයානක සිහිනයක් බවට පත්වූයේ ඔහු සතු අධිවේගී පන්දුකරනය හා පන්දුවේ දෝලනය හේතුවෙනි. 

14. කුමාර සංගක්කාර 


වමත් බැඩ්මන් ලෙස හැදින්විය හැකි සංගක්කාර ලොව බිහිවූ විශිෂ්ටතම වමත් පිතිකරුවා වේ.ටෙස්ට් එක්දින යන දෙයංශයෙන්ම ලකුනු 11,000 පසුකල ඔහු අංක එකේ කඩුලු රකින්නෙකුද වේ.වර්තමාන ක්‍රිකට් ක්‍රීඩ කරන ක්‍රීඩකයන් අතුරින් සුපිරිම ක්‍රිකට් තරුව ඔහු වන අතර තාක්ශනයෙන් හා ආක්‍රමනශීලීත්වයෙන් පරිපූරන පිතිකරුවෙකි. 

13. ශේන් වෝර්න් 

පාදග පන්දුවෙන් ලොව මවිත කල ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් 708 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වී තිබේ. 

12. ජැක් කලිස් 

පිතිකරුවෙකු මෙන්ම දක්ශ පන්දු යවන්නෙකුද වන කලිස් ලොව බිහිවූ අංක එකේ තුන්නිරියව් ක්‍රීඩකයෙකි. ලකුනු 24,000කින් සහ කඩුලු 500+ කින් තම ක්‍රිකට් දිවිය සැරසුවේය. 

11. ඩෙනිස් ලිලී 


ලොව බිහිවූ බයානකම වේගපන්දු යවන්නා ඔහුවේ.තොම්සන් - ලිලී සුසංයෝගය පිතිකරුවන් තුල අප්‍රමාන බියක් ඇතිකරන ලදී. 

10. ඉයන් බොතම් 

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරඉදිරිපෙල අසුනක් ඔහුට හිමිවේ.එංගලන්තය ලොවට දායාද කල විශිෂ්ටතම පිතිකරු ඔහු වේ. 

9. ඉම්රාන් ඛාන් 

පකිස්තානය ලෝකශූරයන් බවට පත් කිරීමේ ගෞරවය ඉම්රාන් සතුවේ.පිතිකරුවෙකු මෙන්ම සුපිරි වේග පන්දුයවන්නෙකුද වන ඉම්රාන් අංක එකේ නායකයෙකි.

8. අරවින්ද ද සිල්වා 


තාක්ශයය ප්‍රවේගය සපිරි ලංකාව ක්‍රිකට් ලොවට දායද කල දියමන්තිය වන ඔහු ලක්මවට ලෝක කුසලාන දිනාදීමට අනුපමේය සේවයක් ඉටු කරන ලදී. 

7. කපිල් දේව් 

ඉන්දීයාව 1983 දී ලෝක ක්‍රිකට් විරුවන් සේ අබිසෙස් ලැබීමට මග කියාදුන්නේ ඔහුය.වේග පන්දු යවන්නෙකු හා සුපිරි පිතිකරුවෙකුද වේ. 

6. විවියන් රිචර්ඩ්ස් 

විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකි.1979 ලෝක කුසලාන අවසන් මහා තරගයේ සදාතනික වීරයා වේ.90+ ලකුනු ලබා ගැනීමේ වේගයක් සහ 47 ක ලකුනු ලබා ගැනීමෙ සාමාන්‍යයක් ඔහුගේ එක්දින ක්‍රිකට්  දිවියේ සටහන් වේ 

5. සනත් ජයසූරිය 


ක්‍රිකට් ක්‍රීඩාවට ත්‍රාසය බිය මුසු කලේ ඔහුය.ඔහුගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන්  ලක් මව ලෝක ශූරයන් සේ අභිශේක ලැබිමට සමත්විය.ඔහු තරම් බයානක පිතිකරුවෙකු ක්‍රිකට් ඉතිහාසයේ හමු නොවේ.පන්දු යවන්නන් රැසකට ක්‍රිකට් එපා කල ඔහුගේ පිත්ත අභියස ලොව හොදම පන්දු යවන්නන් පවා බියෙන් සැලෙන්නට විය. ලොව බිහිකල විශිටතම තුන් ඉරියව් ක්‍රීඩකයා සනත් බව අවිවාදිතය. 

4. ගැරී සෝබර්ස් 

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.පරිපූර්න පිතිකරුවෙකි. විශිෂ්ට පන්දුයවන්නෙකි. 

