වර්ශාවෙන් බදා වන සීමිත ඕවර ක්‍රිකට් තරග වල ජය පැරදුම තීරනයට අන්තර්ජාතික වශයෙන් පිලිගත් ක්‍රමවේදයක් බාවිතා කරනුයේ ඩක්වත් සහ ලුවිස් ක්‍රමවේදයයි.නමුත් ඩක්වර්ත් ලුවිස්හි ප්‍රායෝගික භාවිතයේදී ගැටලු ඇතිවන් අවස්තා රාශියක් පහුගිය කාලෙයේදී දක්නට ලැබුනි.
ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ වෙසෙන වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන V. ජයදේවන් මහතා විසින් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමය සදහා විකල්පයක් හදුන්වා දුන් අතර එය Jayadevan system එසේ නැත්හොත් VJD method හදුන්වනු ලබයි.
ජයදේවන් ක්‍රමවේදය කෙටියෙන්
ජයදේවන් ක්‍රමය ප්‍රස්තාර දෙකක් මත පදනම් වේ. පලමු ප්‍රස්තාරය සාමාන්‍ය ලකුනු [ Normal Score] ලබා ගැනීම මත පදනම් වන අතර [තරගයට බදාවක් ඇති නොවුනිනම් එනම් පිතිහරබයේ යෙදෙන කන්ඩායම සම්පූර්න් පන්දුවාර සංඛ්‍යා ක්‍රීඩාකලේ නම් බලපොරොත්තු වන ලකුනු ]සහ දෙවන ප්‍රස්තාරයෙන් [Target Score ] වැස්සෙන් බදාවුනි නම් නැවත තරගය ආරම්භවුන පසු කෙසේ ලකුනු ලබගැනීම් වේගවත් කල යුතු දැයි සදහන් වේ
එසේම සාමාන්‍ය ප්‍රස්තාරය පන්දුඕවර ප්‍රතිශතය [Over Percentage]සහ කඩුලු බිද වැටීමේ ප්‍රතිශතය කෙරෙහිද අවදානය යොමු කරයි.දෙවන ප්‍රස්තාරය පන්දුවාර ප්‍රතිශතය ගැන පමනක් සැලකිලිමත් වන අතර එය නව ලකුනු ඉලක්කය ගනනය කිරීමට යොදා ගනී.
ගනනය කිරීම කෙටියෙන්
සාමන්‍ය ප්‍රස්තාරයෙන් ගනනය කිරීමෙදී එකී ප්‍රස්තාරයේ අංශ හතක් කෙරෙහි අවදානය යොමු කරයි.
2. exploiting field restrictions - ඉනිමේ ඕවර සංඛ්‍යාවෙන් මීලග 20 % [ ඕවර 6 සිට 15 දක්වා]
3. stabilising the innings i - මීලග ඕවර 20% [ ඕවර 16 - 25]
4. stabilising the innings-II - මීලග ඕවර 10% [ ඕවර 26-30 ]5. beginning the acceleration - මීලග ඕවර 20% [ ඕවර 31-40]
6. secondary stage of acceleration - මීලග ඕවර 10% [ ඕවර 41- 45]
7. final slog - අවසන් ඕවර 10% [ ඕවර 46- 50]
ඉන්පසු සාමන්‍ය වක්‍රය වැඩිවන පන්දුවාර ප්‍රතිශතය හා ලබගන්නා ලකුනු අතර සුදුසු සමීකරනයක් ලබගනී.එනම් ඉහත සදහන් අංශ හතේදී ලබාගන්නා ලකුනු අනුව එකී අංශ හත අවරෝහන් පිලිවලට සකසන අතර ඉන්පසු පන්දුවාර ගනන [ cumulative overs % ] හා ලබා ගත ලකුනු [ cumulative runsscored %] අතර සමීකරනයක් ලබාගනී
ඕවර සංඛ්‍යාව % | ඉලක්කය % | සාමන්‍ය ලකුනු ප්‍රතිශතය බිද වැටුනු කඩුලු සංඛ්‍යාවට අනුව | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | ||
20 | 29.8 | 16.9 | 20.6 | 22.6 | 35.0 | 50.0 | 60.0 | 70.0 | 79.0 | 87.0 | 95.0 |
40 | 53.5 | 32.4 | 34.5 | 36.5 | 39.7 | 50.0 | 60.0 | 70.0 | 79.0 | 87.0 | 95.0 |
50 | 63.4 | 40.4 | 41.7 | 43.0 | 44.3 | 51.9 | 60.0 | 70.0 | 79.0 | 87.0 | 95.0 |
60 | 72.3 | 49.2 | 50.1 | 51.1 | 51.4 | 57.9 | 64.6 | 70.0 | 79.0 | 87.0 | 95.0 |
80 | 87.6 | 70.7 | 70.8 | 70.9 | 71.0 | 71.2 | 77.1 | 82.4 | 84.3 | 87.0 | 95.0 |
මෙම වගුව තීරු දොලහකින් සමන්විත් අතර ඕවර සංඛ්‍යාව ( ප්‍රතිශතයක් ලෙස) ඉලක්කය ප්‍රතිශතයක් ලෙස හා දැවීගිය කඩුලුවලට සාපේක්ශව සාමන්‍ය ලකුනු සංඛ්‍යාව ඉන් නිරූපිතය.තරගයට බදාවීමට පෙර ක්‍රීඩාකල ඕවර සංඛ්‍යාවට අදාල දත්ත සාමන්‍ය ලකුනු තීරුවෙන් ලබාගන්න අතර,බදාවීමට පසු ඉලක්කය අනිකුත් තීරුවෙන් ලබා ගනී
උදා- පලමු කන්ඩායම පන්දු ඕවර 50 තුල ලකුනු 280ක් ලබාගත් අතර දෙවන කන්ඩායම වර්ශාවෙන් බදා ඇති වන විට පන්දු ඕවර 40 කට පමනක් ක්‍රීඩා කර ඇතැයි සලකමු.
