ලොව කොතරම් ප්‍රහාරක පිතිකරුවන් සිටියද ලොව බයානකම පිතිකරුවා ඔහුය.ඔහු තරම් පන්දු යවන්නන් තුල භීතියක් ඇති කිරීමට අන් කිසිවෙකු සමත් නොවුනි.ලොව සුපිරිම පන්දු යවන්නන්ද ඔහුට පන්දු යැවීම පිලිබදව වරක් දෙවරක් නොව කිහිප වරක් සිතන්නට විය.පන්දු යවන්නාගේ පොඩි හෝ වැරදීමක ප්‍රතිපලය පන්දුව හතරේ සීමවට ඉහලින් ගුවන් ගත වීමයි.ඔහුගේ පිත්තට බියවී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පන්දු යවන්නන්ද දුසිම් ගනනකි.ඔහු නීරසව පැවති ක්‍රිකට් ක්‍රීඩවට නව මානයක් එක් කලේය.සාම්ප්‍රධායික එක්දින තරග රටාව උඩු යටිකුරු කරමින් රොමේශ් කලුවිතාරන සමග එක්ව තරගයේ පලමු පන්දු වාර කීපය තුල පන්දු යවන්නන්ට දිගට හරහට පහර දීමේ කලාව ක්‍රිකට් ලොවට හදුන්වාදුනේ ඔහුය.මේ පුංචි දිවයින,ක්‍රිකට් ලොව ගලිවරයන්ගේ තත්වයට ඔසවා තැබීමට මූලිකත්වය ගත්තේ ඔහුය.ක්‍රිකට් පිටියේ වාර්තා සියගනනින් ඔහුගේ නම ඉදිරිපිට ලියවෙන්නට විනි.මේ ලෝක පූජිත ක්‍රීඩකයා හදුන්වාදීමට තවත් අටුවාටිකා ටිප්පනි අනවශ්‍ය යැයි සිතමි.ඔහු නමින් සනත් ටෙරාන් ජයසූරියයි.
දකුනු ලක මාතර පුරවරයෙන් බිහිවූ සනත් ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත තැබුවේ මාතර ශාන්ත සර්වේශස් විදුහලෙනි.පාසල් සමයේ සිටම දැක්වූ අසම සම දස්කම් හේතුවෙන් ඔහු 1989වසරේ දෙසැම්බර් මස ඕස්ටේලියාවට එරෙහිව මෙල්බෝර්න් නගරයේදී එක්දින වරම් දිනාගත් අතර ඉන් වසර දෙකකට පසු එනම් 1991 වසරේ පෙබරවාරි මස 22 දින නවසීලන්තයට එරෙහිව හැමිල්ටන් නුවරදී ටෙස්ට් වරම් දිනා ගන්න ලදී
තරගයක පලමු පන්දු ඕවර කිහිපය තුල පන්දු යවන්නට එලව එලවා පහර දීම 1996ලෝක කුසලාන තරගාවලිය තුල ශ්‍රී ලංකා කන්ඩායමේ උපක්‍රමය විය.එකී උපක්‍රමය අති සාර්තක වූ අතර එහි ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකා කංඩායම විල්ස් ලෝක ශූරයන් සේ අබිසෙස් ලැබීමයි.එකී ජයග්‍රහනයේ නියමුවා වූ සනත් ලොව වටිනාම ක්‍රීඩකයා එනම් ලෝක කුසලාන තරගමාලාවේ වීරයා ලෙස ගෞරවයට පාත්‍රවිය .මින් නොනැවතුනු ඔහු 1997 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද බුහුමන් ලැබීය.