3. සචින් ටෙන්ඩුල්කාර් 


ලොව බිහිවූ වඩාත්ම පරිපූර්නත පිතිකරුවේ.අන්තර්ජාතික ශතක 100කට හිමිකම් කියන ඔහු සතුව පවතින ක්‍රිකට් වාර්ථා කිසිවෙකුට සම කල නොහැකි මට්ටමේ පවතී. 

2.මුත්තයියා මුරලිදරන් 

බැඩ්මන් පිතිකරුවෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේශී වන්නේ යම් සේද මුරලිද ඊට සමාන අයුරින් පන්දුයවන්නෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩවට සුවිශ්ෂීවේ.ලොව බිහිවූ අංක එකේ පන්දු යවන්නා වන මුරලි සතුව පවතින ක්‍රිකට් වාර්ථා වලට ලංවීමට පවා සමත් පන්දුයවන්නෙකු බිහිවේදැයි සැක සහිතය. 

1. ශ්‍රීමත් ඩොනල්ඩ් බැඩ්මන් 


පිතිකරුවන් අතුරින් අසමසම තරුව ඔහුවේ.ලකුනු 100කට ආසන්න ලකුනු ලබාගැනීමේ සාමාන්‍යයක් හිමි ඔහු වසර 130කට අදික ක්‍රිකට් වංශකතාවේ බිහිවූ සුපිරිතමයා වේ.










Wednesday, January 22, 2014




ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව එකව මින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තමන් අතට ගැනීම සදහා කෙටුම් පතක් මෙමෙ මස 28, 29 දිනයන්හී ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව ඇත, දකුනු අප්‍රිකාව මෙම ගිවිසුමට දැනටමත් විරෝදය පල කර ඇති අතර නවසීලන්තය එකගතාව පල අර ඇත, ශ්‍රී ලංකාවේ තීරනය අද දින ප්‍රකාශ කිරීමට නියමිත අතර ශ්‍රී ලංකවේ ස්ථාවරය සලකා පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් තම තීරනය ගැනීමට නියමිතය, ඒ අනුව ශ්‍රී ලංකාවේ තීරනය මත මෙයි සම්මත වීම නොවීම රදා පවතින අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මන්ඩලයට ක්‍රිකට් බලවතුනට යට නොවී මෙම ගිවිසුම පරාජයට පියවර ගැනීමට දකුනු අප්‍රිකාවට තම සහයෝගය පල කිරීමට ශක්තිය ධෛර්‍යයි ලැබේ යැයි ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාගේ ප්‍රාර්තනයයි.

කෙටුම්පත පිලිබදව කෙටියෙන් ...

1.අයි.සී.සී සබාපතිදූරය මින් ඉදිරියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තයට පමනක් සීමාවන අතර පලමු සභපතිදූරය ක්‍රිකට් තරග පාවාදීමටද සම්බන්දයැයි නම ඈදුනු ඉන්දීය ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති සිරිනිවාසන්ට හිමිවීමට නියමිතය.

2.අනිකුත් ක්‍රිකට් පාලක මන්ඩල බල රහිත වීම හා ලෝක කුසලනය වැනි තරගාවලි ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව තුල පමනක් පැවැත්වීම,එමෙන්ම ලෝක කුසලාන සදහා තරග කරන කන්ඩායම් ප්‍රමානය තීරනය කිරීමේ බලය ඔවුන් සතු වීම ,{ ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අදුනික රටවල් වලට ලෝක කුසලානයට තරග කිරීමට විරුද්ධ අතර,එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය විනාශ වීම,අවශය නම් ටෙස්ට් ක්‍රීඩාකරන රටක් වුවද ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ඔවුන්ට බලය ලැබීම]

3.IPL,BIG BASH වැනි ලීග් තරගාවලි නිලවශයෙන් පිලිගැනීම හා ඒට ඉදිරියට කනිලවශයෙන් කාලය වෙන් කිරීම

4.FTP අවලංගු කිරීම හා මින් ඉදිරියට ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාවට අවශ්‍ය පරිදි ක්‍රිකට් කාල සටහන සැකසීම,එම නිසා ඔවුන්ට අනිකුත් රටවලට තරග ලබානොදී උවද සිටිය හැක.

5.අයි.සී.සී අදායමෙන් වැඩිකොටසක් ඉන්දියාව,එංගලන්තය හා ඕස්ට්‍රේලියාව විසින් බෙදා ගැනීම

Tuesday, January 21, 2014

ඉඩෝරයට දිය බිදක්



පකිස්තානය සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩා විලාශය සම්බන්ධව කෙතරම් විවේචන මතු වුවද ,බොහෝ කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට අනාගතය සම්බන්ද සුබදායි පෙරනිමිති රැසක් ඉතිරි කරමින් ශ්‍රී ලංකා කන්ඩායමේ මැද පෙරදිග සංචරය නිමාවීයැයි සතුටු විය හැකිය.

