Blogger Widgets

Tuesday, September 24, 2013



බොක්සිනුයි ක්‍රිකට් අතර ලොකු සම්බන්දයක් නැතත් බොක්සින දින ටෙස්ට් තරගය නම්  ලොව පුරා වෙසෙන සියලුම ක්‍රිකට් ලෝලින්ගේ අවධානය දිනා ගන්නවා.නත්තල් දිනට පසු දින එනම් දෙසැම්බර් මස 26  බොක්සින් දිනය ලෙස හදුන්වන අතර එදින සාම්ප්‍රධායික ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම හා එම කාලය වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ක්‍රිකට් කන්ඩායමක් අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවරදී ආරම්භ වෙනවා .ඒ වගේම  සෑම සිව්වසරකටම වරක් අලු බොක්සින් දින ක්‍රිකට්  තරගය අලු බදුන තරගාවලියට අයත් තරගයක් ලෙස එංගලන්තය සමග පවත්වනවා.

1. බොක්සින් දින ඉතිහාසය 

වික්ටෝරියා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සම්ප්‍රදායික ලෙස ඔවුන්ගේ පලිහ ශූරතා තරග බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා.ඒ නිසාම ඔවුන්ට නත්තල් දිනය තමන්ගේ පවුලේ සාමජිකයන් සමග ගෙවීම පවා නොහැකිවී තිබුනා.

1951 වසරේ පැවති අලු බදුන් කුසලානය දෙසැම්බර් මස 22 සිට 27 දක්වා පැවති අතර එම තරගයේ තුන්වන දිනය බොක්සින් දිනයට අයත්වී තිබුනා.කෙසේ නමුත් 1953 සිට 1967 දක්වා බොක්සින් දින තරග නොපැවැත්වුනු අතර 1974-75 තරගවාරයේ  පැවති අලු බදුන තරගාවලියේ තුන්වන තරගය බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා

වාර්ශිකව බොක්සින් දින තරග පැවැත්වීම 1980 වසරේ ආරම්භවුනු අතර එම වසරේ සිට සෑම වසරකම මෙල්බෝර්න් ක්‍රිකට සමාජය වාර්ශිකව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනවා .කෙසේ නමුත් 1989 වසරේ ටෙස්ට් තරගයක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයක් පැවැත්වූ අතර එය ලකුනු 30කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහනය කරනු ලැබුවා. 