එපමනක් නොව පිටියේදී මෙන්ම ඉන් පිටත්දීත් වචනයේ පරිසමාප්තියෙන්ම මහතමයෙකු වූ සනත්,ශ්‍රී ලංකා මෑනියන් ජාත්‍යන්තර තලයෙහිලා ඔසවා තැබීමට අනුපමේය මෙහෙවරක් ඉටු කලේය.ඒ කෙසේද යත් කලක් ශ්‍රී ලංකාව පිටරැටියන් විසින් "ජයසූරියගේ රට" ලෙස හදුන්වා දී තිබුනි
ජයසූරිය යනු පිතිකරුවෙකු පමනක්ම නොවේ.ඔහුගේ පන්දු හමුවේ ලොව සුපිරිතම පිතිකරුවන් පවා අසරන විනි.ගුවනේ පියබා උඩපන්දුවක් ඩැහැ ගැනීමට ඔහු තුල පැවතියේ අසම සම දක්ශතාවයකි.ඔහුගේ තුන් ඉරියව් දස්කම් සාරාංශ ගත කල විට
- ටෙස්ට් තරග වාර්තා
- තරග - 110
- ඉනිම -188
- නොදැවීම -14
- පිතිකරන සාමාන්‍යය - 40.07
- ලකුනු - 6973
- වැඩිම ලකුනු - 340
- ශතක - 14
- අර්ධ ශතක - 31
- හතරේ පහර - 910
- හයේ පහර - 59
- උඩ පන්දු - 78
- කඩුලු - 98
- හොදම පන්දු යැවීම (ඉනිමක) - 5 /34
- හොදම පන්දු යැවීම ( තරගයක ) - 9/78
- කඩුලු 5 බැගින් - අවස්තා 2
- එක්දින තරග වාර්තා
- තරග - 445
- ඉනිම - 433
- නොදැවීම - 18
- පිතිකරන සාමාන්‍යය - 32.36
- පන්දුවට පහර දීමේ වේගය -91.20
- ලකුනු - 13430
- වැඩිම ලකුනු - 189
- ශතක - 28
- අර්ධ ශතක - 68
- හතරේ පහර -1500
- හයේ පහර - 270
- උඩ පන්දු - 123
- කඩුලු - 323
- හොදම පන්දු යැවීම- 6/ 29
- කඩුලු 5 බැගින් - 4
- පන්දු වාර විස්ස තරග වාරතා
- තරග - 31
- ඉනිම - 30
- නොදැවීම - 3
- පිතිකරන සාමාන්‍යය - 23.29
- පන්දුවට පහර දීමේ වේගය - 129.15
- ලකුනු - 629
- වැඩිම ලකුනු - 88
- අර්ධ ශතක -4
- හතරේ පහර - 76
- හයේ පහර - 23
- උඩ පන්දු - 4
- කඩුලු - 19
- හොදම පන්දු යැවීම- 3/21
- සනත් සතු ක්‍රිකට් ලෝක වාර්තා
1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්‍රීඩකයා (13430)2. එක්දින තරග 400 ක්‍රීඩා කල ලොව පළමු ක්‍රීඩකයා
3. වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)
4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්‍රීඩකයා
5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)
6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා
7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)
8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)
9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)
10. එක්දින ශතකයක් වාර්තා කල ලොව වයස්ගතම පිතිකරුවා (අවරුදු 39 දින 212 , 107 vs India)
11. එක්දින කඩුලු 300+ ක් ලබා ගත ලොව එකම නිත්‍ය ආරම්භක පිතිකරුවා
12. එක්දින තරගවල පළමු කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සමග වැඩිම ලකුණු සබදතාවය ( ලකුණු 286 ඕවර 31.5)
13. රොෂාන් මහානාම සමග ටෙස්ට් තරගයක දී කඩුල්ලක් වෙනුවෙන් 2වෙනි වැඩිම ලකුණු සබදතාවය (576). මෙය ටෙස්ට් තරගයක දී 2වන කඩුල්ල සදහා වැඩිම ලකුණු සබදතාවය ද වේ.