ප්‍රවීනයන් මත යැපීමේ කලාව මෙම තරගාවලිය පුරාම දක්නට නොලැබුනු අතර නවකයන්ගේ දස්කම් උසස් මට්ටමක පැවතුනි,නායක ඇන්ජෙලෝ මැතිවස් තම ක්‍රිකට් දිවියේ සාර්තකම තරගාවලිය නිමා කල අතර ප්‍රසන්න ජයවර්ධන,තම වර්තමාන ක්‍රිකට් පිටියේ සිටින විශිෂ්ටතම කඩුලු රකින්නා බව නැවත අරක් සනාත කලේ පිතිකරුවෙකු ලෙසද කන්ඩායම වෙනුවෙන් වටිනා ඉනිම් කීපයක්ම දියත් කරමිනි.

කෞශාල් සිල්වා,තමන් දිල්ශාන්ගෙන් හිස්වූ ආරම්භක පිතිකරු තනතුරට නියම සුදුස්සා බව සනාත කල අතර,දිමුත් කරුනරත්නගේ දස්කම්ද විශිස්ට මට්ටමක නැතත් ප්‍රශස්ථ මට්ටමක පැවතුනි.දිරුවන් පෙරේරා තමන්ට ලැබුනු අවස්තාවෙන් උපරිම පල නෙලාගත්තේය.

කාලයක් තිස්සේ පැයට කි.මී 140කට වඩා වේගයෙන් පන්දුයවන ක්‍රීඩකයනේ අඩුවක් පැවතුනද එම පැනයට ආසන්න හෝ පිලිතුරක් ලැබුනු බව හැගී යන්නේ වේගයට වඩා නිසි එල්ලය සහ නියමිත ස්තානයට පන්දුව පතිත කිරීම මගින් කඩුලු ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සනාත කිරීම හේතුවෙනි.[නමුත් මේ වනවිට පකිස්තානු වේගපන්දු යවන සංචිතයේ පැයට කි.මී 140කට වැඩි වේගයෙන් පන්දුයවන නවක වේගපන්දු යවන්නන් 40කටව් ඇඩි සංඛ්‍යාවක් සිටින බව අසන්නට ලැබුනි,ලංකාව අතුව එවැනි එක පන්දු යවන්නෙකු හෝ නොමැති වීම කනගාටුවට කරුනකි.] 

එක්දින තරගාවලිය 2-3ක් ලෙස පරාජ වුවද නායක මැතිව්ස්ගේ හා උඅප නායක චන්දිමාල්ගේ දස්කම් තරගාවලිය පුරා කැපී පෙනුනි.එමෙන්ම කිතෘවන් හා අශාන් ප්‍රියන්ජන එක්දින තරග දිවිය සුවිශේශී අයුරින් ආරම්බ කලේ අනාගතය පිලිබද සුබ පෙරනිමිති පහල කරමිනි.

කලක් තිස්සේ ශ්‍රී ලංකාව සොයමින් සිටි ප්‍රහාරක පිතිකරුගේ භූමිකාවට සීක්කුගේ ප්‍රසන්න හා සචිත්‍ර මැනවින් පන පෙවූ අතර,කුසල් ජනිත් සුවිශේශී ඉනිම් කීපයක් හියත් කලේ පන්දු යවන්නන් තුල නැවතත් සනත් ජයසූරිය භීතිකාව ඇතිකරලමිනි.

එකී මෙකී බොහෝ සුබ පෙරමග නිමිති රාශියක් පකිස්තානු තරගාවලියෙන් අපට ලැබුනි, නමුත් ධනාත්මක ලකුනු තුලින් ඉදිරියයේ පැවැත්වෙන ලෝක කුසලානයක් ජයග්‍රහනය හෝ ටෙස්ට් ශ්‍රේණිගටහ කිරීම් වල ඉදිරියට පැමිනීම කල නොහැක,අවශ්ෂ වනුයේ එකී සුබවාදී පෙරනිමිති තුලින් ස්ථාවර දස්කම් දක්වන ක්‍රීඩකයන් නිර්මානය වීමයි

එම නිසා අවසාන වශයෙන් කීමට ඇත්තේ "ආමග කෙටියි,යායුතු මග දුරයි.නිරතුරු නුවනැසින් තරනය කල යුතුයි" යන්නයි