2. තරග ප්‍රතිපල 

වර්ශය  ප්‍රතිවාදීන්  ප්‍රතිපලය බොක්සින් දින ප්‍රේක්ශකයන් මුලු ප්‍රේක්ශකයන් 
1950 එංගලන්තය  ඕස්ට්‍රේලියාව ලකුනු 28කින් ජයග්‍රහනය කරන ලදී 60,486191,197
1952 ද.අප්‍රිකාව  ද.අප්‍රිකාව ලකුනු 82කින් ජයග්‍රහනය කරන ලදී24,609120,314
1968 බ.ඉ.කොදෙව්  ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුනු 30 කින් ජයග්‍රහනය කරන ලදී18,766113,376
1974 එංගලන්තයකඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 77,167250,750
1975 බ.ඉ.කොදෙව් ඕස්ට්‍රේලියාව කඩුලු 8 කින් ජයග්‍රහනය කරන ලදී 85,661222,755
1980 නවසීලන්තය කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 28,67182,745
1981 බ.ඉ.කොදෙව් ඕස්ට්‍රේලියාව ලකුනු 58කින් ජයග්‍රහනය කරන ලදී39,982134,081
1982 එංගලන්තය එංගලන්තය  ලකුනු 3කින් ජයග්‍රහනය කරන ලදී63,900214,882
1983 පකිස්තානය කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 40,240111,611
1984 බ.ඉ.කොදෙව්කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 15,504 97,271
1985 ඉන්දියාව කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 18,14677,715
1986 එංගලන්තය එංගලන්තය  ඉනිමකින් සහ ලකුනු 14කින් ජයග්‍රහනය කරන ලදී58,203107,817
1987 නවසීලන්තය කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 51,807127,184
1988 බ.ඉ.කොදෙව් බ.ඉ.කොදෙව් ලකුනු 258කින් ජයග්‍රහනය කරන ලදී26,287108,408
1990 එංගලන්තය ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහනය කරන ලදී 49,763129,530
1991 ඉන්දියාව  ඕස්ට්‍රේලියාව won by 8 wickets42,49489,369
1992 බ.ඉ කොදෙව්  ඕස්ට්‍රේලියාව ලකුනු 139කින් ජයග්‍රහනය කරන ලදී28,39783,320
1993 ද.අප්‍රිකාවකඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 15,604 (වැසි සහිත දිනයක්)48,565
1994 එංගලන්තය ඕස්ට්‍රේලියාව ලකුනු 295කින් ජයග්‍රහනය කරන ලදී51,620144,492
1995 ශ්‍රී ලංකාව  ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ජයග්‍රහනය කරන ලදී 55,239105,388
1996 බ.ඉ.කොදෙව් බ.ඉ.කොදෙව් කඩුලු 6කින් ජයග්‍රහනය කරන ලදී 72,891131,671
1997 ද.අප්‍රිකාව කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී 73,812160,182
1998 එංගලන්තය එංගලන්තය  ලකුනු 12කින් ජයග්‍රහනය කරන ලදී61,580159,031
1999 ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලකුනු 180කින් ජයග්‍රහනය කරන ලදී49,082(වැසි සහිත දිනයක්)134,554
2000 බ.ඉ.කොදෙව් ඕස්ට්‍රේලියාව ලකුනු352 කින් ජයග්‍රහනය කරන ලදී73,233133,299
2001ද.අප්‍රිකාව  ඕස්ට්‍රේලියාව කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 61,796153,025
2002 එංගලන්තය ඕස්ට්‍රේලියාවකඩුලු 5කින් ජයග්‍රහනය කරන ලදී 64,189177,658
2003 ඉන්දියාව ඕස්ට්‍රේලියාව කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 62,613179,662
2004 පකිස්තානය ඕස්ට්‍රේලියාව won by 9 wickets61,552129,079
2005 ද.අප්‍රිකාව  ඕස්ට්‍රේලියාව ලකුනු 184කින් ජයග්‍රහනය කරන ලදී71,910192,337
2006 එංගලන්තය ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුනු 99කින් ජයග්‍රහනය කරන ලදී89,155244,351
2007 ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලකුනු 337කින් ජයග්‍රහනය කරන ලදී68,465166,663
2008ද.අප්‍රිකාව  ද.අප්‍රිකාව  කඩුලු 9කින් ජයග්‍රහනය කරන ලදී 63,263174,246
2009 පකිස්තානය ඕස්ට්‍රේලියාව ලකුනු 170කින් ජයග්‍රහනය කරන ලදී59,206156,267
2010 එංගලන්තය එංගලන්තය ඉනිමකින් සහ  ලකුනු 157 කින් ජයග්‍රහනය කරන ලදී84,345240,156
2011 ඉන්දියාව ඕස්ට්‍රේලියාව ලකුනු 122කින් ජයග්‍රහනය කරන ලදී70,068189,347
2012 ශ්‍රී ලංකාව  ඕස්ට්‍රේලියාව 12ඉනිමකින් සහ ලකුනු 201කින් ජයග්‍රහනය කරන ලදී67,138137,455
2013 එංගලන්තයJump up