එනම් ඔවුන් පන්දු ඕවර 50න් 40කට පමනක් ක්‍රීඩාකර ඇති අතර එනම් මුලු පන්දු ඕවර ගනනින් 80% කි. ඉලක්කය 87.6%කි.එනම් පන්දු ඕවර 40 අවසන් වන විට ඔවුන් 246ක් ( 280 * 87.6%) ලබා ගෙනසිටිය යුතුය.
ඩක්වර්ත් හා ලුවිස් සමගින් ජයදේවන්
ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමයේදී ගනිතමය සම්බන්දයන් උපයෝගී කරගන්න අතර කන්ඩායමක් ඉනිම ආරම්බයේදී කුඩා ලකුනු ලබාගැනීමේ වේගයක් පවත්වා ගන්නා බවත් පසුව එනම් අවසන් ඕවර 10 -15 තුලදී එම වේගය විශාල වැඩිවීමක් ඇති බව උපකල්පනය කරයි.නමුත් ජයදේවන් ක්‍රමය මෙහිදී ඩක්වර්ත් සහ ලුවිස් ගනනයන්ට වඩා ප්‍රයෝගික වන් අතර එහිදී අවසන් ඕවර 15ට අමතරව power playභාවිතා කරන පලමු ඕවර 15තුලද ලකුනු ලබා ගැනීමේ ඉහල වේගයක් පවතින බව උපකල්පනය කරයි.එනම් ජයදේවන් විසින් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය තව දුරටත් දියුනු කිරීමට උත්සහ දරා ඇත.මේ නිසා ජයදේවන් ක්‍රමවේදය වර්තමාන ක්‍රීඩවට වඩත් ගැලපෙන බව උපකල්පනය කල හැකිය.
ඩක්වර්ත් සහ ලුවිස් එක් ප්‍රස්තාරයක් ඇසුරින් සියලුම ගනනයන් ලබාගන්නා අතර ජයදේවන් ඒ සදහා ප්‍රස්තාර දෙකක් උපයෝගී කරගනී.සාමන්‍ය වක්‍රය පිතිකරනයේ යෙදෙන කන්ඩායම ලබාගත් ලකුනු පිලිබදව ගනනයන්ටද අනිත් වක්‍රය කන්ඩායම ලබ ගතයුතු ලකුනු පිලිබදව ගනනයන්ටද යොදා ගනී.
ජයදේවන් විසින් කන්ඩායම පන්දුවට පහට දෙන විට පලමුව ඕවර 50 සදහා සූදානමින් පැමිනෙන බවද වැස්සෙන් බදා ඇති විනිනම් ඊට අනුරූපීව තම තරග උපක්‍රම වෙනස් කරන බවද උපකල්පනයක්‍රමින් තම් වක්‍රයන් නිර්මානය කර ඇත. උපකල්පන හා වක්‍රයන් භාවිතයේ වෙනස් කම් නිසා
ජයදේවන් විසින් කන්ඩායම පන්දුවට පහට දෙන විට පලමුව ඕවර 50 සදහා සූදානමින් පැමිනෙන බවද වැස්සෙන් බදා ඇති විනිනම් ඊට අනුරූපීව තම තරග උපක්‍රම වෙනස් කරන බවද උපකල්පනයක්‍රමින් තම් වක්‍රයන් නිර්මානය කර ඇත. උපකල්පන හා වක්‍රයන් භාවිතයේ වෙනස් කම් නිසා
කෙසේනමුත් සාමන්‍ය වක්‍රය ඕවර සාමන්‍යය හා කඩුලු බිදවැටීම් යන් කරුනු දෙකම සලකනු ලැබුවද දෙවන් වක්‍රය පන්දුවාර ප්‍රතිශතය පමනක් .සලකයි.එනම් කඩුලු බිද වැටීම් ගැන අවදානය යොමු නොකරයි.එය එහි අඩුපාඩුවකි. [ ඉහත උදාහරනය සලකන්න. එහි 280 සදහා ඉලක්කය සකසන විට කඩුලු වැටීම් සම්බන්දව සලකා නොමැත]