Blogger Widgets

Saturday, March 14, 2015



නුවර එලිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමන උසකින් පිහිටා තිබින රදැල්ල ක්‍රිකට් පිටිය ලොව සුන්දරතම ක්‍රීඩාංගන අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකරගනී. දිඹුල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ පාලනයේ පවතින මෙහි විශේශත්වය වනුයේ මුහුදු මට්ටමේ සිට අඩි 4000කට වඩා උසකින් පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගන ලොව පුරා පවතිනුයේ අතලොස්සක් වීමයි. 1886 වසරේ ආරම්බ කරන ලද දිඹුල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නිවහන ලෙස රදැල්ල ක්‍රිකට් පිටිය සලකයි.

ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි වරෙක පැවසුවේ,මුහුදු මට්ටමේ සිට ඇති උසත් වලාකුලු පිරි අහසත් නවසීලන්ත, ඕස්ට්‍රේලියානු ක්‍රීඩාංගන වල ඇති තනතිලි වලට සමාන වීම හා අධික ශීත කාලගුනයත් නිසා වේග පන්දු යවන්නට ඉතාමත් යෝග්‍ය එලෙසම ඉතාමත් හොදින් පන්දුව දෝලනය කල හැකි ක්‍රීඩාංගනයක් ලෙසයි.

1983/84 වසරේ සංචාරක නවසීලන්ත පිල හා ක්‍රිකට් සබාපතිගේ පිලත් අතර පුහුනු තරගයක් පැවැත්වීමට නියමිතව තිබුනද, වර්ශාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදුවිය

එලෙසම 2000 වසරේ ලංකාව සත්කාරකත්වය දැරූ වයස 19 පහල ලෝක කුසලාන තරගාවලියේ තරග කීපයක් මෙහි පැවැත්විනි.ඉන් පසු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය පිලිබද බලධාරීන්ගේ අවදානය යොමු නොවුනි.

කෙසේ නමුත් 1975 වසරේ ලෝක ශූරතාවයට යාමට පෙර සති 2ක පුහුනුවක් රදැල්ල පිටියේ පැවැත්වූ බව සදහන්ය.එය එසේ වුවද වර්ත්මනයේ වේගවත් තනතිලි සහිත ඕස්ට්‍රේලියානු නවසීලන්ත සංචාරයන්ට පෙර අඩුම අශයෙන් මෙහි පුහුනු තරගයක් හෝ පවත්වා එවැනි තනතිලි වලට උචිත ක්‍රීඩකයන් කවුරුන්දැයි හදුනාගැනීමක් සිදු නොවීම අභාග්‍යයකි.

හොදින් පන්දුව දෝලනය වන ඕස්ට්‍රේලියානු නවසීලන්ත තනතිලි වලට ඉතාමත් සමාන මේ ක්‍රීඩාංගනය මෙසේ අත්හැර දැමීම කනගාටුවට කරුනකි. ශ්‍රී ලංකාව සතුව හොද වේග පන්දුයවන්නන් නැතැයි කිසා මැසිවිලි නගමින් සිටීමට වඩා මෙම ක්‍රීඩාංගනය පදනම් කරගෙන ඉන්දියාව MRF වේග පන්දු ඇකඩමිය නිර්මානය කලා මෙන් වේග පන්දු ඇකඩමියක් සදහා හෝ යොදා ගන්නේ නම් ශ්‍රී ලංකාවට ඇති පැ.කි.මී 140ක පමන වේගයෙන් පන්දු යවන එමෙන්ම නිසි එල්ලයක් සහිත වේග පන්දුයවන්නගේ හිඩැස පිරවෙනු ඇත


1 comment:

  1. ස්තූතියී මේ තොරතුරු වලට

    ReplyDelete