Saturday, August 3, 2013



ලොව කොතරම් ප්‍රහාරක පිතිකරුවන් සිටියද ලොව බයානකම පිතිකරුවා ඔහුය.ඔහු තරම් පන්දු යවන්නන් තුල භීතියක් ඇති කිරීමට අන් කිසිවෙකු සමත් නොවුනි.ලොව සුපිරිම පන්දු යවන්නන්ද ඔහුට පන්දු යැවීම පිලිබදව වරක් දෙවරක් නොව කිහිප වරක් සිතන්නට විය.පන්දු යවන්නාගේ පොඩි හෝ වැරදීමක ප්‍රතිපලය පන්දුව හතරේ සීමවට ඉහලින් ගුවන් ගත වීමයි.ඔහුගේ පිත්තට බියවී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පන්දු යවන්නන්ද දුසිම් ගනනකි.ඔහු නීරසව පැවති ක්‍රිකට් ක්‍රීඩවට නව මානයක් එක් කලේය.සාම්ප්‍රධායික එක්දින තරග රටාව උඩු යටිකුරු කරමින් රොමේශ් කලුවිතාරන සමග එක්ව තරගයේ පලමු පන්දු වාර කීපය තුල  පන්දු යවන්නන්ට දිගට හරහට පහර දීමේ කලාව ක්‍රිකට් ලොවට හදුන්වාදුනේ ඔහුය.මේ පුංචි දිවයින,ක්‍රිකට් ලොව ගලිවරයන්ගේ තත්වයට ඔසවා තැබීමට මූලිකත්වය ගත්තේ ඔහුය.ක්‍රිකට් පිටියේ වාර්තා සියගනනින් ඔහුගේ නම ඉදිරිපිට ලියවෙන්නට විනි.මේ ලෝක පූජිත ක්‍රීඩකයා හදුන්වාදීමට තවත් අටුවාටිකා ටිප්පනි අනවශ්‍ය යැයි සිතමි.ඔහු නමින් සනත් ටෙරාන් ජයසූරියයි.

දකුනු ලක මාතර පුරවරයෙන් බිහිවූ සනත්  ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත තැබුවේ මාතර ශාන්ත සර්වේශස් විදුහලෙනි.පාසල් සමයේ සිටම දැක්වූ අසම සම දස්කම් හේතුවෙන් ඔහු 1989වසරේ දෙසැම්බර් මස ඕස්ටේලියාවට එරෙහිව මෙල්බෝර්න් නගරයේදී එක්දින වරම් දිනාගත් අතර ඉන් වසර දෙකකට පසු එනම් 1991 වසරේ පෙබරවාරි මස 22 දින නවසීලන්තයට එරෙහිව හැමිල්ටන් නුවරදී ටෙස්ට් වරම් දිනා ගන්න ලදී 

තරගයක පලමු පන්දු ඕවර කිහිපය තුල පන්දු යවන්නට එලව එලවා පහර දීම 1996ලෝක කුසලාන තරගාවලිය තුල ශ්‍රී ලංකා කන්ඩායමේ උපක්‍රමය විය.එකී උපක්‍රමය අති සාර්තක වූ අතර එහි ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකා කංඩායම විල්ස් ලෝක ශූරයන් සේ අබිසෙස් ලැබීමයි.එකී ජයග්‍රහනයේ නියමුවා වූ සනත් ලොව වටිනාම ක්‍රීඩකයා එනම්  ලෝක කුසලාන තරගමාලාවේ වීරයා ලෙස ගෞරවයට පාත්‍රවිය .මින් නොනැවතුනු ඔහු 1997 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද බුහුමන් ලැබීය.

එපමනක් නොව පිටියේදී මෙන්ම ඉන් පිටත්දීත් වචනයේ පරිසමාප්තියෙන්ම මහතමයෙකු වූ සනත්,ශ්‍රී ලංකා මෑනියන් ජාත්‍යන්තර තලයෙහිලා ඔසවා තැබීමට අනුපමේය මෙහෙවරක් ඉටු කලේය.ඒ කෙසේද යත් කලක් ශ්‍රී ලංකාව පිටරැටියන් විසින් "ජයසූරියගේ රට" ලෙස හදුන්වා දී තිබුනි 