14. එක්දින තරගවල තරගයේ වීරයා සම්මානය වැඩිම වාර ගණනක් දිනා ගත් ලොව 2වෙනි ක්‍රීඩකයා
15. එක්දින,ටෙස්ට් හා විස්සයි 20 අන්තර්ජාතික තරගවල වැඩිම කණ්ඩායම් ලකුණු ලබා ගත් ඉනිම් අතර වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල පිතිකරුවා (එක්දින-157 , ටෙස්ට්-340 , විස්සයි 20-88)
16. එක්දින තරගයක දී තමා රැස් කල පෞද්ගලික ලකුණු සංඛායාවට වඩා වැඩිම ලකුණු පරතරයකින් ප්‍රතිවාදී පිල පැරද වූ ක්‍රීඩකයා ( සනත් 189,ඉන්දියාව 54 all-out )
17. එක්දින තරගාවලියක අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ගණනක් ලබා ගත පිතිකරුවා (189 vs India Coca -Cola Champions Trophy)
18. ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු හා එකම ක්‍රීඩකයා
19. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු , ඉනිමක දී වැඩිම ලකුණු , පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලබා ගත් ක්‍රීඩකයා
20. ටෙස්ට් තරග 9ක් පිට පිටම ජයග්‍රහණය කල පළමු හා එකම ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා
21. ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් (28) , පළමු විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කල ක්‍රීඩකයා
මීට අමතරව එක්දින ටෙස්ට් හා පන්දු වාර විස්ස තරග වලදී කන්ඩායමක් රැස් කල ඉහලම ලකුනු වර්තා ශ්‍රී ලංකාව සතු අතර එකී තරග ත්‍රිත්වයේම ශ්‍රී ලංකා කන්ඩායමේ වැඩිම ලකුනු ලාබියා මෙන්ම තරගයන්හි වීරයා වූවේද සනත් ජයසූරියයි.
ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම තරග දිනවන්නෙකු වූ අතර සනත් ලකුනු 50කට වඩා රැස් කල තරග අතුරින් 90% ක ප්‍රමානයක ජය ලංකාව සතු විය.ඔහුගේ එක්දින ශතක 28 අතුරින් තරග පරාජයන් 3ක් පමනක් තිබීම ඊට මැනවින් සාක්ශි සපයයි
නායකයෙකු ලෙසද අති සාර්තක වුනු ඔහු 2002 අයි.සී.සී ශූරයන්ගේ කුසලානය ඇතුලු ජයග්‍රහන රැසකට නායකත්වය සැපයූ අතර එකී කාල සීමාව තුල ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවේ නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරමින්ය
ලොව බිහිවූ විශිටම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ සනත් ජයසූරිය මින් වසර දෙකකට පෙර ක්‍රිකට ක්‍රීඩාවෙන් සමුගත්තේ පන්දු යවන්නන් තුල සැනසුම් සුසුමක් ඉතිරි කරමිනි.නමුත් ඒවන විටත් මනෝජ් ප්‍රභාකරන් වෙන්කටේශ් ප්‍රසාද් වැනි පන්දු යවන්නන් රැසක ක්‍රිකට් දිවිය නිමා කිරීමට සනත්ගේ පිත්ත වග කියා තිබුනි
ඇතමුන් සචින් ටෙන්ඩුල්කාර් ,ශ්‍රීමත් දොන් බැඩ්මන්ට සමාන කරති.සචින් යනු බැඩ්මන්ගේ අවතාරයක් ලෙස හදුන්වති.මුරලි,ශේන් වෝර්න්ට සාපේක්ශව ගව් ගනනක් ඉදිරියෙන් සිටියද යම් තරමක හෝ සමාන කමක් ඔවුන් දෙදෙනා අතර පවතී.නමුත් සනත්ට යම් තරමකට හෝ සමකල හැක්කෙකු සියවසකට වඩා ඉපැරනි ක්‍රිකට් වංශකතාව තුල හමුනොවේ.සනත් සම කල හැකිවනුයේ සනත්ටම පමනි.