පකිස්තානය සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩා විලාශය සම්බන්ධව කෙතරම් විවේචන මතු වුවද ,බොහෝ කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට අනාගතය සම්බන්ද සුබදායි පෙරනිමිති රැසක් ඉතිරි කරමින් ශ්‍රී ලංකා කන්ඩායමේ මැද පෙරදිග සංචරය නිමාවීයැයි සතුටු විය හැකිය.
ප්‍රවීනයන් මත යැපීමේ කලාව මෙම තරගාවලිය පුරාම දක්නට නොලැබුනු අතර නවකයන්ගේ දස්කම් උසස් මට්ටමක පැවතුනි,නායක ඇන්ජෙලෝ මැතිවස් තම ක්‍රිකට් දිවියේ සාර්තකම තරගාවලිය නිමා කල අතර ප්‍රසන්න ජයවර්ධන,තම වර්තමාන ක්‍රිකට් පිටියේ සිටින විශිෂ්ටතම කඩුලු රකින්නා බව නැවත අරක් සනාත කලේ පිතිකරුවෙකු ලෙසද කන්ඩායම වෙනුවෙන් වටිනා ඉනිම් කීපයක්ම දියත් කරමිනි.
කෞශාල් සිල්වා,තමන් දිල්ශාන්ගෙන් හිස්වූ ආරම්භක පිතිකරු තනතුරට නියම සුදුස්සා බව සනාත කල අතර,දිමුත් කරුනරත්නගේ දස්කම්ද විශිස්ට මට්ටමක නැතත් ප්‍රශස්ථ මට්ටමක පැවතුනි.දිරුවන් පෙරේරා තමන්ට ලැබුනු අවස්තාවෙන් උපරිම පල නෙලාගත්තේය.
කාලයක් තිස්සේ පැයට කි.මී 140කට වඩා වේගයෙන් පන්දුයවන ක්‍රීඩකයනේ අඩුවක් පැවතුනද එම පැනයට ආසන්න හෝ පිලිතුරක් ලැබුනු බව හැගී යන්නේ වේගයට වඩා නිසි එල්ලය සහ නියමිත ස්තානයට පන්දුව පතිත කිරීම මගින් කඩුලු ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සනාත කිරීම හේතුවෙනි.[නමුත් මේ වනවිට පකිස්තානු වේගපන්දු යවන සංචිතයේ පැයට කි.මී 140කට වැඩි වේගයෙන් පන්දුයවන නවක වේගපන්දු යවන්නන් 40කටව් ඇඩි සංඛ්‍යාවක් සිටින බව අසන්නට ලැබුනි,ලංකාව අතුව එවැනි එක පන්දු යවන්නෙකු හෝ නොමැති වීම කනගාටුවට කරුනකි.]
එක්දින තරගාවලිය 2-3ක් ලෙස පරාජ වුවද නායක මැතිව්ස්ගේ හා උඅප නායක චන්දිමාල්ගේ දස්කම් තරගාවලිය පුරා කැපී පෙනුනි.එමෙන්ම කිතෘවන් හා අශාන් ප්‍රියන්ජන එක්දින තරග දිවිය සුවිශේශී අයුරින් ආරම්බ කලේ අනාගතය පිලිබද සුබ පෙරනිමිති පහල කරමිනි.
කලක් තිස්සේ ශ්‍රී ලංකාව සොයමින් සිටි ප්‍රහාරක පිතිකරුගේ භූමිකාවට සීක්කුගේ ප්‍රසන්න හා සචිත්‍ර මැනවින් පන පෙවූ අතර,කුසල් ජනිත් සුවිශේශී ඉනිම් කීපයක් හියත් කලේ පන්දු යවන්නන් තුල නැවතත් සනත් ජයසූරිය භීතිකාව ඇතිකරලමිනි.
එකී මෙකී බොහෝ සුබ පෙරමග නිමිති රාශියක් පකිස්තානු තරගාවලියෙන් අපට ලැබුනි, නමුත් ධනාත්මක ලකුනු තුලින් ඉදිරියයේ පැවැත්වෙන ලෝක කුසලානයක් ජයග්‍රහනය හෝ ටෙස්ට් ශ්‍රේණිගටහ කිරීම් වල ඉදිරියට පැමිනීම කල නොහැක,අවශ්ෂ වනුයේ එකී සුබවාදී පෙරනිමිති තුලින් ස්ථාවර දස්කම් දක්වන ක්‍රීඩකයන් නිර්මානය වීමයි
එම නිසා අවසාන වශයෙන් කීමට ඇත්තේ "ආමග කෙටියි,යායුතු මග දුරයි.නිරතුරු නුවනැසින් තරනය කල යුතුයි" යන්නයි

0 comments:
Post a Comment