ජයසූරිය යනු පිතිකරුවෙකු පමනක්ම නොවේ.ඔහුගේ පන්දු හමුවේ ලොව සුපිරිතම පිතිකරුවන් පවා අසරන විනි.ගුවනේ පියබා උඩපන්දුවක් ඩැහැ ගැනීමට ඔහු තුල පැවතියේ අසම සම දක්ශතාවයකි.ඔහුගේ තුන් ඉරියව් දස්කම් සාරාංශ ගත  කල විට 

  • ටෙස්ට් තරග වාර්තා 

  1. තරග - 110
  2. ඉනිම -188
  3. නොදැවීම -14
  4. පිතිකරන සාමාන්‍යය - 40.07
  5. ලකුනු - 6973
  6. වැඩිම ලකුනු - 340
  7. ශතක - 14
  8. අර්ධ ශතක - 31
  9. හතරේ පහර - 910
  10. හයේ පහර - 59
  11. උඩ පන්දු - 78
  12. කඩුලු - 98
  13. හොදම පන්දු යැවීම (ඉනිමක) -   5 /34
  14. හොදම පන්දු යැවීම ( තරගයක ) -  9/78
  15. කඩුලු 5 බැගින් - අවස්තා 2 

  • එක්දින තරග වාර්තා 

  1. තරග - 445
  2. ඉනිම - 433
  3. නොදැවීම - 18
  4. පිතිකරන සාමාන්‍යය - 32.36
  5. පන්දුවට පහර දීමේ වේගය -91.20
  6. ලකුනු - 13430
  7. වැඩිම ලකුනු - 189
  8. ශතක - 28 
  9. අර්ධ ශතක - 68 
  10. හතරේ පහර -1500
  11. හයේ පහර - 270 
  12. උඩ පන්දු - 123
  13. කඩුලු -  323
  14. හොදම පන්දු යැවීම- 6/ 29
  15. කඩුලු 5 බැගින්  - 4

  • පන්දු වාර විස්ස  තරග වාරතා 

  1. තරග - 31
  2. ඉනිම - 30
  3. නොදැවීම - 3
  4. පිතිකරන සාමාන්‍යය - 23.29
  5. පන්දුවට පහර දීමේ වේගය - 129.15
  6. ලකුනු -  629
  7. වැඩිම ලකුනු - 88
  8. අර්ධ ශතක -4
  9. හතරේ පහර - 76
  10. හයේ පහර - 23
  11. උඩ පන්දු - 4
  12. කඩුලු - 19
  13. හොදම පන්දු යැවීම- 3/21

  • සනත් සතු ක්‍රිකට් ලෝක වාර්තා 

1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්‍රීඩකයා (13430)
2. එක්දින තරග 400 ක්‍රීඩා කල ලොව පළමු ක්‍රීඩකයා
3. වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)
4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්‍රීඩකයා
5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)
6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා
7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)
8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)
9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)
10. එක්දින ශතකයක් වාර්තා කල ලොව වයස්ගතම පිතිකරුවා (අවරුදු 39 දින 212 , 107 vs India)
11. එක්දින කඩුලු 300+ ක් ලබා ගත ලොව එකම නිත්‍ය ආරම්භක පිතිකරුවා
12. එක්දින තරගවල පළමු කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සමග වැඩිම ලකුණු සබදතාවය ( ලකුණු 286 ඕවර 31.5)
13. රොෂාන් මහානාම සමග ටෙස්ට් තරගයක දී කඩුල්ලක් වෙනුවෙන් 2වෙනි වැඩිම ලකුණු සබදතාවය (576). මෙය ටෙස්ට් තරගයක දී 2වන කඩුල්ල සදහා වැඩිම ලකුණු සබදතාවය ද වේ.
14. එක්දින තරගවල තරගයේ වීරයා සම්මානය වැඩිම වාර ගණනක් දිනා ගත් ලොව 2වෙනි ක්‍රීඩකයා
15. එක්දින,ටෙස්ට් හා විස්සයි 20 අන්තර්ජාතික තරගවල වැඩිම කණ්ඩායම් ලකුණු ලබා ගත් ඉනිම් අතර වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල පිතිකරුවා (එක්දින-157 , ටෙස්ට්-340 , විස්සයි 20-88)
16. එක්දින තරගයක දී තමා රැස් කල පෞද්ගලික ලකුණු සංඛායාවට වඩා වැඩිම ලකුණු පරතරයකින් ප්‍රතිවාදී පිල පැරද වූ ක්‍රීඩකයා ( සනත් 189,ඉන්දියාව 54 all-out )
17. එක්දින තරගාවලියක අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ගණනක් ලබා ගත පිතිකරුවා (189 vs India Coca -Cola Champions Trophy)
18. ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු හා එකම ක්‍රීඩකයා
19. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු , ඉනිමක දී වැඩිම ලකුණු , පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලබා ගත් ක්‍රීඩකයා
20. ටෙස්ට් තරග 9ක් පිට පිටම ජයග්‍රහණය කල පළමු හා එකම ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා
21. ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් (28) , පළමු විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කල ක්‍රීඩකයා

මීට අමතරව එක්දින ටෙස්ට් හා පන්දු වාර විස්ස තරග වලදී කන්ඩායමක් රැස් කල ඉහලම ලකුනු වර්තා ශ්‍රී ලංකාව සතු  අතර එකී තරග ත්‍රිත්වයේම ශ්‍රී ලංකා කන්ඩායමේ වැඩිම ලකුනු ලාබියා මෙන්ම තරගයන්හි වීරයා වූවේද සනත් ජයසූරියයි.

ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම තරග දිනවන්නෙකු වූ අතර සනත් ලකුනු 50කට වඩා රැස් කල තරග අතුරින් 90% ක ප්‍රමානයක ජය ලංකාව සතු විය.ඔහුගේ එක්දින ශතක 28 අතුරින් තරග පරාජයන් 3ක් පමනක් තිබීම ඊට මැනවින් සාක්ශි සපයයි

නායකයෙකු ලෙසද අති සාර්තක වුනු ඔහු 2002 අයි.සී.සී ශූරයන්ගේ කුසලානය ඇතුලු ජයග්‍රහන රැසකට නායකත්වය සැපයූ අතර එකී කාල සීමාව තුල ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවේ නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරමින්ය

ලොව බිහිවූ විශිටම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ සනත් ජයසූරිය මින් වසර දෙකකට පෙර ක්‍රිකට ක්‍රීඩාවෙන් සමුගත්තේ පන්දු යවන්නන් තුල සැනසුම් සුසුමක් ඉතිරි කරමිනි.නමුත් ඒවන විටත් මනෝජ් ප්‍රභාකරන් වෙන්කටේශ් ප්‍රසාද් වැනි පන්දු යවන්නන් රැසක ක්‍රිකට් දිවිය නිමා කිරීමට සනත්ගේ පිත්ත වග කියා තිබුනි 

ඇතමුන් සචින් ටෙන්ඩුල්කාර් ,ශ්‍රීමත් දොන් බැඩ්මන්ට සමාන කරති.සචින් යනු බැඩ්මන්ගේ අවතාරයක් ලෙස හදුන්වති.මුරලි,ශේන් වෝර්න්ට සාපේක්ශව  ගව් ගනනක්  ඉදිරියෙන් සිටියද යම් තරමක හෝ සමාන කමක් ඔවුන් දෙදෙනා අතර පවතී.නමුත් සනත්ට යම් තරමකට හෝ සමකල හැක්කෙකු සියවසකට වඩා ඉපැරනි ක්‍රිකට් වංශකතාව තුල හමුනොවේ.සනත් සම කල හැකිවනුයේ සනත්ටම පමනි.

සැ. යු -  විශේෂ ස්තූතිය දුලාර සේනාධීර සොයුරාට  [සනත් ජයසූරිය සතු තරග වාර්තා සොයාදීම සම්බන්ධව]